ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 19, 2017

භික්ෂු කතිකාවතක් අවශ්‍ය ද...?

නුතන සමාජයේ මේ දිනවල බොහෝ කතාබහට ලක්වන මාතෘකාවක් නම් භික්ෂු කතිකාවතයි. කුමක්ද මේ භික්ෂු කතිකාවත? එය ගිහියන්ට අයත් නොවන කාර්යකැයිද වරින් වර ඇසෙයි. එය භික්ෂූන්වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පැවැත්විය යුතු ගිහි ජනතාවට අයත් නොවන කාර්යයක්ද? නොඑසේ නම් එය පාර්ලිමේන්තු පණතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර කඩිමුඩියේ නීතිගත කිරීමට වෑයම් කිරීමේ අරුත කුමක්ද? මේ ආදී වශයෙන් මේ දිනවලදී මුලු මහත් සමාජය පුරාම මේ පිළිබඳව විවිධ අයුරින් සාකච්ඡා කෙරෙනු දැකිය හැකිය. කෙනෙක් ගිහි ජනතාවට දෝෂාරෝපණය කරන අතර තවත් අයෙකු එහි මුළු බර පුජ්‍ය පක්ෂය මතම පටවති. මුලු මහත් සමාජයම දෙපිළකට බෙදී දෝෂාරෝපණය කර ගැනීමට හේතුවූ භික්ෂූ පණත නම් කුමක්ද? එය පණතක්ද? කතිකාවතක්ද? වරෙක එය පණතක් ලෙසටද තවත්විටෙක එය කතිකාවතක් ලෙසටද වරින්වර කළඑළි බසිනු පෙනෙයි.රජයේ අදහස්වලට යෝජනා වලට විරුද්ධවන්නාවූ භික්ෂූන්වහන්සේලා මර්දනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක සියුම් වැඩපිළිවෙලක් ලෙස ද වරෙක මේ භික්ෂූ කතිකාවත අර්ථ දක්වනු පෙනේ. එසේ නම් සැබෑවටම කුමක්ද මේ කතිකාවක. එය හදිසියේ මෙසේ කතාබහට ලක්වීමට හේතුව කුමක් විය හැකිද? එයයි අපේ විමසුම.
භික්ෂු කතිකාවතක් නම් භික්ෂූන්වහන්සේලාගේ හැසිරීම් රටාව මේ මේ ආකාරයෙන් තිබිය යුතු යැයි සම්මතව සාමූහිකව පණවා ගන්නාවූ පොදු සම්මතයකි.එය වාචිකව ද ලිඛිතවද තිබිය හැකිය.
එසේ නැතහොත් ඒ ක්‍රමදේකටම වුවද තිබිය හැකිය.වර්තමානයේ ඊ සාක්ෂරතාව හෙවත් විද්‍යුත් මාධ්‍යවල සන්නිවේදන තාක්ෂණ දියුණුව නිසා විද්‍යුත් කතිකාවතක් ලෙස වුවද පැවතිය හැකිය.නමුත් පුරාණයේ දී රජවරුන්ගේ පාලන සමයේදී නම් භික්ෂූන්වහන්සේලා අතර ඇතිවූ මෙවැනි පොදු සම්මුතීන් රජයේ අනුග්‍රහය මත ශිලා ලේඛන ලෙස ලේඛන මාධ්‍යයෙන් පැවතී ඇතිබවට පුරාවිද්‍යාත්මක සාධක තිබේ. කාලය ගතවීමත් සමඟම කාලයට උචිත ලෙස භික්ෂූන්වහන්සේලාගේ හැසිරීම සම්බන්ධයෙන්ද විවිධ වෙනස්කම් විද්‍යමාන වේ.භික්ෂූන්වහන්සේලා වුවද සාමාන්‍ය මනුෂ්‍යයන්ය.සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ චර්යාව කාලානුරූපීව වෙනස්වීම ස්වභාවිකය.මන්ද චර්යාව ආකල්ප,අරමුණු,බුද්ධි මට්ටම උගත්කම සමඟ බැඳී පවතින බැවිනි.ඒ සමඟම කල්ගතවීමේදී මානවයාගේ තෘෂ්ණාව,රාගය,ආවේගශීලීත්වය, කෝපය,ක්‍රෝධය ආදී හැඟීම්වල තියුණු  වර්ධනයක්ද දැකිය හැකිය.මේ හැඟීම්වල තියුණුබව වැඩිවීම නිසා ඊට සාපෙක්ෂව චර්යාවේ වෙනසක්ද පැහැදිලිව ඉස්මතුවී පෙනේ.මේ වෙනස නරක පැත්තට බරව පවතියි.
නූතන ජන සන්නිවේදන මාධ්‍ය මඟින් නිරතුරුව බහුලව වාර්තාවන සිදුවීම් විමසාබලන විට පැහැදිලි වන දෙයක් නම් අපරාධ හා ඊට ඉවහල්වන ආවේගශීලී චර්යාවේ විශාල වර්ධනයක් සිදු වෙමින් පවතිනබවයි. භික්ෂූන්වහන්සේලා යනු පිටසක්වල ජීවීන් කොටසක් නොවේ.ඔවුන්ද මේ මානව සමාජයේ විද්‍යමාන දෙමව්පියන්ගේ දරුවන්ය.සමාජය ඉහත දැක්වූ ආකාරයට පරිහානියට පත්වෙමින් පවතිනවිට එහිකුඩා කුලයක්වූ භික්ෂූ සමාජයතුළ ද එම ලක්ෂණ විද්‍යමානවීම පුදුමයට කරුණක් නොවේ.ගහට පොත්ත මෙන් භික්ෂූ සමාජය මහා සමාජයෙන් වෙන්කළ නොහැකිවීම ඊට හේතුවයි.භික්ෂුවකගේ පැවැත්මට අවශ්‍ය සිව් පසට සැපයෙන්නේ මහා සමාජය වෙතිනි.එසේ නම් භික්ෂූ සමාජය පෝෂණයවීමට මහා සමාජය ඉවහල්වන බව වටහාගත හැකිය.එසේ නම් මෙකී මහා සමාජයද පිළුණුවී ගඳ ගසන පරණ වැසිකිලිවලක තත්වයට ඇදවැටී ඇති මේ මොහොතේදී එහි උපකුලකයක්වූ භික්ෂූ සමාජයට පමණක් එයින් වියුක්තවී කටයුතු කිරීමේ හැකියාවක් නොමැතිබව ද ඒ සමඟම අවබෝධ කරගත යුතුය.එසේ නම් කතිකාවතක සැබෑ අවශ්‍යතාව ඉස්මතුවන්නේ භික්ෂු සමාජය සම්බන්ධවද නොඑසේ නම් මහා සමාජය සම්බන්ධවදැයි යන්න පිළිබඳව පැහැදිලි තීරණයක් ගත යුතුය.එය අපක්ෂපාතී භික්ෂු මර්දනයකිරීමක් නොවන්නේ එවිටය.
බෞද්ධයන් හැටියට අපව හුරුකරවනු ලැබ ඇත්තේ යමක ප්‍රතිඵලය පසුපස යාමට නොව එහි හේතුප්‍රත්‍ය විමසුම් නුවණින් සලකා බැලීමටය.ඒ අනුව යමක් පෙන්වන කල අවධානය යොමුවිය යුත්තේ ඇඟිල්ල දෙස නොව පෙන්වන දේ කෙරෙහි බව වටහා ගැනීම වැදගත්ය.සුනඛයා තමා දෙසට ඇදී ආ ගලට බුරද්දී සිංහයා ගල ගැසූ තැනැත්තා හඹා යනබව දැක්වෙන උපමාවට අනුව බෞද්ධයා කටයුතුකළ යුත්තේ හේතු ඵල ධර්මතාවයට අනුකූලව බව බුදුරදුන් පැහැදිලි කර දී තිබේ.නමුත් අවාසනාවට මෙන් වන්නේද එයමය. මේ රටේ සමස්ත අධ්‍යාපනක්‍රමයම යුදෙව් ක්‍රිස්ත්‍රියානි බටහිර අධ්‍යාපන පද්ධතිය මතපදනම්ව සකස්ව ඇත. මේ රටේ ක්‍රියාත්මකවන අධිකරණ නීතිපද්ධතියද රෝමලන්දේසී නීතිය මතපනදම්ව ඇත.එමතුද නොව ආර්ථිකද පදනම්ව ඇත්තේ බටහිර ආර්ථික විද්‍යා න්‍යාය මත පදනම්වයි.මේ රටේ සෑම අංශයක්ම දැනට ක්‍රියාත්මකවනුයේ බටහිර දැනුම පාදක කරගත් අධ්‍යාපන පද්ධතියක ආභාෂය ලබාය.මෙරටට නිදහස ලැබී දැනට බොහෝකාලයක් ගතවී ඇතත්,තවමත් මේ රට ක්‍රියාත්මකවනුයේ මේ රට යටත්විජිතයක්බවට පත්වූ සමයෙහි බටහිර ජාතීන් විසින් ඔවුන්ට පක්ෂපාතී ගැත්තන් බිහිකරගැනීමට ඇතිකර තිබූ පද්ධතියට අනුකූලවය.අද මේ රට සුද්දා පාලනය කළ කාලයට වඩා හොඳින් සුද්දා මේ රටේ සකස්කර තිබූ පද්ධතියට අනුගත වෙමින් නොදැනුවත්කම නිසාම ඒ පාලන රටාවම පවත්වාගෙන යන්නෙමු.අපි යමක් හිතන්නේ මතන්නේ පවා සුදු ජාතියකයෙකු බටහිර වැසියෙකු සිතන පතන රටාවට අනුකූලවය.අපි දේශීය මව්පිය දෙපළකගෙන් පැවතෙන නමුදු මානසික ආකල්පවලින් සම්පූර්ණයෙන්ම බටහිර අනුකාරකවාදීන් ලෙසට කටයුතු කරන්නෙමු. උපන්දා සිට අප ලබන අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම පදනම්ව ඇත්තේ මෙරට යටත් විජිත සමයේදී මෙරට ක්‍රියාත්මකවූ මිෂනාරි පාසල් අධ්‍යාපනක්‍රමය මතය.ඒවා සුද්දන් විසින් ආරම්භකරනු ලැබුවේ ඉංග්‍රීසි අධ්‍යාපනයත් කතෝලික දහමත් ප්‍රචාරය කිරීම සඳහාය.කතෝලික පල්ලිවල මෙම පාසල් ආරම්භ කෙරිනි.මේවා එකල හඳුන්වන ලද්දේ පල්ලියේ ඉංග්‍රීසි පාසල් නමිනි.රජයේ රැකියා ලබාගැනීම සඳහා දෙමව්පියන් විසින් මේවාට දරුවන් ඇතුළත් කරනලදී.කතෝලික පියවරු මේවායේ ගුරුවරු වූහ.
අධ්‍යාපනය ලැබීම සඳහා පල්ලියේ පාසල්වෙත යන බෞද්ධ දරුවන් බෞතිස්මකොට කතෝලික දහම ද ඉංග්‍රීසි භාෂාවද බටහිර දැනුමද ලබාදී ඔවුන්ගේ මානසික ආකල්ප මුලුමනින්ම වෙනස්කරනු ලැබීය.පසු කලක බටහිරවාසීන්ටද වඩා අන්තවාදී බටහිර මානසිකත්වයක් ඉංග්‍රීසි බස උච්චාරණය කරන මේ දේශීය කලු සුද්දන්ට ඇතිවිය.මුලදී මේ පිරිස ස්වල්පයක් විය.නමුත් කල්යාමේදී සැලකියයුතු ලෙස ඔවුහු වර්ධනය වූහ.වර්තමානයේ මේ රටේ පාලනතන්ත්‍රයට ප්‍රබල බලපෑම්කළහැකි ප්‍රධාන ස්ථානවල මේ පිරිස වෙසෙති. භික්ෂු කතිකාවක් පිළිබඳව පුවත කරළියට පැමිණෙන්නේ මේ සමාජ වාතාවරණය මධ්‍යයෙහිය.ඒ නිසාම භික්ෂූන්වහන්සේලා තුළ මේ පිළිබඳව සහේතුක විරෝධතාවක් ඇතිවීමද සාධාරණය.භික්ෂූ විනයට අදාළ දෙයක් පාර්ලිමේන්තු පණතක්තුළින් නීතිමය ලෙස බලගැන්වීමටයාම පිළිබඳවද විවිධ අදහස්මතුව තිබේ. අද මෙරට නීතිය ලෙස ක්‍රියාත්මකවනුයේ රෝමලන්දේසී නිතියයි.එය බටහිර දැනුම,ආකල්ප,කතෝලික ආගම මතපදනම්ව සකස්ව තිබේ.දෙවියන්වහන්සේ සැමටම වඩා ශ්‍රේෂ්ඨය, සියල්ල දේව විනිශ්චයට බඳුන් විය යුතුය යන අදහස අතිසියුම්ව රෝමලන්දේසි බටහිර නීතියට පදනම්ව තිබේ.කතෝලික දහම රාජ්‍ය ආගම ලෙස සැලකෙන බටහිර රටවලදී රෝමලන්දේසි නීතියට දැක්වෙන පක්ෂපාතීත්වයද ඉස්ලාම් දහම ප්‍රචලිත මැදපෙරදිග රටවලදී ෂරියා නීතියද දැක්වෙන පක්ෂපාතීත්වයද වටහාගත හැකිය.නමුත් තවමත් බහුතර සිංහල බෞද්ධ ජනතාවක් වෙසෙන මෙරට සිංහල බෞද්ධකම පසෙකලා රෝමලන්දේසී නීතියට දක්වන අධිපක්ෂපාතීත්වය තේරුම්ගත නොහැකිය.පක්ෂපාතීත්වකටත් වඩා නිවටකමට මට්ටමට පහළට එය ඇදවැටී ඇතිබව පසුගිය දිනවල බෞද්ධ භික්ෂූන්වහන්සේලා අරඹයා ක්‍රියාත්මකවූ ඇතැම් අමනෝඥ තීන්දු තීරණ අනුව පැහැදිලිවේ.භික්ෂු විනය ඊනියාරෝමලන්දේසී නීතියට වඩා උත්තරීතරය.අති ශ්‍රේෂ්ඨය.
බෞද්ධ භික්ෂූ කතිකාවතක් පිළිබඳව සාකච්ඡාවක් මතුවනුයේ මෙබඳු සමාජ වාතාවරණයක් පවතිද්දීය. ඒ නිසාම එහි සාධාරණ අවංකවබව පිළිබඳව විචිකිච්ඡාවක් ඉස්මතුවීම සාධාරණය.ඇතැම්විට ඒ කතිකාවතක් මුවාවෙන් සිදුවන තමන්ට පක්ෂපාතී නොවන භික්ෂු මර්දනයක්ද වියහැකිය.අතීතයේ රජදරුවන්ට භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කතිකාවත් පිහිටවූ බවට වංසකතා සාධක සපයයි.නමුදු හෙළ රජදරුවන් මෙලෙස එය සිදු කලේදැයි විමසා බැලිය යුතුය.කතිකාවත් පිහිටුවීමට තරම් භික්ෂු චර්යාව නූතන ගිහි චර්යාවටත් වඩා පහළ මට්ටමකට මේ සා හදිසියේ ඇද වැටිනිදැයි විමතියක් ඇතිවේ.මෙය කිසියම් පුද්ගලයෙකුගේ හෝ යම් පිරිසකගේ වුවමනාව මත සිදුවන්නක්දැයි යම් අය අතර සැකයක් ඇතිවනුයේ මේ කතිකාවතෙහි ප්‍රධාන භූමිකාව භික්ෂූවහන්සේලා අතරින් ගිහි පාර්ශවය මත පවරාගැනීමත් සමඟමය.මෙබඳු කතිකාවතක ප්‍රධාන භූමිකාව දැරියයුතු වනුයේ මහනායකහිමිවරුන්ය.එසේම සංඝාධිකරණයන්හි නායක හිමිවරුන්ය.
ඇතැම් බුදු සසුන් චිරස්ථායී වීමට හා නොවීමට හේතු බුදුරදුන් ධරමාන කාලයේ දීම සැරියුත් හිමියන් විසින් බුදුරදුන්ගෙන් විමසා ඇත.එය බුදුරදුන්ගේ පිළිතුර වූයේ විපස්සී,සිඛී යන බුදුවරුන්ගේ ශාසන චිරස්ථායි නොවූ බවත් කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුවරුන්ගේ ශාසන චිරස්ථායී වූ බවත්ය. ඊට හේතු ලෙස බුදුහු ඇතැම් බුදුවරු ශ්‍රාවකයන්ට විස්තර වශයෙන් දහම්දෙසීමට උත්සාහවත්වීමද,සුත්ත ගෙය්‍ය ආදී නවාංග ශෘස්තෘ ශාසනය බොහෝවීමද,ශාවකයන්ට ශික්ෂාපද පැණවීමද,ප්‍රාතිමොක්ෂය උදෙසීමද ඒ සසුන් චිරස්ථිතියට හේතු ලෙස දැක්වූහ.එවිට සැරියුත් හිමියන් විසින් ගෞතම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිය පිණිස ශික්ෂාපද පණවන හා පාමොක් උදෙසනමෙන් බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියහ.එවිට බුදුරදුන්ගේ පිළිතුරවූයේ ඒ කරුණ පිළිබඳ එබඳු ඉල්ලීමක් ඉදිරිපත්කිරීමට පවා ශ්‍රාවකවරු නුසුදුසුවන බවත් විනය ශික්ෂා පැණවීම තථාගතවරුන්ට පමණක් අයත්කාර්යයක්බවත්,ශාසනයේ ආසවට්ඨානීය ධර්ම(ආශ්‍රව ඇතිවීමට මුල්වන ධර්ම)පහළවූ පසු,එය නැතිකිරීමට තථාගතවරු පමණක් එය පණවන බවත්ය. ආවසට්ඨානීය ධර්ම සතරක් මෙහිදී පැහැදිලිකර ඇත.එනම් රත්තඤ්ඤු, වෙපුල්ල,ලාභග්ග හා බාහුසච්ච යන ධර්මවලින් මහත් හෙවත් මහත්තාවයට පැමිණීමයි.මෙහි රත්තඤ්ඤු යනු චිරරාත්‍රඥබවට පැමිණීමයි(කාලය ඉක්මයාමයි). වෙපුල්ල යනු සංඝයා පිරිස් වශයෙන් විශාලවීමයි.ලාභග්ග යනු ලාභ ප්‍රයෝජනවල බහුලත්වයයි.බාහුසච්ච යනු විවිධ විෂයන් පිළිබඳ දැනඋගත්කම,බහුශ්‍රැතබව වැඩිවීමයි.මේ කරුණු කිසිසේත්ම ගිහි සමාජයට අදාළ නොවේ.
ඉහත දක්වන ලද කරුණු අනුව පැහැදිලිවනුයේ භික්ෂු විනයට සම්බන්ධ කරුණුවලදී අතිශයින් ප්‍රවේශම් සහගත වියයුතු බවයි.ධර්මය විග්‍රහකිරීමට ශ්‍රාවකවරුන්ට ලබාදී ඇති නිදහස විනය ශික්ෂා පැණවීම පිළිබඳ ලබාදී නොමැතිබව මින් පැහැදිලි වේ. ඛුද්දානුඛුද්දක ශික්ෂාපද (කුඩා,අනුකුඩා ශික්ෂා)වෙනස්කිරීමට පවා අවසරලබාදී ඇත්තේ ඒ සමස්ත සංඝයාම කැමැත්තේනම් පමණක්වීම මෙහි සඳහන්වන සුවිශේෂත්වයකි. නමුත් පළමු ධර්මසංගයනා අවස්ථාවේදී මහාකාශ්‍යප හිමියන් ඇතුළු එම සංඝ සභාවේ වැඩසිටි අවශේෂ හිමිවරු බුදුරදුන් ලබාදී ඇති ඒ අවසරය පවා නොගැනීමට සාමූහික තීරණයක් ගෙන තිබේ.මේ හේතුව මත උක්ත භික්ෂු කතිකාවකට ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේද අවසර ලැබීම අතවශ්‍ය කරුණක් වනු ඇත. 

ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.