ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 7, 2017

කැබිනට් ප්‍රකාශවරුන් සඳහා හෙලිකොප්ටරය බැගින් ඇතුළු පහසුකම් රාශියක් ලබාදීමට සාකච්ඡා…

ශ්‍රී ලංකාවේ කැබිනට් ප්‍රකාශ තනතුර මේ වනවිට ඉතා ඉහළ වටිනාකමක් ඇති තනතුරක් බවට පත්කොට ඇත. ආණ්ඩුවේ ඇමතිවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා අමාත්‍යාංශය මට්ටමේ මාධ්‍ය ලේකම්වරයෙකු ඇතුළු මාධ්‍ය අංශය මෙන්ම අමාත්‍යාංශය හා ආයතන මට්ටමේ මාධ්‍ය ඒකක තිබුනත් ආණ්ඩුවේ සංවර්ධන වැඩ සම්බන්ධව ආණ්ඩුවට අඩුපාඩුකම් සම්බන්ධව මාධ්‍ය වෙත තොරතුරු ගලා යෑම ප්‍රබල බැවින් ඒ සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් තීරණය කොට ඇති බැව් වාර්තා වේ.
නව මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  මේ වනවිට රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානින් මුණගැසී ප්‍රවෘත්ති විකාශන සම්බන්ධව විශේෂ උපදෙස් මාලාවක් ලබා දි ඇති අතර ඉදිරි කාලය තුල ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය තුල අන්තිම මට්ටමේ පසුවන ජාතික රූපවාහිනි හා ස්වාධීන රූපවාහිනි නැවත ජනප්‍රිය කොට වැඩි පේක්ෂක ආවරණය ලබා ගැනීම්ටත් ගුවන් විදුලි සංස්ථාව හා ලේක්හවුස් ආයතය ප්‍රතිව්‍යුහගත කොට නව පාලනයධිකාරයක් පත්කිරීමටත් මාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පුටුවල වෙනස්කම් කිරීමටත් තීරණය කොට ඇති බැව් ආරංචි මාර්ග සඳහන් කරයි.

මිට අමතරව සෑම බදාදාවකම සිදු කරන කැබිනට් තීන්දු දැනුම් දීම වෙනුවට අමාත්‍ය මණ්ඩල රැස්විම් පැවත්වෙන අගහරුවාද සවස සහ සිකුරාදා යන දෙදින තුල ආණ්ඩුවේ සංවර්ධන සහ කැබිනට් තීරණ දැනුම් දීම වෙනුවෙන් දින දෙකක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවත්වීමට සහ ඒ සඳහා කැබිනට් ප්‍රකාශකයන් ඇතුළු අදාළ අමාත්‍යවරයා සහභාගි කරවා ගැනීමට යෝජනා කොට ඇත.
මේ සඳහා දැනට සිටින කැබිනට් ප්‍රකාශවරුන් වන රාජිත සේනාරත්න-කලුතර, ගයන්ත කරුණාතිලක-ගාල්ල, දයාසිරි ජයසේකර-කුරුණෑගල යන දිස්ත්‍රික්යන් නියෝජනය කරන බැවින් ඔහුනට බදාදා සහ සිකුරාදා මෙම සාකච්ඡාවල සහභාගි වීම සඳහා කොළඹට ඒම යෑම සඳහා විශාල කාලයක් ගමනට වැය වන බැවින් ඔහුන් සඳහා හෙලිකොප්ටරය බැගින් ලබාදීමට හැකියාව සහ ඒ සඳහා වියදම් අදාල අමාත්‍යාංශයන් දැරීමට අවශ්‍ය නියෝග ලබාදීමට කටයුතු කරන බවත් මේ සඳහා ගුවන් හමුදාවේ මෙන්ම පෞද්ගලික හෙලිකොප්ට්ටර් මාසික ගෙවීමක් යටතේ ලබාගැනිමටත් සාකච්ඡා කොට ඇත.
මීට අමතරව සියලු පහසුකම් සහිත එනම් විඩීයෝ සාකච්ඡා දිවයිනේ ඕනැම ප්‍රදේශය සිට ඇමතිමට හැකි ජංගම මාධ්‍ය රථය බැගින් ඇතුළු පහසුකම් රාශියක් මෙන්ම මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කොට ඇති අමාත්‍යවරුන් සඳහා පාවිච්චියට මෙම සියලු පහසුකම්වලින් සමන්විත අති සුඛෝපභෝගි වාහන ගෙන්වා දීමටත් යෝජනා කොට ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.