සුපිරි යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ මහතා ඊයේ දැයෙන් සමුගෙන ගියේය.
ඉකුත්දා තරඟයක් අතරතුරදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ ඒ මහතා මසකට අධික කාලයක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවේය.
ඔහුගේ අවමංගල උත්සවය ඊයේ පැවැත්වුණ අතර ඊට බොහෝ පිරිසක් එක්ව සිටියහ.
මේ ආනන්ද වෙඩිසිංහයන් පිළිබඳව අන්තර්ජාලයේ පලවී තිබූ සටහනකි.
දිනය 2014/11/08 දින එදා වැහි දිනයකි.කරන්න දෙයක් නැති නිසා ඉන්ටර්නෙට්
එකේ කොරොනා මාර්ක් 2 පාර්ට්ස් කැල්ලක් හොයාගන්නට තිබ්බා නම් කියලා සිතුන
නිසා අන්තර්ජාලයට පිවිසුනෙමි.වාහන පාර්ට්ස් එක එක තැන්වලට කතා කරන අතරතුර
පිලිතුර එවා නැහැ පරනයිනෙ දැන්..ඔය අතරතුර ආනන්ද ඔටෝ ප්ලාසාටද කතා
කලෙමි.ඔව් ඒ මොඩල් එකෙ දොරවල් ෆෙන්ඩර්ස් බොනට් තියෙනවා එන්නකො එහෙන්
පිලිතුර විය..
කුරුනෑගල බෝයගනේ ආනන්ද ඔටො ප්ලාසා හොයාගෙන එවෙලෙම ඉගිල්ලුනෙ මාගෙ ගර්ල්ද
සමගින්….පාර්ට්ස් දඩයම් කරද්දි යතුරු පැදිය තරම් ඔබින වාහනයක් තවත්
නැත..මිරිගමසිට හොදට නාගෙන එතනට ගියෙමි.හිනා මුසු මුහුනින් පැමින මාව
පිලිගත් ඔහු නමින් සුරංග විය..ටේල් ලට්ස් බොනට් ෆෙන්ඩර්ස් ඩොර්ස් 4ම පෙන්නු
පසු එය රැගෙන යාමටම සිත ආවෙමි..නැවත කාර්යාලයට පැමින මිල ගනන් විමසද්දි රු
298 000ක් මිල විය..
මට එය මිල වැඩි නිසා යට හිතින් ගන්න බැරිවෙයි දුක් විය..එතරම් ගොඩක්
වැඩියි කියා සධාරණ මිලක් පවසන්න කියා ඉල්ලිමක් කලෙමි..198 000 දෙන්න..මට
ඒත් වැඩි ගාන..නැවත අයදින්න වුයෙ එය දමා යන්නට හිත නොඩුන් නිසා..එහනම් අපෙ
මහත්තයාගෙන් අහමු කියා දුරකතනය අමතන්න විය..එසැනින් උඩුමහලෙ ඔහුගෙ
කාර්යාලයේ සිට ප්‍රියමානප පුද්ගලයෙකු හිනාමුසු මුහුනින් දිව ආවෙ මචන් උබද
කියා කාලයක් ඇසුරු කල පුද්ගයකු මෙනි..
සියල්ල බලා 130 000 කට ගනින් මචො..නැවත බය නැතිව එකවරක් අඩුකරන්න කියා
ඉල්ලන්නට සිතුනෙ මුහුනින් මොහුගේ කතා බහෙන් පෙනෙන ඔහුගෙ කාරුනික බව
නිසාය..අයියෙ ඔයා සල්ලි කරයෙක් උනාට මම එහෙම කෙනෙක් නෙවෙයි කියා තව පොඩ්ඩක්
අඩු කරලා මට දෙන්න මම කිව්වෙමි..‘‘මල්ලි උබ ඔය සල්ලිකාරයෙක් කතා
කියන්නෙපා‘‘.. මල්ලි මම කවුද දන්නවාද .ඇත්තටම මම ඔහු ගැන දැන නොසිටි නිසා
දන්නැහැ අයියෙ..මම ආනන්ද වෙඩිසිංහ.බයිසිකල් රෙස් වල පිස්ස්සෙක් වගෙ පැදලා
දිනන්නෙ ..අන්න එයා..මට නම ආසා ,පින්තුරෙන් දැක තිබුනාට මේ සිටින්නෙ ඔහු …
මෙම ඔටො ප්ලාසා එක ඔහුගෙ කියා මම නොදැන සිටිමි..මල්ලි අපෙ අම්මා තාත්තා
සල්ලිකාරයො නෙවෙයි..මම ජපන් ගියෙ මගෙ අම්මගෙ රත්තරන් බඩු විකුනලා…මම ඔහුගෙ
කාර්යාලයට එක්කරගෙන ගිහින් ඔහුගෙ ජිවිත කතාවම මට කිව්වෙ අපි වින්ද දුක්
මොනවාදැයි ඉතිරිකරමිනි..වරෙන් යන්න නියම පරන කාර් එකක් මාත් හදනවා ඒක
පෙන්වන්නම්..
ඔහුගෙ රට ජිවිතය ඔහුගෙ ජයග්‍රහනය කල කුසලාන ඔහුගෙදරු දැරියන්ගෙ පින්තුර
පෙන්වූයේ මටත් මගෙ ගර්ල් ටත් බිස්කට් තේපැන් සංග්‍රහ කලෙ කාලයක් තිස්සෙ
ඇසුරුකල පුද්ගලයෙකු මෙනි..ඉන් පසු ඔහුගෙ පන මෙන් රකිනා රෙස් පදින බයිසිකල් එ
හැමදෙම එකින් එක විස්තර කර ඉදපන් මල්ලි කියා ඔහුගෙ කාර් රථයේ පින්තුර
ඇල්බමයද පෙන්නන් පටන් ගත්තෙ විස්තරද කරමින..
එය 6sri 6565 නැවක් වගෙ දිග කාරයකි…මගෙ වහනෙට මේ ඇන්ජිම හොදයි මේක මෙහෙම
කරපන් කියා මා හටද එකඑක උපදෙස් දි ඔහුගෙ වටිනා කාලයෙන් පැය එක හමාරක්
පමනක් වැයකලෙ සහොදරයකු ලෙසිනි..ඔහු මට සියලුම මා ඉල්ලු දෙ රු75 000 මිලට
ලබාදුන්නෙය..මම නොසිතු මිලකි..
‘‘උබත් මම වගෙමයි …අසාවෙන්නේ හදන්නේ ..මට ඔය ෆීලින්ග් තෙරෙනවා..මට බයික්
වගෙම උබට වගෙ රථ ගායත් හොදට තියෙනවා..මට හදලා ගෙනැල්ලා පෙන්නපන්…‘‘
ඉන්පසු කිහිපවරක්ම දුරකතනයෙන්ද facebookගිනුම තුලින්ද කිහිපවරක් ඔහු සමග
කතා බහ කරන්නට තරම් වාසනවන්ත විය..පහල මට්ටමෙ සිට තම දියුනුවෙන් ජිවිත
ජයග්රහනයෙන්ද ඉහලට ගිය ඔහු …අප රටෙ බයිසිකල් රෙස් කිව්වොත් අංක එක ඔහු
…හමුදාවට නැති බැරි අයට මිල මුදල් යාන වාහන වලින් ගනනින් උදවු කල ඔහු
..දරුවන් සිවු දෙනෙකුගෙ පියෙකු වු ඔහු..ජපන් ජාතික බිරිදකට සැමියකු ඔහු අද
නිසොල්මනෙය.අවසන් හුස්ම පිටකර අවසන්ය..
මෙතරම් හොද පින්වත් පුද්ගලයන් අකාලයෙ අපෙන් උදුරා ගන්නට තරම් මාරයා
හිත්පිත් නැති කෙනෙකි..සොහොයුර ඔබට ඔබගෙන් මිලට ගත් පාර්ට් සියල්ල තාමත් මා
පාවිච්චි කලෙ නැත..එම නිසා ඔබ සිතින් මැකි යන්නෙ නැත..එය පාවිච්චි කරන
වාරයක් පාසා විටින් විට ඔබ මතකයෙ රැදෙනු ඇත..නැවත අකල් මරන වලට ගොදුරු
නොවේවා.නැවතත් අප අතර ඉපදි වාසනාවන්ත ජිවිතයකට උරුමකම් කියන්න ලැබේවා..ඔබට
නිවන්සුව සොහොයුර…
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, June 2, 2017
සුපිරි ධාවකයා තුල සිටි හිත හොද මිනිසා....!!!
Posted by
lankanews
at
June 02, 2017
Labels: ananda wedisinghe, died wedisinghe, lankanews, memory, memory of rider
සුපිරි ධාවකයා තුල සිටි හිත හොද මිනිසා....!!!
2017-06-02T17:48:00+02:00
lankanews
ananda wedisinghe|died wedisinghe|lankanews|memory|memory of rider|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
