ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 13, 2017

එම්ජී ධනුෂ්ක එම්එස්ගේ ගීත ගැයුවාට ලක්ෂ තුනක වන්දි ගෙවයි

අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කළ බවට චෝදනා පිළිගත් එම්.ඩී. ධනුෂ්ක විසින් එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ පවුලේ අයට රුපියල් තුන්ලක්ෂයක වන්දි මුදලක් ගෙවනු ලැබීමෙන් පසු
ඔහු කොන්දේසි සහිතව ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර (12) නියෝග කළේය.
තුන්වසරක් යනතෙක් එම්.එස්. ප්‍රනාන්දුගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා නොකරන ලෙසට එම්.ඩි. ධනුෂ්ක හට (12) නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් ලක්ෂ පහක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ද නියෝග කළේය.

අධිකරණය හමුවේ මෙම නඩුව ඊයේ (12) කැඳවූ අවස්ථාවේ මුල් අවස්ථාවේදීම වරද පිළිගත් එම්.ඩී. ධනුෂ්ක මින් ඉදිරියට එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ පවුලේ අයට අගතියක් වන අයුරින් ඔහුගේ ගීත ගායනා නොකරන බවට දිවුරුම් ප්‍රකාශයක් මඟින් අධිකරණයට දැන්වීය.

මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමත්, නැවත එම ගීත ගායනා නොකරන බවට දිවුරුම් ප්‍රකාශයකින් කරුණු දැක්වීමත්, වන්දි මුදල් ගෙවීම හා වයස සලකා බලා මහේස්ත්‍රාත්වරයා විසින් එම්.ඩී. ධනුෂ්ක කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට එසේ නියෝග කළේය.

නිසි අවසරයකින් තොරව එම්.එස්. ප්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කරන බවට ඔහුගේ පවුලේ සාමාජිකයන් රහස් පොලිසියට කළ පැමිණිල්ලක් මත රහස් පොලිසිය බුද්ධිමය දේපළ පනත යටතේ එම්.ඩී. ධනුෂ්කට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

කුමුදු හෙට්ටිආරච්චි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.