ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 11, 2017

බෞද්ධ ලේබල් ඇලවූ බමුණු දහම හා සැබෑ බුදු දහම

වෙසක් දිනය, පොසොන් දිනය ආදී වශයෙන් නිශ්චිත සුවිශේෂී දිනකට පමණක් වූ බුදු දහමක් අද මෙරට ඇත. ඒ අනුව එම දිනවලට ඉතා තරඟකාරීව මුලු රටම ආවරණය වන පරිදි හැකි ඉහළම අයුරින් බුදු දහම සංකේතානුසාරිව සැමරීමට පුද්ගලයන් හා ආයතන වශයෙන් බහුතර පිරිසකගේ යම් සූදානමක් දකින්නට තිබේ. ත්‍රිපිටක බුදු දහම පිළිබඳව කිසිදු ගැඹුරු හැදෑරීමක් හෝ අධ්‍යයනයකින් තොරව සිදු කරන මෙබඳු සැමරීම් පිටුපස ඇත්තේ හුදු ආගමේ නාමයෙන් සිදු කෙරෙන තවත් එක් වාණිජ කටයුතු සමූහයක් පමණක් බව එම සැමරීම් පිළිබඳව මැනවින් විමර්ශනය කර බලනවිට පෙනී යයි. ඒ සෑම සැමරීමක් පිටුපසම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල යම් යම් අරමුණු පවතින බවද මේ සැමරීම පෙරට දමා ඒ ආයතනවල පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාවට නඟන බවත් මේ අනුව නොරහසකි. යම් යම් පුද්ගලයන් පිම්බීමට මෙන්ම යම් යම් ආයතන පිම්බීමටද බොහෝ පිරිසකට අවශ්‍යව තිබේ. බුදු දහම සැමරීම යනුවෙන් ක්‍රියාත්මක කෙරෙනුයේ සැබවින්ම බෞද්ධ සංකේත උලුප්පා ප්‍රදර්ශනය කරවීමට වඩා වැඩිමනත් දෙයක් නොවේ. ඊට විවිධ ජන සන්නිවේදන මාධ්‍යවලද සිය ප්‍රදර්ශන කාලය හැකි තරම් බෞද්ධ සංකේත වැඩිපුර පෙන්වීමට තරඟකාරීව කටයුතු කරති. මෙසේ බෞද්ධ සංකේත ප්‍රදර්ශනය කිරීමේ සැබෑ අරමුණවනුයේ සිය මාධ්‍ය ජාලය සෙසු මාධ්‍ය ජාල අතරින් වඩාත් බෞද්ධ බව තරඟකාරී ලෙස ඉස්මතු කරලීමයි. එසේම එම මාධ්‍ය ජාලවල ප්‍රධානීන්හටද ඇත්තේ බුදු දහම පිළිබඳ අල්ප අවබෝධයක් බවට ඒවායේ විකාශය වන නොගැඹුරු වූ බෞද්ධ වැඩසටහන් අගනා සාධකයකි.

බුදු දහම ගැඹුරින් විමර්ශනය කිරීම හා බෞද්ධ සංකේත මතුපිටින් යම්තම් අතපත ගෑම එකක් නොව දෙකකි. නමුදු වර්තමාන ගුවන්විදුලි හා රූපවාහිනි මාධ්‍යවල විකාශය වන බෞද්ධ වැඩසටහන්වල දී එම විකාශන කාලය ඔවුන් විසින්ම තෝරාගත් එක්තරා සීමිත කල්ලිවාදී අතලොස්සක් දෙනා පමණක් ගෙන්වා සාකච්ඡා, දේශනා පැවැත්වීමට පමණක් සීමාකර තිබේ. මෙලෙස සහභාගී කරවන බොහෝ පිරිසකගේ මූලික අරමුණ අවංකව බුදු දහම පිළිබඳව දොඩමළුවීම නම් නොවේ. බුදු දහමේ මුවාවෙන් යම් යම් තැන්වලට රිංගාගැනීමට බුදු දහම අතකොලුවක් කරගැනීම මෙබඳු පිරිසගේ අභිප්‍රාය බව එබඳු වැඩසටහන්වලින් යම් පමණකට නමක් හදාගෙන ජනප්‍රිය වී ඉන්පසුව ඒ ජනප්‍රියත්වය අවභාවිතාකර දේශපාලන පොරපිටියට, ව්‍යාපාරික කටයුතුවලට බට කුප‍්‍රකට චරිත පිළිබඳව සමජයේ බහුතර පිරිස හොඳින් දනිති. මේ අය කතාබහ කරනවිට කට දෙපැත්තෙන්ම බුද්ධාගම පෙරී වැක්කෙරෙන තරමට ශ්‍රද්ධාව මතුපිටින් ප්‍රදර්ශනය කළද සත්‍ය වශයෙන්ම හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් ජාතියේ කපටි කෛරාටිකයන් බවද මේ වැඩසටහන් නරඹන අසන මෝඩ නොවන ප්‍රේක්ෂකයෝ වටහාගෙන සිටිති.
මේ තත්වය ඉතා පැහැදිලිව ස්වාධීන රූපවාහිනියේ දොරමඬලාව නම් වැඩසටහනේදී දැකිය හැකිය. එසේම ජාතික රූපවාහිනිය, දෙරණ, හිරු, සිරස, සියත, ටී.එන්.එල්, ස්වර්ණවාහිනීය ආදී සෙසු මාධ්‍ය ආයතනවල රූපවාහිනි සහ ගුවන්විදුලි වැඩසටහන්වලදී මෙම තත්වය පෙනෙන්නට තිබේ. බොහෝ විට මේ වැඩසටහන්වල නිවේදකයා, නිවේදිකාව, නිෂ්පාදකයා, අධ්‍යක්ෂවරයා කැමති පුද්ගල චරිත වලට පමණක් ඔවුන් බොහෝවිට සම්පත්දායකත්වය බූදලයක් සේ පවරාදී තිබේ. ලස්සනට තොල් උල් කොට වචන හැසිරවීමට, නොදන්නා විෂය කරුණු පිළිබඳව පිළිකුල් සහගත ලෙස දොඩමළුවීමට ආදී එබඳු මාධ්‍ය ආයතන මඟින්ම නිර්දේශිත සුදුසුකම් සම්පත්දායකයන් තෝරාගැනීමේ නිර්ණායක ලෙස සැලකිල්ලට ගන්නාබව පෙනෙන්ට තිබේ. සම්පත්දායකයෙකු ලෙස තෝරාගන්නා පිරිමියෙකු නම් මුඛරී නිසරු සම්ඵප්ප්‍රලාප කටවාචාලකම් දෙඩවීමත් තරුණියක නම් රූමත්කමත් තෝරාගැනීමේ නිර්ණායක ලෙස භාවිතාකරනු ලබන බව පැහැදිලිව දක්නට ලැබේ. නොදන්නා සුවිශාල විෂය පථයක සාමාන්‍ය පෙළ හෝ 9 ශ්‍රේණියටත් පහළ මට්ටමේ දැනුමක් ඇති මාධ්‍යවල සම්පත්දායක බහුබූතයෝ එබඳු වැඩසටහන්වල පැවතිය යුතු ගැඹුරු හරවත් ශාස්ත්‍රීය මට්ටම අත්තනෝමතිකව භක්ශණය කරති.
අපේ රටේ මාධ්‍ය ආයතනවලට අවශ්‍ය විෂයානුබද්ධ ප්‍රමාණික ගැඹුරු උගතුන්, විද්වතුන් ගෙන්වා සිදු කරන ශාස්ත්‍රීය හරවත් වැඩමටහන් පැවැත්වීම නොවේ. එබඳු බෞද්ධ වැඩසටහන්වලට අනුග්‍රහය ලබා දිය හැකි නිෂ්පාදන ආයතනවල පිරිවැය බාල අවර ගණයේ වැඩසටහන් සකසා ප්‍රදර්ශනය කිරීමට වැය කරන ඔවුහු එම ආයතනවල මුල්‍ය අනුග්‍රහය ලබා ගැනීමේ මුවාවෙන් හැකිතාක් විශාල මුදල් කුට්ටියක් ඔවුන් වෙතින් කඩා ගැනීමේ ඒකායන අභිප්‍රායෙන් කටයුතු කරති. ඒ මිසක අවංකව බුදු දහම පිළිබඳව ශාස්ත්‍රීය වැඩසටහන් නිපදවා ප්‍රදර්ශනය කිරීමට එක විද්‍යුත් හෝ මුද්‍රිත සන්නිවේදන ආයතනයකටවත් කිසිදු අවංක වුවමනාවක් නැත. ඒවායේ එකම අරමුණ හැකිතාක් ලාභ ඉපැයීම පමණකි. බෞද්ධ වැඩ සටහන් සඳහා තවමත් මෙරටේ ඉහළ ඉල්ලුමක් ඇත. හැකිතාක් උසස් වැඩසටහන් නිපදවා ඒ ඉහළ ඉල්ලුම තෘප්ත කිරීම වෙනුවට අඩු නිෂ්පාදන පිරිවැයකින් වැඩිමිලකට විකිණිය හැකි උඩින් ලස්සන නමුදු ඇතුලත හරසුන් වැඩසටහන් තොග ගණනේ නිෂ්පාදනය කිරීම මොවුන්ගේ ජීවිකා වෘත්තිය වේ.
නමුදු අවාසනාවකට මෙන් මාධ්‍ය ආයතන ඔසවා තබන හා පුම්බන හිස් බොල් චරිත පාලි ත්‍රිපිටක බුදු දහම පිළිබඳව ප්‍රමාණාත්මක විද්වතුන් ලෙස සමාජයේදී පිලිගැනීමට ලක්වන අය නොව හුදු ප්‍රචාරක මාධ්‍යක මූලික සුදුසුකම වන රුපය, කටහඬ ආදී බාහිරව පවතින මතුපිට ඔපයට අදාළ සාධකවලට පමණක් ලඝුකර දැක්විය හැකි අය බව පැහැදිලිව පෙනී යයි. මේ තත්වය හුදෙක් විද්‍යුත් මාධ්‍යජාලාවල පමණක් නොව අදවන විට පුවත්පත් වැනි මුද්‍රිත මාධ්‍යජාල වලටද ආවේණීක වසංගතයක් බවට පත්ව තිබීම අවාසනාවන්ත තත්වයකි. මේ අනුව විවිධ ආකර්ශණීය නම්වලින් ප්‍රකාශයට පත්වන ජාතික තලයේ පුවත්පත් වල සිට කුඩා ප්‍රමාණවල බෞද්ධ පුවත්පත් දක්වා මේ පිළිකාව ඔඩුදුවා ඇති ආකාරය අත්දැකිය හැකිය. එබඳු පුවත්පත්වලට ඉතා වෙහෙසව කරුණු එක්රැස්කර නොමිලයේ ලියා යවන ගැඹුරු ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි අලුයම ලූ කුණ කෙළ පිඬක් ලෙස ඉවතට දැමීමට ඒවායේ කතුවරු හා සංස්කාරකවරු කටයුතු කරති. තමන්ට ලැබෙන එබඳු ලිපියක සාරගර්භ බව හා ශාස්ත්‍රීය පදනම ගැන නිර්ණය කිරීමට ඔවුන්ගේ ඇති නොදැනුවත්කම එබඳු ක්‍රියාකරකම් හරහා තුමූම ප්‍රකට කරති. විෂයක් පිළිබඳව ශාස්ත්‍රීය පර්යේෂණ ලිපියක් සකස්කිරීමට තිබිය යුතු විෂය පිළිබඳව සාධිකාරී බව කුමක්දැයි බව වත් මොවුහු තවම නොදනිති. මේ යටතේ පාලි ත්‍රිපිටක බුදු දහම පිළිබඳව කිසිදු සාධිකාරි බවක් රහිත පුද්ගලයන්ගේ නිසරු සම්ඵප්‍රලාප මහත් අනගි රසවත් හරවත් දේ ලෙස ඔවුහු වරදවා හඟිති. එය එපමණක් නම් කමෙක් නැත. ඔවුහු තමන්ගේ ඒ හිස් බව මුදල් ගෙවා එබඳු පුවත්පත් ගෙන කියවන ඒ කිසිත් නොදත් අහිංසක පාඨකයාටද බලහත්කාරයෙන් පටවනුයේ ඒ ලිපි කියවන්නට සැලැස්වීමෙනි.
උදාවී ඇති මේ අවාසනාවන්ත තත්වය මැද පාලි ත්‍රිපිටක බුදු දහම පිළිබඳව ගැඹුරු ප්‍රමාණික වියතෙකු හට සිය ගැඹුරු පර්යේෂණ ලිපි ප්‍රකාශ කරවාගන්නට දැන් සිදුවී ඇත්තේ හුදු නළු නිලියන්ගේ ඕපාදූප වලට පමණක් වෙන්වී ඇතැයි කාලයක සිට හංවඩු ගැසී පැවති ගොසිප් වෙබ් අඩවිවලයි. නමුදු සත්‍යය මිසක මුසාවක් නොවන මේ කියමන දැනට කාලයක සිට මා විසින් රචනාකරනු ලබන ගැඹුරු ශාස්ත්‍රීය පර්යේෂණ ලිපිවලටද අදාළ සත්‍යයක් බවට පත්ව තිබේ. මා විසින් රාත්‍රී කාලයේ ඉතා අපහසුවෙන් මහත් වෑයමක් දරා කරුණු එක්රැස්කොට ලියනු ලබන ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි ජාතික තලයේ පුවත් පත්වලට හා බෞද්ධ යැයි සම්මත පුවත්පත්වලට නොමිලයේ යැවූ නමුදු පළ නොවන කාල සීමාවකදී මගේ එම ගැඹුරු ශාස්ත්‍රීය පර්යේෂණ ලිපිම කිසිදු අපහසුවකින් තොරව පෙරකී ගොසිප් වෙබ් අඩවිවල ප්‍රකාශය වී වැඩිම පාඨක කියවීම් සහිතව දිනෙන් දින ජනප්‍රිය වෙමින් පවතියි. ඒ බව එබඳු අඩවි කර්‍තෘ මහත්වරු හා මහත්මීහු මා වෙත දන්වන අතර ප්‍රශංසා මුඛයෙන් මා තව තවත් දිරි ගන්වති. මගේ එම ලිපි මහත් සේ අගය කරති. මා තව ලිය යුතු කුමන වර්ගයේ මාතෘකා අනුවදැයි විමසූකල වඩ වඩාත් ආධ්‍යාත්මික හරවත් ගැඹුරු මාතෘකා අනුව ශාස්ත්‍රීය පර්යේෂණ ලිපි ලිවීමට ඔවුහු මා පොළඹවති. එම පෙළඹවීම ජාතික තලයේ පුවත්පත් හෝ බෞද්ධ පුවත්පත් මඟින් කිසිදු අවස්ථාවක සිදුවී නැත. මේ හේතු නිසාම හොඳ නරක වශයෙන් පුද්ගලයන් වර්ග කීරීම පවා මා කාලයක සිටම නවතා දමා ඇත.
ඊට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ මතුපිටින් හොඳ සම්මත පුද්ගලයන් ලෙස සමාජයේ අන්‍යයන් අතර කැපී පෙනීමට පිළිගැනීමට ලක්ව සිටින පුද්ගලයන් ඇතුළතින් ඊට පරිබාහිර ලක්ෂණ සහිත අය ලෙස මා විසින් හඳුනා ගනු ලැබීමයි. එසේම මතුපිටින් නරක යැයි සම්මත පුද්ගලයන් ලෙස සමාජයේ සෙසු අය අතර සම්මතව පිළිකුල් සහගතව හෙලා දමා පහත්කර සැලකීමට ලක්ව සිටින බොහෝ අහිංසක පුද්ගලයන් ඇතුළතින් ඊට පරිබාහිර ලක්ෂණ එනම් උසස් ආකල්ප සහිත වූවන් ලෙස මා විසින් හඳුනා ගනු ලැබීමයි. අද මා සමාජය දකින ආකාරයට මේ සමාජය පංති වශයෙන් සංවිධානය වී පවතිනිය.ඒ වර්ගීකරණය අනුව තමන්ගේ පංතිය නියෝජනය කරන්නා කුමන තරාතිරමක වුවද කෙබඳු ආකල්ප පැවතියද ඒ පංතියේ වූවෝ ඒ පුද්ගලයාව හරසරින් යුතුව පිළිගනිති. එම පංතියට අයත් නොවන්නාවූ පුද්ගලයන්ව කෙතරම් උසස් ආකල්ප සහිත වුවද ඉවත පළවා හරිති. බුදු දහම පිළිබඳව අද මෙරට ජන සමාජයේ දක්නට ලැබෙනුයේ මීට සමාන තත්වයකි. බුදුරදුන් ජීවමාන කාලයේදී මේ සමාජ පංති බුදු හිමියන් විසින් පිළිකෙව්කොට ඉවතලූ නමුදු වර්තමානයේ ශ්‍රී ලාංකේය බෞද්ධ හැඩතලතුළ පැහැදිලි ලෙස විද්‍යමානව පවතිනබව මට පුද්ගලයෙකු ලෙස සමාජයේදී මුහුණපෑමට සිදුව ඇති යම් යම් සිදුවීම් හා ක්‍රියාදාම හරහා මට ඉතා මැනවින් පැහැදිලි වෙමින් පවතියි. අද මෙරට බුදු දහමේ ලේබලය අලවා ගෙන ක්‍රියාත්මක වනුයේ මූලික බුදු දහමේ ප්‍රතික්ෂේපිත කුලය, ජාතිය,පංතිය වැනි සාධක මුල්කරගත් බෞද්ධ විරෝධී බමුණු දහමක් බව පෙනී යයි.සුනීත සෝපාක ශුද්‍රයන්ටද පැවිද්ද ලබාදුන් බුදු සසුනට මෙකල අත්පත්ව ඇති ඛේදජනක ඉරණමේ තත්වය අනුව බුදු දහමට අද සිදුව ඇති දේ පැහැදිලි වේ.
ලක්දිව පාරිහාරික බුදු දහම සිද්ධාන්ත හා න්‍යායික බුදු දහමින් වෙනස්වනුයේ මේ පැහැදිලි වෙනස මතය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් හුදු සිද්ධාන්ත හෝ න්‍යායයන්වලට පමණක් ලඝුකර සැලකිය නොහැකිය.එසේ සලකා බුදු දහමේ සඳහන් ප්‍රතිවේධ මාර්ගඵල අවබෝධයට කෙදිනකවත් ළඟා විය නොහැකිය. විදර්ශනා භාවනා කරන්නා සජීව බුදු දහම ස්වකීය නාමරූප ක්‍රියාකාරීත්වය ඇසුරින් සිහිය හා නුවණ යොදමින් සිහි ඇතිව ප්‍රායෝගිකව අත්දැකීමට වෑයම්කර එහි අවසන් නිෂ්ටාව වන මාර්ගඵල අවබෝධයට පැමිණෙයි. බුදු දහම අවබෝධය කරගැනීමේ සත්‍ය පැහැදිලි මඟ වැටී ඇත්තේ විචාරශීලී බව මත මිස අන්ධානූකරණය මත නොවනබව වටහාගත යුතුය. බෞද්ධ සංකේත ග්‍රහණය අවිචාරශීලී මානසිකත්වකට දොරටු විවරකර දෙයි. සඳුන් හරය වඩ වඩාත් කැපීම එක සුවඳ හැමීමට මඟ සේම බුදු දහම පිළිබඳ ඇතිකරගන්නා විචාරශීලී ආකල්ප එය ප්‍රායෝගිකව අත්දැකීමට නිසි මඟ විවර කර දෙයි.
                       රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.