ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 5, 2017

අයි. එස්‌. අයි. එස්‌. සමග සාම සාකච්ඡා

රටක්‌ ජාතියක්‌ ලෙස බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට එල්ලවූ ප්‍රහාරය අපි හෙළා දකින්නෙමු. ඊයේද අප මේ ගැන සටහන් කළෙමු. සමහර කාරණා ගැන වරක්‌ දෙවරක්‌ නොව කිහිප වරක්‌ම කතා කළ යුතුව ඇති නිසා නැවත ඒ ගැන ලියන්නෙමු.
මේ සියලු ප්‍රහාරයන් ම්ලේච්ඡය, කෲරතරය. අමු තිරිසන් වැඩය. මේ ප්‍රහාරයන් එල්ල කරන්නේ හොඳ සිහියෙන් සිටින අය නොවේ. අන්තවාදයෙන් මොලේ කුරුවල් කරගත් "ත්‍රස්‌තවාදීන්ය". මේ "ත්‍රස්‌තවාදයේ" බර වැඩි වශයෙන්ම දැනෙන රටක්‌ ලෙස අපිදු කාලයක්‌ ගත කළෙමු.

පසුගිය මැයි මාසයේදී ද බ්‍රිතාන්‍යයේ මැන්චෙස්‌ටර් නුවරට ප්‍රහාරයක්‌ එල්ල විය. එහි වගකීම අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය භාරගෙන තිබිණි. ලන්ඩනයට එල්ලවූ ප්‍රහාරයේ වගකීම කිසිවෙකුත් භාරගෙන නැති මුත් මේ ප්‍රහාරයද අන්තවාදී ජිහාඩ් ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ බව නිසැකය. පසුගිය කාලය පුරාම යුරෝපයේ නගර ගණනාවකටම විටින් විට ප්‍රහාර එල්ලවිය. ප්‍රංශයේ පැරිස්‌ නුවර ලේ ගංගාවක්‌ ඇති කරන්නට මේ කුරිරු ත්‍රස්‌තයන්ට හැකි විය. රුසියාවට ප්‍රහාර එල්ලවිය. බ්‍රසල්ස්‌ නුවරට ප්‍රහාර එල්ල විය. දවසින් දවස ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්ඡත්වය විදහා පාන සිදුවීම් වාර්තා වනවා විනා එහි අඩුවක්‌ දකින්නට නැත. ශ්‍රී ලංකාව 2009 වර්ෂයට පෙර ගෙවා දැමුවේ මෙවැනි භීතිය පිරි අත්දැකීම් සහිත කාලයකි. ඒ දිනවල ශ්‍රී ලංකාවේ සහායට සිටියේ ඉතාම අල්ප වූ රටවල් කිහිපයකි. යුරෝපාකරයේ බොහෝ රටවල් ත්‍රස්‌තවාදීන් හැඳින් වූයේ "විමුක්‌ති කාමීන්" ලෙසය. ඒ නිසාම ඒ විමුක්‌තිකාමී ඩයස්‌පෝරාවට යුරෝපාකරයේ බොහෝ රටවල හිතු හිතූ හැටියට සෙල්ලම් කරන්නට පහසුකම් සලසා තිබිණි. කොටින්ම කීවොත් යුරෝපයේ බොහෝ රටවල ඩයස්‌පෝරා කොළනි ඇති පදමට තිබිණි. මානව හිමිකම් සංවිධාන සියල්ල සිටියේ මේ "විමුක්‌ති කාමීන්ගේ" පැත්තේය. ඉරාකයට පැන න්‍යෂ්ටික අවි ඇතැයි ඒ රට වනසා දැමූ රටවල්, යුරෝපාකරයේ කුඩාරම් ගසාගෙන සිටි එල්ටීටීඊය කී මානව හිමිකම් කතා ගැන කිඹුල් කඳුළු හෙළුවෝය. ලිබියාව වනසා දැමූ රටවල් එල්ටීටීඊය සමඟ එක්‌ව මානව හිමිකම් ගැන චිත්‍රපට තැනුවෝය. ත්‍රස්‌තවාදය තුරන් කිරීමේ "මානුෂීය මෙහෙයුම්" යුද අපරාධ ලෙස හංවඩු ගසන්නටත්, යුද අපරාධ ගැන අලුත් මත ඉදිරිපත් කරන්නටත් පටන් ගත්තේ ත්‍රස්‌තයන් පෝෂණය කරන යුරෝපා රටවල්ම බව අමතක කළ යුතු නැත. වර්තමානය වන විට ත්‍රස්‌තවාදීන්ට බියෙන් ගුවන් තොටුපළවල් පවා වසා දමන්නේ එවැනි රටවල්ය. මේ සියලු රටවල් එක්‌ව ලොව බොහෝ රටවල ත්‍රස්‌තවාදී සංවිධාන බිහි කරන්නට "අත හිත" දුන් බවද සිහිපත් කළ යුතුය. ශ්‍රී ලංකාවට මානව හිමිකම් ගැන දේශන පවත්වන, මේ කිසිදු රටක්‌ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය සමඟ සාම කතාවලට වාඩිවන්නේ නැත. 2009 ට පෙර එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන් පරාජය වන හැම මොහොතකම මේ රටට පෝලිමේ පැමිණ දේශන පැවැත්වූ රටවලට මේ මොහොතේ අගනා අවස්‌ථාවක්‌ උදාවී තිබේ. ඒ නෝර්වේ රාජ්‍යයේ මැදිහත් වීමෙන් අයි.එස්‌.අයි.එස්‌ සංවිධානය සමඟ සාකච්ඡාවකට එළැඹීමය. එසේ නොවුණොත් වැඩේ එතරම් ලෙහෙසි නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.