ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 25, 2017

නුතන අධ්‍යාපන අර්බුදය හා ඊට බලපාන සමාජ සාධක

වර්තමාන සමාජ අර්බුදයක් ලෙස බෙහෙවින්ම කතාබහට ලක්වන නවක වදය, ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරකම්, දේශපාලනය වැනි දේ වලට සරසවි ශිෂ්‍යයා යොමුවන්නේ විරැකියා අපේක්ෂා භංගත්වයෙන් තාවකාලිකව හෝ අත්මිදීමේ මානසික සංරක්ෂණ ක්‍රමයක් ලෙසයි. අනෙක් අතට විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුන්ගෙන් තමා නොදන්නා හෝ නොවැටහුනු දෙයක් පිලිබඳව ප්‍රශ්න අසා දැන ගැනීමට යාම ද එක්තරා අතකින් තමාගේ දක්ෂතාවය අනුව හිමිවන අනාගත පන්ති සාමාර්ථය අහිමිවීමට තරම් ආනන්තරීය අකුසලයක් බව දන්නා ශිෂ්‍යයා ද දේශන අවස්ථාවල දී හැකිතාක් නිශ්ශබ්දතාවයම ආරක්ෂා කර ගැනීමට හා සටහන් ලියා ගැනීමට පමණක් උත්සුක වේ. 

ශිෂ්‍යයන් තමාගෙන් ප්‍රශ්න ඇසූ විටක තමාගේ නොදන්නා කම එයින් හෙළි වෙතැයි බිය මුසු සැකයකින් කටයුතු කිරීම ඇතැම් කථිකාචාර්යරියන්ගේ ලක්ෂණයකි. විභාගවල දී දක්ෂ සිසුන්හට හිතාමතාම ලකුණු අඩු කිරීම මඟින් පන්ති සාමාර්ථ අහිමි කිරීමට කටයුතු කරති. විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩල සඳහා බඳවාගෙන ඇත්තේ ඉහළම සුදුසුකම් ලැබූ දක්ෂ අය අය නොව දැනහැඳුනම්කම රූපය වැනි වෙනත් සාධක මත සේවය සඳහා තෝරා ගනු ලැබූ අයය. දක්ෂ සිසුන්හට ප්‍රමුඛත්වය ලබාදීමෙන් ඔවුන් ආචාර්යවරු ලෙස සේවයට බැඳී ඒ නිසා පසුකාලයක දී තමා කොන්වීවේය යන අනියත බියෙන් පෙලීම මෙයට හේතුවයි. ප්‍රථම පංති සාමාර්ථයට හා පර්යේෂණ පශ්චාත් උපාධි කුසලතාවයට වඩා අංශාධිපති හා පීඨාධිපති ගේ ප්‍රියතමයා සම්මුඛ පරීක්ෂණවල දී තෝරා ගැනීමට අවශ්‍ය ඉඩකඩ ඔවුන්හට විශ්විද්‍යාල පාලක සභා මඟින් නිර්මාණය කර දී තිබේ.
විශ්විද්‍යාල ආධුනික කථිකාචාර්ය තනතුරු වලට අපේක්ෂකයින් බඳවා ගැනීම සඳහා පවත්වන ඇතැම් සම්මුඛ පරීක්ෂණ රූප සුන්දරී තරඟවලට වඩා චිත්තාකර්ශණිය ප්‍රේමනීය බවක් උසුලයි. නුසුදුස්සාහට නුසුදුසු තැන ලබාදුන් විට සුදුස්සන් කොන්වීම සනාතන දහමකි. මේ හේතුව නිසා විශ්වවිද්‍යාලය තුළ දීම නිශ්ශබ්දතාවයෙහි, නිර්මාණශීලී හැඟීම් හා ආකල්ප වලින් තොරවීමේ වැදගත් පාඩම ඉගෙන ගන්නා සිසුන් රාජ්‍ය හා පුද්ගලික සේවය සඳහා එක්වීමෙන් පසුව වුව ද තමා විශ්වවිද්‍යාලයෙහි දී ඉගෙනගත් ආකාරයට කටයුතු කිරීමට හා සේවය කිරීමට පෙළඹීම ස්වභාවිකය.
මෙහි දී කිව යුත්තක් ද ඇති එනම් වර්තමානයෙහි පවා විශ්වවිද්‍යාල වල අති දක්ෂ කථිකාචාර්යවරු සිටින බවය. මෙබඳු කථිකාචාර්යවරු බොහෝ විට ගිහි හෝ පැවිදි පුරුෂ පක්ෂයෙහි අයයි. ඔවුහු තමා දේශනවල දී උගන්වන දෙයට වඩා වෙනස් කරුණු තර්කානූකූලව හේතු සාධක සහිතව විභාගවල දී පිලිතුරු සපයන ලද සිසුන්හට තමාගේ දේශන සටහන් කටපාඩම් කොට ඡායා පිටපත් කරනු ලැබුවා සේ පිලිතුරු සපයා ඇති සිසුන්ට වඩා වැඩිපුර ලකුණු දෙන නිර්මාණශීලී හැකියාවන් වලට ප්‍රමුඛත්වය පිරිනමන තමන්ගෙන් ප්‍රශ්න ඇසීම අගය කරන උතුම් ගතිගුණ ඇති කථාකාචාර්යවරු ද වර්තමාන විශ්විද්‍යාල ආචාර්ය මණ්ඩල තුළ වෙති.
මෙරට විශ්වවිද්‍යාල‍වලින් එක් එක් විෂය කේෂ්ත්‍රයන්ගෙන් ප්‍රථම උපාධි ලබා පිටවන පිරිසට සාපේක්ෂකව පශ්චාත් හා පර්යේෂණ උපාධි හදාරන පිරිස අල්පය. පශ්චාත් උපාධි හදාරන අපේක්ෂකයන්ට ඒ සඳහා පර්යේෂණ උපදේශක වරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ සේවය ලබාගත හැකිය. මහාචාර්යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ස්වකීය පර්යේෂණය සිදු කරගැනීමට පශ්චාත් උප‍ාධි අපේක්ෂකයාට අවස්ථාව ලැබේ. පර්යේෂණ උපාධි නිබන්ධනය මහාචාර්යවරයෙකුගේ අධික්ෂණය යටතේ සිදු කිරීම නිසා ස්වකීය රචනා කුසලතාවය හා කිසියම් කරුණක් ගැඹුරෙන් ප්‍රකාශ කරගැනීමේ හැකියාව දියුණු කරගැනීමට මෙහි දී පශ්චාත් උපාධි අපේක්ෂක සිසුවාට අවස්තාව ලැබේ.

මෙය ප්‍රථම උපාධිය හදාරන සිසුවෙකුහට නොලැබෙන වරප්‍රසාදයකි. බොහෝවිට ප්‍රථම උපාධිය සඳහා ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ ආධුනික හෝ සාමාන්‍ය කථිකාචාර්යවරු වන හෙයිනි. විශ්විද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයයන්ට නම් ස්වකීය ආධුනික කථිකාචාර්ය තනතුර ස්ථිර කර ගැනීම පිණිස පශ්චාත් හා පර්යේෂණ උපාධි හැදෑරීම අනිවාර්ය අවශ්‍යතාවකි. එබැවින් හුදෙක් ස්වකීය ශාස්ත්‍රීය ගවේෂණ හා පර්යේෂණ ලැදියාව නිසා නොව තම තනතුර ස්ථිර කරගැනීම සඳහා පමණක්වත් කථිකාචාර්වරු පශ්චාත් උපාධි හදාරති. එහි දී ඒවා වුව ද හැකිතාක් ස්වකීය ලියාපදිචිය දීර්ඝ කරමින් සිට කෙසේ හෝ තම පශ්චාත් උපාධිය නිම කරගැනීමට වෑයම් කිරීමක් මිස පර්යේෂණ කුසලතාවය දියුණු කරගැනීමේ උවමනාවෙන් සිදු කරන්නක් නොවේ. පශ්චාත් උපාධි වර්ග රාශියකි.
නියමිත විෂය කේෂ්ත්‍රයක් ආශ්‍රිතව සිදු කරන පර්යේෂණය පර්යේෂණ වාර්තාවක් හෝ නිබන්ධනයක් සහිතව එළි දැක්වීම එක් විධියකි. අනෙක එබඳු පර්යේෂණ නිබන්ධනයක් රහිතව සිදු කරන ප්‍රශ්න පත්‍රවලට පමණක් මුහුණ දී සිදු කරන පශ්චාත් උපාධියි. මෙයින් වඩාත් උසස් ලෙස සැලකෙන්නේ පර්යේෂණ පදනම් කරගෙන සිදු කෙරෙන පර්යේෂණ වාර්තා හා නිබන්ධන සහිතව සිදු කරන පර්යේෂණ පශ්චාත් උපාධියි. එවැනි පර්යේෂණ නිබන්ධන පදනම් කරගන්නා ලද පශ්චාත් උපාධිවලට නිදසුන් ලෙස කිසියම් නියමිත විෂයයක් පිලිබඳව දර්ශනපති, දර්ශනසූරි, දර්ශන විශාරද, ආචාර්ය උපාධි පර්යේෂණ හැඳින්විය හැකිය. මෙයට අමතරව එතරම් ගැඹුරු පර්යේෂණ ලෙස අර්ථ දැක්විය නොහැකි පර්යේෂණ වාර්තා හෝ නිබන්ධන පදනම් කරගත් කිසියම් විෂය ප්‍රදේශයක් පිලිබඳ විද්‍යාපති හෝ ශාස්ත්‍රපති පශ්චාත් උපාධි හැදෑරීමට බොහෝ දෙනෙක් උත්සහවත් වන්නේ කැපවීම එකී විෂය පිලිබඳ වෙහෙසීම අඩුවෙන් කර වැඩි ප්‍රතිඵලයක් හා ප්‍රතිලාභයක් බලාපොරොත්තු වන හෙයිනි.
පශ්චාත් උපාධි හැදෑරීම කෙරෙහි ප්‍රථම උපාධි ලැබූ අය උත්සහවත් වීම අඩුවීමට බලපාන තවත් හේතුවක් වන්නේ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා වැයවෙන මුදල, කාලය, ශ්‍රමය පිලිබඳව සිතීමයි. අනෙක පර්යේෂණ නිබන්ධනය කෙසේ හෝ දුෂ්කරතා මධ්‍යයේ රචනා කළාට පසුව ඒ පිළිබඳව තවත් අධ්‍යයන අවශ්‍යතා වන ලිඛිත හා වාචික පරීක්ෂණ පැවැත්වීම සඳහා විශ්වවිද්‍යාල මඟින් ලබා ගන්නා අතිරේක කාලයයි. ලිඛිත පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට වෙනම කාලයක් ද එසේ සැකසූ ප්‍රශ්න පත්‍ර සවත් පරීක්ෂක වරයෙකු ලවා ප්‍රමිතගත කරවා ගැනීමට තවත් කාලයක් ද බලාසිටින්නට සිදුවේ.

ඇතැම්විටක පශ්චාත් උපාධිය වසර දෙකකින් නිම කළ හැකි වුවත් පර්යේෂණ නිබන්ධනය වසර දෙකකින් ලියා නිම කොට තවත් අතිරේක වසර කිහිපයක් ලිඛිත හා වාචික පරීක්ෂණ පවත්වන තෙක් ඒ සඳහා බලා සිටින්නට සිදු වේ ප්‍රතිඵල ලැබීමට තවත් කාලයක් යයි. ඒ අනුව එක් පශ්චාත් පර්යේෂණ උපාධියකට අවම වශයෙන් වසර හත අටක් බලා සිටින්නට සිදු වේ. ආචාර්ය උපාධි පර්යේෂණ සඳහා නියමිත කාලය වසර තුනක් වන නමුත් ඒ සඳහා ද කාලය වැයකොට උගතෙක් වී සමාජයට සේවයක් කරන්නට සැරසෙන විට තමාගේ තරුණ ජව සම්පන්න කාලය ගත වී මහළු වයසට පත් වී අවසානය.
අවසානයෙහි සිදු වන්නේ රටට සමාජයට සේවය කිරීම කෙසේ වෙතත් නම ඉදිරියෙන් අලංකාරය පිණිස පශ්චාත් උපාධි නාමය භාවිතා කරමින් හෝ සැනසීමටය. පශ්චාත් පර්යේෂණ උපාධිධාරියාගේ අරමුණ එය නොවේ එහෙත් ලොව ඇති සියල්ල අනිත්‍ය නම් තමාට ලැබෙන දෙයකින් වත් සැනසීමට සිදු වේ. ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමේ පටන් ආචාර්ය උපාධිය දක්වා පැමිණිය යුතු ගමන ඉතා දිගු මහත් වැර වෑයමෙන් චිත්ත ධෛර්යයෙන් පැමිණිය යුතු කටුක ගමනකි. ලෝකයෙහි කවර රටකින් උපාධි පිට උපාධි ලබාගත්තත් ශ්‍රී ලංකාවේ විශ්විද්‍යාලයෙකින් නම් ලෙහෙසියෙන් උපාධි ලබා ගත නොහැකිය.
උපාධි සඳහා ලියාපදිංචි වීම ද අසීරුය. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ මහාධිකාරණයෙහි වත් නොමැති තරම් අනම්‍යශීලී දැඩි නීති රීති පද්ධතියකට යටත්ව කටයුතු කිරීමට උපාධි අපේක්ෂකයාහට සිදු වේ. මෙරට විශ්විද්‍යාල ඔක්ස්ෆර්ඩ් කේම්‍බ්‍රිජ් විශ්වවිදයාල ආභාශය අනුව සකස්ව ඇති බව කියන මුත් එකී විදේශීය විශ්වවිද්‍යාල වලවත් මෙවැනි දරදඬු නීති රීති නොමැත. එක්වර අභ්‍යන්තර උපාධි එකකට වඩා ලියාපදිංචි වීම සපුරා තහනම්ය. මෙහි ඇති හාස්‍ය ජනක කරුණ වන්නේ විශ්විද්‍යාල දෙකක නම් ඒ තහනම එලෙසින්ම බලවත්ව නොපැවැත්වීමයි. හැකියාව ඇතිනම් ඒ පුද්ගලයාහට නීති රීති තහංචි පැණවීමේ හේතුවක් නොපෙනේ. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාට ස්වකීය දර්ශනපති හා ආචාර්ය උපාධි දෙකම එක්වර එකම විදේශීය විශ්වවිද්‍යාලයකින් ලබා ගැනීමේ දී මෙවන් සිදුවීමකට මුහුණ පෑමට සිදු වූ බව කියනු ලැබේ.
සමාජයෙහි සෑම පුද්ගලයකුහටම එක හා සමානව සැලසීම වර්තමාන සමාජයෙහි ඉතා උසස් ගුණයක් ලෙස සැලකේ. සමානාත්මතාවය ගරු නොකිරීම පාප කර්මයක් නොවෙතත් එය මනුෂ්‍යත්වයට නොගැළපෙන දෙයක් බව ශිෂ්ඨ මිනිස් සමාජයෙහි අදහසයි. මේ නිසා ජාති ආගම් බේදයකින් තොරව ශිෂ්ඨත්වය ගරු කරන වර්තමාන මිනිසා තමා සමඟ සමාජයෙහි ජීවත්වන ලොකු කුඩා මිනිසුන් සැමටම සමානාත්මතාවයෙන් සැලකීම උත්සුක වේ. විහේෂයෙන් බෞද්ධ ජනතාව මේ ගුණය අතින් ඉදිරියෙන් සිටී. බෞද්ධයාට සෑම ආගමිකයෙක්ම සෑම ජාතිකයෙක්ම මනුෂ්‍යයෙකු වශයෙන් සිතන්නට හා ඒ අනුව ක්‍රියා කරන්නට බුදු දහම මඟින් අවශ්‍ය ශික්ෂණය ලබා දී තිබේ.
ලක්දිව බුදු දහම ස්ථාපිතව අඛණ්ඩව සුරැකගෙන පැමිණීම සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙතින් ඉටු වූ අනුපමේය කාර්යභාරය මිළ කළ නොහැක. ඒ සම්බන්ධව මුළු මහත් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ නමස්කාර පූර්වක ශ්‍රද්ධාව උන් වහන්සේලාහට හිමි විය යුතුමය. බුදුන් වහන්සේ ස්වකීය ආරම්භක භික්ෂූ සමාජය ස්ථාපිත කරනු ලැබුවේ කුමන පරමාර්ථයක් ශාක්ෂාත් කිරීමට ද ඒ සියළු අරමුණු ඉටු කිරීමට යෝග්‍ය සිල්වත් ගුණවත් උගත් බහුසෘත භික්ෂූන් වහන්සේලා සමූහයකින් සුසැදි ලක්දිව බෞද්ධ සංඝ සමාජය එකම පින් බිමකි. ඒ පින් බිමෙහි ඉපිද බුදු දහමේ ආභාෂය සහිතව තම දිවි පිවෙත ඉන් පෝෂණය කරගැනීමට භාග්‍ය ලැබීමට තරම් අප සැබෑ ලෙසම වාසනාවන්ත වී තිබේ.

සම්බුදු දහම පවතින කාලයක ඉපිද එහි ආභාෂය ලැබීම පවා අෂ්ට ක්ෂණ සම්පත්තියට අයත් උසස් පුණ්‍ය කර්මයන්ගේ භාග්‍ය නිසා කිසියම් පුද්ගලයෙකුහට කළාතුරකින් පමණක් හිමි‍වන දෙයක් බව දහමේම විස්තර කර දී ඇත. දැනට සුපිරිසිදු ථෙරවාද බුදුසමය ‍ෙඑතිහාසික ස්වරූපයෙන් සුරක්ෂිත වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණි. එවන් තත්වයක් මැද පිරිසිදු ථෙරවාදී බුදු දහම සේවනය කිරීමසට පෙන්ම ඉන් ආශ්වාදයක් ලැබීමට ශ්‍රී ලංකාවාදී බෞද්ධ ජනතාව තරම් වෙනත් කිසිදු රටක වාසය කරන පුද්ගලයන් භාග්‍ය සම්පන්න නොවන බව පෙන්වා දිය හැකිය.
ආරම්භක පැවිදි සමාජය සකස් කිරීමේ දී බුදුරදුන් මූලිකවම ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ පාංශකූල චීවර, පිණ්ඩියාලෝප භෝජනය, පූති මුත්ත භෛසජ්ජය හා රුක්ඛ මූළ සේනාසනය යන සිව් නිශ්‍රයෙන් යැපිය හැකි බඹසර හැසිරීම පාදක කරගත් මූළික භික්ෂු ප්‍රතිපත්ති හා අරමුණු මැනවින් ආරක්ෂා කරමින් ධර්ම ප්‍රචාරක යාන්ත්‍රණයෙහි ජව සම්පන්නව යෙදීය හැකි පිරිසක් බිහි කිරීමටය. එහි දී අභිනවයෙන් ආරම්භ කරන බෞද්ධ සංඝ සමාජය සඳහා පැවිදි දිවියෙහි අත්දැකීම් ඇති අය කෙරෙහි පළමු අවධානය යොමු කර ඇති ආකාරය පැහැදිලි වන්නේ පස්වග මහණුන් අමතා ප්‍රථම ධර්ම දේශනය ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව පැවැත්වීම හා ඊටත් පෙර ආලාර කාලාම, උද්දක රාම පුත්ත වැනි අටසමවත් ලාභී සෘෂීවරුන් පිළිබඳව අවධානය යොමු කිරීම වැනි කරුණු අනුවය.
බෞද්ධ ගිහියාගේ දිවි පැවැත්ම බාහිර අලංකාරයෙන් යුක්ත ආඩම්බරකාරී මොණරාගේ මන්දගාමී ස්වරූප වූ ගමනට ද පැවිද්දාගේ දිවි පැවැත්ම බාහිර අලංකාරයෙන් තොර වූ චාම් හංසයාගේ ජව සම්පන්න නිරහංකාර ගමනට ද බුදු දහමේ උපමා කර දැක්වේ. මූළික වශයෙන් භික්ෂූ ප්‍රතිමානය ඒ ආකාරයෙන් සමාජය තුළ පිළිගැනීමකට ලක් වූ නිසා ද දෙසූ දහම නිරවුල් පවතින සම්ප්‍රදායට වඩා නිර්මාණශීලී අළුත් දැක්මක් හෙළි පෙහෙළි කරවන බුද්ධිය අවධි කරවන සුළු නව දැක්මක් කෙරෙහි සිත යොමු කරවන්නක් වූ බැවින් ද බුදු දහම කෙරෙහි තත් යුගයෙහි සමාජයෙහි විසූ බාල තරුණ මහළු උගත් නූගත් දුප්පත් පොහොසත් සෑම තරාතිරමකම කෙනෙකුගේම අවධානය දිනාගෙන ජනප්‍රියව අති මහත් වේගයකින් සමස්ත භාරත දේශය පුරා ව්‍යාප්තව ගියේය.
මේ යටතේ රජවරු, සිටුවරු, ශුද්‍ර, සැ‍ඬොල් වැනි කුළවල ජනයා ද විශේෂයෙන් භාරතීය බ්‍රාහ්මණ ආධිපත්‍යය ව්‍යාප්තව පැවති සමයෙහි පුරුෂ මූළික සමාජ ක්‍රමය නිසා පීඩාවට පත් වූ විවිධ තරාතිරම්වල විවිධ සමාජ මට්ටම්වල ස්ත්‍රීන් ද බුදු දහම කෙරෙහි ආකර්ෂණය විය. බුදු දහමේ ඉදිරිපත් කෙරෙන ඉගැන්වීම් මඟින් සදාචාර සංවර්ධනය කෙරෙහි වත් පොහොසත්, කුලමල හා ස්ත්‍රී පුරුෂ බව යන බාහිර බලපෑම්වලින් තොරව පුද්ගල ස්වච්ඡන්දතාවය මතම පමණක් චිත්ත දියුණුව මතම අදාළ පරමාර්ථ ශාක්ෂාත් කළ හැකිය යන කරුණු නිසා ඇති වූ බුද්ධි ප්‍රබෝධය බුදු දහමේ සීඝ්‍ර ව්‍යාප්තිය කෙරෙහි සෘජුවම බලපෑවේය.
වර්තමානයෙහි පවා ‍අනෙකුත් ආගමික ඉගැන්වීම් අතර බුදු දහම ජනප්‍රිය වීමට මෙම හේතු සාධක එකහෙලා උපකාරී වන බව කිව හැකිය. එමෙන්ම සමාජයෙහි පැවැති මනුෂ්‍ය වර්ගයා පීඩාවට පත් කරන සාම්ප්‍රදායික අදහස් වලට එරෙහිව ස්වකීය නිදහස් චින්තනය නිර්භීතව ප්‍රකාශ කළ බුදුරදුන්ගේ අනුපේයමය ‍පුද්ගල පෞරුෂත්වය ද ඊට ප්‍රධන වශයෙන් බලපෑවේය. සාම්ප්‍රදායිකව උසස් රාජකීය පවුලක උපත ලබා මතු චක්‍රවර්තී රාජ්‍ය සම්පත්තියකට උරුමකම් කීව ද ඒ සියල්ල අඵයම ලූ කෙළ පිඩක් සේ ඉවත දමා මනුෂ්‍ය වර්ගයා කෙරෙහි උපන් අනුකම්පාවෙන් පැවිදි දිවියක් ගත කළ බුදුරදුන්ගේ ගුණ සමුදාය ජනයාගේ සිත් සතන් වැළඳ ගැනීමට සමත් විය.


                              ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
                              ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.