ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 28, 2017

ධර්මවිනය අනුව යළි ඇතිකළ නොහැකි ලාංකේය භික්ෂුණී පැවිද්ද

2017.06.07 දින දිවයින බුදු මඟ පුවත්පතේ පළ වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර විසින් රචිත භික්ෂූන් නැතිව සසුන අංග සම්පූර්ණ නොවේ මැයෙන් වූ ලිපියට පිළිතරකි. ලිපිය ආරම්භයේදීම මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර සසුන යන්න නිර්වචනය කිරීම වරද්දාගෙන ඇත. සසුන නම් පණිවිඩයයි. ඒ අනුව බුදු සසුන නම් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්ය. පාලි ත්‍රිපිටකය ථේරවාදී සම්ප්‍රදාය අනුව බුදුරදුන්ගේ ඉගැන්වීම් වාර්තා වන මූලාශය වශයෙන් මෙරටේ ථේරවාදීහු සලකති. සසුන යන්නට අද බහුලව අව-භාවිතා වන භික්ෂු හා භික්ෂුණී බෞද්ධ සංකේත ඈදාගෙන වරද්දවා අර්ථකථනය කර පාඨක සමාජය නොමඟයෑවීමට තැතක් දරා ඇති අන්දම පිළිබඳව පළමුව කණගාටුවට පත් වෙමි. ඔහු ලිපියෙන් කීමට අදහස් කර ඇත්තේ භික්ෂූණී පැවිද්ද පිළිබඳව බව එහි අන්තර්ගතය අනුව පැහැදිලිය. ඔහු ප්‍රකාශකළ කරුණු ධර්මවිනයානූකූලව සාවද්‍ය කරුණුය. පාලි හා ත්‍රිපිටක දහම පිළිබඳව ප්‍රමාණික මහාචාර්යවරයෙක් හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු ලෙස එතුමා සිය ලිපිය පුරා විස්තර කර ඇති කරුණු ධම්මවිනය විරෝධී බව ත්‍රිපිටකයට අනුව ශාස්ත්‍රීයව හා සාධිකාරිව නිස්සරණාධ්‍යාශයෙන් කාරුණිකව පෙන්වාදීමට කැමැත්තෙමි.

ඔහු විසින් මහත් අභිරුචියෙන් විස්තර කර ඇති ඒ භික්ෂූණි පැවිද්ද ආරම්භයේ සිටම ගැටලු සහගත වූවකි. බුදුරදුන් කාන්තා පැවිදිබව ඉල්ලීමට එකඟතාව පළනොකිරීම විවිධ මත ඇත. ස්‌ත්‍රීන් පහත්කොට සලකන පුරුෂ ආධිපත්‍යය පදනම්වූ විරෝධතාව එයින් ප්‍රධාන අදහසකි. තම සුළු මවගේ හා නෑදැයන්ගේ ඉල්ලීමට එකඟ නොවන අන්දමේ ස්‌ත්‍රී විරෝධයක්‌ බුදුරදුන් තුළ තිබුණේ ය, යනු බුදුබවේ ස්‌වභාවය තේරුම් නොගත් අයගේ සිතිවිල්ලකි. බුදුරදුන් ප්‍රජාපතී ගෝතමියට පැවසූ වදන්වල ගැබ්ව තිබෙන්නේ කාරුණික ස්‌වරයකි. ගෝතමියෙනි, කාන්තාවන් ගිහිගෙයින් වෙන්ව පැවිදි ජීවිතයකට පත්වීම සඳහා කැමැත්තක්‌ ඇතිකර නොගන්නේ නම් ඉතා මැනවි (අලං ගෝතමී,මා තේ රුච්චි) එය විරුද්ධත්වයක්‌ නොව අපහසුතාව ගැන ඇයට පෙන්වා දීමකි. ආනන්ද තෙරුන් ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් බුදුරදුන් වදාළේ රහත් බව ලබන්නට කාන්තාවන්ට හැකියාව ඇති බවයි. ඒ අනුව කාන්තාව හා පුරුෂයා බුද්ධිමය වශයෙන් සම තත්ත්වයේ සිටින බව උන්වහන්සේ පැහැදිලිව සඳහන් කොට ඇත. කාන්තාව පහත් ලෙස සලකා නොමැත. එයට නිදසුන් ත්‍රිපිටකයේ බොහෝ තැන්වල තිබේ. ගෝතමී තෙරණිය රහත් බව ලබා පිරිනිවන් පාන විට පසු වැඩි බුදුහිමියෝ ස්‌ත්‍රීන්ගේ ප්‍රඥව ගැන තිබෙන දුර්මත දුරු වීමට ප්‍රාතිහාර්ය පානා ලෙස දැනුම් දුන්හ. එසේ නම්, කාන්තා පැවිද්දට උන්වහන්සේ උනන්දු නොවන්නට හේතුව කුමක්‌ ද? යන්න චුල්ලවග්ග පාලියේ දෙවැනි කොටසේ දැක්‌වේ. භික්ෂූණී පැවිද්ද නිසා, මාර්ග බ්‍රහ්මචර්යාව බොහෝ කල් නොපවතියි. ධර්මයෙහි පැවැත්ම අවුරුදු පන්සියයකට සීමා වෙයි. පිරිමින් නොමැති, කතුන් වැඩියෙන් සිටින නිවසකට සොර බිය වැඩි වන්නා සේ සසුනට ද උවදුරු වැඩි වෙයි. ඇල්කෙතත්, උක්‌ වගාවක්‌ පුල්ලි රෝගවලින් වැනසෙන්නා සේ සසුන් බඹසර දිගුකල් නොපවතියි. බුදුරදුන් මෙම කරුණු වලින් පැහැදිලි කළේ කාන්තාවන් පැවිදි කිරීමෙන් ශාසනයට සිදුවන අහිතකර බලපෑම හා එහි සංකීර්ණ තත්ත්වය යි. බුදු දහම අවුරුදු දහසක්‌ පවතිනවා නම්, කාන්තා පැවිද්ද හේතුවෙන් එය වසර පන්සියයකට සීමා විය හැකි බව බුදුරදුන් පැවැසුවේ නිදසුනක්‌ ලෙසය. කෙසේ වුව ද, අෂ්ටගරු ධර්ම පැනවීම හා ඊට හේතු දැක්‌වීම ගැන දැඩි විවේචන තිබේ. භික්ෂූණී පැවිද්දට අනුග්‍රහ දැක්‌වූ ආනන්ද හිමියන්ට ද දෝෂාරෝපණ එල්ලවිණි.
බුදුරදුන් ප්‍රජාපතී ගෝතමිය පැවිදි කළේ නැත. එතුමිය පැමිණියේ තමන්ම හිස මුඩු කොට කසාවත් පොරවා ගෙන යි. අෂ්ට ගරු ධර්ම පිළිගැනීම නිසා එතුමිය උපසම්පදාව ලැබූ බව බුදුහු තහවුරු කළහ. එය ආරම්භක භික්‍ෂුණිය වශයෙන් එතුමියට පමණක්‌ සුවිශේෂ වූවක්‌ බව සමන්තපාසාදිකාවේ හා විනයත්ථ මඤ්ජුසාවේ දැක්‌වේ. එවැනි දෙයක්‌ කළ හැක්‌කේ බුදුවරයකුට පමණි. තමන් සමඟ පැමිණි ශාක්‍ය කාන්තා පිරිසට උපසම්පදාව ලබාදීම කෙසේ සිදුකරන්නේ දැයි ප්‍රජාපතී ගෝතමි භික්‍ෂුණිය බුදුරදුන්ගෙන් ඇසුවාය. භික්‍ෂුණියන් උපසම්පදා කිරීම සඳහා භික්‍ෂූන්ට අනුමැතිය දෙන බව බුදුහු වදාළහ. (අනුජානාමි භික්‌ඛවේ, භික්‌ඛු භික්‌ඛුණියෝ උපසම්පාදේතුං) කාන්තා පැවිද්ද සඳහා භික්‍ෂුන්ට අවසර තිබෙන බව තහවුරු කිරීමට වර්තමානයේ බොහෝදෙනා ඉස්‌මතු කරන්නේ මෙම ප්‍රකාශය යි. සාරත්ථදීපනී ටීකාවේ දැක්‌වෙන ශාසනික විනය නීතියට අනුව එම පිරිස අයත් වන්නේ ඒකතෝ උපසම්පන්න යන කොටසට යි. ශාසන ඉතිහාසයෙන් පෙනෙන පරිදි, භික්‍ෂුන්ගෙන් උපසම්පදාව ලැබූ එකම කණ්‌ඩායම එම ශාක්‍ය වංශික භික්‍ෂුණී පිරිස පමණි. මෙම පිරිස අතර සිටි ඇතැමුන් ලිංග විපර්යාසයෙන් පිරිමින් වූ බව දැක්‌වෙන කරුණු විනයෙහි දැක්‌වේ. ඒ අය මුලින් භික්‍ෂුන් හමුවෙහි උපසම්පදාව ලද නිසා නැවත උපසම්පදා නොකොට භික්‍ෂුණීන් සේ සලකා තිබේ. කාන්තාවන් උපසම්පදා කිරීමට පෙර ඔවුන්ගේ සූවිසි අන්තරායික ධර්ම විමසීම හෙවත් ඔවුන්ගේ කායික තත්ත්වයන් විමසීමේ අවශ්‍යතාව මතු විණි. භික්‍ෂුන්, උපසම්පදාපේක්‍ෂක භික්‍ෂුණීන්ගෙන් ඒ ගැන විමසූ විට ඔවුහු කිසිත්නොදොඩා සිටියහ. එම කාර්යය භික්‍ෂුණීන්ට පැවරුණි. බුදුරදුන් අනුදැන වදාළේ භික්‍ෂු - භික්‍ෂුණී දෙපිරිස හමුවෙහි කාන්තාවන් උපසම්පදා කිරීම හෙවත් උභතෝ උපසම්පන්න භාවය යි. මෙකල කාන්තා පැවිද්ද යළි ඇරඹීමේ දී ගැටලු සහගත තත්ත්වයක්‌ මතු වී තිබෙන්නේ ථෙරවාදී විනය අනුව ඒ සඳහා ඉඩක්‌ නොමැති බවට කරුණු ඉදිරිපත් වීම හා දැනට ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය ඇති කිසිදු රටක භික්‍ෂුණීන් නොසිටීම යන කරුණු මතයි. අතීතයේ ලක්‌දිව භික්‍ෂුණීන්ගෙන් ඇරඹුණු චීනයේ භික්‍ෂුණී නිකාය දිගුකලක්‌  මහායාන සම්ප්‍රදාය ඇසුරේ තිබූ බැවින් ඔවුන්ගේ සහභාගිත්වයෙන් ථෙරවාදී භික්‍ෂුණී උපසම්පදාව ඇතිකිරීම විනයානුකූල නොවන බව ධර්ම විනයධර නාහිමිවරුන්ගේ අදහස යි. දැනට අවස්‌ථා දෙකක ද මහායාන හා ථෙරවාදී භික්‍ෂු-භික්‍ෂුණීන්ගේ සහභාගිත්වයෙන් පිහිටුවාගත් භික්‍ෂුණී උපසම්පදාවට අනුගත ශ්‍රී ලාංකික භික්‍ෂුණී පිරිසක්‌ ලක්‌දිව වැඩ සිටියත්, ශාසනික වශයෙන් ථෙරවාදී සම්ප්‍රදාය තුළට ඇතුළත් වීමට එම පිරිසට බාධා මතු වී තිබේ. විනයානුකූල තත්ත්වයන් යටතේ ශාසන භාරධාරී මහනාහිමිවරුන් මතුකර තිබෙන විරෝධය නිසා එම පිරිසගේ උපසම්පදාව නෛකිත වශයෙන් ද පිළිගෙන නැත. කිසිදු රජයේ ලේඛනයක භික්‍ෂුණී යන වචනය භාවිත නොකෙරේ. 1931 විහාර දේවාලගම් පනතෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයාට බලය තිබෙන්නේ භික්‍ෂු ලියාපදිංචිය සඳහා පමණි. මහා නාහිමිවරුන්ගේ දැනුම්දීම අනුව බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා භික්‍ෂුණී ලියාපදිංචිය ප්‍රතික්‍ෂේප කර ඇත. ඒ නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ද භික්‍ෂුණීන්ට හැඳුනුම්පත් ලබා නොදෙයි. එම තීරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට හා අධිකරණයට පැමිණිලි කොට ඇත. ශාසනික විනය පිළිබඳව අධිකරණ තීන්දු ගැනීමට නීතිමය ප්‍රතිපාදන තිබේද? අතිගරු ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ශාසනික වශයෙන් ගන්නා තීරණයක නෛතික තත්ත්වය කුමක්‌ ද? එයට අභියෝග කළ හැකි ද? භික්‍ෂුණී උපසම්පදාව නොපිළිගන්නා ලෙස හේතුකාරණා දක්‌වමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් රජයට ඉදිරිපත් කළ නිවේදන පූජ්‍ය වැලිගම ඤාණරතන නාහිමියන් ලියූ භික්‍ෂුණී ශාසනය හා භික්‍ෂුණී විනය ග්‍රන්ථයේ පළකොට ඇත. භික්‍ෂුණී උපසම්පදාව නීතිගත කිරීම පිළිබඳව මෑතක දී සාකච්ඡාවකට කළ ඇරයුමකට අතිගරු දවුල්දෙන ඤාණිස්‌සර මහනාහිමියන් 2012-12-12 දින බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්ට යැවූ ලිපියක මෙසේ දැක්‌වේ."අප රටේ කෙදිනකවත් යළි පිහිටුවිය නොහැකි බවට ශාසනාධිකාරි ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා සපථ කර ලිඛි තව භාර දී ඇති භික්‍ෂුණී ශාසනයක්‌ පිළිබඳව නැවත සම්මුතියක්‌ ගොඩනඟා ගැනීමට යෝජනා කිරීම ගැන කනගාටු වෙමි. පෙර දැරූ ස්‌ථාවරයේ වෙනසක්‌ කිරීමට කිසිදු සහේතුවක්‌ මේ දක්‌වා මතු වී නොමැත. එකල්හි ම මහායාන භික්‍ෂුණී ශාසනයක්‌ මෙහි පිහිටුවීම ඔබ තහනම් කරන්නට ප්‍රතිපාදන ඕනෑ තරම් තිබිණි." මේ අතර පූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මහනාහිමියන්ගේ අදහසක්‌ පූජ්‍ය වේවැල්දෙනියේ ධම්මාලංකාර මහනාහිමියන් පෙන්වා දී ඇත. "ශ්‍රී ලංකාව තුළ භික්‍ෂුණී සසුන පිහිටුවීමට නම්, උපසපන් භික්‍ෂුන් වහන්සේ පස්‌නමක්‌ එකවිට ම ස්‌වාභාවික ලිංග විපර්යාසයකට බඳුන් වී ස්‌ත්‍රීත්වය ලබා ඒ මගින් භික්‍ෂුණීන් බවට පත් වී භික්‍ෂුණී සසුන පිහිටුවිය යුතු ය".
දසසිල් මාතාවරුන් ලෙස අගාරික ජීවිතයක්‌ ගතකරන කාන්තා පිරිසක්‌ අපේ රටේ සිටිති. පැවිදි වන්නට කැමැත්තෙන් සිටි කැතරින් ද අල්විස්‌ මහත්මිය භික්‍ෂුන්ගේ උපදෙස්‌ පරිදි ථෙරවාදී බෞද්ධ රටක්‌ වන මියෑන්මාරයේ (බුරුමයේ) සම්ප්‍රදායට අනුව පැවිද්ද ලබා 1905 වසරේ දී ලක්‌දිවට පැමිණියා ය. ඇය හැඳින්වුණේ සුධර්මචාරී සිල්මාතාව නමිනි. ලක්‌දිව සිල්මෑණිවරුන්ගේ ආරම්භය එය යි. හෙන්රි බ්ලේක්‌ ආණ්‌ඩුකාරයාගේ ආර්යාව එතුමියට උපකාර කළාය. සිල්මෑණිවරුන්ට තිබෙන්නේ සාමණේර තත්ත්වයකි. සිවුරු වෙනුවට ඔවුන් පොරවන්නේ කසාවතකි. භික්‍ෂුත්වය සමඟ ගැටුමක්‌ නොමැත. ශ්‍රී ලංකා රජය සිල්මාතාවන්ගේ අභිවෘද්ධිය සඳහා දිගුකලක සිට අනුග්‍රහය දක්‌වන අතර, ඒ සඳහා පනත් කෙටුම්පතක්‌ ද සකස්‌ කොට ඇත. සිල්මෑණිවරුන් හා දැනට උපසම්පදාව ලබා ඇති පිරිස අතර ඇතිවන අර්බුද ගැන ද අතිපූජ්‍ය මහනාහිමිවරුන්ට හා සමස්‌ත ලංකා ශාසනාරක්‍ෂක මණ්‌ඩලයට නිතර වාර්තා වෙයි. කාන්තා පැවිද්ද ගැන ථෙරවාදී බෞද්ධ රටවල් දක්‌වන ආකල්පය ද මෙහි දී විමසීම සුදුසු ය. 1928 වසරේ දී තායි දේශපාලනඥයකු වූ නරින් ක්‌ලොන් මහතා තම දියණියන් තිදෙනා පැවිදි කොට භික්‍ෂුණී ශාසනය පිහිටුවීමට වෑයම් කළේය. ඔහු භික්‍ෂුන්ගේ දැඩි විවේචනයට ලක්‌ වූ අතර, ඔහුගේ පැවිදි දියණිවරු සිවුරු අරවා සිරගත කරනු ලැබූහ. 1928 ජුනි 18 දින ජිනවන්සිරිවත්න සියම් සංඝරාජ මාහිමියන් කාන්තා පැවිද්ද තහනම් කළහ. 1954 වොරමායි කබිල්සිං තායිවානයෙන් භික්‍ෂුණී පැවිද්ද ලබාගෙන හුදෙකලාව සිටියා ය. ඇයට එරෙහිව නඩුවක්‌ තායි මහාථේර සමාගම ඉදිරියේ විභාග කෙරුණි. භික්‍ෂුන්ට අගෞරව කිරීම ඇයට එල්ල වූ චෝදනාව යි. එම කොමිටියේ සිටි ප්‍රා ප්‍රොමිනි හිමියෝ ඇයට පක්‍ෂව කරුනු දක්‌වමින් කබිල්සිං භික්‍ෂුණිය ලා කහපැහැති වස්‌ත්‍රයක්‌ පොරවන නිසා භික්‍ෂුන්ට අගෞරවයක්‌ නොකරන බව පෙන්වා දුනි. ඒ හිමියෝ වත්මන් තායි රජතුමා පැවිදි කළ ගුරුවරයා ය. කබිල්සිං භික්‍ෂුණියගේ දියණිය 2003 ශ්‍රී ලංකාවෙන් උපසම්පදාව ලබාගත් අතර තායි භික්‍ෂු සමාජයේ දැඩි පීඩනයකට ලක්‌ව සිටියි. එරට භික්‍ෂුණීහු දහනමක්‌ පමණ සිටිති. භික්‍ෂුණී උපසම්පදාව පිහිටුවීමට හැකි දැ යි සොයා බැලීමට 2003 මාර්තු 11 දින රබිබ්‍රන්ත් පොන්පනිත් මන්ත්‍රීවරියගේ මූලිකත්වයෙන් තායි පාර්ලිමේන්තුව විසින් අනුකමිටුවක්‌ පත්කරන ලදී. මාස තුනක්‌ එය පැවැත්විණි. 1928 සංඝරාජ හිමිගේ නියමයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ස්‌ත්‍රී-පුරුෂ සමානත්වය හා ආගම ඇදහීම පිළිබඳ කාන්තාවන්ගේ මූලික අයිතිය කඩ වී ඇති බව කමිටුව විසින් වාර්තා කරන ලදී. උප අගමැති විෂ්ණු ක්‌රූන්ගම් මහතා ඒ ගැන කියා සිටියේ භික්‍ෂුණී උපසම්පදාව නීතියට පටහැනි නොවන බව සත්‍යයකි. එහෙත් 1928 නියෝගය සහ ඒ අනුව යාවත්කාලීන කෙරුණ 1962 තායි සංඝ පනත අනුව ඒ පිළිබඳ සම්මුතියකට එළඹීම මහා සංඝයාගේ වගකීමක්‌ බවයි. තායිලන්තයේ භික්‍ෂුණී උපසම්පදාව සිදුකළ නොහැකි බවට 2004 පෙබරවාරි මස මහාථෙර සමාගම සෙනෙට්‌ සභාවට දැනුම් දුනි. ථෙරවාදී කාන්තා පැවිද්ද අහෝසි වීම සහ පැවිදි කිරීමට උපාධ්‍යායවරයකු නොමැතිකම හේතු ලෙස දක්‌වා තිබිණි.
තායි සංඝ පාලන පනතේ සංඝ යන නිර්වචනයට ඇතුළත් වන්නේ භික්‍ෂුන් පමණි. ඒ නිසා, තායි රජයේ ලේඛනවල භික්‍ෂුණීන් හැඳින්වෙන්නේ මහත්මිය හෝ මෙනවිය යනුවෙනි. ශ්‍රී ලංකාවේ විහාර දේවාලගම් පනතේද රජය පිළිගන්නේ භික්‍ෂුන් පමණි. බටහිර රටවල ශාස්ත්‍රීය ඇසුර ලැබූ වියත්හු බෞද්ධ ජන සමාජය සැක කරති. පුරුෂාධිපත්‍යයේ බලපෑම නිසා ස්ත්‍රීන් පහත්කොට සැලකීමේ පුරුද්ද නිසා කාන්තා පැවිද්දට වැට බඳින බව සිතති. එම අදහස වැරදිය. මෙහි ඇත්තේ ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ පවතින විනය ගැටලුවකි. නමුදු එයට ධර්මවිනය සම්බන්ධය. දලයිලාමා තුමාගේ සර්වාස්‌තිවාදී විනය අනුව සැකසුණු ටිබෙට්‌ භික්‍ෂුණීහු බොහෝ සිටිති. එබැවින් දලයිලාමා තුමා එය අනුමත කරනු ඇතැයි ඔවුහු සිතූහ. "අපගේ ධර්ම විනයධර භික්‍ෂුන්ගේ අදහස්‌ අනුව ඒ පිළිබඳ තීන්දුවක්‌ පසුව මම ලබාදෙමි. කාන්තා පැවිද්ද ඇති කරන්නට මම බුදුවරයකු නොවෙමි. මම සාමාන්‍ය පැවිද්දෙකි". දලයිලාමා තුමාගේ පිළිතුර යි. ඒ නිසා මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර භික්ෂූණි පැවිදි උපසම්පදාව මෙරට ඇතිකළ හැකි යැයි පැවසීම ධර්මවිනය විරෝධී ලෙස සලකා ඉවතලිය යුතුබව පාලි ත්‍රිපිටකය පිළිබඳ ප්‍රමාණිකයෙකු ලෙස මම දැඩිව ප්‍රකාශ කරමි.

                                     ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
                              ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.