ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 16, 2017

බැඳීම් නැති කරන මඟ කුමක් ද...?


කොපමණ අය පිරිවරාගෙන ජීවත් වුවද ඕනෑම අයෙකු උපදිනුයේ හා මියයනුයේ හුදකලාවමය. මෙය සෑම අයෙකුගේම ජීවිතයට පොදු දහමකි. අපට තවත් අයෙකුගේ බැඳීම අවශ්‍යවනුයේ ඒ බැඳීම නිසා අප ලබන යම් යම් ලාභ ප්‍රයෝජන නිසාය. ඒ ලාභ ප්‍රයෝජන නිසාම අපි තවත් අය සමඟ බැඳීම් ගොඩනඟා ගෙන ඇත්තෙමු. ඒ බැඳීම් නිසා වර්තමානයේ දී සතුටක් ලබන බව සත්‍යයකි. නමුත් වර්තමානයේදී ලබන ඒ සුළු හෝ සතුට වෙනුවෙන් ඊට වඩා සිය දහස් ලක්ෂ ගුණයක වන්දියක් අපට අනාගතයේදී ගෙවන්නට සිදුවේ. මන්ද බැඳීම් ඒ අයුරින්ම රැක ගැනීමට නොහැකි බැවිනි. එක්කෝ ඒ අය අයව අත්හැර දමා යති. නැතහොත් මරණය හෝ වෙන යම් තාවකාලික වියෝවීම් සිදු වීම නිසා බැඳීම් බිඳී යයි. බැඳීම් නම් බන්ධනයක්මය. සිදුහත් බෝසතුන්ට ද රාහුල පුත් කුමරු ඉපදුන දිනයෙහිදී රාහුලං ජාතං බන්ධනං ජාතං යැයි ඉබේම කියවුනේද මේ නිසාමය.නමුදු සිදුහත් බෝසතුන් ඒ වන විට සම්මා සම්බෝධියට පත්ව නොතිබුණි. එසේ නම් ඒ තරම් විශාල ආධ්‍යාත්මික පදනමක් සිද්ධාර්ථ බෝසතුන් තුළ තිබීම විශ්වාස කළ හැකිද? ලොව්තුරු සම්මා සම්බෝධියට පත්වීමට නියත විවරණ ලැබ අවාසාන ආත්මභාවයෙහි වැඩසිටි සිද්ධාර්ථ බෝසතුන්වහන්සේව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසට ලඝු කර කල්පනා කළ නොහැකිය. උන්වහන්සේ සංසාරය පුරා බුද්ධත්වය නැමැති අති උත්තරීතර පදවිලාභය සඳහා අවශ්‍ය සුදුසුකම් සියල්ල කිසිත් අඩුවක් නොමැතිව ඒ වන විට සර්වසම්පූර්ණ කර සිටි උත්තමයෙකි. ඒ නිසා උන්වහන්සේගේ ප්‍රඥා මහිමය එතරම් තීක්ෂණතර විය.නමුදු එබඳු ප්‍රඥා සම්පන්නබවක් නොමැති පොදු ජනතාවට බැඳීම් විශාල අගයක් ඇති දෙයක් ලෙස දැකීම සාමාන්‍ය තත්වයකි. ඔවුන්ට බැඳීම දුකක් වේදනාවක් ලෙස අවබෝධවනුයේ ඒ බැඳීම බිඳ දැමීමට කරුණක් පැමිණ කල පමණකි. එවිට මතුපිටින් ඒ අවස්ථාවට අනුව දුක් වන ඔවුහු පසු යළි යළිත් නව බැඳීම් ගොඩනඟා ගනිති.එබඳු බැඳීම්වලින් සතුටුවීමට කල්පනා කරති.

බැඳීම් දුකට මුලය යන ප්‍රකාශය ඇසෙත්ම බැඳීම් නිසා සතුටුවෙමින් සිටින ඔබ හා උරණවනු නොමානය.ඒ ඔබ බැඳීම් තාවකාලික යන්න ඇසීමටඑ පවා අකමැති නිසාය.බැඳීම් යනුවෙන් හැඳින්වෙනුයේ භෞතික ලෙස ඇති කරගත් බැඳීම් පමණක්ම නොවේ. අත්හැරදැමීමට හා බිඳ දැමීමට වඩාත් අපහසු මානසික බැඳීම්ය.ඒ ඉදිරියේ කායික බැඳීම්වල වටිනාකම ඉතා ලඝුය.කායික බැඳීම්වල නිස්සාරත්වය දකින,අගුණ ප්‍රකාශකරන බොහෝඅය පවා මානසික බැඳීම් ඇතිකර ගැනීමට රුචිකත්වයක් දක්වන බව පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනු මානය.මානසික බැඳීම් එතරම්ම අතිසියුම්ය.ඒවා බැඳීම් ලෙසට නිවැරදිව හඳුනාගැනීමට පවා දුෂ්කරය.ඒ නිසා මේ සූක්ෂම මානසික බැඳීම්වලට බොහෝ අය පහසුවෙන් වසඟ වෙති.ඔබ දෝෂාරෝපණ ඇසීමට අකමැතිබව මම දනිමි.එසේම ඔබ කීර්ති ප්‍රශංසා ඇසීමට කැමැත්තක් දැක්වීමට පුලුවන.ඔබට යමෙකු ප්‍රශංසා කිරීමේදී ඔබ ඇති කරගනුයේ ඔබගේ අනන්‍යතාව පිළිබඳවූ මානසික බැඳීමක් බව ඔබ දන්නවාද?එපමණක් නොව එලෙස ඔබට ප්‍රශංසා කරන පුද්ගලයා සමඟද ඔබ බැඳීමක් ඇතිකරගනියි.ඔබද මමද සතර මහාභූත රූපවලින් නිර්මිත අපවිත්‍ර තවත් කුණ ශරීර දෙකක් වෙමු.නමුදු ඔබ ඔබගේ කුණු සිරුර පිළිබඳව සිදුකළ ප්‍රශංසාවක් අසා බැඳීමක් ගොඩනඟා ගත්තෙහි.විදර්ශනා භාවනා අභ්‍යාස බහුල වශයෙන් වැඩූ පළපුරුදුකම නිසා යමෙකු මට ප්‍රශංසාවක් කළද එය හුදු වචන කීපයකට මිස එහි බරක් හෝ අගයක් මම නොගන්නෙමි.දෝෂාරෝපණ ලද්දත් එසේමය. බැඳීම්වලින් සිදුවන අනර්ථකාරී දෙය නම් මනස කම්පිතවීමයි. මානසික කම්පනයට ප්‍රධාන හේතුවද බැඳීම්ය.ඒ බැඳීම් නුවණින් දැක විදර්ශනා දර්ශනයෙන් විචාරපූර්වකව සැලකිය හැකිනම් බැඳීම් නිසා ඇතිවන මානසික පීඩනය, මානසික කම්පනය යම් තරමකට හෝ නැතිකරගත හැකිය.බොහෝ දෙනෙකු ශෝකවන්නේද දුකට පත්වන්නේද බැඳීම් නිසා ඇතිවන මේ මානසික පීඩා නැතිකර ගැනීමේ නිසි ක්‍රමවේදය නොදන්නාකම නිසාය.
අද මෙරට හැම අස්සක් මුල්ලක් නෑරම භාවනා පංති තිබේ.හරයක් හෝ අර්ථයක් ඇතිව හා නැතිව බොහෝ දෙනෙකු මෙකල විවිධ ස්වරූපයේ භාවනා වැඩසටහන් හා සම්බන්ධව කටයුතුකිරීමට කැමැත්තක් දක්වනබව පෙනී යයි.භාවනාකර විවිධ මාර්ඵල උපදවා ගත්බවට සහතික පවා මෙබඳු භාවනා පංතිවලදී ප්‍රදානය කරනබව දැ පැවසේ.සත්‍ය වශයෙන්ම මේවා සියල්ලම හඳුනා ගැනීමට අපහසු ලෞකික ආශාවවල තවත් එක් සූක්ෂ්ම වූ මුහුණුවරක් පමණක් බව කණගාටුවෙන් වුවද දැනුම් දියයුතුව තිබේ.මන්ද විවිධ ලෞකික සෘද්ධිවිධ ප්‍රාතිහාර්ය ඉන්ද්‍රජාල,මායාකාරී දේවල් උපදවාගැනීම භාවනාවෙන් අපේක්ෂිත නිෂ්ඨාව මෙබඳු පිරිස් බොහෝවිට හඳුනා ගන්නාබවද පෙනී යයි.නමුදු සමස්ත සමාජය දිනෙන් දින පරිහානියට පත්වේ.ස්ත්‍රී දුෂණ,ළමා අපචාර, අතවර,  සමූහ දුෂණ,අපචාර, මිනීමැරුම්, සාහසික අපරාධ රැල්ලක් ලෙස අති සීඝ්‍රව මේ දිවයින වසාගෙන ඇත.බුදුරදුන් උපන් ඉන්දියාවේ සිදුවන සමූහ දූෂණය කිරීම් නිසා ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල තරුණියකට මහමඟ බැස යාමට නොහැකි තත්වයක් උදාවී තිබේ.මේ මොනවාද? මේ සියල්ලම මානව චින්තනයේ වියරුවැටුණු බවකට කදිම උදාහරණවේ.මිනිස් සිතේ කාමරාග,ද්වේෂය ආදී දුර්ගුණ ඉවවහා ගිය තත්වයක් මුලු ලොව පුරාම මෙසේ දුර්දාන්ත සිදුවීම් මඟින් ප්‍රකාශයට පත්වේ.බෞද්ධ භාවනා ක්‍රම සකස්ව පවතිනුයේද මේ කාමරාග,පටිඝ ආදී මිනිස් සිතතුළ උපදින ජාගර උත්ප්‍රේරණ අඩුකරමින් ක්‍රමානූකූලව ප්‍රහාණය කිරීමේ මඟ සලස්වා දීම සඳහාය. නමුදු අද වන විට භාවනා කිරීමේ පරමාර්ථය ඉන් පිට පැන විවිධ ලෞකික ආශාවල් තෘප්තකරගැනීම දක්වාම විතැන්වී තිබේ. මේ හේතුව නිසා භාවනාවෙන් වියයුතු මෙහෙවර නිසි අයුරින් ඉටු නොවේ.සිත නොනිවේ නම් සෝවාන්,සකෘදාගාමී, අනාගාමී හෝ රහත්බවට සහතික කොපමණ ලැබූවත් ඵලක් නැත.හොඳම සහතික නම් සිත නිවීමයි.කාමරාග,පටිඝ සංසිඳවීමයි.ඊට වඩා වෙනත් සහතිකයක් මා දන්නා තරමින් විදර්ශනා භාවනාවේ නැත.විදර්ශනා භාවනාවට යොමුවූ මුල්කාලයේදී මෙන්ම අදද මා මගේ විදර්ශනා භාවනා පුහුණුවේ සාර්ථක අසාර්ථක බව මැන ගැනීම සඳහා නිර්ණායක ලෙස යොදාගනුයේ මේ කාමරාග,පටිඝ යන සංයෝජනවල ක්‍රියා කාරීත්වය කොපමණ දුරකට මගේ සිතතුළ සජීවීව ඒ මොහොතතුළ පවතීද යන්නයි.ශුක්ෂ විදර්ශනාව පාදක කරගෙන සමාධිය දියුණුවීමෙන්ද මේ කාමරාග,පටිඝ සිතේ යටපත්ව යනබව නිරීක්ෂණය කළහැකිය.නමුත් ඒ තත්වය පසුකලක ප්‍රඥාව වඩා දියුණු තියුණු කරගැනීමෙන් පසුව යළි ඇති නොවන පරිදි අවමවී යනබව ඉතා ප්‍රායෝගිකව නිරීක්ෂණය කළහැකි විය.මෙසේ තමා වෙතින් සමාජය සුරක්ෂිතබවට සහතිකයක් ලබාදිය හැක.
අභ්‍යන්තර චිත්ත මට්ටම කොපමණ දියුණුව පැවතියද බාහිරව නිරීක්ෂණය කරන පුද්ගලයෙකුට ඒ තැනැත්තා ලැබූ අභ්‍යන්තර චිත්ත දියුණුවක් නොදත හැකිය.බාහිරින් කිසිදු වෙනසක් විද්‍යමාන නොවේ.ක්‍රියාකාරීත්වය අතින් වෙනදාට වඩා කාමරාග,පටිඝ සංයෝජනවල ක්‍රියාකාරීත්වය අඩුකම නිසා චර්යාවේ වෙනසක් ඇතිවිය හැකිය.නමුදු ඒ වෙනස පවා අති සියුම් බැවින් ඊට සමාන හෝ ඊට ඉහළ චිත්ත දියුණුවක් ලැබූවෙකුට මිසක ඊට වඩා මානසික දියුණුව අඩුඅයෙකුට උසස් මානසික දියුණුවක් ලැබූවෙකු බාහිරින් කිසිදු අයුරකින් දැනගත නොහැකිය.ජන මාධ්‍යවලින් පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් බාහිර ආටෝපයට මුල්තැනක් ලබාදෙමින් ඝෝෂාව පදනම්කරගෙන ගෙනයන සමාජ ප්‍රෝඩාවන් පිටුපස කිසිදු ආධ්‍යාත්මික දියුණුවක් නැත.එය කිසිදු අධ්‍යාත්මික දියුණුවක් ලැබී නොමැතිබවට හොඳ සහතිකයකි.අධ්‍යාත්මික දියුණුවක්ලැබූ පුද්ගලයා එය පවසනුයේ වෙනත් අයව භාවනාපුහුණුවේ යොදාගැනීමට උපස්ථම්භන ලබාදීම සඳහා පමණකි.එසේ නොමැතිව බැනර්,පොස්ටර් හා කටවුට් ගසාගෙන ලාභසත්කාර,කීර්ති ප්‍රශංසා ලැබීම සඳහා අධ්‍යාත්මික විමුක්තිය මඟක් කරගැනීමට සැබෑ විමුක්තිකාමීහු නොසිතති.නමුදු නූතන සමාජයේදී ව්‍යාජ කෛරාටිකයෝ එයින්ද නොනැවතී තමාගේ ප්‍රතිමාද තනා සෙස්සන් ලබා පුෂ්පඋපහාර දැක්වීමට කටයුතු කරති.සූක්ෂමව තර්කකර,නැත්ත ඇත්තකර මවා පෙන්වා බුදුදහම පිළිබඳව අල්ප අවබෝධයක් ලද්දවුන්හට තර්ක බුද්ධියෙන් විජ්ජාවල් පෙන්වීම අධ්‍යාත්මික විමුක්තිය ලැබූබවට කිසිසේත්ම සහතිකයක් නොවේ.තර්කශාස්ත්‍රය ගැඹුරින් අධ්‍යයනයකළ අයෙකුට ත්‍රිපිටක සූත්‍ර ගැන අනුන් හා කෙස් පැලෙන කුතර්ක ඉස්මතුකර තමන්ගේ කරුණ සනාථකිරීමට දහමේ ගැඹුරු හරය විකෘතිකර නැත්ත ඇත්තකර පෙන්වීම මගඵලඅවබෝධකර තමාගේ සිතනිවා ගත්බවට කිසිසේත්ම සහතිකයක් නොවේ. මගේ සිතේ කාමරාග,පටිඝ දැන් අඩුයි දැන් නැහැ යනුවෙන් සහතික නිකුත්කරනුයේ කෙසේද?යමෙකුගේ සිත පිළිබඳව තවත් අයෙකු මෙසේ සහතික නිකුත් කිරීම මහ විහිළුවකි.එසේ නම් චිත්ත දියුණුව නැතිබව මෙලෙස ඔබ පවසන්නේ කෙසේදැයි යමෙකු මගෙන් විමසිය හැකිය.ඊට පිළිතුර නම් යමෙකු හේතුවක් නොමැතිව තම චිත්ත දියුණුව පිළිබඳව දැන්වීම්පළ කර අසීමිතව වෙළඳප්‍රචාරනයෙහි යෙදෙන්නේනම් ඒවා පෞද්ගලික සුඛය විහරණය පිණිස භාවිතා කරන්නේ නම් ඒ බව පැහැදිලිව අවබෝධ කරගත හැකිනම් අදාළ පුද්ගලයා ගිහිපැවිදි වේවා හුදෙක් කපටි මායාකාරයෙකු බව දැනහැඳින ගැනීමට එය හොඳටම ප්‍රමාණවත් බවයි.සත්‍ය අසත්‍ය කරමින් අසත්‍ය සත්‍ය කරමින් මා දේශනාකළ සූත්‍ර දේශනාවන්ගේ අර්ථය කණපිට හරවමින් අල්පශ්‍රැත ජනයා මුලාවට පත්කරමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම සඳහා මගේ සසුන විනාශ කරන පවිටු පුද්ගලයා උපාසක හෝ උපාසිකාවන් අතරින් නොව හුදෙක් මා විසින් පිහිටවූ පැවිදි සමාජය තුළින්ම අනාගතයේදී බිහි වන බව එදා බුදුරදුන් විසින්ම දේශනාකර තිබේ.පැවිදි සමාජයට හිමි සමාජ පිලිගැනීම එයට ප්‍රධාන හේතුවකි.
මෙහි මුලදී බැඳීම් පිළිබඳව සාකච්ඡා කළබව ඔබට මතක ඇත.අප සාමාන්‍යෙයන් බැඳීම් ලෙස අර්ථකථනය කරගනුයේ සමාජයේ එකිනෙකා අතර පවතින ඕලාරික භෞතික බැඳීම් පිළිබඳව පමණකි.නමුදු ඊට වඩා ඉතා සියුම් මානසික බැඳීම් (=ආශා) සමාජයේ අප නොදැක පවතිනබව වටහාගැනීමට ඉහත මා දැක්වූ නිදසුන්කීපය ප්‍රමාණවත් යැයි මම සිතමි.තමාගේ ආධ්‍යාත්මික මට්ටම පිළිබඳව පවා වැරදි වැටහීමකින් ප්‍රකාශකිරීම අහිංසක කමකි.නමුදු එහිද අධ්‍යාත්මික ආශාව,බැඳීම සියුම්ව ඇත.නමුදු තමන් පවසන්නේ මුසාවක්බව පැහැදිලිව දැන දැන සමාජය රැවටීම පිණිස මඟඵල ලැබූබවට අසත්‍යප්‍රකාශ කිරීම කිසිසේතම සමාව දියනොහැකි ග්‍රාම්‍ය,පහත් මානසික බැඳීමකි.ශුෂ්ක විදසුන්වඩා එහි සමාධියෙන් ක්ලේශ තාවකාලිකව යටපත්වූ බව නොදැන මගඵලලාභී වූයෙමැයි නොදැන ප්‍රකාශකළ මහතෙරවරු පුරාණ සමාජයේ පවා වැඩසිටියහ.නමුදු පවසනයේ මුසාවක් බව ඇස්පනාපිටම තමාම පැහැදිලිව දැනදැන සමාජය රැවටීම පිණිස ජන සන්නිවේදන මාධ්‍ය භාවිතාකර අසත්‍ය ප්‍රකාශකරන ඇතැම් නූතන තෙරවරු සිදු කරනුයේ විශාල පාපකර්මයකි.යමෙකු ගිහි දිවියේ බැඳීම්හැර පැවිදි වනුයේ බැඳීම්වලින් මනස විමුක්තකළ තරමට ආධ්‍යාත්මික විමුක්තිය ඉක්මන්වන නිසා සසර කෙටිවන නිසා වන නමුදු වර්තමාන සමාජයේ ඇතැම් අය පැවිද්දට පත්වනුයේ බැඳීම් වැඩිකරගෙන සසර දිගුකරගැනීමටමය. එබඳු අයතුළ ඇත්තේ තමන් නොමැරෙන අයෙකුය යන ආකල්ප වියුතුය.දිනකට ස්වල්ප වේලාවක් ගතකර හෝ මරණානුස්මෘතිය වඩන්නේ නම් එබන්ඳෙකුට එය විපුල ප්‍රයෝජන ගෙනදිය හැකි භාවනාවක් වනු ඇත. ඔබට භාවනාව පිළිබඳව ගුරුහරුකම් ලබාදීමට මට අවැසි නැත.මන්ද අවශ්‍ය තරමටත් වඩා විවිධ ගිහි පැවිදි භාවනා ගුරුවරු මේ සමාජයේ වැහිවැස ඇතිබැවිනි.කොපමණ භාවනා ගුරුවරු සිටියද, කොපමණ භාවනාවල නිරතවුවද සමාජය දිනෙන් දින පරිහාණිය කරාම ගමන්කරනබව පැහැදිලිව පෙනීයයි.පුරාණ ප්‍රජාවට වඩා මේ යුගයේ ප්‍රජාව අත්මාර්ථකාමීත්වයෙන් වැඩිය. හොඳින් හෝ නරකින් තමාට හැකිපමණ ධනය,බලය හා කාමය වැනි සාධක අත්පත් කරගැනීමට මිනිස්සු මාන බලති.ඒ පිණිස යටිඋගුල් අටවති.සුක්ෂම කපටිකම් කෛරාටික කම් සිදු කරති.අනුන් බිඳුවති.පංච දුශ්චරිතයෙහිම යෙදෙති.තමන් මැරෙන බවක හැඟීමක්වත් නැත.කිසිදිනෙක නොමැරෙන අය විලස කල්හරිති.නමුදු කිසිදිනෙක නොඇසූ විරූ උග්‍ර ලෙඩරෝග සමාජයපුරා ව්‍යාප්තවී ඇත. විෂම කාම හා ලෝභ හැඟීම් සමාජයේ උත්සන්නවී ඇත.ලෞකික බැඳීම් අධිකවීමට ප්‍රධාන මෙය හේතුවකි.එය අඩුකරගැනීමට මරණානුස්මෘතිය වැඩීම උචිත පිළියමකි.මටද නිරතුරු මරණානුස්මෘතිය වැඩීමට මවගේ හදිසි මරණය කර්මස්ථානයක්ව නිමිත්තක්ව ඇත.සියලු දෙනාට තෙරුවන් සරණින් ධර්මාවබෝධය ඇතිවේවා.!!! 

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.