යහපාලන ආණ්ඩුව ජාතිවාදී හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලකයන්ගේ ප්‍රකාශ ගැන මුනිවත රකිමින් බෞද්ධ විරෝධීන්ට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීමේ උත්සාහයට තමන් බලවත් අප්‍රසාදය පළ කරන බව අස්ගිරි නාහිමියෝ අවධාරණය කර ඇත. අසාද් සාලි වැනි නරුම බෞද්ධ විරෝධීන් මෙරට භික්ෂූන්ට නිග්‍රහ කරද්දී ඒ ගැන රජය මාරාන්තික නිහඬතාවයක පසුවන්නේ මන්ද? ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැපවීම නිසා ද? එහෙත් මේ ප්‍රකාශ හරහා සිංහල බෞද්ධ සමාජය ප්‍රකෝප වුවහොත් එහි වගකීම භාර ගන්නේ කවරෙක්ද? භික්ෂූන් සිරගත කර ඒ ප්‍රකෝපය වැළැක්විය හැකිද? කිසිසේත්ම නොහැකිය.
අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභා රැස්වීමේදී ගත් තීන්දු පිළිබඳව අස්ගිරි මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියන් නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කරන්නේ ගලගොඩඅත්තේ ඥනසාර භික්ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව අනුමත නොකළද උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන බවයි. ඒ අනුව අස්ගිරි විහාර පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ කුමක්ද? ඥානසාර හිමියන් මෙරට බෞද්ධයන්ගේ හඬ වෙනුවෙන් නොබියව පෙනී සිටින බව නොවේද? පක්ෂ දේශපාලකයන් බෞද්ධ හඬට කන්නොදීම නිසා පීඩාවට ලක්වන බෞද්ධයන් වෙනුවෙන් මෙන්ම අන්තවාදීන් අතින් විනාශ වන බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ආවේගශීලීව අදහස් දැක්වීමට ඥනසාර හිමියන්ට සිදුවිය. මේ ක්‍රියා පක්ෂ විපක්ෂ දේශපාලුවන්ට ප්‍රශ්නයක් වුවද බහුතර බෞද්ධයන්ට ප්‍රශ්නයක් වූවේ නැත. ඒ බව අස්ගිරි නාහිමිගේ ප්රකාශයෙන්ද නොමදව පැහැදිලි වේ. සැබවින්ම බෞද්ධයන් නිහඬ කර හෝ සිරගත කර මෙරට සංහිඳියාව ගොඩනැගිය නොහැකිය. මෙරට සංහිඳියාව සුරැකෙන්නේ බෞද්ධයන් නිසා බව සියලුදෙනාම හොඳින් අවබෝධ කරගත යුතුය.
යහපාලන ආණ්ඩුව ජාතිවාදී හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලකයන්ගේ ප්‍රකාශ ගැන මුනිවත රකිමින් බෞද්ධ විරෝධීන්ට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීමේ උත්සාහයට තමන් බලවත් අප්‍රසාදය පළ කරන බව අස්ගිරි නාහිමියෝ අවධාරණය කර ඇත. අසාද් සාලි වැනි නරුම බෞද්ධ විරෝධීන් මෙරට භික්ෂූන්ට නිග්‍රහ කරද්දී ඒ ගැන රජය මාරාන්තික නිහඬතාවයක පසුවන්නේ මන්ද? ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැපවීම නිසා ද? එහෙත් මේ ප්‍රකාශ හරහා සිංහල බෞද්ධ සමාජය ප්‍රකෝප වුවහොත් එහි වගකීම භාර ගන්නේ කවරෙක්ද? භික්ෂූන් සිරගත කර ඒ ප්‍රකෝපය වැළැක්විය හැකිද? කිසිසේත්ම නොහැකිය.
බෞද්ධ ඡන්දවලින් බලයට පැමිණ බෞද්ධයන්ට නිග්‍රහ කරන මැති ඇමැතීන්ට අස්ගිරි විහාරය රතු එළි දල්වා ඇත. විවිධ රාජ්‍ය නොවන සංවිධාන මෙරට බෞද්ධයන්ට එරෙහිව ලොව පුරාම අසත්‍ය ප්‍රකාශ පැතිරවීමට පටන් ගෙන ඇත. එය ලංකාවට පමණක් නොව බුරුම ථෙරවාදීන්ටත් පොදු ප්රශ්නයකි. බුරුම ථෙරවාදි බෞද්ධ ක්‍රියාමාර්ගවලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් පැමිණිලි කර ඇත. මෙරට බෞද්ධ විරෝධී සංවිධාන ද එවැනි පියවරක් අනුගමනය කළහොත් පුදුම විය යුතු නැත. එහෙත් සියලු බෞද්ධ විරෝධී බලවේගවලට එරෙහිව අභීතව සිංහනාදය පැතිරවීමට කටයුතු කළ අස්ගිරි නාහිමි ඇතුළු සංඝ සභාවට අපේ ප්‍රණාමය පුද කරමු.