පරිත්‍යාගශීලීන්ගේ භාණ්ඩ “ස්වදේශ කටයුතු
බෑග් එකේ බහා රාජ්‍ය සේවකයින්ට ටී ෂර්ට් අදන්වා” බෙදයි ….ගංවතුරෙන් දේශපාලන
වාසි සෙවීම කැතයි....! ලැජ්ජයි...!! හිරිකිතයි.....!!!
දිවයින
පුරා පරිත්‍යාගශිලීන් විසින් එක් රැස් කර බෙදා හැරීම සදහා දිස්ත්‍රික්
ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබා දෙන භාණ්ඩ ‘ස්වදේශ
කටයුතු‘ ලේබලය යටතේ බෙදා හැරීම ලැජ්ජා සහගත අවමන් ක්‍රියාවක් බව කැෆේ
සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දුප්පත් පොහොසත් ලාංකිකයින් සියළු දෙනා තම හැකි පමණනින් විපතට පත් වූවන්ට ආධාර ලබාදීමට උත්සහ කරයි. ලංකාවේ සෑම ප්‍රදේශයකම ජනතාව හැකි පමණින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාණ්ඩ ලබා දෙමින් තිබේ. එම භාණ්ඩ ‘ස්වදේශ කටයුතු‘ යැයි නම ගැසූ බෑග් එකක දමා බෙදා හැරීම පසුගිය දින කිහිපයේම සිදු විය. දුඹුරු පැහැදි ‘ස්වදේශ සේවා‘ යැයි නම ගැසූ ටී ෂර්ට් සහන බෙදීමට ගිය රාජ්‍ය සේවකයින්ට ඇද ගැනීමට ලබා දී තිබුණි. ගාල්ල දිස්ත්‍රික්කයේ සහන බෙදීම සදහා මෙවැනි බෑග් සහ ටී ෂර්ට් ඇදීම මුලිකම අවශ්‍යතාවයක් ලෙස සැලකුණි.
එයට අමතරව, විවිධ ප්‍රදේශවලින් ලැබෙන භාණ්ඩ ප්‍රාදේශීය දේශපාලනඥයින් හරහා බෙදාදීමේ උත්සාහයක් බද්දේගම ඇතුලු ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා විය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාම නිලධාරීන් දක්වා සහන සැලසීමේ රාජ්‍ය යාන්ත්‍රණය හිමිවී ඇති ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ‘රාජ්‍ය සේවයේ වදකාගාරය‘ ලෙසින් රාජ්‍ය සේවකයින් විසින්ම හදුන්වමින් ඇත. රාජ්‍ය සේවකයින් බහුතරයක් අති මහත් කැපවීමෙන් අවතැන් වූ පිරිස් වෙත සහන සලසන අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තුට්ටු දෙකේ දේශපාලන වාසි ලබා ගැනීම ලැජ්ජා සහගත අවමන් සහගත ක්‍රියාවකි.
ස්වෙච්ඡා සංවිධාන, පුරවැසි, ආගමික සංවිධාන සරණාගතයින්ට තමන්ගේ ඇදි වත හැර අන් සියල්ල පරිත්‍යාග කරන අයුරු අප දුටුවෙමු. එවැනි පරිසරයක ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මහජනයාට සහන සැලසීමට ඇති මුදලින් ටී ෂර්ට්, බෑග් සදහා වැය කරමින් සිටී.
රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් ඇති විය හැකි ගංවතුර තත්වය පුර්ව කථන කොට තිබුණි. ඒ සියල්ල නොතකා අවම වශයෙන් සහන බෙදීමේ පූර්ව සුදානමක් හෝ සකස් නොකළ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් ඇතුළු පිරිස දැන් ගාල්ල දිස්ත්‍රික්කය ප්රමුඛව සිදු කරමින් ඇත්තේ ඔවුන් දිගු කලක් පුරුදු පුහුණුව සිටි අනුන්ගේ බඩු තමන්ගේ නමින් බෙදීමේ පරණ ව්යවහාරයමය.
කැෆේ සංවිධානය
2017 ජූනි 4