ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 4, 2017

ආණ්‌ඩුවක සමාජ සංවේදිතාව ගිලිහී ගිය විට එම රාජ්‍යය අරාජික වේ....!!!

ඇත්තටම බැලූවහොත් රජයේ සහන සේවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට බරපතල ගැටලු පැන නැගී තිබුණි. ආපදාවකට පූර්ව සූදානමක්‌ නොවීම හා ආපදා අවස්‌ථාවක දී ඊට මුහුණදීම සම්බන්ධයෙන් අත්දැකීම් ගබඩා කර තබා නොගැනීම ඊට හේතූන් ය. ව්‍යසන කළමනාකරණයට විදෙස්‌ ශිෂ්‍යත්ව ගෙන රාජ්‍ය නිලධාරීන් සෑහෙන පිරිසක්‌ පිටරට යන්නට ඇත. එහෙත් කනිෂ්ඨ පරිපාලන නිලධාරියකු පවසා තිබුණේ 'කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු' යන්නයි. මේ න්‍යාය ප්‍රාථමික හා ග්‍රාමීය පරිසරයක්‌ තුළ සත්‍ය විය හැකිය. එහෙත් අප ජීවත් වෙන්නෙ ඩිජිටල් යුගයක ය. ව්‍යසන කළමනාකරණය සම්බන්ධ විශිෂ්ට හා පුළුල් දැනුම් පද්ධතියක්‌ තුළ ය. එවිට 'කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු' යන්න කෙතරම් වූ අසරණ ප්‍රකාශයක්‌ ද...?
 පසුගිය බදාදා හැන්දෑවේ පටන් ඇද හැළුණු ඇදහිය නොහැකි වර්ෂාවෙන් පසුව කලවාන නගරය පිටත ප්‍රදේශ හා සම්බන්ධ කෙරුණු ගොඩබිම් මාර්ගයන් සියල්ල අවහිර වුණි. ගස්‌ කඩා වැටීමෙන් ද කඳු නාය යැමෙන් ද වෙනත් හේතූන් නිසා ද එම මහා මාර්ගයන් අවහිර වී තිබුණි. සෙනසුරාදා දහවල් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකකින් සහන සේවා කණ්‌ඩායම් කලවානට ගොඩබසින තුරුත් කිසිම සැපයුම් මාර්ගයක්‌ විවෘත කර ගැනීමට නොහැකි වුණි. ඉරිදා අමාත්‍ය දයා ගමගේ ගේ පෞද්ගලික හෙලිකොප්ටර් යානාවෙන් ඔහු කලවානට ගොස්‌ රෝහලේ සිටි අසාධ්‍ය රෝගීන් රත්නපුරයට ගෙන එනතුරුත් තත්ත්වය පාලනය කර ගැනීමට බලධාරීන්ට අපහසු වුණි.
කලවාන හුදකලා වෙයි

දින හතරක්‌ තිස්‌සේ අවහිර වී තිබූ ගොඩබිම් මාර්ගයන් විවෘත කර ගනිමින් කලවාන සෙසු ලෝකයා හා යළි සම්බන්ධ වූයේ දින හතරකට පමණ පසුව ය. එතෙක්‌ ගුවන් මගින් සැපයුම් ලබාදුන් අතර එය ද ප්‍රමාණවත් නොවූයේ ඒ වන විටත් ආපදාවට ලක්‌ව තිබූ ප්‍රමාණය ආවරණය කර ගැනීමට තරම් සහන සේවා කණ්‌ඩායම් ප්‍රමාණවත් නොවූ බැවිණි. නාය යැමෙන් ද ගස්‌ කඩා වැටීමෙන් ද විනාශ වූ ජීවිත හා භෞතික සම්පත් ප්‍රමාණය සැලකිය යුතු තරම් ය. මේ වනවිටත් ඒවා ප්‍රතිසංස්‌කරණය කරමින් අවශ්‍ය සහන සේවා සලසමින් ජන ජීවිතය යළි ගොඩනැංවීමට කටයුතු කරමින් පවතී.

එහෙත් දින හතරක්‌ යනතෙක්‌ම කලවානට ගොඩබිම් මාර්ගයන් විවෘත කර ගැනීමට නොහැකිවීමත් එතෙක්‌ පූර්ණ ආපදා සහන සේවාවක්‌ පවත්වාගෙන යැමට නොහැකිවීමත් සමාජයක්‌ ලෙස අප ලජ්ජාවිය යුතු තත්ත්වයකි. කලවාන පමණක්‌ නොව අයගම ද ගාල්ල, මාතර හා කළුතර දිස්‌ත්‍රික්‌කයන්හි ද ප්‍රවේශ මාර්ග අවහිරවීම මත ආපදා සහන සේවා දුර්වලවීමක්‌ දක්‌නට ලැබිණි. තාක්‌ෂණය මෙපමණ දියුණු ලෝකයක ව්‍යසනයකට මුහුණ පෑ තම සහෝදර ජනතාවට සහන සේවා සැපයීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් සමාජයක්‌ ලෙස අප ලජ්ජා විය යුතුය. ඊටත් වඩා තම රටවැසියන්ට වගකීම් ඉෂ්ඨ කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් ආණ්‌ඩුව ල-ජා විය යුතුය.

මෙම ව්‍යසනයේදී ඊට මුහුණ දෙන්නට නොහැකිවීමත් එම ව්‍යසනයට පත් ජනතාවට සහන සේවා සැලසීමට ප්‍රමාදවීම මුළුමනින්ම රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතාවකි. එම යාන්ත්‍රණය මෙහෙයවීමට සිටින ආණ්‌ඩුවේ දේශපාලන ශක්‌තිමත්භාවය පිළිබඳ ගැටලුවකි. තම රටවැසියන් මුහුණ පා සිටින ව්‍යසන අවස්‌ථාවේ නොපමාව ඔවුන්ට සහන සැලසීම ආණ්‌ඩුවක වගකීමකි. එහෙත් රාජ්‍ය යාන්ත්‍රණය ජව සම්පන්නව ක්‍රියාත්මක කරවීමට ආණ්‌ඩුව අපොහොසත් වුණි. ඊට හේතුව ඒ සදහා ශක්‍යතාවයෙන් යුතු දේශපාලන නායකත්වයක්‌ ආණ්‌ඩුව සතුව නොවීමයි.

රජයේ ප්‍රධාන පෙළේ ආයතනයක ඉහළම නිලධාරියකු පැවසූවේ ආපදා සහන සේවය මේ තරමින් පවත්වාගෙන යන්නේ මැතිවරණ පැවැත්වීමට රජයට ඇති යාන්ත්‍රණය තුළ බවයි. දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන්ගේ සිට ග්‍රාම නිලධාරීන් දක්‌වා පවතින මැතිවරණ ජාලය හා ඊට සම්බන්ධිත යාන්ත්‍රණය ආපදා සහන සේවය සඳහා ශක්‌තියක්‌ වී තිබේ. මැතිවරණයකදී මේ යාන්ත්‍රණය මෙහෙයවන්නේ මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවයි. මැතිවරණ කොමසාරිස්‌වරයාට පැවරී ඇති අසීමිත බලය යටතේ සියලුම රාජ්‍ය නිලධාරීන් ඔහුගේ නියෝගයට යටත් වන අතර එම යාන්ත්‍රණය සමඟ මෙහෙයුම් කිරීමට ඇති ඉහළම පූර්ණ බලැති ආයතනය මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවයි. 19 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අනුව මැතිවරණ කොමිසමයි.

මැතිවරණ කොමසාරිස්‌ට පැවරී ඇති අසීමිත බලය කොපමණ ද යත් කකුලට නෙවෙයි ඔළුවටම තබන්න යෑයි කීමට ශක්‌තියක්‌ තිබීම මැතිවරණ සාධාරණව පැවැත්වීම සඳහා ඔහුට ඉවහල් විය. එම ප්‍රකාශයත් සමඟ සාධාරණ මැතිවරණ පැවැත්වීම සම්බන්ධ ජනතා බලපෑම් උද්වේගකර වූ අතර ප්‍රජාතන්ත්‍ර විරෝධීහු දුර්මුඛ වූහ. එය මැතිවරණ සාධාරණව පැවැත්වීමේ රහස විය.

එහෙත් ආපදා කළමනාකරණයට යොදා ගන්නා සිවිල් ජාලයට එවැනි අණදෙන හා මෙහෙයුම් කරන උපරිම බලයකින් යුතු එක්‌ ආයතනයක්‌ නොපැවතීම දුර්වලතාවකි. දිස්‌ත්‍රික්‌ ලේකම්ගේ සිට ග්‍රාම නිලධාරියා දක්‌වා ආපදා සහන ජාලයක්‌ තිබුණ ද එය ශක්‌තිමත්ව ක්‍රියාත්මක නොවන්නේ මේ හේතුව නිසා ය. මේ නිසා හයිය, පෞර්ෂය හා ජවය ඇති පරිපාලන නිලධාරීන් හා වෙනත් රාජ්‍ය නිලධාරීන් සිටින ස්‌ථානයන්හි ආපදා සහන සේවා කටයුතු ගැම්මට ක්‍රියාත්මක වේ. එහෙත් එසේ නොවන දුර්වල හා තීන්දු තීරණ ගැනීමට නොහැකි නිලධාරීන් සිටින තැන්වල ආපදා සහන සේවා බිඳ වැටේ.

'කකුළට නෙවෙයි ඔළුවටම තබන්න'

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, ගොඩනැඟිලි පර්යේෂණ මධ්‍යස්‌ථානය හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය වැනි ආපදාවන්ට සම්බන්ධ රාජ්‍ය ආයතන කිහිපයක්‌ තිබුණ ද ඒවා අතර සම්බන්ධීකරණයක්‌, ඒකාග්‍රතාවක්‌ හා සහයෝගයක්‌ නොතිබෙන බවට පසුගිය ආපදා අවස්‌ථාව හොදම සාක්‌ෂියකි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සම්පත් හිඟකම හා තාක්‌ෂණයට සංවේදී නොවීම යන කාරණා මත කල් ඉකුත්වෙමින් පවතින අතර අනෙකුත් ආයතනයන් කාර්යාල ක්‍රමයන් තුළ හිර වී පවතී. එසේම අනෙකුත් ආයතන ගන්නා වූ තීන්දු තීරණ ක්‍රියාත්මක නොවීමේ අර්බුදයකට ලක්‌වී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු නිසා කාලගුණ වෙනසක්‌ එන්නට කලින් දැනුම්දෙන පූර්ව අවවාදයන් කැපී පෙනෙන ලෙස ජනතාව අතර යන්නේ නැත. පසුගිය බදාදා සිදු වූ කාලගුණ වෙනස ද කල් ඇතිව දැනුම් දෙමින් පූර්ව ආරක්‌ෂණ උපක්‍රම යොදා ගත්තා නම් සිදුවූ හානිය අවම කර ගන්නට තිබුණි. එහෙත් ලෝක කාලගුණ අනාවැකිවලින් ලැබුණ තරමට හෝ පෙර දැනුම්දීමක්‌ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නොලැබුණි. නැත්නම් ඔවුන්ගේ පෙර දැනුම්දීම් සමාජ ගත නොවුණි.

ජවයක්‌, ශක්‌තියක්‌ හා වැඩ කිරීමේ උණක්‌ තිබූ නිලධාරීන් සිටින තැන්වල හානිය අඩු බව පෙන්වා දීමට සුදුසුම උදාහරණය රත්නපුර දිත්‍රික්‌කයේ වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ පුරෝකථනයයි. වාර්තාවන අන්දමට දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුවට වාර්තාවක්‌ ඉදිරිපත් කරමින් අදාළ නිලධාරියා පවසා ඇත්තේ දැරිය නොහැකි වර්ෂාවත් සමඟ රත්නපුරයට අධික ගං වතුරක්‌ අපේක්‌ෂා කළ හැකි බවයි. මේ පුරෝකථනය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වූවාට ඊට අදාළව ඉහළ බලධාරීන් ගත් තීන්දුවක්‌ නම් නොවීය. එසේ පූර්වකථන ඉදිරිපත් වෙද්දීත් ඒවා සැලකිල්ලට නොගැනීම රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතාවකි.

මේ නිසා දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරී දක්‌වා පවතින රාජ්‍ය යාන්ත්‍රණය ආපදාවලට සම්බන්ධ අනෙකුත් ආයතන සමඟ සම්බන්ධීකරණය කිරීමට ශක්‌තිමත් තනි ආයතනයක්‌ පිහිටුවිය යුතුය. එම ආයතනයට සියලු රාජ්‍ය ආයතනයන්ට හා නිලධාරීන්ට අණදිය හැකි පූර්ණ බලය හිමිවිය යුතුය. එසේම ඒවා සම්බන්ධීකරණය කමින් මෙහෙයුම් කිරීමේ හැකියාව ද ශක්‍යතාව ද හිමිවිය යුතුය. එවැනි ආයතනයකට වගකියන හා සම්බන්ධීකරණය සිදුවෙන රාජ්‍ය නිලධාරියකු සියලු ග්‍රාමසේවා කොට්‌ඨාසයන් මට්‌ටමින් සිටිය යුතුය.

මැතිවරණයක දී ඊට අදාළ මෙහෙයුම් කරන්නේ මැතිවරණ කොමසාරිස්‌වරයා ය. ඊට දේශපාලන නායකත්වයක්‌ අවශ්‍ය නොවේ. එහෙත් සිවිල් පාලනය ගෙනයැමේ දී දේශපාලන නායකත්වයක්‌ අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය යාන්ත්‍රණය ජව සම්පන්නව ක්‍රියා කරන්නේ දේශපාලන නායකත්වයක මඟපෙන්වීම ඇති විට ය. ආණ්‌ඩුවේ දේශපාලන නායකත්වය ක්‍රියාකාරීත්වයෙන් හිරවූ කල රාජ්‍ය යාන්ත්‍රණය අයාලේ යැම තාර්කික ය. පසුගිය දා ඇතිවූ කාලගුණ විපර්යාසයෙන් මුහුණ පාන්නට වූ ව්‍යසනය හමුවේ වින්දිතයන්ට බොහෝ දුක්‌ විදින්නට සිදු වූයේ ආණ්‌ඩුවේ මේ දේශපාලන හිරවීම නිසා ය.

ලැබූ උගත් පාඩමක්‌ නැත

ගිය වසරේ මැයි මාසයේ ඇතිවූ විශාල කාලගුණ විපර්යාසය තුළ අරණායක සාමසර කන්ද නාය යමින් විශාල විනාශයක්‌ ඇති කළේ ය. ඉන්පසුව එම කන්ද අවට කලාපයන් අධි අනතුරුදායක කලාප ලෙස නම් කරමින් පදිංචිකරුවන් එම ස්‌ථානවලින් ඉවත් විය යුතු බවට නියෝග නිකුත් කළේය. එහෙත් අද වන විටත් සමහර පිරිස්‌ එම අනතුරුදායක කලාපයන්හි රැඳී සිටිති. සමහර අනතුරුදායක කලාප වෙනස්‌ වී තිබේ. සමහර නිවෙස්‌ අධි අනතුරුදායක කලාපයන්ගෙන් ඉවත් කරමින් එවැනි කලාප යළි නම් කර තිබේ. මීට හේතුව පක්‌ෂ දේශපාලනය ඒවාට ද ඇතුළු වීමයි. තමන්ට පක්‌ෂ මිනිසුන් අධි අවදානම් කලාපයේ රඳවා ගැනීමට උදව් කරන මෙවැනි පක්‌ෂ දේශපාලකයන් ජුගුප්සාජනක ය.

ඉතිහාසයේ ලංකාවට විශාලම විනාශය ගෙන ආවේ 2004 දී ආ සුනාමි ව්‍යසනයෙනි. එහිදී වෙරළ තීරයේ සිට කිලෝමීටර් දෙකක වපසරියක ඉදිකිරීම් කිරීමට ඉඩ නොදෙන බව කීය. එසේම ගාල්ල නගරය රට අභ්‍යන්තරය තුළ යළි ස්‌ථාපිත කර අවදානම අඩු කිරීමට පියවර ගන්නා බව කීය. එහෙත් ඒ කිසිවක්‌ නොවුණි. සුනාමි ව්‍යසනයෙන් පසුව ප්‍රතිසංස්‌කරණයට හා නගර නිර්මාණයට උදා වූ ඒ ස්‌වර්ණමය මොහොත අහෝසි වුණි. ඒ අවස්‌ථාව විනාශ කරගත් අපට යළි කවදා ව්‍යසනයන්ට මුහුණදීමේ ශක්‌තිමත් පරිසරයක්‌ නිර්මාණය කරගන්නට හැකිවේද යන්න ප්‍රශ්නයකි.

ආණ්‌ඩුවක සමාජ සංවේදී දේශපාලන නායකයන් සිටිය යුතුය. සමාජයට ව්‍යසනයක්‌ උදා වූ කල ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ මේ සංවේදී නායකයන් ය. නමුත් අවාසනාවට හේතුවක්‌ වන්නේ අද සිටින දේශපාලන නායකයන්ගේ අරමුණ සමාජ සංවේදී ලෙස හැසිරීම නොව මූල්‍ය ලාභ තකා කටයුතු කිරීමයි. ධනේශ්වර ක්‍රමය තුළ මහජන සංවේදී දේශපාලකයෝ සිටිති. එහෙත් ධනපතියන් නොව ධනය ඇති පුද්ගලයන් සිටින සමාජයක ඔවුන්ගෙන් එවැනි සංවේදීතාවක්‌ බලාපොරාත්තු විය නොහැක. මේ නිසා මිනිසුන්ට වින්දිතයන් ලෙස දුක්‌ විඳීමට සිදුවීම තාර්කික ය.

තරුණ විකල්ප බලවේගයක්‌

ආපදාව වාර්තා වුණ මොහොතේ පටන්ම කොළඹ අගනාගරිකය කේන්ද්‍ර කර ගත් යෞවන යෞවනියන් හා තරුණ තරුණියන් පිරිසක්‌ ආපදාවට පිහිටවීම තම ආත්මය කර ගනිමින් ඊට මැදිහත් වූහ. ඒ සඳහා ඔවුන්ට උදව් වූයේ සන්නිවේදන තාක්‌ෂණික දියුණුවත් සමඟ ආ ෆේස්‌බුක්‌ වෙබ් අඩවියයි. ඔවුහු ෆේස්‌බුක්‌ යොදා ගනිමින් සංවිධානය වෙමින් අවතැන් වූවන්ට පිහිටවීම සඳහා විශාල කැප කිරීමක්‌ කළහ. ඒ මැදිහත්වීම සරලව බැහැර කළ නොහැක්‌කේ ඔවුන්ගේ සමාජ සංවේදිතා සමඟ සන්නිවේදන තාක්‌ෂණයේ දියුණුව යොදා ගැනීම නිසා ය. මේ මැදිහත්වීම නිසා විශාල කඩා වැටීමකට ගොදුරු වූ ජන සමාජයේ විවිධ ඉසව් කරා ශක්‌තිමත් සහෝදරාත්මක දෑත් දිගු විය. රාජ්‍ය යාන්ත්‍රණයට සමාන්තරව පැන නැඟුණ මේ තරුණ නැගිටීම ඇත්තටම ප්‍රශංසනාත්මක ය.

මේ තරුණ පිරිස ආහාර, බඩු භාණ්‌ඩ හා ඇඳුම් පැළඳුම් එක්‌ රැස්‌ කර ගත්හ. වාහන සොයා ගත්හ. සහන සේවා කටයුතු සඳහා තමාම ගියේ ය. ඔවුන්ම සකස්‌ කර ගත් යාන්ත්‍රණයක්‌ නිසා එය නිර්මාණාත්මක ය. ඔවුන් දුර්වල වූයේ ගුවන් බලය නොමැති නිසාම යෑයි කිවහැකි අතර බිමේ මෙහෙයුම්වලදී ඔවුහු කරට කර සිටියහ.

'කියන්න පුළුවන්, කරන්න නෙ අමාරු'

ඇත්තටම බැලූවහොත් රජයේ සහන සේවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට බරපතල ගැටලු පැන නැගී තිබුණි. ආපදාවකට පූර්ව සූදානමක්‌ නොවීම හා ආපදා අවස්‌ථාවක දී ඊට මුහුණදීම සම්බන්ධයෙන් අත්දැකීම් ගබඩා කර තබා නොගැනීම ඊට හේතූන් ය. ව්‍යසන කළමනාකරණයට විදෙස්‌ ශිෂ්‍යත්ව ගෙන රාජ්‍ය නිලධාරීන් සෑහෙන පිරිසක්‌ පිටරට යන්නට ඇත. එහෙත් කනිෂ්ඨ පරිපාලන නිලධාරියකු පවසා තිබුණේ 'කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු' යන්නයි. මේ න්‍යාය ප්‍රාථමික හා ග්‍රාමීය පරිසරයක්‌ තුළ සත්‍ය විය හැකිය. එහෙත් අප ජීවත් වෙන්නෙ ඩිජිටල් යුගයක ය. ව්‍යසන කළමනාකරණය සම්බන්ධ විශිෂ්ට හා පුළුල් දැනුම් පද්ධතියක්‌ තුළ ය. එවිට 'කියන්න පුළුවන්, කරන්නනෙ අමාරු' යන්න කෙතරම් වූ අසරණ ප්‍රකාශයක්‌ ද?

කියුබාව හා ඕස්‌ටේ්‍රලියාව වැනි රටවලට ද කාලගුණ විපර්යාසයන්ගේ අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට සිදුවේ. එහෙත් එම රටවල එවැනි ආපදාවන්ට ලක්‌ වන මිනිස්‌ ජීවිත ගණන අතේ ඇඟිලි ගණනටත් අඩු ය. දේපළ හා ස්‌වභාවික සම්පත් විනාශ වුවද මිනිස්‌සු ජීවිත සුරැකේ. ඊට ප්‍රධාන හේතුව ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ඔවුන් පූර්ව ආරක්‌ෂක පියවර ගෙන ඇති බැවිණි. එහෙත් ශ්‍රී ලංකාවේ ගිය සතියේ සිදුවූ ව්‍යසනයේ දී 200ක්‌ ඉක්‌මවන මිනිස්‌ ජීවිත ඊට ගොදුරු වී තිබුණි. ඊට හේතුව මෙවැනි ආපදාවක්‌ කළමනාකරණය කර ගැනීමට සමාජයක්‌ ලෙස අප ශක්‌තිමත් නොවන බැවිණි. එනිසා පළමුව කළ යුත්තේ ව්‍යසන කළමනාකරණය උදෙසා මහජන සංවාදයක්‌ ඇති කර ගැනීමයි. ඊට විදෙස්‌ රටවල ව්‍යසන සම්බන්ධ අත්දැකීම් ද එකතු කර ගත යුතුය.

ආණ්‌ඩුවක සමාජ සංවේදිතාව ගිලිහී ගිය විට එම රාජ්‍යය අරාජික වේ. අරාජික වූ සමාජයකින් අරුණළු බලාපොරොත්තු විය හැකිය. අප කෙසේවත් බලාපොරොත්තු නොවූ පරිදි සමාජ ජාල මගින් යෞවන යෞවනියන් හා තරුණ තරුණියන් ව්‍යසනයට මුහුණ දීමට එක්‌ රොක්‌ වීම එවැනි අරුණෝදයකි. එය සමාජ වෙනසක ආරම්භයක්‌ විය හැකි ය.



කේ. ජී. පිලිප් ශාන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.