කොටුව ලෝටස් පාරේදී යතුරුපැදියකින් පැමිණි පොලිස් බස්
රථයක් ඉලක්ක කොට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පොලිස්
නිලධාරීන් දසදෙනකු ඝාතනය කළ එල්. ටී. ටී. ඊ. සාමාජිකයකුට
හා එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසකට නවාතැන් ලබාදීමේ චෝදනාව
යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවකු වන කුලතුංග
හෙට්ටිආරච්චිගේ මැල්කම් ටිරෝන් විත්තියේ සාක්ෂි
කැඳවීමකින් තොරවම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට
කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ නියෝග කළේය.
එම නඩුවේ විත්තිකරුවකු ලෙස සිය සේවාදායකයාව නීතිපතිවරයා
විසින් නම් කොට ඇත්තේ සැබෑ අපරාධකරුවන්ට නවාතැන් දුන්නේ
යෑයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ලබාගත්
පාපොච්චාරණයක් මත බවත් එම පාපොච්චාරණය ලබාගත් පොලිස්
අධිකාරිවරයා මේ වන විට ජීවතුන් අතර නොමැති බැවින් එකී
චෝදනාව සාක්ෂි ඉදිරිපත් කිරීමේ නීතිමය හැකියාවක් නොමැති
බවත් පෙන්වා දෙමින් නීතිඥ සංජය එස්. ආරියදාස දැක්වූ
මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය
කළේය.
2008 මැයි 16 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී දැනට මියගොස්
සිටින සුන්දරම් සදීස් නමැත්තා සමග එක්ව පොලිස් සැරයන්
කටුගම්පලගේ දොන් විමලසේන නමැති නිලධාරියා සහ තවත් පොලිස්
කොස්තාපල්වරුන් හයදෙනකුත් කාන්තා පොලිස්
කොස්තාපල්වරියන් තිදෙනකුත් ඝාතනය කිරීමට පෙළඹවීමෙන්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නැඟෙන දඬුවම් ලැබිය
හැකි වැරදි සිදුකර ඇතැයි කේ. එච්. මැල්කම් ටිරෝන් නමැති
විත්තිකරුට චෝදනා එල්ල වී තිබිණි.
එම නඩුවේ සෙසු විත්තිකරුවන් සිව්දෙනා මේ වන විට අධිකරණය
මගහැර ගොස් සිටින බැවින් ඔවුන් නොමැතිව නඩු විභාගය ලබන 12
වැනිදා ආරම්භ කිරීමට ද විනිසුරුවරයා එහිදී නියෝග කළේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, June 9, 2017
10ක් ඝාතනයේ කොටි සාමාජිකයකුට නවාතැන් සැපයූ සිද්ධියේ සැකකරුට නිදහස....!!!
Posted by
lankanews
at
June 09, 2017
Labels: fake law in srilanka, Former LTTE arms procurer, lankanews, law, LTTE agenda, yahapalanaya
10ක් ඝාතනයේ කොටි සාමාජිකයකුට නවාතැන් සැපයූ සිද්ධියේ සැකකරුට නිදහස....!!!
2017-06-09T05:57:00+02:00
lankanews
fake law in srilanka|Former LTTE arms procurer|lankanews|law|LTTE agenda|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
