ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 26, 2017

ආලේ බැන්ද චැනල් අංක ONE...!!!

වර්ණ රූපවාහිනිය ශ්‍රී ලංකාවේ අපිට හඳුන්වා දුන් මුල් කාලයේ ජීවත්වැ සිටි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වූ ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ශ්‍රීමතාණන් විසින් එය හඳුන්වන ලද්දේ යකාගේ පෙට්‌ටිය කියාය. වැඩි කල් නොගොස්‌ම ගෙයි මැද සාලයේ සිට පවුල නමැති සමාජ ඒකකය වෙත මේ යකාගේ පෙට්‌ටිය සිදුකළා වූ බලපෑම සුළුපටු නොවේ.
සියලුම සන්නිවේදන මාධ්‍යයන් අභිබවා සිය අණසක පැතිරවීමටත්, රිසි පරිදි ප්‍රේක්‍ෂකයන්ගේ ඔලු එහා මෙහා කිරීමටත් හැකිවන සේ, විවිධාකාර උපාය මාර්ග භාවිත කරමින් කැමැත්ත ඇතිව හෝ නැතිව ප්‍රේක්‍ෂකයා තම ග්‍රහණයට හසුකර ගැනීමට අද දවසේ රූපවාහිනියේ භාවිතාවට හැකි වී තිබේ.
විද්යුත් සන්නිවේදනයේදී ගුවන් කාලය හෝ විකාශන කාලයට ඇත්තේ ඉහළ වටිනාකමෙකි. සුවිශේෂී වැදගත්කමෙකි. මේ අතර දවසේ විසිහතර පැයෙන් වඩාත්ම ආකර්ෂණීය සහ වටිනාම විකාශන කාලය වන්නේ ප.ව. හත සහ ප.ව. නමය අතර කාලය බවට විවාදයක්‌ නැත. එයින් ද ප.ව. හතේ සිට ප.ව. අට දක්‌වා හෝරාව රත්තරං හෝරාවකි. ඒ එසේ වන්නේ බොහෝවිට පවුලේ සියලු දෙනාම තම තමන්ගේ කැදැලිවලට කූඩු වන වේලාව මේ නිසාය. දූ දරුවන් සිය දෙමාපියන් හා එකට එකතුවී රූප පෙට්‌ටිය නරඹන හොඳම වෙලාව ඒ නිසාය.

රූප පෙට්‌ටිය ගෙයි මැද සාලය ආක්‍රමණය කරන්නට පෙර, පවුලේ සියලු දෙනාම හැකි අයුරින් එක්‌කෝ මුළුතැන් ගෙයි හෝ පිල්කඩ මත හෝ එසේ ද නැති නම් කෑම කාමරයේදී හෝ රාත්‍රි ආහාර වේලේ රස බැලූ රසවත් අතීතයක්‌ අපට තිබුණේය. කෑම රසයට වඩා වැඩි රසයක්‌ එදා ලැබුණේ පවුලේ සැමගේ සතුටු සාමීචියයි. එහෙත් පසු කලෙක කෑම පිඟාන අත්ල මත තබාගෙන දැස රූප පෙට්‌ටිය මතම අලවා තබාගෙන කිඹුලා කිරිමැටි ගිලින්නා සේ කටට දමාගත් බත් ගුලිය අන්නශ්‍රොතය දිගේ ආමාශය වෙත තල්ලු කර යෑවීමට ලොකු කුඩා කොයි කවුරුත් පෙළඹුණේ මේ යකාගේ පෙට්‌ටිය ඒ තරම් බලගතු වූ නිසාය. දිනෙන් දිනම මාපිය දූ දරු සබඳතා හොර රහසේම දුරස්‌ වන්නට විය.

"අපේ ළමයි දැන් අපිත් එක්‌ක කතා කරන්නෙ, එයාලට මොනව හරි ඕනෑ වුණාම විතරයි." කියා බොහෝ දෙමාපියන් මැසිවිලි නඟන්නේ මේ නිසාය. මේ අයුරින් දිනෙන් දින මාපිය දූදරු සබඳතා ඈත් වන විට ඒ හිඩැස පිරුණේ, ඇතැම් විට ඇදැහිය නොහැකි අවර ගනයේ රූපවාහිනී වැඩසටහන් වලින්ය. වර්තමානයේ අධිතාක්‍ෂණික සන්නිවේදන මෙවලම් භාවිතාව නිසාම වර්තමාන තාක්‍ෂණයේ දරුවන් ලෝකය දකින්නේත්, ලෝකය අසන්නේත් ඇඟිලි තුඩුවලින්ය.

එහෙත් ඇඟිලි තුඩුවලින් ලෝකය දකින්නට වෑයම් කරන මේ දරුවන්ට ජීවත්වීමේ සහ ජීවිතයේ ඇති වටිනාකම් කියා දීමටත්, පරිසරය, සොබා දහම විඳීමටත්, කොටින්ම තම පවුලට සමාජයට සහ රටට සංවේදී වූ මිනිසකු යළි සමාජගත කිරීමටත් අද අපට පිහිටවීමට සිටින්නේ ද මේ යකාගේ රූප පෙට්‌ටියම වීම දෛවෝපගත කාරණාවකි. අවාසනාවකට මෙන් මේ දේ තවම සිදු නොවේ.

ඒ වෙනුවට සිදු වන්නේ දකුණු ඉන්දියාවෙන් ආනයනය කොට සිංහල හඬ කැවූ පිළුණු මෙගා ටෙලි මාලාවන් විසින් වටිනාම විකාශන කාලය එහෙම පිටින්ම ගිල ගැනීමය. එසේ නැති නම්, රට පුරා වෛරය පතුරුවන දේශපාලන කියුම් කෙරුම්ය. ගහමරා ගැනීමට පොරකන සාකච්ඡාවන්ය. නොඑසේ නම් 'රියෑලිටි' වේශයෙන් එන දකුණු ඉන්දියානු මායාවන්ය. පවුලේ සැම එකට එක්‌වී රූපවාහිනිය නරඹන රත්තරං ගුවන් කාලය මේ අයුරින් 'බොටම් ට්‍රොලර්' වී යද්දී කුස්‌සියේ ලිප ගිනිමෙලැවීම ඇණහිට රාත්‍රියම .ක්ෂණික. කඩ කෑමත්, උදේට 'චූන් පාන්' කෑමත් නිසා පවුල සමග එකට රූපවාහිනිය නරඹා මොළය කොලොප්පං කරගෙන නින්දට ගිය දූ දරුවන්ට අද පාසල් වියේ සිටම ඉන්සියුලින් විද ගැනීමට සිදුවී තිබේ.

රූපවාහිනිය ආ මුල් කාලයේ එහි පෝෂණයට උර දුන්, ඩී. බී. නිහාල්සිංහ, ධම්ම ජාගොඩ, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සෝමවීර සේනානායක සහ සුනිල් සරත් පෙරේරා වැන්නෝ නිසාත්, ජී. ඩබ්. සුරේ
න්ද්‍ර, සුමින්ද සිරිසේන, ජයලත් මනෝරත්න, ජැක්‌සන් ඇන්තනි, ශ්‍රියන්ත මෙන්ඩිස්‌, කමල් අද්දරආරච්චි (ඇතුළු බොහෝ අය) මහා නිළි මාලනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, ගීතා කාන්ති (තවත් බොහෝ අය) වැනි නළු නිළියන්ගේ රංගන ප්‍රතිභාවන් නිසා ප්‍රේක්‍ෂක රුචිය ඉතා ඉහළ මට්‌ටමකට ගෙන ඒමට ජාතික රූපවාහිනිය එදා පෙරමුණ ගත්තේය.

'යශෝරාවය', 'දූ දරුවෝ' සහ 'අඹ යාළුවෝ' වැනි ටෙලි නාට්‍ය මගින් මාපිය දූදරු සබඳතා ශක්‌තිමත් වූ අතර එදවස ජාතික රූපවාහිනිය සිය ප්‍රේක්‍ෂක ජනතාව ආනන්දයෙන් ප්‍රඥව කරා ගෙන ගිය අයුරු සිහිපත් කිරීම පවා අපට ආශ්වාදජනකය. එසේම මහාචාර්ය චJද්‍රසිරි පල්ලියගුරු ශූරීන් එකල ඉදිරිපත් කළ 'රස කලසට' ඇලුම් නොකළ එකදු යෞවනයකු හෝ යෞවනියක ඒ කාලයේ සොයා ගැනීම අසීරු කටයුත්තකි.

පෞද්ගලික නාලිකා බිහිවීමත් සමගම ප්‍රේක්‍ෂකයා බිලිබා ගැනීමට ඉතා පහසු කෙටි පාරවල් සොයා යැම ජයටම කෙරෙන්නට පටන්ගති. ගුණාත්මකභාවයෙන් උසස්‌ වැඩසටහන් ඉදිරිපත් කොට ප්‍රේක්‍ෂක අවධානය දිනා ගන්නවා වෙනුවට අලෙවිකරණ උපාය මාර්ග වඩ වඩාත් භාවිතකරමින් තමන් සතුව මෙපමණ ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක්‌ සිටින්නේ යෑයි පාරම්බෑමට ඔවුහු රූපවාහිනි විකාශන කාලය වෙන්දේසි කළහ.

ගෙදරටම විත් මුදල් දීම, තෑගි බෝග පිරිනැමීම, වැනි අනියමින් අල්ලස්‌ දීම ජයටම කෙරීගෙන යද්දී තම තමන්ගේ අවර ගනයේ වැඩසටහන්, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් නැරඹීමට ප්‍රේක්‍ෂකයාට බලකරන ජුගුප්සාජනක බලු පොරයක්‌ පෞද්ගලික රූපවාහිනි නාලිකා අතර අදටත් ඇති බව නොරහසකි.

මහජනතාවට වගකියන, මහජනතාවගේ බදු මුදලින් යෑපෙන ජාතික රූපවාහිනියට ඊනියා බලු පොරවලට සම්බන්ධ විය නොහැකිය. එහෙත් ආණ්‌ඩුවේ රූපවාහිනියක්‌ හැටියට රට පාලනය භාර ගන්නා පක්‍ෂයේ රුචි අරුචිකම් පිරිමසන්නට යැමෙන් ගෙවී ගිය දශක දෙක තුනක කාලයකම සිට තට්‌ටු මාරුවට සාපේක්‍ෂව හොරණෑ පිඹින්නට වූ නිසා ජාතික රූපවාහිනිය වටා සිටි ප්‍රේක්‍ෂකයා පෞද්ගලික රූපවාහිනි නාලිකා වෙත තල්ලුවී යැම එදා අප දුටු තිත්ත ඇත්තය.

මේ ප්‍රවණතාවන් හොඳින් වටහාගත් පෞද්ගලික නාලිකා එකිනෙකා හා මහා තරගයකට අවතීර්ණ වී සිටින්නේ සියලු ආකාර සාරධර්මයෝ අලුයම ලූ කෙළ පිඬක්‌ කොට සලකමින්ය.

ඇතැම් නාලිකා ආප්ප බාන්නාසේ වාර්තාකරුවන්, සෑදීමටත්, ඔවුන් රූපවාහිනි මාධ්‍යකරුවන් කියා හැඳින්වීමටත් පෙළඹුණහ. ජංගම දුරකථනයකින් යම් සිද්ධියක්‌ රූගත කිරීමේ හැකියාව ඇති ඕනෑම අයකුට තමන්ගේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු යෑයි ඇමතීමට ඔවුහු පසුබට නොවූහ. සැබෑ මාධ්‍ය කලාවේ අයනු, ආයනු නොදත් ඇතැම් අඳබාලයන් වන අලි ප්‍රහාරයනට පවා ලක්‌වූ අයුරු අපට අමතක නොවේ. සිදු විය යුත්තේ ජාතික මාධ්‍ය පාසලක්‌ හෝ ආයතනයක්‌ රාජ්‍ය අනුග්‍රහය යටතේ බිහිකොට කුසලතා ඇති දැයේ දූ දරුවන් හට හරි මාවත පෙන්වා දීමය.


ජයන්ත විඡේසිංහ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.