ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 30, 2017

රටේ කුරවැසියන් ගැන ඵතෙර පුරවැසියෙකුගේ අදහසක්....!!!

වසර හතළිහකට අධික කාලයක් ප්‍රංශයේ ජීවත්වන මේ ශ්‍රී ලාංකිකයා අද අපරට හොර තක්කඩි දේශපාළුවන්ගේ පාරාදීසයක්වී ඇති බව පසක් කොට සිටී.මේ ලංකානිව්ස් ඔස්සේ අවදිවන්නේ ඒ ඔහුගේ සිතේ  කැකෑරෙමින් ඇති නිවහල් අදහසයි.අප ඵය ඵලෙසින්ම පළකරමු.
යහපාලනයේ අමිහිරි  පොරොන්දුව
මහින්ද ජනවාරි 8දා ජනාධිපති මැතිවරනයෙන් පැරදී අකමැත්තෙන් ගෙදර යනවිට මහජන මුදලින් නඩත්තු වීමට  ගෙයක්දී රැපියල්  මිලියන 60ක්ද එය  අලුත් වැඩියාව කරගැනීම සදහා දුන් බව අපි දනිමු. ඊට අමතරව හෙලිකොප්ටර් දෙකක් දුන්න බවත්  ආරක්ෂාව සදහා ඔහුට හිතවත් හමුදා නිලධාරීන් 221 දුන්න අතර තව මොනවද එයාට නොදුන්නෙ කියා වර්තමාන ජනාධිපති ප්‍රශ්ණ කරන අන්දමත් අපි අසා ඇත්තෙමු.
               පලමුවෙන්ම යහපාලනය යන තේමාවෙන් ජනතාව රවටන තුන්හවුල් පාලනයේ අධිකරණය  ශිරන්ති අත්අඩන්ගුවට නොගන්නේ මන්ද යන ප්‍රශ්නය කුතුහලයට තුඩුදෙන ප්‍රශ්නයක් වී ඇත. ඇය රනිල් වික්‍රමසිංහගේ ඥාති සොහොයුරිය නිසාබව එ ජා පයට හිතවත් පිරිසත්  මහින්දගේ  හිතවතුන්ද   නොදනී.එහෙත් ජනතාව මේ බව පැහැදිලිවම අවබෝධයෙන් සිටී .
මේ හේතුව නිසා රාජපක්ෂලාට විරැද්ධව ඇති සමහර ව්මර්ෂණ නිමාවී තිබියදිත් නිතිය ක්‍රියාත්මක කර ජනතාවට සාදාරණය ඉටුකිරීම ප්‍රමාද වෙමින් තිබීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්වී ඇත..විදේශ ඇමති මංගල සමරවීර උදේ නිදියාහනින් නැගිට යලි  නින්දට යන තෙක් මහින්ද හොරා හොරා හොරා කියමින්  බිලියන් ගනන් වලින් මහින්දව පතුරැ ගහන අතර මහින්ද මංගලට දුරකතන ඇමතුමක් දී  "මංගල මට උගන්ඩා යන්න ඔනේ කියලා ටිකට් ටිකයි හොටල් ගාස්තුවයි දෙන්න පුලුවන්ද කියල ඉල්ලුවාම"  මහින්දට  උගන්ඩා යන්න ගුවන් යානා ටිකට් සහ හොටල් ගාස්තු මහජන මුදලින් සපයනවා.. මේවට කියන්නේ ඩීල් නෙවෙයිද.?මහජන
මුදල් එක එක පුද්ගලයින්ගේ පුත්ගලික ගමන් බිමන් සදහා අවබාවිතය කලයුතුදබලයෙන් පහ වෙලත් මහජන මුදලින් යැපෙන්න තැත් කරන  තක්කඩින් දේවත්වයෙන් සලකන්නේ ජනතාව   ඔටුවෝද කියලත් මට හිතුනු වාර අනන්තයි. එහෙම මිනිස්සු අමනුෂ්සයින්  ආරක්ෂා කරන්නේ  මේ රටේ කරැමෙටද එහෙම නැතිනම් හැමදෙනාගේම  විනාශයටද කියලත් හිතෙනවා.. එහම ජනතා මුදල්  පුද්ගලික අවශ්‍ය් තාවයන් සදහා වෙන්කිරීමට   මොන වගේ චක්‍රලේකනයක් හෝ නීතියක්ද අනුගමනය කරාද  කියල ජනතාව දැනුවත් කිරීම යහපාලන තේමාවට පටහැනිද කියලා ජනතාව  යහපාලනයේ පාලකයින්ගෙන්  ඇසියයුතු නැද්ද?ඒ එක්කම යහපාලනය ඉටුකිරීමට ඇති ප්‍රධාන කාර්ය බාරය  නම් තමන් සමග පාර්ලිමේන්තුවේ එකට අසුන්ගෙන  අවන්හළේ  එකට බුදින රවි කරැණානායක අර්ජුන රණතුංග වැනි  අනෙකුත් හොරැන් ගැනත් සාකච්චාකර රනිල්ගේ මිතුරු  බැංකු හොරාවත් ගෙන්වා  නීතිය ඉදිරියට පමුනවා   සියලුම වංචනිකයින්ට  විරැද්දව පරික්ෂන කරන්නත් නීතිය ක්‍රියාත්මක කිරීමත්  නේද? එපමනක් නොවෙයි කොල්ල කාපු මහජන මුදල් නැවත ජනතාවට ලබාදිය යුතු බවත් අමතක නොකල යුතුය. මහින්දලාගේ හොරකම් ගැන පමනක් කතාකර කර සිටීමෙන්  රහත්වීමට නොහැක.. එසේ වීනම්  යහපාලනයටත් හැරැන පාරෙන්  අපායට තමයි යන්න වෙන්නේ. ඒබවත් යහපාලනේ මතකයට ගතයුතුමයි. මොකද දැනටමත් යහපාලනයේ  පිල්ල පැනගෙන යනබව පෙනෙන්නට තිබේ.. ඔය අන්දමට යන්න පුලුවන් වන්නේ ටික කාළයයි.
දැනටමත් ඇතුලේ කචල් සමහරු එලියට පනිමින් කුකුල්ලු වගේ කකුල්  දෙපැත්තේ තියාගෙන ඉන්න කට්ටියත් දැනටමත් යහපාලනය පැත්තේ වාඩිවෙලා ඉන්නවා. ඒ බව ජනාධිපති අපරාධ විමර්ෂන සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්දව කල අධුරදර්ශී ප්‍රකාශනයකින් සම්මුති හවුල ඉරිතලා ඇත.ජනතාව මහින්ද පාලනය එපා කියා ගෙදර යැවීමෙන් යමක් ලබාගෙන තියෙන බව  අනීවාර්යයෙන්ම පිලිගතයුතු අතර ලබාගැනීමට තවත් විශාල කොටසක්  අප ඉදිරයේ ඇති බව අමතක නොකල යුතුවඇත.  අප ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගය රටේ නිතිය ක්‍රියාත්මක වීමේදි තක්කඩි දෙශපාලුවන්ගේ බලපෑම් වලින් තොර නිතිය ක්‍රියාත්මක කරවන ආයතනවල සවාදීනත්වය ආරක්ෂා කරගැනීම සහ නීතිය සෑම පුරවැසියාටම එකසේ සාදාරනය ඉටුවන අන්දමින් ක්‍රියාත්මක කරගැනීමයි. මෙ පිලිබදව ජනතාව වෙනුවෙන්  විශිෂ්ට  සේවයක් කරන වික්ටර් අයිවන් සහ රාවය පුවත්පත ඇතුළු කිසිවකුගේ අතකොලු නොවී ස්වාදීනව ජනතාව දැනුවත්කිරීමේ කර්තව්යේ යෙදී සිටින පුවත්පත් සහ මාධ්‍යවේදීන්ද ගව්රවයෙන් සිහිපත් කලයුතුය.  නීතිය ස්වාදීනව ක්‍රියාත්මකවී  එම කර්තව්‍ය් නිසියාකාරව ජනතාවට සාධාරණය ඉටුකර විනිවිද පෙනෙන  දිනට අප දිනාගත් නිදහස තහවරැවනු ඇත. රටේ අනාගතය සහ ජනතාවගේ නිදහසද තහවරැවනු ඇත.එතෙක් අපට  ලගින්නවෙන්නේ  පැලැස්තර යහපාලනයක් තුලින් බීහීකල  බඩ ගෝස්තරවාදී  දේශපාලනයේ  අසුචිවලකය.


      ඒ බව සනාත කරමින්  ශිරන්තිගෙන්  කට උත්තර ගන්න එෆ් සි අයි ඩී  නිලධාරීන් කථානායක ගෙදරට යාමට සිදුවෙනවා.එය  එසේ  සිදුවන්නේ කාගේ උවමනාවටද බව දන්නේත් පාලකයින් පමනී. මට මේ කිසිම හොරෙක් සමග පුත්ගලික වෛරයක් හො ගනුදෙනුවක්ද නැත. ජනතා මුදල් අවබාවිතය  කරමින් දේශපාලන තක්කඩින්ට  ජනතාව රවටමින් ජනතා මුදලින්  වැජබීමට ඉඩදීමට බහුතර ජනතාව එකග නොවන බව මා තරයේ  විස්වාෂ කරමි. චෝදනා ඇති අය නිවැරදිනම්   නිතිය ඉදිරියේ නිදොස්වීමට අවස්තාව තිබියදී හැංගිමුත්තන් කෙලින්නේ තව තවත් ජනතාව රැවටීමේ ප්‍රෝඩාවෙන් නොවේද ?
              මට මතක් වෙනවා මෑතකදී තොන්ඩා තම කෝවිලේ කපුවව පොලිසියට කැදවීම පිලිබදව යහපාලන පොලීසියට තර්ජනය ගර්ජන  කල සිද්දිය. මේ අන්දමින් පොලිස් නිලධාරීන්ගේ සේවය සැහැල්ලුවට ලක්කිරීමට දේශපාලුවන්ට ඇති අයිතිය කුමක්ද? ඇයි අප රටතුල දේශපාලුවන් හැම එකකටම අනවශ්‍ය් අන්දමින් හොට දාන්නේ. මේවා පුරැදුකරේ කව්ද? වතුකම්කරැවන්ගේ දාහඩිය මහන්සිය සුරාකා ජිවත්වන තොන්ඩා පොලිස් නිළධාරීන්ට තර්ජනය කරන්නේ මොන හයියක් අරගෙනද? තොන්ඩාගේ කොවිලේ කපුවාට එක නීතියකුත් පන්සලේ හාමුද්රැවන්ට තවත් විදියකටත් සලකන නීතියකුත් ලංකාවේ කවදා සිට  ක්‍රියාත්මක වන නීතියක්ද ?. යහපාලනය මැතිවරන පොරොන්දුවල එහෙම දෙයක් කිවාද? මැතිවරන පොරොන්දු වලට එහෙම ඇතුලත් කර තිබුනානම් හෝ මැතිවරන වේදිකාවේ කීවානම් අද මෛත්‍රි ජනාධිපති වෙලා රනිල්ට අගමැති වන්න පුලුවන්ද? එය එසේ සිදුවීනම් ඉරනම වෙනස්වී රනිල් කෙසේ වෙතත් සිරිසේනටද සරත් ෆොන්සේකාට වගේම කූඩුවක ලගින්න සිදුවෙනවා නේද ? නැතිනම් සිරිසේන මහතා ඔහුග්ම වචනවලින්  සදහන් කල පරිදි අඩි 6ක් පොලව යට සදහටම සැතපෙන්න සිදු  වේදැයි සිතමින් අපි අවින්ශ්චිත්ව සිටියේ නැද්ද
            රනිල් මැතිවරණයට ඉදිරිපත් නොවී විශාල  පරිත්ත්‍යාගයක් කල නිසා මෛත්‍රි ජයගත් බව සනාත කිරීමට රනිල්ගේ හිතවතුන්  නිසරැ උත්සහයක යෙදුනත් රනිල් ව ඉදිරිපත්කරානම් යතාර්ථය ඊට හාත්පසින්ම වෙනස් බව අපි දනිමු. ලාංකිකයින් බහුතරය රනිල්ට අකමැති බව 29 වතාවක් පැරදී දී ඇති පූර්වාදර්ශ වලින් අපි දනිමු. ඒ නිසාම රනිල්ට මැතිවරනය ජයගැනීමට තිබූ අවකාෂය අල්ප බවට තවත්  සාක්ෂි අවශ්‍ය් නැත.
          මහින්දගේ කැමැත්ත අනුව ශිරන්තිට අවශ්ය තැනට ගොස් පොලිස් නිලධාරීන්ට කට උත්තරයක් ගන්න පුලුවන්නම් ඇයි මගේ කොවිලේ කපුවා පොලීසියට ගිහින් කට උත්තර දියයුත්තේ  කියා තොන්ඩා හිතුවද නොදනී.එසේ සිතීමේ වරදක් නැති බව මේ පිලිබදව සංසන්දනය කිරීමේදී  බැලූ බැල්මට පෙනේ. නීතිය සැකකාරිය ඉදිරිපිට දනගැස්ස වීමට මැදිහත් ඌ යකඩ හස්තය කාගේද?ඩීල්කාරයා කවුද?මේවා එහෙම වෙන්න කාගේ මැදිහත් වීමෙන්ද? තාමත් ශිරන්තිව අත්අඩන්ගුවට ගන්න ප්‍රමාද වෙන්නේ මොකද? කවුද මේවා ප්‍රමාදකරන්නේ . කවිද මේ ඩීල්කාරයෝ. මීට ප්‍රධාන හේතුව යහපාලනය තුලත් පවුල් බලය ක්‍රියාත්මක වෙමින් රටතුල නිතිය හරිහැටි ක්‍රියාත්මක කිරීමට බාධාකරමින් දේශපාලුවන් සහ ඩීල් කාරයින් තම බලය අනිසිලෙස පරිහරණය කරනබව ජනතාව තේරුම්ගෙන තිබෙනවා.  මේ වාතාවරනය  නිසාම යහපාලනයට මහින්දව මුක්කුවක්‍ගසා කෙලින්කර තබනවා මිසක මහින්දට එරෙහිව ඊට එහා යමක් කිරීමට නොහැකි අතර කිරීමට පෙලබෙන්නේද  නැත.
            යහපාලනය තුල  පවුල් බලය ක්‍රියාත්මකවන බවත් .,යහපාලනය තුලත් හොරැ ඉන්නවා   කියමින් ප්‍රසිද්ධියේම රනිල්ගේ ක්‍රිඩා ඇමති දයාසේකර මාධ්යට ප්‍රකාශයක්කලා.පවතින ආන්ඩුවේ ඇමතිකෙනෙක් අවට ගියාට එහෙම ප්‍රකාශ කරන්නේ නැති බව අප අවබෝධයෙන් දනිමු. මෙවැනි වාතාවරණයක සාධාරණ හේතු සාක ඇතිවයි මේවගේ බරපතල චොදනාවක් කරන්නේ. මේ පිලිබදව ජනතාව විමසිලිමත් විය යුතුව ඇත. අපට පුන පුනා  යහපාලනය තුලත් හොරැ ඉන්න බව කීමට මහන්සි වීමට හෝ උගුර ලේ රහ වනතුරැ ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය නැත ඒ කර්තව්‍ය ආන්ඩුවේම ඇමතිවරැ කරමින් සිටී.  මේ ඇමතියාම අද ඊට පරස්පර විරුද්ධ ප්‍රකාශයක් කරමින්  පවසන්නේ මහ බැංකු වන්චාව සම්බන්දව රනිල්ට දොස් පැවරීම වැරදි බවත් රනිල්ට විරැද්දව ගන්නා විස්වාශ බංගයද  පරාජය කිරීමට අවශ්‍යදේ කරනබය. මේ උත්සාහය මුදලට යටවෙලාද? වරප්ප්‍රසාදයකට යටවෙලාද? අපසු  යු ඇන් පී එකට පනින්නද යන තීරණය පිලිබදව  ඉදිරියේදී අපට දැනුවත් වියහැක.බඩගෝස්තරවාදී දේශපාලුවන්ට අවංක අරමුණක් නැතිවිට කරන කියන දේ අමතක වීමත් මුදල් සහ වරප්‍රසාද දුටුතැන කොන්ද නැවෙන දිසාව අමතක වීමත් සිදුවන බව අපි ජීවමානව දැක ඇත.
              යථාර්තය පැහැදිලිව දකින කෙනෙකුට චන්දය දෙන ජනතාව අවුරැදු 68ක් තිස්සේ අසරන ඌවේ මෙ අන්දමින් බව පැහැදිලිවම අවබෝද කරගත හැක. හැම දේශපාලකයකුටම ජනතාව හිතාමතාම රැවටීමටත් ජනතාවගේ දැවෙන දෛනික ප්‍රශ්න අමතක කිරීමටත් ඉතා පහසුවෙන්ම කලහැකි ප්‍රථම  රාජකාරියයි. අවරැදු 68ක් ජනතාව  හැම විටම අනාත ඌවේ මෙලෙසයි..  සදහන්කල මන්ත්‍රිවරැන් 60 දෙනාට   විශ්‍රාම වැටුප ලබාදිමේ චේතනාවෙන්  පාර්ලිමේන්තුව විසුරැවා හැරියේ නැති බව ඉන් ඔප්පුවිය..මේ අන්දමටම අප වටහා ගතයුත්තේ පාලකයින්‍ වර්තමානයෙත් ජනතාව නොමග හැරීමේ උත්සහයක යෙදිමින් කූට අන්දමින් එකිනෙකාගේ පිට කසා ගැනීමේ ක්‍රමවේදයක්  අනුගමනය කරන බවයි.ජනතාව තව දුරටත් වන්චනික පාලකයින් ගැන විශ්වාසය තැබිය යුතුද? අදවත් අපි සිතිය යුත්තේ අප ගැනය. අප විසින් තොරාගත් පාලකයින් අපේ ඇස් ඉදිරිපිට තක්කඩිකම් කරනවානම් තිරයෙන් පිටුපස මොන මොන දේ සිදුවෙනවා දැයි සිතාගත හැක. ජනතාව ගැන අවංකවම සිතන පාලකයින්   තොරාගතයුතු කාලය ලගාවී ඇත .ආර්ථික සංවර්ධනය සදහා ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය කියන මතයේ බොහොමයක් කතාකලත් සිතුවත් අදත් ඒ පිලිබදව පැහැදිලි ක්‍රමවේදයක් ක්‍රියාත්මක් වී නැත.දල දේශිය නිශ්පාදනය අපනයනය කරීමේ ආර්තිකයක් බිහිකිරීමසදහා ජාතික ප්‍රතිපත්තියක් තිබීමේ වැදගත් බව .නොතේරෙන්නේ හෝ ක්‍රියාත්මක නොකරන්නේ  රටත් ජනතාවත් තව තවත් ලෝකටය ණය කරමින් පාලකයින්ට ආතල් ගැනිමේ චෙතනාවෙන් නොවේද?

                    1978  සිරකදවුරැවලින් ජා ව් පේ නායකයින් නිදහසින් පසු අතුරැමැතිවරනයට සහබාගීවීමෙන් ප්‍රජාතර්න්ත ක්‍රමවේදයන්ට ගරුකරමින් නිදහස් දේශපාලනයට අවතීර්ණ වෙනවා. ඉන් පසුව 81 සංවර්දන සබා මැතිවරනයට තරග වදිනවා.ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙ මැතිවරනයෙ වර්ජනය කරනවා. 82 ජනාධිපතිවරනයට තරගවදිනවා.මැතිවරනයක් ඉල්ලලා පෙරලියක් කරනවා. ඉන්පසු එ ජා ප පාලකයින්ට බලයේ සිටීමට ඇති එකම  බාදාවු ජා වී පේය 1983 දි ජේ ආර් ගේ එකාධිපති යු ඇන් පී රජය විසින් කිසීම හේතුවක් නැතිව තවත් පක්ෂ 3ක් සමග ජ වී පය තහනමට ලක්කරන ලදී.                                                                 අනෙකුත් පක්ෂ තුනටම දේශපාලනය කිරීමට නිදහස් දෙන අතර ජා වි පේය තවදුරටත් දෙශපාලනයේ නියුක්ත වීම තහනම් කරනවා .ජනතාව බලාපොරොත්තුවන ප්‍ර‍ජා‍ත්‍රන්ත වාදය මේකද. ? ඒ අනුව කෑලෑවැදී දෙශපාලනය කිරීම ජ වී පේට තිබුන එකම විකල්පය වනවා.මැතිවරන වලදි ජ වි පේ පාක්ෂිකයින් වරින්වර ගාතනය කරලා  තියෙනවා. . රටේ නීතිය මෙවැනි ගාතන වලට මොනවද කලේ.පුලුවන් කෙනෙක් ඉන්නවානම් පෙන්නල දෙන්න මෙන්න ඉටුකරපු සාධාරණය කියලා.

සාක්ෂි ඇතිව මේ හැම දෙශපාලුවෙක්ම ඔප්පුකරලා තියෙනවා පාතාලය නැතිව දේශපාලුවන්ට ජඩ දෙශපාලනයබලය තහවරැ කරගැනීමට අවකාශ නැතිබව.පාතායේ අදවනවිට ජිවත්ව නැති සොත්ති උපාලි එ ජා ප යේ කෘත්තායාදිකාරි මන්ඩලයට ඇතුල්වීම. බැද්දගානෙ සන්ජීව චන්ද්‍රිකාගේ පාලනයේදී. පී එස් ඩී එකට ඇතුල් උනේ කොහොමද.  පල්ලිකුඩාවේ උක්කුවා ට පොලිස් ආරක්ශාව දෙන්නේ කව්ද.ගොනවල සුනිල්ට ආරක්ෂාව දී සුරතල් කරමින්  ඇසුරැ කලේ කවුද. මේ පාතාල දේශපාලුවන් විසින් අපව පාලනය කිරීමට තවත් ඉඩදිය යුතුද? ජනතාව කියාගන්න අපි ඔටුවෝද?

සියවසක්ම දෙශපාලුවො උදම්අනලා තියෙනවා ලංකාව දියුනු වෙමින් පවතින රටක් කියලා. එසේ සිදුවීනම් ඇයි අද දවසේත් අපේ නය ප්‍රමානය එන්න එන්නම වැඩිවෙමින් පවතින හේතුව අපේ දියුනුවද? එහෙම නැත්නම්අපේ රට පාලනය කල පාලකයින්ගේ වරදද නැතිනම් අමන කමද ? මේකද අපි දියුනුව කියා පිළිපැදිය යුත්තේ..මේකටද අපි උදම්විය යුත්නේ.මේතක්කඩින් කියන කරන දේ නිවැරදියි කියා පිලිගතයුතුද? ඇයි අපි දැන දැනත් තක්කඩින්ව විශ්වාස කරන්නේ. අපි දියුනුව කියලා අදහස් කලයුත්තේ ලොකයට ණයවී දියුනුවෙමින් ඉන්නා රටක් කියමින් උදම් ඇනීමද?දියුනුව යනුවෙන් අදහස් කරන්නේ ලොකෙන්ම ණය අරන් එයින් අඩක්  මාටිය ගහල ඉතුරැටිකෙන් බාගෙට පාරක් සෑදීමවත් ,රටට කිසීම  ප්‍රයොජනයක් හෝ ආදායමක් නෙලැබෙන වයාපෘති වලට ආයෝජනය කිරීමත් නොවේ. එහෙමත් නැතිනම් අගමැති මැති ඇමති වරැන්ට ආතල් ගන්න කෝටිගනන්වල සැප වාහන ආනයනය කරදීමෙන් එම අල්ලසින් නැති බලයක් ඇතිකරගෙන ජනතාවට කොකා පෙන්වීමත් නොවන බව ජනතාමුදල් බුදින   සෑම දෙනාම සිහිපත් කරගතයුතුය.  නැත්නම් මේ පලවිපාක වලට වන්දිගෙවන්න සිදු වෙන්නේ අසරනවී සිටින අපි සෑමදෙනාගේම පරම් පරා හතරක දරැවන්ට බවත් දේශපාලුවන්ගේ අතකොලුවී සිටින අප අවබෝදයට ගතයුතුය.  . අද හොරකම් කරපු  තක්කඩි දේශපාලුවන් ගැඩවිලුන් මෙන්  දගලන හැටිත් යහපාලනයේ හොරැන් සමග ඩීල් දාගෙන ජනතාව තවදුරටත් මොඩ ඔටුවන් සේ සලකන අන්දමත් සිර ගෙදරින් රෝහලටත් රෝහලින් ගෙදරටත් යන තක්කඩින් ගේ ප්‍රසිද්ද ඩීල් දෙශපාලනයෙන් පුර්වාදර්ෂ දී ඇත.අපි ඔටුවන් වන තාක්කල් තක්නඩි දේශපාලුවන් මහජන මුදලින් සුවසේ වැජබෙනු ඇත.
       අද වන විට කොප් කමිටු වාර්තාව බයියන් දකින අන්දමට රනිල් ගොඩ දැමිමට අර අදින  අනුර රනිල් ඩීල් එකකි. මේ අතර අර්ජුන මහේන්ද්‍රන් ගේ දොල පිදේනි ඩීල් එකට යටවී  සිටින කෝප් කමිටු ටොයියෝ මාමාවත් බෑනාවත් රනිල්වත් හොරකමින් ගොඩදැමීමට සෑම උත්සහයක්ම දරමින් හන්දුනෙත්ති මහේනද්‍රන්ගේ ඩීල් කාරයා කියමින් හදුනෙත්තිට ඇගිල්ල දිගු කරයි. මේ හොර නඩ දෙකටම කඩේයන කෝප් කමීටු නිර්දේෂ ගැන හෝ බැදුම් කර වන්චාව ගැන කිසීම අවබෝධයක් නැති ඇම්බැට්ටයින් හන්දුනෙත්ති ප්‍රමූඛ ජා වී පේ එකට ඩීල් එක පටවයි. අද ජනතාව අවබෝද කරගතයුතු පැහැදිලි සත්‍ය නම් ජනතා විමුක්ති පෙරමුන ඩීල් දාන්නේ ජනතාව සමග පමනී යන කටුක සත්‍ය්යයි. ඔව් ඒක තමයි අද ජනතා විමුක්ති පෙරමුණට තියෙන ලොකුම ඩීල් එක. කෝප් කමීටු වාර්තා 30 ක් කුනුකූඩෙට යවපු මහින්දටත්  අර්ජුන මහේන්ද්‍රන් සමග මහා බැංකුව කොල්ලා කාපු රනිල්වත් නීතිය ඉදිරියට ගෙන එමටත් සියලූම තක්කඩි හොරැන් හෙලිදරව්කර ජනතාවට නිතිය සහ සාධාරනය ඉෂ්ඨකිරීමට ජනතාවත් සමග ඩීල් එකක් ජනතා විමුක්ති පෙරමුනට ඇත. මා දකින ජනතා විමුක්ති පෙරමුනේ කාර්ය බාරය එයයි.
 නන්දසිරි තේනුවර


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.