දිවිපිදු විරුවන් 29932 ක් …ආබාධිතවූ විරුවන් 14000 ක් …පහන් 29932 ක් දල්වා මහා බෝධි පූජාමය පිංකමක් …යහපාලන ආණ්ඩුවෙන් බාධා ?
ලබන 30
දා නාරාහේන්පිට පිහිටි අභයාරාම විහාරස්ථානයේදී යුද්ධයේදී මිය රණවිරුවන්
සිහි කිරීමේ සැමරුම් උත්සවයක් පැවැත්වෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්
පවසයි.කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා
සිටියා.
30 වසරක යුද්ධය නිමා කිරීම සදහා දිවි දුන් රණවිරුවන් සහ ඒ වෙනුවෙන් ආබාධිතවූ රණවිරුවන් කිසිලෙසකින් අමතක කල නොහැකි බවද උන්වහන්සේ පැවසුවා.අද බොහෝ දෙනෙකුට එය අමතකවී ඇති බවත් එය සිහිපත් කිරීම බොහෝ අයට ඇස් වලට කටු වලින් අනින්නා සේ සමාන බවද උන්වහන්සේ සදහන් කළා.
උතුරේ ත්‍රස්තවාදින් සමරන්න ඉඩ ලබා දෙන්නේ නම් රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සැමරීමටද අපට අවශ්‍ය බවයි උන්වහන්සේ පැවසුවේ.
මේ 30 දා අභයාරාමයේදී පහන් 29, 932 ක් දල්වා දිවි පිදු රණවිරුවන්ට පිං දීම සහ යුද්ධයේදී ආබාධිතවූ රණවිරුවන් 14,000 වෙනුවෙන් බෝධි පූජාමය පිංකමක් සිදු කරන බවද උන්වහන්සේ කියා සිටියා.ඒ සදහා කෙළෙහෙගුණ දන්නා සියළුම දෙනාට ආරාධනා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පවා මේ හා එක් වන ලෙසට ආරාධනා කරන බවයි උන්වහන්සේ පැවසුවේ.
ජන සංහාර සතිය පැවැත්වීම සදහා සිරිසේන ජනාධිපතිවරයා සහයෝගය දැක්වූවා සේ රණවිරුවන් වෙනුවෙන් කරන මේ පිංකම සදහාද සහයෝගය ලබා දෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවද මුරුත්තෙට්ටුවේ හිමියන් කියා සිටියා.
මීට පෙරදී රණවිරු සැමරුම් උත්සවයක් නිදහස් චතුරස්රයේ පැවැත්වීමට කටයුතු සූදානම් කලද අවසාන මොහොතේ එය කඩාකප්පල් කිරීම සදහා එම ස්ථානය ලබා නොදීමට මේ යහපාලන ආණ්ඩුව කටයුතු කල බැවින් මේ මොහොතේ මේ පිංකම සදහා කිසිදු බාධාවක් නොකරාවි යැයි අපේක්ෂා කරන බවද උන්වහන්සේ පැවසුවා.උතුරේ ත්‍රස්තවාදින් සැමරීම වෙනුවෙන් ප්‍රකාශයට පත් කල ජන සංහාර සතියට රජය ලබා දුන් සහයෝගය එලෙසම මේ උත්සවය සදහාද අවශ්‍ය බවයි උන්වහන්සේ දිගින් දිගටම කියා සිටියේ.