ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 2, 2017

සමලිංගික හා විෂම ලිංගික


සමාජයේ හැමදිනකම සමරිසි බව පිළිබඳව විවිධ සාකච්ඡා ඇති වේ. සමහරු සමරිසි බව සම්පූර්ණ ගැරහීමට ලක්කර කතාබහ කරති. සමරිසිබව පාපයෙහි ආදීනවයක් ලෙසද පාපීකාරී චර්යාවක් ලෙසටද අදහස් දක්වති. මෙබඳු අදහස් ඇති අය බහුතර පිරිසක් අධික ලෙස ආගමට බර ආකල්ප සහිත අය බව ඔවුන් දක්වන අදහස්, ආකල්ප හා මතවාද අනුව පෙනි යයි. කෙසේ වෙතත් මානුෂිකව මේ ගැටලුව පිළිබඳව සිතා බලන අය අල්ප මට්ටමක තිබෙන බව දැකිය හැකිය.සමරිසි බවට ගැරහීම හෝ අනුකූලව පක්ෂපාතී වීම තමන්ගේ පුද්ගලිකත්වය එමඟින් ඉස්මතු කරන කරුණක් ලෙස සලකා සමහරු ප්‍රසිද්ධියේ ඊට හැරහීම හා පක්ෂපාතීවීම සිදු කරන බවක්ද පෙනී යයි. නමුත් මෙහිදී දැක්වියයුතු වැදගත්ම කරුණ නම් කිසිවිටෙක කෙනෙකු දක්වන පුද්ගලික අදහසක් සමඟ කිසිදු ආකාරයක ඒ පුද්ගලයාගේ චර්යා මට්ටම එකඟතාවයක් නොදක්වන බවයි. කෙනෙකුට හොරෙක් හෝ මිනීමරුවෙකු පිළිබඳව සානුකම්පිත දෘෂ්ටියක් දැක්විය හැකිය. නමුත් එමඟින් ඒ දෘෂ්ටිය දරණ පුද්ගලයා හොරෙකු හෝ මිනීමරුවෙකු බවට ඉඟියක් නොලැබෙයි. එසේම ඔහු හොරකමට හෝ මිනීමැරීමට අනුබලයක් හෝ සහයෝගයක් එමඟින් ලබා නොදෙන්නෙකු වේ. නමුදු ඒ පිළිබඳව ඇති වැරදි නිර්ණායක නිසා මෙකල බහුතර සමාජ ප්‍රජාවගේ ආකල්ප සකස්ව පවතියේ නිවැරදි ලෙස නොව වැරදි ලෙසවීම අවාසනාවකි. මේ හේතුව නිසාම බොහෝ දෙනෙකු අද සිත යටින් එකක් තබාගෙන සමාජය ආකල්ප කෙරෙහි බියෙන් ඊට හාත්පසින්ම වෙනත් දෙයක් පවසති.
මේ ආකාරයට එදා සමාජයට අනුව කටයුතු කරනු ලැබුවේ නම් යෙසුස් ක්‍රිස්තුස්වහන්සේහට මරිය මග්දලේනාවා නැමැති ස්ත්‍රියව ගල් ගැසීමේ ක්‍රියාවෙන් බේරා ගැනීමට ඉඩකඩ ලැබෙන්නේ නැත. එසේම ගෞතම බුදුරජාණන්වහන්සේහට ලිච්ඡවී රජ දරුවන්ගේ දාන ආරාධනාව ප්‍රතික්ෂේප කර අම්බපාලි ගණිකාවගේ දාන ආරාධනාව පිළිගැනීමට ඉඩකඩ ලැබෙන්නේ නැත.යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙන්ම එදා බුදුරජාණන්වහන්සේද වැරදි සමාජ ආකල්ප පය නැඟි දූවිල්ලක් තරමට වත් තුට්ටුවකට වත් මායිම් නොකර උතුම් වූ ආකල්ප අනුව කටයුතු නොකළානම් අද අපිට උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨ චරිතය මෙන්ම උන්වහන්සේලා සමාජයට ලබා දුන් ශ්‍රේෂ්ඨ ආදර්ශය අද අපට මෙසේ ඇගයීමට නොලැබෙන්න ඉඩකඩ තිබිණ. ඒ නිසා අප කියන දෙයින් හෝ අප පක්ෂපාතී වන දෙයින් අප නොමැනීමට තරම් මේ කියවන පාඨක ප්‍රජාව බුද්ධිමත්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
ස්ත්‍රී, පුරුෂ මානව ස්වභාවය සියළු මිනිසුන්ට පොදු තත්වයකි. ස්ත්‍රිවාදය වැනි සමාජ මතවාද ගොඩ නැ‍ඟෙනුයේ මේ පිළිබඳ ජීව විද්‍යාත්මක අවබෝධයක් නිසියාකාරව නොමැති නිසාය. ජීව විද්‍යාත්මකව ස්ත්‍රියක හා පිරිමියෙකු සිටින ස්ථානය කෙබඳු දැයි නිසි ලෙස අවබෝධ කරගැනීම මඟින් මෙබඳු නිරර්ථක වූ මතවාද ඇතිවීම වැළකිය හැක. ස්ත්‍රී බව සදාකාලික තත්වයක් නොවේ. පුරුෂ බවද  එසේම සදාකාලික තත්වයක් නොවේ. මේ ස්ත්‍රියක හෝ පුරුෂයෙකුවීම උපතින් උරුම කර ගනු ලැබූ එක්තරා ජීව විද්‍යාත්මක අනන්‍යතාවයක් පමණි. කායිකව අනන්‍යතා ලක්ෂණ සහිතව සිටිය ද, සමාජයේ ඇතැම් දෙනෙකු තුළ සැබවින්ම ඇත්තේ කායික අනන්‍යතාවයට අදාළ වූ මානසික පසුබිමක් නොවේ. පූර්ණ ස්ත්‍රියක හෝ පුරුෂයෙකු ලෙසට කායිකව ප්‍රකටවුවද,මනසින් අර්ධ ස්ත්‍රී හෝ පුරුෂ ලකුණු ප්‍රකට කරන අය සමාජයේ විරල නොවේ. මෙසේ වනුයේ ඇයි? මීට ජීව විද්‍යාත්මක පසුබිමක් තිබේදැයි විමසා බැලීම මෙහිදී වැදගත්ය. එමඟින් මානව විද්‍යාත්මකව මිනිසුන් අවබෝධ කර ගැනීමට වැඩි පහසුවක් සැලසේ. නූතන සමාජවිද්‍යා පැතිකඩ තුළ හා බටහිර රටවල මානව ජීව, වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයන්හි මේ පිලිබඳ බොහෝ වැදගත් පර්යේෂණ සිදුවෙමින් පවතී. ඒ පිළිබඳ හරිහැටි නොදන්නා අප වැනි ආසියාතිකයින් තමන් මේ තත්වය නිසා පරිදි වටහා ගැනීමට අසමත් වෙති. එපමණක් නොව අපේ රටවල මේ පිළිබඳව අතිශය භාවාතිශය,කාමුක ඇසකින් බැලීමටද වැඩි දෙනා යොමුවෙති. බොහෝ විට ලිංගික අනන්‍යතාව ගැහැණු හා පිරිමි යන දෙඅංශයට වඩා වෙනස්වූ අය දෙස බැලීමට යොමු වනුයේ වැඩිදෙනෙකු කුතුහලය මිශ්‍රිත මානසිකත්වකින් බව ඔබ දැක ඇත. සමාජ එබඳු අය කෙරෙහි ඇති කර ගෙන ඇත්තේ නිවැරදි ආකල්පයක් නොවන බව පෙනී යන්නේ එබඳු අයට සමාජය තුළදී සිදුවන විවිධ කායික හා මානසික හිරිහැර, කරදර, අතවර, හිංසා හා අපයෝජන නිසාය. ඇතැමුන් සිය සිත් සතන්හි කාමාශාව පිටතට යවා ගැනීමට මෙබඳු අසරණ අය ගොදුරු කර ගැනීමට මාන බලන සමාජ ආර්ථික පසුබිමක අපි ජීවත් වෙමු.

ස්ත්‍රීන් තුළ ස්ත්‍රී ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වනුයේ ඊස්ට්‍රජන් හෝමෝනය නිසාය. ඒ නිසා සිරුරේ හා මනසෙහි විවිධ වෙනස්කම් ඇති වේ. ස්ත්‍රියක වැඩිවියට පත්වීමත් සමඟ මේ ස්ත්‍රී ලිංගික ලක්ෂණ ප්‍රකට වීම වඩාත් වේගවත් වේ. පියයුරු වර්ධනය, උකුළ් පුදේශය පුළුල්වීම හා මහත්ව වටකුරුවීම, ඉණ ප්‍රදේශය සිහින්වීම, දෙකළවා වර්ධනය වීම, දෙ අත්හි පේශීන්හි සිහින්බව, සිරුරේ ලාලිත්‍යවත් බවක් හා රිද්මානුකූල බවක් ඇතිවීම, කටහඬ වඩාත් සිහින් වීම, සිරුරේ මාංශ පේශී වඩාත් මෘදු හා මටසිලිටි ස්වභාවයකට පත්වීම, ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ සීඝ්‍ර වර්ධනය හා ඊට අවශ්‍ය හෝමෝන වර්ග අධික ශ්‍රාවයවීම, ස්ත්‍රී බීජාණු නිෂ්පාදනය වේගවත්වීම ආදී ස්ත්‍රී අනන්‍යතාවයට අදාළ සිරුරේ බොහෝ විවිධතා ද ඇති වේ. මෙහි දී ස්ත්‍රීන් තුළ ඊස්ට්‍රජන් නැමැති හෝමෝනය නිසා ඇයට ආවේණික ස්ත්‍රී ලිංගික ලක්ෂණ තව දුරටත් ප්‍රකට වේ. ස්ත්‍රියකට උරුම මටසිලිටි ඇවතුම් පැවතුම් ඇති වනුයේ ස්ත්‍රී හෝමෝන නිසාය. එසේම ස්ත්‍රියක සතුව ඇති නිතර හැඬීමේ ලක්ෂණ, ලාලිත්‍යය, කායික මානසික මෘදුබව, චිත්‍තවේගිකව ප්‍රතිචාර පෑමට ඇති අධික නැඹුරුව, ස්නේහවන්ත බව ආදී සුකොමළ මානසික ආකල්ප ගති ලක්ෂණ ද පහළ වේ. එසේම ඇතැම් ස්ත්‍රීන් තුළ පොජෙස්ට්‍රජන් හා ඊස්ට්‍රජන් හෝමෝන වර්ග දෙකම නිපදවීම අධික විය හැකිය. එවිට එබඳු ස්ත්‍රීන් තුළ සෙසු ස්ත්‍රීන්ට වඩා ස්ත්‍රී ලිංගික ලක්ෂණ බහුලව දැක ගත හැක. කායික හා මානසික දෙඅංශයෙන්ම ද්විතීයික ස්ත්‍රී ලිංගික ලක්ෂණ බහුලව එබඳු ස්ත්‍රීන් තුළ ප්‍රකට වේ. බොහෝ විට පුන්සඳක් වැනි සෞම්‍ය මුහුණක් හා ලාලිත්‍යවත් නම්‍යශීලී මනා සිරුරක් ඇති ස්ත්‍රීන්ගේ මෙකී ස්ත්‍රී හෝමෝන නිෂ්පාදනය හා ශ්‍රාවය අධික බව සාමාන්‍යයෙන් දැකගත හැක. සමහර පිරිමි මේ ස්ත්‍රී ලක්ෂණ බහුල ස්ත්‍රීන් කෙරෙහි ඉතා දැඩි ලෙස කාමාශක්ත වෙති. කෙටි කාලීන කායික ඇසුර මඟින් ලිංගික තෘප්තිය ලැබීමට ඇතැම් පිරිමි මෙබඳු ස්ත්‍රීන්ට රුචි කරති. සමහර පවුල්වල ස්ත්‍රීන් අධිකය. එකම පවුලේ සහෝදරියන්ම පමණක් වෙසෙන පවුල්ද ඇත. මේ සහෝදරියන් තුළ ස්ත්‍රී හෝමෝන නිපදවීමේ ප්‍රමාණය වෙනත් පවුල්වල සහෝදර පාර්ශව සමඟ මිශ්‍රව සිටින ස්ත්‍රීන්ට වඩා අධික විය හැකිය. සමහර ස්ත්‍රීන් තුළ මෙකී  ස්ත්‍රී හෝමෝන නිෂ්පාදනය හා ශ්‍රාවය අවම මට්ටමක පවතී. එවිට සිරුරේ සොම්‍ය බව අඩුවීමද, රළු ආකල්ප ප්‍රකට කිරීම ද දැකිය හැක. එසේම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය නිසි සේ ක්‍රියාකාරීවීමට අවශ්‍ය හෝමෝන අඩු වීම නිසා දරුගැබ් ඇති වීමේ හැකියාවද අඩුවේ. යම් ස්ත්‍රියකගේ සිරුරේ ඇති ස්ත්‍රී හෝමෝනවලට අමතරව පුරුෂ ලිංගික හෝමෝන වන ටෙස්ටෙස්ටරෝන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් ද නිපදවිය හැක. මුහුණේ ‍පිරිමියෙකුගේ මෙන් රෝම වැවීම කටහඬ ගොරෝසුවීම, ආක්‍රමණශීලී හැසිරීම් ප්‍රකට කිරීම බඳු දේ ඇතැම් ස්ත්‍රීන්තුළ ඇති වනුයේ මේ නිසාය.

ස්ත්‍රී ලිංගික හෝමෝන නිෂ්පාදනය හා ශ්‍රාවය අඩු මට්ටමක ඇති ස්ත්‍රියකට කැමති නම් ඊස්ට්‍රජන් සිරුරට පිටතින් බාහිරව ලබා ගැනීමට හැක. එය එන්නත් හෝ නික්ෂේපණ මාර්ගයෙනි. එවිට සිරුරේ ස්ත්‍රී ලිංගික හෝමෝන වන ඊස්ට්‍රජන් ප්‍රතිශතය ඉහළ යන නිසා ඊට සමගාමීව ඇයගේ සිරුර තුළ අධිකව ස්ත්‍රී බවට අදාළ ද්විතීයික ලිංගික ලක්ෂණ වැඩිපුර වර්ධනය වේ. රූපාලාවන්‍ය කටයුතු මඟින් හැඩැති සිරුරක් හා මුහුණක් ඇති කර ගැනීමට කැමැත්තක් දක්වන ලෝකයේ බොහෝ රටවල වෙසෙන ස්ත්‍රීහු මෙසේ  ස්ත්‍රී හෝමෝන වන ඊස්ට්‍රජන් හෝමෝන එන්නත් මඟින් සිරුරට බාහිරව ලබා ගනිති. ගැහැණු දරුවන් වැඩිපුර ඇතිවී‍මේ සම්භාවිතාවයක් මෙකී ඊස්ට්‍රජන් අධික සිරුරු අයත් ස්ත්‍රීන්ට ඇත. ඇතැම් ස්ත්‍රීන් තුළ පුරුෂ හෝමෝන වන ටෙස්ටෙස්ටරෝන්ද වැඩිපුර නිපදවේ. එබඳු ස්ත්‍රීන් තුළ වැඩිපුර ප්‍රකට වනුයේ පුරුෂ ගති ලක්ෂණ හා ආකල්පයි. බාහිරව සිරුරේ හැඩය පවා වර්ධනය වනුයේ පිරිමියෙකු පරිද්දෙනි. ස්ත්‍රීන් ලෙස උපත ලද නමුදු සෑම කටයුත්තක්ම ආකල්පයක් පිරිමියෙකු ලෙස සිදු කරන ස්ත්‍රීන් ඇති වනුයේ එලෙසය. ඇතැම් විට පුරුෂ හෝමෝන වන ටෙස්ටෙස්ටරෝන් යම් ස්ත්‍රියකට එන්නත් මඟින් බාහිරව සිරුරට ලබා ගැනීමේ හැකියාව ඇත.ඒ නිසා ස්ත්‍රියකගේ සිරුරේ පොජෙස්ට්‍රජන් නිෂ්පාදනය හෝ ශ්‍රාවය නොවුණද සිරුරට පිටතින් ලබාදීම නිසා පුරුෂ ගති සිරිත් හා ශාරීරික ලක්ෂණ ප්‍රකට කරන ස්ත්‍රීන් ඇති වේ. බොහෝ විට සිරුර දැඩි ලෙස වෙහෙස කරවා පුහුණුවීම් කළ යුතු මළල ක්‍රීඩිකාවන්, බර ඉසිලීමේ ක්‍රීඩිකාවන්, පුරුෂ ඉසව් වන සටන්කලා ඉසව් පුහුණුවන හා තරඟවලට ඉදිරිපත් වන ක්‍රීඩිකාවන් මෙසේ පුරුෂ හෝමෝන එන්නත් මඟින් ලබා ගැනීමට බහුලව පෙළඹෙන ස්ත්‍රීන්ය. ඇතැම් අවස්ථාවල තහනම් උත්තේජක හා ඖෂධ සංඝටක ලෙස නම් වනුයේ මේවාය. එසේම ප්‍රබල වේදනා නාශක හා ප්‍රතිජීවක ඖෂධවලද තහනම් ඖෂධ සංඝටක අන්තර්ජගත විය හැකිය. මෙමඟින් මාංශ පේශී වර්ධනය,වෙහෙස දරා ගැනීමේ ශක්තිය, වේදනාව දැනීම අවමවීම ආදිය නිසා එය තරඟ ඉසව්වලට වාසිදායක බැව් එබඳු දේ වලට යොමුවූ ස්ත්‍රීහු සිතති. මෙසේ පුරුෂ හෝමෝන දිගුකලක් භාවිතා කිරීම නිසා සිරුර ඊට අනුගත වීමෙන් ද්විතියික ලිංගික අනන්‍යතාව පවා වෙනස්ව යාහැකිය. එබැවින් ස්ත්‍රියකට මෙසේ පුරුෂ හෝමෝන කලක් ගැනීම අනතුරුදායක විය හැක. මෙසේ හෝමෝන ගැනීමට ඇබ්බැහිවූ ස්ත්‍රීන්ගේ ස්ත්‍රී ආකල්ප පවා වෙනස් වේ. මෙබඳු පුරුෂ හෝමෝන නිසා මෙබඳු ස්ත්‍රීන්ගේ කාමාශාව පුරුෂයෙකුගේ කාමාශාවට සමානතාවයක් ගත හැකි අවස්ථා පවා එළඹිය හැකිය.එබඳු ස්ත්‍රීහු පුරුෂයන්ට වඩා කෝමළ, ලාලිත්‍යවත් සෙසු ස්ත්‍රීන් කෙරෙහි ආශක්ත වන අවස්ථාද ඇත. මේ හැඟීම් ආශා දුරදිග ගොස් ඇතැම් අවස්ථාවල ලිංගික ඇසුරටද යොමු වේ. ස්ත්‍රී සමලිංගිකත්වය බිහිවනුයේ මේ අනුවය. ඇතැම් ස්ත්‍රීන් උපතින්මද ඇතැම් ස්ත්‍රීන් පරිසරය, චර්යාව හා ඖෂධවල බලපෑම නිසාද පසුකාලීනව ස්ත්‍රී සමලිංගික ඇසුරට යොමු වෙති. ස්ත්‍රී සමලිංගිකයන් පුරුෂ සමලිංගිකයන් තරම ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට අපහසුය. එයට හේතුව ස්ත්‍රීන් දෙදෙනෙකුගේ චර්යාව සැක නොකිරීමේ සමාජ ආකල්පයි.

සිය සිරුර තුළ පිරිමි හෝමෝන අධිකව ඇති ස්ත්‍රීහු පිරිමි මෙන් සිතීමට ක්‍රියාකිරීමට කැමැත්තක් දක්වති. ඒ අයගේ ස්නායු, පේශි පද්ධතිය සකස්ව ඇත්තේ ද පුරුෂ ලිංගික ලක්ෂණ අනුව ආවේග හා අරමුණුවලට වහා ප්‍රතිචාර දැක්වීමටය. ක්ෂණිකව කෝපයට පත්වීම, කේන්ති යාමේ දී විවෘතව එම තරහ  පිටකිරීමට පෙළඹීම, ගමන්බිමන් යන එන විට පිරිමි මෙන් සෘජුව ඇවිදීම, පිරිමි යෙදෙන මළල ක්‍රීඩාදියෙහි නිරතව ඉන් සතුටක් ලැබීම, බයිසිකල් පැදීම, යතුරු පැදි මොටර් රථ ධාවනය, කඳු නැඟීම වැනි අනතුරුදායක හා අභියෝගාත්මක දේ වෘත්තීය හා විනෝද මඟක් වශයෙන් නිරතව හිඳීම බඳු දේවලට මෙවැනි ස්ත්‍රීහු වැඩි කැමැත්තක් දක්වති. මෙබඳු ස්ත්‍රීන්ට ඇත්තේද ස්ත්‍රී මිතුරු සමාගම් වලට වඩා පුරුෂ මිතුරු සමාගම්ය. මිතුරන් ලෙස පිරිමින් ඇසුරු කිරීමට කැමැත්තක් දක්වන අතර හොඳම මිතුරා වන්නේ ද පිරිමි අතරින් කෙනෙකි. මෙහි විශේෂත්වය වනුයේ මොවුන් පිරිමි ඇසුරු කරන්නේ ස්ත්‍රියක් ලෙස නොව තවත් පිරිමියෙකුම විලස වීමයි.මෙබඳු ස්ත්‍රීහු වෙනත් ස්ත්‍රීන් ඇසුරු කළත්,ස්ත්‍රීයකවීම පිළිබඳව ඔවුන්තුළ දැඩි පිළිකුලක්, අකමැත්තක් පවතී.පවුලට පිරිමි දරුවෙකු උපදිතැයි බලාපොරොත්තු තබාගෙන සිටි විට, උපදින ගැහැණු දරුවාතුළ ඇතැම්විටක දී මෙබඳු පුරුෂ ලක්ෂණ අධිකව ප්‍රකට විය හැක. කුඩාවියේ සිටම දෙමව්පියන්ගේ ආකල්ප ආදිය බලපෑම නිසා එබඳු දැරියක වැඩිවියට පත්වනුයේ පිරිමි බව පිළිබඳ කැමැත්ත සිතතුළ තැන්පත්ව තිබියදීමවීම ඊට හේතුවයි.මෙබඳු පවුල්වල ඇතැම් දෙමව්පියන් විසින්ද එබඳු දැරියකට කුඩාවියේ පටන්ම පිරිමි දරුවෙකු පරිදිම ඇති දැඩි කරනු ලැබීම නිසාද එබඳු දැරියකට වැඩිවියට පත්වීම සමඟම පිරිමි ආකල්ප චර්යාවලට වඩා දැඩිව නැඹුරු වියහැක.එබඳු දැරියන්හට කුඩාවියේ පටන් හැඳපළඳවන්නේද පිරිමි ඇඳුම් පැළඳුම්ය. දැරියන් කැමැති බෝනික්කන් වෙනුවට කාර්,ජීප්,තුවක්කු වැනි පිරිමි දරුවන් ප්‍රිය සෙල්ලම් බඩු සමඟ සෙල්ලම්කිරීමද කැපීපෙනේ.අඬදරබරවලට යොමුවනුයේද පිරිමි දරුවන් සමඟය. බොහෝ විට සහෝදරයින් වැඩිපුර සිටින පවුලක එකම දැරියක තුළ වැඩිපුරම විද්‍යමාන වනුයේද ස්ත්‍රී ලක්ෂණවලට වඩා පිරිමි ගති ලක්ෂණය.වෙනත් ස්ත්‍රීන් සමඟ මෙබඳු ස්ත්‍රීන් කටයුතු කිරීමට පෙළඹෙනුයේ පිරිමියෙකු පරිදිය. එසේම පිරිමි ලෙසටම සෙසු ලාබාල මෘදු ස්ත්‍රීන් සමලිංගික ඇසුරට යොමුකරගනිති.
ටෙස්ටෙස්ටරෝන් නම් හෝමෝනය නිසා පුරුෂයෙකු තුළ පුරුෂ බවට හිමි ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වේ. පුරුෂ ලිංගික ලක්ෂණ වන කටහඬ ‍ගොරෝසුවීම, මුහුණේ දැළි රවුළු වැඩීම, ලිංගික ප්‍රදේශවල ලෝම වැඩීම, හිස කෙස් ගො‍රෝසුවීම, සිරුරේ මාංශ පේශි ශක්තිමත් වීම, උරහිස් උරපතු පපුව ගෙල දෑත් ආදියෙහි මාංශ පේශී ශක්තිමත්ව රළුව වර්ධනයවීම, සිරුරේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ සීඝ්‍ර වර්ධනය හා ඊට අවශ්‍ය හෝමෝන වර්ග  අධිකව ශ්‍රාවයවීම,පුරුෂ බීජාණු නිෂ්පාදනය වේගවත්වීම ආදී පුරුෂ අනන්‍යතාවයට අදාළසිරුරේ බොහෝ විවිධතාද ඇති වේ. එපමණක් නොව පුරුෂයෙකු තුළ ඇති වන මානසික ලක්ෂණ වන ආක්‍රමණශීලී ස්වභාවය පවා ලැබීමට ‍ද මේ වර්ධනයවීම ඉවහල් වේ. සමහර පුරුෂයින් තුළ මේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිෂ්පාදනය හා ශ්‍රාවය අධිකව සිදු වේ. එවිට අදාළ පුද්ගලයාගේ ද්විතීයික පුරුෂ ලිංගික ලක්ෂණ වඩාත් තදින් කැපී පෙනේ.කාමුක හැඩිදැඩි ආක්‍රමණශීලී මුරණ්ඩු ස්වභාවයක් ඇති පිරිමි තුළ බහුලව ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය ඇත. සමහර පිරිමි තුළ මේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිෂ්පාදනය හා ශ්‍රාවයවීම ඉතාම අඩු වේ. එවිට එම පුද්ගලයාගේ පුරුෂ බවට හිමිවන ද්විතීයික ලිංගික ලක්ෂණ මතු වීම කල්ගත විය හැක. එසේම වඩාත් කැපී පෙනෙන පරිදි පුරුෂ බවට හිමිවූ ද්විතීයික ලිංගික මතුනොවිය හැක. එවිට ඒ පිරිමියා මටසිටිලි අයෙකු වේ.සෑම පුරුෂයෙකු තුළම ඊස්ට්‍රජන් ඉතා සුළු ප්‍රමාණයක් නිපද වේ. ඊස්ට්‍රජන් ස්ත්‍රී හෝමෝනයකි.ඒ නිසා ස්ත්‍රි බවට හිමි යම්යම් ලක්ෂණ පවා යම් තරමකින් එබඳු පුරුෂ සිරුරු තුළ ද මතුවීමේ නැමියාව ඇත. සි‍රුරේ පමණක් නොව ආකල්ප වල පවා මේතත්වය දැකගත හැක.ස්ත්‍රීන් මෙන් පියයුරු වර්ධනයවීම, කටහඬ සිහින්වීම,ලාලිත්‍ය සුකොමළ සිරුරක් ඇතිවීම, මුහුණේ දැලි රවුළු නොවැඩීම, මුහුණ ස්ත්‍රිකගේ මෙන් සෞම්‍ය මෘදුවීම, මාංශපේශී මොළොක්වීම, මසින් පිරී පිටතට නෙරු පසුපස බඳු දේ හිමි පිරිමි ඇති වනුයේ ස්ත්‍රී හෝමෝන වන ඊස්ට්‍රජන් අධිකව නිෂ්පාදනය හා ශ්‍රාවයවීම නිසාය. එබඳු කාන්තා ලක්ෂණ ඇති පිරිමින්ට පුරුෂ ලෝකයේ අධි ඉල්ලුමක් තිබේ. එබඳු ස්ත්‍රීයක මෙන් පිරිමියෙකු තමන්ගේ හොඳම මිතුරා කර ගැනීමට සමහර පිරිමි දැඩි කැමැත්තක් දක්වති. එසේම එබඳු පිරිමියෙකු සමඟ දෑසට එඹීබලා කතාබස් කරමින් කල්හැරීමට, සැක නොසිතෙන පරිදි සිප වැළඳ ගැනීම්වලට, මිතුරු වෙසින් සිරුර අනවශ්‍ය පරිදි අතපත ගෑම්වලට වෙනත් පිරිමි දැඩිව ලොල් කරන අවස්ථා තිබේ. මේ කිසිවක් අපගේ සමාජයේ නොමැති දේ නොවේ.සමාජයේ පවතින සාමාන්‍යකරණීය වු දේවල්ය. නමුදු කිසිවෙකු ප්‍රසිද්ධියේ ඒවා පිළිබඳව දොඩමළුවීමට නොයනුයේ ඒවා කතාකර පොට වරද්දා ගනිතියි අනවශ්‍ය පරිදි බියට පත්වීම නිසාය. පුරුෂ සමරිසිබව බිහි වීමට මෙබඳු කරුණු සෘජුවම අදාළ වේ. උපතින්ම ජානමය ගැටලු නිසාද උපතින්ම පිරිමි සමරිසි බව ඇතිවන අවස්ථා හැරුණු විට එයට බලපාන චර්යා, සමාජ, ආකල්ප හේතුද තිබේ. යම්කිසි අවස්ථාවකදී පිරිමියෙකුගේ කායික ස්පර්ශ ආදිය නිසා අනවශ්‍ය පරිදි ලිංගික උත්තේජනයට පත්වීමද පුරුෂ සමරිසි හැඟීම් ආකල්ප ආශා ඇතිවීමට හේතුවකි. මව්කුස ඉද්දී ටෙස්ටෙස්ටරෝන් හොමෝන ඌණතාව නිසාම පසුකාලයකදී පුරුෂ ලිංගික ද්විතියික ලක්ෂණ සිරුරින්අතුරුදහන්වූ එසේම පසුකාලයකදී සිය සිරුරේ සුලු වශයෙන් තිබූ ඊස්ට්‍රජන් කිසියම් හේතුවකින් අධික ශ්‍රාවයවීම නිසා පුරුෂ ලක්ෂණ වෙනුවට ස්ත්‍රී ලක්ෂණ සිරුරේ මතුවූ පිරිමින් හට සමරිසි ලිංගික චර්යාවට ඇබ්බැහි වූ පුරුෂයන්ගෙන් විශාල ඉල්ලුමක් මේ සමාජයේ පවතියි. ඇතැම් අවස්ථාවලදී පුරුෂ ගණිකාවන් ලෙස වෘත්තිමය අංශයෙන් ඉදිරියට පැමිණෙන්නන් තුළ මේ ස්ත්‍රී හොමෝන ස්‍රාවයවීම අධිකව සිදු වී තිබෙන බව නිරීක්ෂණය කළ හැකිය. පුරුෂයෙකු දකින විට ලිංගික හැඟීම් ඉස්මතුවන්නෙත්, ලිංගිකව හැසිරීමටම සිය සිත්හි බලවත් පෙළඹවීමක් නිරායාසයෙන් ඇතිවන්නේත් තමන්ගේ ඊස්ට්‍රජන් මට්ටම ඉහළ අගයක ඇති පිරිමින් හට බව දැකගත හැකිය. තමන්ටම තමන්ගේ සිතේ ඇතිවන හැඟීම් පරීක්ෂාකාරීවීම අනුව තමාගේ හැටි දැනගතහැක.
ස්ත්‍රී ලිංගික හෝමෝන අධිකව සිරුර තුළ ඇති පිරිමි තුළ විද්‍යමාන වනුයේ පිරිමි ලක්ෂණ වලට වඩා ස්ත්‍රී බවට අදාළ ගති ලක්ෂණයි. මෙබඳු ඇතැම් පිරිමින්ගේ පියයුරු පවා කාන්තාවකගේ මෙන් දැඩිව විශාලිතව වර්ධනයවී ඇත. ජාන විකෘති වීමකට ලක්වීම නිසා පිරිමියෙකුව උපත ලබන පිරිමියෙකු ඉපදීමෙන් පසුව ස්ත්‍රියක බවට පරිවර්තනය වී යාහැක. ලිංගිකත්ව මාරුවූ එබඳු පුද්ගලයෙකු තුළ පිරිමියෙකු සතු ප්‍රජනන ලිංගේන්ද්‍රිය හා ස්ත්‍රියක සතුවූ විශාලිතව වර්ධනය වූ පියයුරු යුවළක් හිමි බව දැකගත හැක.එසේම එබඳු අයගේ මුහුණේ දැලි රවුළු නොවැඩීම හා මෘදු සිරුර ස්ත්‍රියකගේ මෙන් නම්‍යශීලී හැඩයකට අනුව සකස්ව පැවතීමද දැක ගත හැක. හිසකෙස් පවා දිගට සිහින්ව වැඩේ. ඒ අයගේ ආකල්ප පවා පිරිමියෙකුට වඩා ස්ත්‍රිකගේ මෙනි. යම් හෙයකින් මෙබඳු අයෙකු ස්ත්‍රියකසේ ස්ත්‍රී ඇඳුම් පැළඳුම් හැඳ පැළඳ සිටියහොත් මතු පිටින් විද්‍යමාන වනුයේ රූමත් කාන්තාවක ලෙසය. පිරිමි තුළ ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය අඩු වී ඊස්ට්‍රජන් ප්‍රමාණය අධිකවීම නිසා ඒ පුද්ගලයා පුරුෂ ලිංගේන්ද්‍රිය පමණක් සහිත ස්ත්‍රියක ලෙස දිස් වේ. ඊස්ට්‍රජන් ප්‍රමාණය අධිකවීම නිසා පුරුෂ ලිංගික අනන්‍යතාව පවා කාලයක දී නැතිව යයි. ලිංගික ක්‍රියා පවා පුරුෂ ස්වභාවය වියැකී ස්ත්‍රී ස්වභාවය ප්‍රකට වේ. පුරුෂ බීජාණු නිපදවීමද ක්‍රමානූකූලව අඩුවී නැවතී යයි. ලිංගික එක්වීමේදී ආක්‍රමණශීලී වීමට වඩා ලිංගික චර්යාවේ යෙදෙද්දී අ‍නිකෙකුගේ ලිංගික ආක්‍රමණශීලී චර්යාවකට මුලුමනින්ම යටත් වීම මඟින් කායිකව තෘප්තිමත්වීමට පෙළඹෙන හැඟීම් ඇති වේ. පුරුෂයෙකුගේ ශක්තිමත් වේගවත් උණූසුම් ලිංගික චර්යාවක් විඳ ගැනීමට සිත්හි ස්ත්‍රියක පරිදි කාමාශාව උද්දීපනය වේ. හැඩිදැඩි ශක්තිමත් මාංශ පේශීවලින් යුතු පුරුෂ සිරුරක උණුසුම විඳ ගැනීමට හා එබඳු පිරිමියෙකු සමඟ ස්ත්‍රියක ලෙස කාමාශක්තව දිගු ලිංගික චර්යාවක නිරතව සතුටුවීමට ඊස්ට්‍රජන් හෝමෝන ඇසුර ලැබූ ස්ත්‍රීන් මෙන් වූ පිරිමි දැඩි ලෙස රුචි කරති. මෙලෙස දිගු කාලයක් තිස්සේ ඊස්ට්‍රජන් හෝමෝනය අධිකව සිරුරේ පැවතීම නිසා සිරුරේ පරිවෘත්තිය ක්‍රියා මුළුමනින්ම ස්ත්‍රී ස්වභාවයකට පත් වේ. සමහර මෙබඳු අය පිරිමි වැඩිපුර ගැවසෙන ස්ථානවලට ගොස් පිරිමින්ව ලිංගික චර්යාවලට පොළඹවාගෙන සාමූහ පුරුෂ ලිංගික චර්යාවලින් අපූරුව ලෙසට තෘප්තිය ලබති. සාමූහිකව පිරිමි කණ්ඩායම්වලින් තමාව දූෂණය කරවා ගනිමින් ලිංගික තෘප්තිය සොයාගති. මෙබඳු අය තුළ බහුලව ස්ත්‍රී ආකල්ප, හැඟීම් හා චිත්තවේග ඇත. පිරිමි අතරේදී සෙසු පිරිමි තුළ කිසියම් ආකර්ශණයක් ගොඩ නඟා ගැනීමට පවා මෙබඳු අයගේ බාහිර හා අභ්‍යන්තර මට සිලිටි කෝමල ස්ත්‍රී ලාලිත්‍ය ලක්ෂණ හේතු වේ. සිය පිරිපුන්ව වැඩී ඇති කළවා, පසුපස පෙදෙස ප්‍රදර්ශනය වන පරිදි හැඳුම් පැළඳුම් ඉරියව් පෑම මඟින් සෙසු පිරිමි ලිංගික චර්යාවලට යොමුකරගනිමින් තෘප්තිය ලැබීමට යොමුවෙති.

සිරුරේ පුරුෂ ලිංගේන්ද්‍රිය හුදෙක් නාමිකව පවතින නමුදු සම්පූර්ණයෙන්ම ස්ත්‍රියකගේ බඳුව කායික හා මානසික ගති ලක්ෂණ ප්‍රකට කරන පුද්ගලයින්තුළ ඇතිවන ලිංගික ආකර්ශණය පවා ස්ත්‍රීන් පිළිබඳව නොව පිරිමි පිළිබඳව බව පෙනී යයි. ඔවුන් බොහෝවිට ප්‍රිය කරනුයේ ද ස්ත්‍රීන් සමඟ ලිංගිකව එක්වීමට නොවේ. අප්‍රාණිකත්වය නිසා ඔවුන්ට එසේ කළ  නොහැකිය. පිරිමින් සමඟ කායිකව එක්වීමටය. ඔවුන්ගේ හැඟීම්, ආශා ස්ත්‍රියකගේ පරිදිවීම මීට හේතුවයි. ස්ත්‍රී ලිංගික ප්‍රජනක පද්ධතියක් සිය සිරුරේ නොපිහිටා තිබීම නිසා උපතේදී පිරිමියෙකුව සිට ස්ත්‍රියක ලෙස ලිංගිකව අනුවර්තනය වූ අයෙකුට ලිංගික වුවමනාවන් සපුරා ගැනීමේදී මතුවන ගැටළු නිරාකරණය කරගැනීමට දරණ උත්සහයන් වල දී සම්මතයට වඩා වැඩි ඉඩකඩක් අසම්මතය තුළ ගැබ්ව තිබේ. ශල්‍යකර්ම සිදු කිරීම මඟින් සාර්ථකව පුරුෂ ලිංගේන්ද්‍රියන් ඉවත්කර ඒ වෙනුවට ස්ත්‍රී ලිංගේන්ද්‍රියන් බද්ධකළ පසුව මෙබඳු ගැටළු ඇති නොවේ. මානසිකව ඇතිවන ලිංගික අනුවර්තනයට සමගාමීවන ලෙස කායිකවද ලිංගිකව පරිවර්තනය කිරීම මෙහි ඇති අරමුණයි.දරු ගැබක් ඇතිවීමට අවශ්‍යවන සියළු ඉන්ද්‍රියයන් බද්ධ කිරීමේ පහසුකම් මෙබඳු ශල්‍යකර්ම මඟින් සැලැස්වේ. බටහිර රටවලදී සිදුකළ හැකි තරමට දියුණු තාක්ෂණික උපකරණ,වෛද්‍යවරු හා ඉතා දියුණු නවීන ශල්‍යගාර බටහිර රටවල නූතනයේ බහුලව ප්‍රචලිතව ඇත. දිගු කලක සිට ක්‍රමිකව ස්වභාවිකව කායිකව හා මානසිකව ස්ත්‍රී බවට අනුවර්තනය වන පිරිමියෙකු තුළ ස්වභාවිකව ටෙස්ටෙස්ටරෝන් හෝමෝන නිෂ්පාදනය හා ශ්‍රාවයවීම සිදු වේ. එබඳු පිරිමි කායිකව පමණක් නොව මානසිකව පවා බොහෝදුරට ස්ත්‍රියකට සමාන ගති ලක්ෂණ උරුමකර ගනී.වෙනත් පිරිමි පිළිබඳ ලිංගික ආශා, ආකර්ශණ ඇතිවීමටද මෙබඳු තත්වය හේතු වේ. ස්වභාවිකව ලිංගික අනුවර්තනයන් නොවෙතත්, ඇතැම් පිරිමි සිය ලිංගික අනන්‍යතාවයටද වඩා ස්ත්‍රී ලිංගික අනන්‍යතාවයට කැමතිය. බටහිර රටවල මෙබඳු අයට කෘතිමව ටෙස්ටෙස්ටරෝන් හෝමෝන ලබා ගැනීමට පහසුකම් පවතී. එමඟින් නිසියාකාරව පරිපූර්ණ ස්ත්‍රිකගේ ගති ලක්ෂණ ඇති වේ.බටහිර රටවල හා තායිලන්තය වැනි ආසියාතික රටවල මෙබඳු ලිංගික විපර්යාසයන්ට ලක්වු ස්ත්‍රීන් හට සාමාන්‍ය ස්ත්‍රීන්ට වඩා විශාල සමාජ ඉල්ලුමක් ඇත.එබඳු රටවල වැඩි ආර්ථික ශක්තියක් මේ අයට හිමිව ඇත.
දිගු කලක් තිස්සේ ඊස්ට්‍රජන් හෝමෝනය අධිකව ලැබීම නිසා පිරිමියෙකුගේ සිරුරේ පුරුෂබවට අදාළ ද්විතීයික ලිංගික ලක්ෂණ සම්පූර්ණයෙන්ම පාහේ ගිලිහී යයි.ඒවෙනුවට පුරුෂ සිරුර ස්ත්‍රී සිරුරක් බවට පත් කිරීමට අදාළ ස්ත්‍රී ද්විතීයික ලිංගික ලක්ෂණ පහළවේ.මේ තත්වය ශාරීරිකව මෙන්ම මානසිකවද ඇතිවේ.පිරිමියෙකු සතුව ඇති හැඩිදැඩි පුරුෂ ලක්ෂණ වෙනුවට සුන්දර සුකොමළ නාරි ලාලිත්‍යයක් සිරුරෙන් ප්‍රකටවේ.කායිකව මනා ලෙස වැඩුණු සුන්දර කාන්තාවක් බවට මෙබඳු අය පත්වේ.පුරුෂ ලිංගේන්ද්‍රිය තිබුණද,එය බොහෝවිට ලිංගික ලෙස අකර්මණ්‍ය ස්වභාවයේ පවතී.එය සිරුරට අනවශ්‍ය ඉන්ද්‍රියක් බවටද පත්වේ. බොහෝවිට ශල්‍යකර්මයක් මඟින් මෙය ඉවත්කර දැමීම බටහිර රටවලදී බහුලය.මෙබඳු පුද්ගලයින් හැඩගැසී ඇත්තේද ස්ත්‍රියක ලෙස ලිංගිකව එක්වීමට හා එමඟින් සතුටුවීමටය. මෙබඳු අයගේ සිතතුළ වෙනත් පිරිමි පිළිබඳ ලිංගික හැඟීම්, ආශා, සිතුවිලි, ආකල්ප බහුලව ඇති විය හැක. ඊස්ට්‍රජන් අධික වීම නිසා ස්ත්‍රී බීජාණු නිෂ්පාදනය විය හැක. පසු කාලවල දී ශල්‍යකර්ම මඟින් පුරුෂ ලිංගික ඉන්ද්‍රිය ඉවත්කර ඒ වෙනුවට ස්ත්‍රී ලිංගික ඉන්ද්‍රියයන් බද්ධකිරීම නිසාද, ඊට අනුව පොජෙස්ට්‍රජන් හෝමෝන ලබාදීම නිසාද ස්ත්‍රියකගේ ලිංගික හැකියාව කිසිදු අඩුපාඩුවක් නොමැති ලෙස ඇතිවිය හැක.නූතන වෛද්‍යවිද්‍යාව පිරිමියෙකුව උපත ලබා පසුව ස්ත්‍රියක බවට පත් අයගේ මානසික හා කායික අනුවර්තනය අස්වාභාවික නොවන බව වර්තමාන පර්යේෂණ අනුව පිළිගෙන තිබේ. ජාන විකෘතිවීම නිසා ද, විවිධ හේතුමත ඩී. එන්. ඒ. අණුක ව්‍යුහ තුළ සිදුවන විවිධ වෙනස්කම් නිසා ද මෙබඳු දේ ඇතිවිය හැක. මෙවැනි තත්වයන් නිසා විවිධ රටවල පවතින සංස්කෘතික පසුබිම අනුව ගැටළු මතුවිය හැක. සමාජ ආකල්ප නිසාද පසුකාලයේදී සමාජයට මුහුණ දීමේ දී ලිංගික අනන්‍යතාව වෙනස්වීම මත බොහෝ ගැටළු හා ප්‍රශ්න ඇතිවිය හැක. විශේෂයෙන්ම විවාහවීමේදී විවාහ සහකරුට මෙබඳු දේ තදින් බලපෑ හැක.ඒ නිසා එබඳු තත්ව පිළිබඳ කල් තබා විවාහ සහකරුව දැනුවත් කර තැබීම වඩා යෝග්‍යය.නූතන සමාජයතුළ ලිංගික විපර්යාසයට පත්වූ අය පිළිබඳ යම් කතාබහක් පවතියි. බටහිර සමාජයට වඩා ආසියාතික රටවලදී මේ අයට හිමි සමාජ පිළිගැනීම යම් දුබල මට්ටමක පවතියි. එයට හේතුව ආසියාතික ආගම් මඟින් අප වෙත ඉල්ලවුනු පීඩනයයි. ආගමතුළ ලිංගික විපර්යාස පාපයට බැරකර තිබීම තුළ එබඳු අය පාපීන් කිරීමට බොහෝ අය වෙහෙසෙති.

ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.