පසුගිය සතියේ 05 වැනි සිකුරාදා ඇමැතිවරුන්ට වාහන ගන්නට
තිස්දෙකෝටි අනූඅට ලක්ෂයක පරිපූරක ඇස්තමේන්තුවක්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. ආසන්න කාලයේ
පාර්ලිමේන්තුවට අදාළ කාරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද දෙවැනි
පරිපූරක ඇස්තමේන්තුව මෙයයි. මේ ආකාරයට එක පිට එක පරිපූරක
ඇස්තමේන්තු ඉදිරිපත් කරන ආකාරයෙන් පෙනී යන්නේ කාගෙ කාගෙත්
'රථගායේ' තවමත් අඩුවක් දක්නට නැති බවය. පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයකුට මේ වන විටත් ඇමරිකානු ඩොලර් 62500 ක තීරු බදු
රහිත වාහන බලපත්‍රයක් ද, මසකට රුපියල් පනස්දහසක දුරකථන
දීමනාවක් ද මැතිවරණ කොට්ඨාසයේ කාර්යාලයක් පවත්වාගෙන යැම
උදෙසා රුපියල් හැත්තෑපන්දහසක් ද, ගෙවල් කුලී රුපියල් පනස්
දහසක්ද, පාර්ලිමේන්තු රැස්වීම් සහභාගිත්වයට රුපියල්
පනස්දහසක්ද, නොමිලේ ඉන්ධන දීමනා (කාර්ය මණ්ඩලයට ද මෙවැනි
පහසුකම් ගණනාවක් දී තිබේ) ඒ අනුව බලන කල මේ මැති ඇමැතිවරු
නඩත්තු කරන්නට අතිවිශාල මුදලක් වැය වන බව අමුතුවෙන් කිව යුතු
නැත. මේ සඳහා මුදල් හොයන්නේ රටේ ජනතාවට පටි තද කරගන්නට කියනුයේ
බොටුව හිරකරන බදුවලිනි. හැබැයි අමාරුව තිබෙන්නේ මීට පෙර 2016
වර්ෂයේ ජුනි මාසයේ ඇමැතිවරු තිස්දෙනෙක් සඳහා කෝටි 118 ක
පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණි. ඊට පසුව ඇමැතිවරු 27
දෙනෙක් සඳහා කෝටි 79 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉල්ලා තිබිණි.
මුලින් ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුව රනිල්
වික්‍රමසිංහ අගමැතිවරයා අත්හිටුවූයේ එම වර්ෂයේම මැයි මාසයේ සිට
ගංවතුරෙන් ආපදාවන්ට ලක්වූවන්ටත් එම මාසයේ අග සිදු වූ සාලාව
කොස්ගම පිපිරීම නිසා අවතැන්වූ ජනතාවටත් සහන සැලසීම පිණිස එම
මුදල් වෙන් කරන බව කියමිනි. දැන් අපට කියන්නට ඇත්තේ අරණායක
නායයැම නිසා අවතැන් වූ සමහරක් තවමත් කූඩාරම් යට සෙල්ලම් බත්
උයන බවය. ඒත් එක්කම අපට පාර්ලිමේන්තුවේ උදවියට මතක් කර
දෙන්නට සිදුවන්නේ හරියටම සිංහල අවුරුදු දා මීතොටමුල්ල කුණු
කන්ද නායගිය බවත් බොහෝ පිරිසක් අවතැන්ව සිටින බවත්ය.
වාහන ගන්නට තදියමේ දඟලන මේ මැති ඇමැතිවරු කවුරුන් හෝ පාරේ
බසයක, දුම්රියක ගමන් යනවා අප දැක නැත. තැපැල් නයින්ටියක හෝ 250
CC වර්ගයේ යතුරුපැදියක මේ උදවිය යන බව අප දැක නැත. ත්‍රිරෝද
රථයක නැගගිය (මාධ්‍ය සංදර්ශනයකට හෝ) කවර මට්ටමේ දේශපාලනඥයකු
හෝ කිසිවකු දැක තිබේද? මේ කියන උදවිය සියලු දෙනා අදටත් ගමන්
බිමන් යන්නේ සුඛෝපභෝගී වාහනවලිනි. එක වාහනයක් නොව පරිවාර රථ
පෝලිමකි. මේ පරිවාර රථයක් හෝ අබලන් තත්ත්වයේ ඒවා නොවේ. සමහර
ඇමැතිවරුන්ට අනුව මේ රථවලින් තමන්ගේ ගම්වල දුෂ්කර පාරවල්වල
යන්නට බැරිය. ඒ නිසා කීයක් හෝ වැඩිපුර වියදම් කර 4 වීල්'
වර්ගයේ සුඛෝපභෝගී වාහනයක් මිලට ගත යුතුය. එවැනි කතා ඇහෙන විට
රටේ ජනතාවට දෙකොනෙන් සිනහ පහළවීම වැළැක්විය නොහැක. ඒ, බොහෝ
දේශපාලනඥයන් දුෂ්කර පාරවල්වල නොව, කාපට් පාරේ හෝ ගමට සැපත්
වන්නේ කලාතුරකින් වීම නිසාය. මේ මැති ඇමැතිවරු වරින්වර පරිපූරක
ඇස්තමේන්තු ඉදිරිපත් නොකර එකවර මුදල් වෙන්කර එම දුෂ්කර
පාරවල්වල යැම සඳහා කැටපිලර්, බැකෝ යන්ත්‍ර ගෙන්වා ගැනීම වඩාත්
සුදුසු බව අපේ හැඟීමය. නැතිනම් රටේ සංවර්ධනය සඳහා යොදවා ඇති
(මේ වන විට සංවර්ධන කටයුතු සිදු නොවන නිසා) කැටපිලර්, බැකෝ
යන්ත්‍ර හයර් කිරීම ඊටත් වඩා ලාබය.
http://www.lankanews.org/2017/05/33.html#more
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, May 8, 2017
කාළකණ්නි දේශපාළු අපතයනි....!!! ලැජ්ජාවක් තිබේද තොපිට...!!!
Posted by
lankanews
at
May 08, 2017
Labels: income of politicians, lanka politics, lankanews, luxery vehicles, unp politicians, unp corruptions, unp politicians, yahapalanaya
කාළකණ්නි දේශපාළු අපතයනි....!!! ලැජ්ජාවක් තිබේද තොපිට...!!!
2017-05-08T22:06:00+02:00
lankanews
income of politicians|lanka politics|lankanews|luxery vehicles|unp politicians|unp corruptions|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
