ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 30, 2017

දෙමළෙන් බුදුබණ දෙසීමට නුවරඑළියට ආ 'සිංහල සාමි'


මලලසේකර ආචාර්යතුමාගේ මෙහෙයවීමෙන්
දෙමළෙන් බුදුබණ දෙසීමට
නුවරඑළියට ආ 'සිංහල සාමි'
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් සමග කරන ලද කෙටි සම්මුඛ සාකච්ඡාවක්‌ ප්‍රකට ලේඛකයකු විසින් පොතකට කැටිකර තිබිණ. එහිදී මහ නාහිමියෝ තමන් වහන්සේ කොළඹ ආරම්භ කර තිබූ විශ්වවිද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ බවත් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්‌ මැතිතුමා අතින් "විද්‍යා විශාරද" උපාධි සහතිකය ලැබූ බවත් සඳහන් කළ බව ලියා ඇත. එය කියෑවූ මගේ මිතුරකු මා සමග කියා සිටියේ එම ප්‍රකාශය තරමකට හෝ සැකයට තුඩු දෙන එකක්‌ බවය. මෙහි කිසියම් වැරදීමක්‌ සිදුවන්නට ඇති බවය.

එහෙත් එම ප්‍රකාශය නිවැරදිය කී මම යහළුවා හමුවේ එයට තුඩුදුන් කරුණු විස්‌තර කළෙමි.

"ඔබේ කීමත් එක්‌ අතකින් හරි තමා මොකද ඒ කාලේ භික්‍ෂූන් වහන්සේලාට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට විශ්වවිද්‍යාලෙ දොර ඇරිල තිබුණේ නැහැ නොවැ. මෙහිදී මෙම කාරණය ගැන බොහොම දුරදිග බලාපු මලලසේකර මහත්තයා ඔය වැඩේ සිදු කළේ. නාලන්දා විදුහලේ විදුහල්පති වශයෙන් සිටි එතුමාව, පරම විඥනාර්ථ බෞද්ධ සමාගමේ ප්‍රධාන නිලධාරීන්ට බෙහෙවින්ම බැගෑපත් වෙලයි. විශ්වවිද්‍යාලයට අරගෙන තියෙන්න අයිවර් ජෙනින්ග්ස්‌ මහත්මයා. ඊට පස්‌සේ කටයුතු කරනකොට මලලසේකර ආචාර්යවරයා දැක්‌කා රටේ එවකට සිටි ප්‍රධාන පෙළේ තරුණ භික්‍ෂූන් පිරිසකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දුන්නොත් හොඳයි කියල. නමුත් මෙවැන්නක්‌ කළ යුත්තෙ නියම ලෙසට නෙවෙයි. අනියම් විදියට. මොකද එකල භික්‍ෂූන් වහන්සේලාට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න ඉඩ සැලසිලා නොතිබුණු නිසා. මේ කටයුත්ත කෙරෙන්න එතුමා ක්‍රමෝපායන් යෙදුවා, තමන් සමග විශ්වවිද්‍යාල උගන්වන ප්‍රධාන පෙළේ ආචාර්යවරුන් පිරිසකට කියලා. තමන් රටේ ඉදිරි කාලයේ දියුණුව පිණිස මෙවන් කටයුත්තක්‌ කරනවා. එයට සහයෝගය දෙන්න. නමුත් කිසිවෙකුට මේ කටයුත්තට වේතනයක්‌ පඩියක්‌ ගෙවන්න විදියක්‌ නෑ කියලා.

ඔවුන් සියල්ලන්ම මලලසේකර ආචාර්යතුමාගේ කීමට සිය කැමැත්ත ප්‍රකාශ කළා. ඒ අනුවයි අවුරුදු තුනක්‌ තිස්‌සේ වර්ෂ 1941 කේ මැදදී පටන් ගෙන තිබූ මේ පන්තියට සම්පූර්ණම විශ්වවිද්‍යාල පාඨමාලා ඇතුළත් වුණා. එවකට තරුණ වියේ සිටි භික්‍ෂූන් වහන්සේලා දහඅට නමක්‌ තෝරා ගෙන පැවැත්වූ පන්තිය අවුරුදු තුනකින් පසු විභාගයකට මුහුණ පාලා තමයි. ඒ හිමිවරුන්ට "විද්‍යා විශාරද" කියන උපාධිය පිරිනැමුණේ අයිවර් ජෙනින්ග්ස්‌ උපකුලපතිතුමා අතින්. එම පිරිසගෙන් දෙනමක්‌ පමණක්‌ අසමත් වෙලා තියෙනවා. ඒකයි මලලසේකර භික්‍ෂු අධ්‍යාපනයේ ඉතිහාසය. යනුවෙන් මා මලලසේකර ඉතිහාසයේ හා මඩිහේ මහනාහිමියන්ගෙන් දැනගත් දේ හිතවතාට පැවසූ විට ඔහුගේ සැකය දුරු විය.

එවන් යුගයෙක, බොහෝදුර දිග බලා මලලසේකර ආචාර්යතුමන් විසින් සිදුකරන ලද සේවය අද වර්තමානයෙහි ලංකා සංඝ සභාවේ පවතින දියුණුවටද බෙහෙවින්ම බලපා තිබෙන බව කිව හැකිය. එම සද් ව්‍යාපාරය දෙවැනි වන්නේ වර්ෂ එක්‌දහස්‌ විසි ගණන්වලදී ආනන්ද විද්‍යාලයෙන් භික්‍ෂූන්ට ඉංගී්‍රසි උගන්වමින් අවස්‌ථාවක්‌ සැලසූ එවකට එහි විදුහල්පති පී. ද ඇස්‌. කුලරත්න මහතාගේ ව්‍යායාමයට පමණයි. මුල්ම යුරෝපා බෞද්ධ ධර්මදූත පිරිසක්‌ තෝරා ගන්නට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ටද, පහසු වූයේ කුලරත්න මහතා සිදුකළ එම සද්කාර්යය නිසයි. එය වෙනම කිවයුතු ලියයුතු කතාවකි.

මලලසේකර ආචාර්යවරයා මෙම කටයුත්ත ආරම්භ කළේ තමන් සමස්‌ත ශාස්‌ත්‍ර ශාලාවේ පෙරදිග භාෂා පිළිබඳ කථිකාචාර්යවරයා ලෙස තෝරාගත් ළඟකදීමයි. තරුණ සංඝයා වහන්සේ පිරිසක්‌ වෙනුවෙන් සිදුකරන්නට යන මේ මහා අධ්‍යාපනික සංඝ ප්‍රතිලාභය උදෙසා එකල විශ්වවිද්‍යාල පාඨමාලාවට අයත්ව තිබූ ප්‍රාචීන හා ප්‍රතිචීන දර්ශක ශාස්‌ත්‍රය, වාග් විද්‍යාවේ මූලධර්ම, සංස්‌කෘතිය හා සභ්‍යත්වය, තුලනාත්මක ආගම්, මහායාන බෞද්ධ සාහිත්‍යය, හින්දි, ද්‍රවිඩ සහ ඉංගී්‍රසි භාෂා ඇතුළු පෘථුල විෂය මාලාවකින් මේ විද්‍යා විශාරද පන්තියේ පාඩම් මාලා සමත්විය.

එදා තරුණ වියේ සිටි මඩිහේ පඤ්Æසීහ, රද්දැල්ලේ ප්‍රඤ්Æලෝක, ඉඳුරුවේ උත්තරානන්ද, හාල්යාලේ සුමනතිස්‌ස, මොරටුවේ සාසනරතන, වටද්දර මේධානන්ද, මිරිස්‌සේ ගුණසිරි, කැලෑපිටිමුල්ලේ සංඝපාල, මාතර මේධානන්ද, මාතලේ ශාසනතිලක, වේඬරුවේ අනෝමදස්‌සි, එල්ලාවල සිද්ධත්ථ ආදී තරුණ සංඝයාවහන්සේ දහඅට නමක්‌ තෝරා ගැනිණි.

ගුරුසිත නොරිදවා වේලාව නොවරදවා මෙසේ වූ අනියම් විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය ලත් පිරිස තුන් වසරකට පසුව පැවැත්වූ විභාගයෙන් හිමිවරුන් දහසය දෙනකු ඉහළින්ම සමත්ව දෙදෙනකු අසමත් වී තිබුණි. ඉන්පසු උන්වහන්සේලාට "විද්‍යා විශාරද" උපාධි පිරිනැමුණි.

පසුකලෙක මේ උගත් භික්‍ෂූන් වහන්සේලා ස්‌ව නිකායේ මහානායක, අනුනායක, නායක තනතුරුවලට පත්වීමටද මෙසේ උන්වහන්සේලා ලද බහුශ්‍රැත ධර්මධර දැනුමද හේතු විය.

එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමෝද මලලසේකර ආචාර්යවරයාගේ මෙම දූරදර්ශී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මහත්සේ ප්‍රසාදයට පත්ව එයට අදාළ කටයුතු සම්පාදනය කර දුන්හ. දිනෙක මේ උදෙHdගිමත් ආචාර්යවරයා විසින් මෙසේ රටේ තරුණ භික්‍ෂු පිරිසකට අනියම් විශ්වවිද්‍යාල අධ්‍යාපන සැලසුමක්‌ ලබාදෙන බව දැනගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රීමත් අයිවර් ජෙනින්ග්ස්‌ මැතිතුමෝ එතුමා කැඳවා කටයුතු සොයා විමසා බලා තම ප්‍රසාදය පළ කළහ. එපමණක්‌ද නොව මලලසේකර මහතා විශ්මයට පත්කරවමින් විභාග ප්‍රතිඵලවලින් පසුව එම භික්‍ෂූන් වහන්සේලාට තමන්ගේම අතින් "විද්‍යා විශාරද" උපාධිය පිරිනමන්නට කැමැති බවද පළ කළහ.

මෙසේ තමන් වහන්සේලාද විශේෂ දැනුම අනුව දෙමළ භාෂාව පිළිබඳ දැනුමින් පසුකලෙක සිය නිකායේ මහානායක හිමි බවට පත්වූ පූජ්‍ය මඩිහේ පඤ්Æසීහ නාහිමියන්ගේ චරිතය ගැන කියෑවෙන විට අපූරු රස කතාවක්‌ දක්‌නට ලැබෙයි. එය නම් උන්වහන්සේ නුවරඑළියේ අශෝකාරාමයේදී දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා කළ කතාවය.

මඩිහේ නාහිමියන්ගේ එම දෙමළ දැනුම ගැන දැනගත් අශෝකාරාමාධිපති හිමියෝ දිනෙක තම ආරාමයට වැඩමවා දෙමළෙන් ධර්ම දේශනාවක්‌ කළ මැනැවැයි උන්වහන්සේට ආරාධනය කළහ. ආරාධනය පිළිගැනිණි. නුවරඑළිය වතුකරයේ බහුලව වෙසෙන දෙමළ ජාතිකයන් වෙනුවෙන් මෙසේ ඔවුනගේ භාෂාවෙන් එදින සවස 7 ට අශෝකාරාමයේදී ධර්ම දේශනාවක්‌ පැවැත්වෙන බවත් කොළඹ වජිරාරාමයේ පූජ්‍ය මඩිහේ පඤ්Æසීහ නාහිමියන් එම දේශනාව පවත්වන බවත් කියෑවෙන සිංහල හා දෙමළ භාෂාවලින් මුද්‍රිත අත්පත්‍රිකා ප්‍රමාණයක්‌ බෙදාහරින ලද්දේය.

සිංහල සාමි කෙනෙකු තමන්ගේ භාෂාවෙන් කරන ධර්ම දේශනාව අසනු පිණිස වතුකරයේ දෙමළ අම්මලා තාත්තලා කල් වේලා ඇතිවම අශෝකාරාමයට පැමිණියේ තම කුඩා දූ දරුවන්ද කරපින්නාගෙනය. එයට ඔවුන් දැක්‌වූ උනන්දුවත්, පැමිණීමත් සිංහල බෞද්ධයන් තුළ විශ්මය දැනවීමටද සමත් විය.

තම භාෂාවෙන් ධර්ම දේශනා කරන්නට ධර්ම ශාලාවට වඩින "සිංහල සාමි"දැක බලාගත් ඔවුහු බිම වැතිර වඳිමින් සිට උන්වහන්සේ වැඩිය පොළව පවා සිප ගත්හ. නාහිමියන් දේශනයෙහි මුලපටන්ම ගෞරවයෙන් යුතුව දෙමළ භාෂාවේ වදන් හසුරුවද්දී එතරම්ම අධ්‍යාපනයක්‌ නොලද අය වුවද ඔවුනගෙන් වැඩි දෙනකු බලා අසා සිටියේ ධ්‍යානයට සම වැදුනාක්‌ මෙනි. තම හින්දු ධර්මයේ ඉගැන්වීම් අනුව බුද්ධ ධර්මය පිළිබඳව තමනට දැනුමක්‌ හා හැඟීමක්‌ද ඇති හෙයින් ඔවුන් මඩිහේ නාහිමියන්ගේ වදන් ඇසෙන විට එය තම කෝවිල්වල පූසාරි කෙනෙකුගේ වචනවලටත් වඩා ගෞරවයෙන් යුතුව සලකන්නට යෙදුණු බව පෙනිණි. නාහිමියෝද තමන් ලත් දැනුම අනුව දෙමළ භාෂාවේ තිබෙන විශේෂ යෙදුම්, වාක්‍ය හා රිද්මයානුකූලව කියෑවෙන සමහර වගන්තිද නියමිත අන්දමින් උච්චාරණය කරමින් කරන ලද දේශනාව ඇසූ සිංහල බෞද්ධයනටද පසුව දෙමළ භාෂාව ඉගෙන ගැනීමට සිත්වූ බව පසුව කියෑවුණේය.

එදා ධර්ම දේශනාව අවසානයේදී අතිශයින්ම සතුටට පත් දෙමළ ලැයින්වල වෙසෙන ජනයා තමන් විසින් ගෙන එන ලද පිරිකරවලින් නාහිමියන් පුදන්නට කටයුතු කළහ. උන්වහන්සේ යළි ධර්මාසනයෙන් බැස යද්දී ඔවුහු වැඳ නමස්‌කාර කර සිටියේ බිම පෙරළෙමිනි. ඔවුන් කිහිප දෙනකුද නාහිමියන් සමඟ දෙමළ භාෂාවෙන් වචන කිහිපයක්‌ කතා කළේ තම සුහද බව වැඩිකර ගන්නටය.

එදින නාහිමියන් අගනුවරින් රැගෙන ආ කොපි පොත් ප්‍රමාණයක්‌ද රස කැවිලි ප්‍රමාණයක්‌ද මෙහිදී වතුකම්කරු දරුවන් අතරේ බෙදා දෙන ලද්දේය. පසුව එහිදී ලද ආරාධනා අනුව නාහිමියන්ට නුවරඑළියේ බඹරකැලේ හා ඒ අවට විහාරස්‌ථාන කිහිපයකම දෙමළ භාෂාවෙන් දහම් දෙසීමේ අවස්‌ථාව සැලසිණ. ඒ හැම විටෙකදීම පාහේ ඔවුනුත් සිංහලයනුත් අතර මෙසේ ධර්මයේ නාමයෙන් යළිත් මතුවූ සංහිඳියාව කැපී පෙනිණි.

පසුකල දිනෙක මේ පිළිබඳව මහරගම ධර්මායතනයේදී මඩිහේ මහනාහිමියන් සමග අප සාකච්ඡාවක්‌ කළ අවස්‌ථාවේදී උන්වහන්සේ අප සමග කියා සිටියේ,

"එදා අපට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන අවස්‌ථාවේ දෙමළ භාෂාව උගන්වන්නට පැමිණියේ කතෝලික ධර්මය අදහන දෙමළ මහත්මයෙක්‌. ඒ මහත්මයා අපේ සිංහල කෙනකුටත් වඩා අප සමග ඉතාමත් සුහදශීලීව කටයුතු කරමින් වඩාත් ලෙන්ගතුවට අපට දෙමළ භාෂාව ඉගැන්නුවා. අපේ භාෂාවේද තිබෙන ඉඟි වැකි, දුර්ලභ යෙදුම් හා සුවිශේෂ වාක්‍ය සම්ප්‍රදායන් පවා එතුමා අපට විශේෂයෙන්ම කියලා දුන්නා. එවන් සිංහල දෙමළ සහයෝගිතාවක්‌ සිදුකෙරෙන්නට එදායින් පසුව අපේ පාලකයන් දිගටම කටයුතු කළා නම් පසුකලෙක සිංහල, දෙමළ අර්බුදයක්‌ ඇති නොවීමට පවා ඉඩ තිබුණා. මෙම ප්‍රශ්නය ගැන වැඩිදුර කල්පනා කළ හිස්‌සැල්ලේ ධම්මරතන, බද්දේගම විමලවංස වැනි නායක හාමුදුරුවරුන් දෙමළ භාෂාවෙන් පොත් පවා ලියා ප්‍රසිද්ධ කළා. උන්වහන්සේලා කලෙක සංවිධාන මට්‌ටමෙන් යාපනය අර්ධද්වීපයට වැඩමකරලා එහි බෞද්ධ හින්දු දෙපිරිසම වෙනුවෙන් දෙමළ භාෂාවෙන් ධර්ම දේශනා පවා පැවැත්වූ බව මට මතකයි. මලලසේකර මහතා මෙහෙම කටයුත්තක්‌ දුරදිග බලා සිදුකළාට අනෙක්‌ වැඩි දෙනා කටයුතු කළේ තමන්ගේ වාසියට පමණක්‌ නිසයි මෙම ප්‍රශ්න මෙහෙම දුරදිග ගියේ. අපි සිංහලයන් වශයෙන් දෙමළ ජනතාව සමග සමගියෙන් යුතුව කටයුතු කරලා අපේ රට තවත් දියුණු කර ගන්න ඕනෑ" යනුවෙනි.

ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන් වශයෙන් පී. ද ඇස්‌. කුලරත්න මහත්මා එදා භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉංගී්‍රසි භාෂා පන්ති ආරම්භ කර ඒ මගින් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ටද ලෝකය පුරා ධර්ම ප්‍රචාරය උදෙසා මග පෑදුවා මෙන්ම මෙසේ මලලසේකර මහත්මා විසින්ද සිදුකරන ලද සේවාවෙන් දැනුමින් සපිරුණු නව සංඝ සමාජයක්‌ බිහිවීමද උන්වහන්සේලා විසින් ඒ අනුකරණයෙන් තව තවත් පහන් දල්වා බුද්ධිමය ආලෝකයෙන් මේ ධර්මද්වීපය ප්‍රභාවත් කරවීමටද මග පෑදීම එකල ලංකාවාසී බෞද්ධයන්ගේම වාසනාවකි. මඩිහේ මහානායක හිමියන් ඇතුළු එම පිරිස රට පුරා තව තවත් දැනුම ප්‍රදීප දැල්වීමටද පියවර තැබුවේද ඒ මලලසේකර පූර්වාදර්ශය අනුවමය.

සෝමසිරි කස්‌තුරිආරච්චි

එතරදී පැවති සාකච්ඡාවක්‌ අතරතුර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.