ලබන සතිය තෙක් දිගටම මහවැසි
තද සුළං සමඟ මුහුද රළු වෙයි
තද සුළං සමඟ මුහුද රළු වෙයි; දිස්ත්‍රික්ක 06 ක නාය
අවදානමක්
ඊයේ මි. මී. 553 ක වැඩිම වර්ෂාපතනය කුකුළේගඟට ...!!!
නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය දිවයින හරහා සහ දිවයින වටා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් ඉදිරි සතිය තෙක් මෙම වැසි තත්ත්වය අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ (26 දා) උදේ 8.30 න් අවසන් වූ පැය 24 තුළදී වීරකැටිය ප්‍රදේශයට මිලිමීටර් 495.5 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර බටුවන්ගල මි.මී. 395.6, පාදුක්ක 387.2, රත්නපුර මි.මී. 348.5, අවිස්සාවේල්ල මි.මී. 314, පෝද්දිවෙල මි.මී. 278, බෙන්තොටවත්ත මි.මී. 258, කිරම මි.මී. 255.2 ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ නිරිත දිග කොටස තුළ වැසි සහ සුළං තවදුරටත් අපේක්ෂා කළ හැකි බවද බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 250 ට වඩා තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
අනිකුත් පළාත්වල විශේෂයෙන් ඌව සහ නැගෙනහිර සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ ගෙවී ගිය පැය 24 ඇතුළත මි. මී. 553 ක වැඩිම වර්ෂාපතනය කුකුලේගඟට ඇදහැලුණු බවට කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට වාර්තා වී ඇත.
මෙම වැසි සමඟ ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර් 50 ක් දක්වා තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනට ඊසාන දෙසින් වූ බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද සුළං සමඟ මුහුද රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 80 ක සහ සෙසු ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 60 - 70 ත් අතර වේගයකින් තද සුළං ඇතිවන බැවින් විමසිලිමත්ව කටයුතු කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක නාය යැම් අවදානම් සහිත දිස්ත්‍රික්ක වශයෙන් නම් කර තිබේ.
ඒ අනුව ඉදිරි පැය 24 තුළ තවදුරටත් අධික වැසි පැවතුණොත් නායයැම් අවදානම් සහිත කඳු බෑවුම්වලින් ඉවත් වන ලෙසද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.