ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 8, 2017

මෙකල විදර්ශනා භාවනා වඩා මඟඵල ලැබිය හැකිද.... ?

විදර්ශනා භාවනාව පිළිබඳව ගැඹුරු ප්‍රාෙයා්ගික භාවනා අභ්‍යාසවල නිරතවීමටද පැරණි මූලාශ්‍ර ඇසුරින් ඒ පිළිබඳව පර්යේෂණය කිරීමටද මුල්වූයේ මාර්ගඵල ඉපිදවීම සඳහා විදර්ශනා භාවනා වැඩීමට මගේ සිතේ කැඩාකල සිට පැවති උනන්දුව අනුව ප්‍රායෝගිකව විදර්ශනා භාවනාවල නිරතවීමෙන් මාලැබු මානසික අභ්‍යාසයයි. වැඩි වශයෙන් පැවිද්දන් සිදුකරන අති දුෂ්කර විදර්ශනා භාවනා අභ්‍යාසවල නිරතවීමට කුඩා කල සිටම මම හුරුව සිටියෙමි. විදර්ශනා භාවනාව පමණක් නොව බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ පැවිදි ජීවිතය වඩාත් සරු කර ගැනීම සඳහා ඔවුන් වැඩීමට පුරුදුව සිටින නව සීවථක භාවනාව, දෙතිස් කුණප භාවනාව, මරණානුස්සතිය, දස අසුබය ආදී කායානුපස්සනා සතිපට්ඨානයට අයත් බොහෝ භාවනා ක්‍රම මානසික අභ්‍යාස කිරීම මගේ පුරුද්දක්ව පැවතිනි.
ගිහි අයට හොඳ නැතැයි කියනු ඇසෙත්ම මගේ සිතට නැගුනේ බුදුරදුන් දේශනා කර ඇත්නම් නිවන් දකින්නට යොග්‍ය නම් ගිහි අය මේවා කිරීමේ ගැටලුවක් නැති බවයි. අනික කිසිවෙකු එපා කියන දෙය කිරිමේ කුඩා පුරුද්දක්ද මට තිබිණ. වෙනත් අය එපා කියන්නේ ඇයි ? එසේ නම් එය කර මා විසින්ම එයට හේතු වටහාගත යුතු යැයි වැටහීමක් මට තිබිණ. ගිහි පැවිදි භේදය තියෙන්නේ මතුපිට ස්ථරය අතරය. මමත් සිවුරක් හැඳි භික්ෂුවක් නම් මගේ මානසික පැවැත්ම තිබිය යුතු පිළිවෙලට අනුව මම විදර්ශනා භාවනා මානසික අභ්‍යාස සිදු කලෙමි. ඒ ආකාරයට ගිහියෙකු ලෙස මතුපිටින් පෙනී සිටිමින්ම ඇතුලතින් එනම් සිත අභ්‍යන්තරයෙන් භික්ෂුවක පරිදිම මම ඉතා දැඩිව හා ගැඹුරු මට්ටමෙන් බෞද්ධ භික්ෂුවක් සිදු කරන සෑම මානසික අභ්‍යාසකම නිරත වූයෙමි. එය මට පසු කාලයකදී බුදු දහම මෙතරම් ගැඹුරු මට්ටමින් අවබෝධ කර ගැනීමට විශාල උපකාරයක් විය.

රහත්ඵලය ලබා දවස් සතකට වඩා ගිහියෙකුව සිටිය නොහැකිය. එක්කෝ පිරිනිවන් පෑ යුතුය නැතිනම් පැවිදි බව ලැබිය යුතු යැයි මා අසා තිබිණි. නමුදු අනාගාමී මාර්ගඵලයට පත්ව ජීවිතාන්තය දක්වාම ගිහියෙකුව සිටිය හැකිබව ද එසේම අසා ඇත්තෙමි. බුද්ධ කාලයේදීම එලෙස අනාගාමීව සාර්ථකව ගිහි ජීවිත ගතකළ අය පිළිබඳවද එසේම අසා ඇත්තෙමි. ඡත්තපාණි උපාසක තුමාද එබඳු අයෙකි. එතුමාට ඡත්තා පාණි යනුවෙන් අන්වර්ථ නාමයක් ඇතිව තිබුණේ එතුමා යන එන සෑම තැනකම අතින් කුඩයක් ගෙන යෑමට ඒමට පුරුදුව සිටි නිසා බවත් නමේ අර්ථයද අත රැඳි කුඩය ඇත්තා යන්න බවත් දැනගතිමි. මටද එතුමා වැනි අයෙකු වීමට හැකි නම් කොයි තරම් දෙයක්දැයි එකල සිට මේ දක්වා මගේ හිතේ තිබේ. අනාගාමීවීමට නම් කාමරාග හා පටිඝ යන සංයෝජන දෙක මුලුමනින්ම ප්‍රහාණය කළ යුතුය. මම විදර්ශනා භාවනා කලේද වෙනත් සමථ භාවනා ක්‍රම ප්‍රගුණ කලේද මේ අදහස හිතේ තබාගෙනය. කායානුපස්සනා සතිපට්ඨානයට අයත් කායික ස්වරූපය මුලික කරගත් භාවනා ක්‍රම පාදක කරගෙන විදර්ශනාව මුලු වැර යොදා භාවනා අභ්‍යාස කලේ මේ පරමාර්ථ සම්පූර්ණ කරගැනීම සඳහාය.ඒ සඳහා මුලීකව භාවනා ගුරුවරු ආරණ්‍ය සේනාසන, භාවනා මධ්‍යස්ථාන, විහාරස්ථාන ආදී ස්ථාන හා පුද්ගලයන් ඇසුරුකොටද පසුකාලයක උසස් මට්ටමින් භාවනාව හුරුපුරුදු වූ පසුව විවේක ස්ථාන ඇසුරු කරමින් හුදකලාව මම තනිවම ද විදර්ශනා භාවනා ක්‍රම විවිධ අයුරින් දැන ඉගෙන ගනිමින් පොතපත පරිශීලනය කරමින් සොයා විමර්ශනය කර පර්යේෂණය කර ඉගෙන දැන කියා ගනිමින් භාවනා කරන්නට වූයෙමි.

විහාරස්ථානවල පොහොය සතරටම නිතිපතා දස සිල් සමාදන්ව විසීමට මම පුරුදු වූයෙමි. එසේම සිල් සමාදන්ම මුලු දිනය පුරාම පසුදින වන තෙක් ඒ සිල්පද සියල්ල අකුරටම ආරක්ෂා කිරීමට මෙන්ම සිල් සමාදන්ව මුලු දිනයම භාවනානුයෝගීව ගත කිරීමට මම හුරුවූයෙමි. මගේ නිත්‍ය ශිලය බ්‍රහ්මචර්ය පංචශීලය ද බ්‍රහ්මචර්ය ආජීව අෂ්ටමක ශීලය බවටද පත්කරවා ගතිමි.නමුත් මෙවා සියල්ල මගේ චිත්ත අභ්‍යන්තරයට ඇතුලත ප්‍රතිපදාවට පමණක්ම සීමා කර ගත්තෙමි. පිටට මතුපිටට කිසිදු වෙනසක් නොපෙන්වූයෙමි. එබැවින් මම මේවා කරනවා කියා මම හැර වෙන කිසිදු පුද්ගලයෙකු නොදැන සිටීම කිසිවෙකුගේ ප්‍රශ්න නැගීමකින් තොරව හුදකලාවම මේවා ප්‍රගුණකිරීමට මට ලොකු උපකාරයක් විය. කුඩා කල පාසලේදී යෝගී භාවනා කර ලබා තිබූ පුරුද්ද අනුව යෝග අභ්‍යාස වැඩීමටමද යෝගී ඉරියව් ආසන ආදිය ප්‍රගුණ කර ඒ අනුව දිගු වේලාවක් එකම ආසනයක ගත කිරීමටද මම පුරුදුව සිටියෙමි. එය මට විදර්ශනා භාවනාව එකම ඉරියව්වකින් යුතුව වඩා වැඩි කාලවේලාවක් තුළ මානසික අභ්‍යාසයෙහි නිරතව සිටීමට විශාල උපකාරයක්ද විය.
විහාරස්ථානවලට ගොස් උදේ සිට රාත්‍රි වනතුරු එකම ඉරියව්වේ වාඩිවීහිඳිමින් භාවනාකරන්නට පුරුදු වී සිටියෙමි. එය දකින බොහෝ දෙනෙක් භාවනා ක්‍රම හා භාවනා කිරීමට අදාළ ගුරුහරුකම් පිළිබඳව මගෙන් විමසන්නට වූ බැවින් මම එය බාධාවක් කොට සලකා හොර රහසේ විවිධ ස්ථානවලට වී සිට භාවනා කරන්නට පටන්ගත්තෙමි. සමාජයේ අනිත් අයගේ සැගවී සිට භාවනා කරන්නට පුරුදුවූයේ අනිත් අයගේ ඇසට ලක්වී ඒ අයගේ විවිධ විමසුම් වලට ප්‍රතිඋත්තර බඳින්නට සිදුවීමෙන් මගේ භාවනාවට බාධා පළිබෝධ ඇතිවන්නට වූ බැවිනි. පසු කාලයක මගේ නිවසේ මගේම කාමරයේ එක් ස්ථානයක් විදර්ශනා භාවනා වැඩීම සඳහාම වෙන් කරවා ගෙන දවසේ නියමිත කාල වේලාවක් තුළ විදර්ශනා භාවනාව අනුක්‍රමයෙන් දියුණු තියුණු ගැඹුරු මට්ටමකට පත්කරවාගනිමින් වැඩීමට පුරුදුව සිටියෙමි. මම භාවනා දියුණුව ලෙස සලකනු ලැබූවේ වෙනත් අය මෙන් අහසින් යෑමට හෝ විවිධ සෘද්ධිවිධ මැවීම් ඉන්ද්‍රජාලික දේ කරබැලීමට වැනි ලෞකික අරමුණු මුදුන්පත් කරවා ගැනීමට නොවේ.එය මගේ සිත් කොණකවත් අරමුණක් නොවිය. මගේ අරමුණ වූයේ අට ලෝ දහමේ අකම්පිත බව සිතට ඉතා තදින් කාවැද්දීම පිණිස විදර්ශනා භාවනා වැඩීමයි. මේ අනුව මගේ භාවනාවේ ප්‍රතිඵල ලෙස මා විසින් සොයා බැලීමට වෙහෙසවූයේ මගේ හිතට අට ලෝ දහම අනුව කම්පිත බව දැනෙන්නේද යන කාරණයයි. මේ අනුව ප්‍රධාන වශවෙන්ම කාමරාග හා පටිඝ යන සංජායෝන මගේ හිතෙතුළ කුමන මට්ටමෙන් හා කුමන ප්‍රමාණයෙන් ක්‍රියාත්මකව පවතින්නේදැයි යන්න මත මගේ විදර්ශනා භාවනා දියුණුව මැන ගැනීමට මට හැකියාව ලැබිණි. කාමය හා තරහව වගේ සිත තුළ ක්‍රියාත්මකව පවතින ස්වරූපය හා මට්ටම අනුව මගේ විදර්ශනා භාවනාවේ දියුණුව මටම දැනගත හැකිවිය. ඇතැම් අවස්ථාවලදී මගේ සිතේ දින ගණන් සති ගණන් මාස ගණන් මෙම කාමය හා තරහව නැතිව කල්ගත කිරීමට මම හුරුවීමි. මෙය මගේ විදර්ශනා භාවනාවේ දියුණුව බව මම දැන ගතිමි. ඒ අතරතුරු විශුද්ධි මාර්ගය, පාලි විමුත්ති මග්ගය ආදී ඉතා පැරණි විදර්ශනා භාවනා ගුරුකුලවල පැවතී තිබූ විදර්ශනා භාවනා වැඩීමේ විවිධ ක්‍රමවේද සොයාමින් පර්යේෂණය කරමින් පොත්පත් සොයායමින් විවිධ ගුරුඋපෙද්ශ ලබමින් උසස් අධ්‍යාපන කටයුතු මේ අරමුණ ඔස්සේ රැගෙන යමින් මගේ විදර්ශනා භාවනාව දියුණු තියුණු කරගැනීමට මම වෙහෙස ගත්තෙමි.
විහාරස්ථානයක එළිමහනේ දිනපතා දිගු වේලාවක් විදර්ශනා භාවනාවල නිරතව සිටිනවිට එය දකින බොහෝ අය මට බාධා කරන බැවින් මගේ නිවසේ විදර්ශනා භාවනා වැඩීමට පුරුදුව සිටියෙමි. නිවසේ වුවද දහවල් කාලයේදී භාවනා කරනවිට නිවසට යන එන අය හා නිවසේ සිටින මව නැගෙණිය එය දැක මගෙන් ඒ පිලිබඳව විමසා මට බාධා ඇති කරන බැවින් නිවසේ වුවද සියලු දෙනා නින්දට වන්කල රාත්‍රී කාලයේදී විදර්ශනා භාවනා වැඩීමට යොමු වූයෙමි. මේ අනුව මව හා නැගෙණියද මමද නින්දට යන කාලපරිච්ඡේදයතුළ විදර්ශනා භාවනා කිරීමට යොමුවීමි. ඒ අනුව නිදි ඇඳ මත සයනය කරන ඉරියව්වෙන්ම විදර්ශනා භාවනාවට යොමුව දහවල් කාලයතුළ එය අඛණ්ඩව සිදු කරන්නාක් පරිද්දෙන් අනුක්‍රමිකව භාවනාකරන කාලවේලාව දිගුකරමින් දිගු වේලාවක් විදසුන් වැඩීමට යොමු වීමි. මේ අනුව දිනපතාම මේ ආකාරයටම කිසිවෙකුහට නෙහැඟෙන ලෙස ඉතාම ගැඹුරු හා දිගුකාලයක් විදර්ශනා භාවනාව රාත්‍රිකාලයේ සිට පසුවදා පහන්වන තෙක්ම සිදු කිරීමට මට හැකියාව ලැබිණ. අනුක්‍රමිකව මම සමාධිය හා ප්‍රඥාව ඇතිවන ආකාරයට විදර්ශනාව දියුණු තියුණු කලෙමි.විදර්ශනා භාවනාවෙන්ම සිත සමාධියට පත්කරගෙන විසූ කාලසීමාවතුළ මගේ සිරුර ශල්‍යකර්මයකට ලක්කළද කිසිදු වේදනාවක් සංඥාවක් නොදැනෙන මට්ටමට ඉතා ගැඹුරු සමාධියකට පත්ව එය පාදකකරගෙන ප්‍රඥාව ඇතිකරගනිමින් වඩවඩාත් විදර්ශනා භාවනාව දියුණු මට්ටමට ගෙන ආවෙමි. විදර්ශනා භාවනානුයෝගීව ගැඹුරු සමාධියක හුන් කාලපරිච්ඡේද තුළ මට මේතාක් නොවැටහුණු යම් යම් වැටහීම් යම් යම් දර්ශන ඇතිව නැතිව යන්නට විය. මගේ ශරීරයේ තිබුණු සියලු බර ඉවත්ව මා පුලුන් රොදක් සේ සැහැල්ලුවට පත්ව ඒ මේ අත පාවෙන්නක් සේ දැනින.සකල ශරීරය පිනා යන ආකාරයේ විශාල සතුට මුසු ප්‍රීතිවේග ඇතිවිය. විශාල විදුලි බුබුළු දහස් ගණනක් එක්විට දැල්වූවාක් පරිද්දෙන් විශාල ආලෝක දර්ශනයවිය. මගේ ශරීරය සැහැල්ලුවට පත්ව එය මුලුමන්ම ආලෝකයක් විශාල විදුලි බුබුලක්ව දැල්වෙන්නක් ලෙස පෙනිනි. සියලු ශරීරයේ සියලු හැගීම්දැනීම් සියල්ල නැතිව ගොස් සිරුර මුලුමනින්ම නිර්වින්දනය කළාත් සිරුර ඉවතටගත් ලෙසට සියලු බර නැතිව ගියාක් සේ දැනින.මගේ මුලු සිරුර පුරා ඉතා පිළිකුල් සහගත ලෙසට සර්පයන් විශාල ප්‍රමාණයක් ඒ මේ අත ගමන්කරමින් නලියන්නාක් පරිද්දෙන් විදුලි ආලෝකයක් ගමන්කරනු දැනින. මොළයෙන් ආරම්භව ඒ විදුලි දහරාව සිරුරේ සෑම රෝම කූපයක් කරාම ගමන්කරන්නාක් ලෙස දැනින.මගේ සිරුර අතුරුදන්ව ඒ වෙනුවට ආලෝකයෙන් පමණක් නිර්මිත ඉලෙක්ට්‍රෝනික සිරුරක්බවට එය පරිවර්තනයවී ඇත්තෙක් ලෙස මට දැනින. සිහිය ඉතාම දියුණුව තියුණුව වර්ධනය වෙමින් පැවතිනි. සිහි කරන මාත්‍ර පමණකින් සුලු දෙයක් ක්ෂණිකව සිහියට නැඟිනි. විදර්ශනා භාවනාව ස්වයංක්‍රීයව ඉදිරියට ගමන්කරන්නාක් පරිද්දෙන් මගේ අල්ප උත්සාහයක්වත් නොමැතිව මෙතැන් සිට ඉදිරියට අනුක්‍රමිකව දියුණු තියුණු වෙමින් පැවතින.මට දැනෙන හැම දෙයක්ම ඇතිනැතිව යන බව සලකා අල්ලා ගැනීමක් නැතිව අනිත්‍ය, දුක්ඛ හා අනත්ත ලක්ෂණත්‍රයට නඟා ඒවාද විදර්ශනා කලෙමි.මේ හැම දෙයක්ම ඉතා සියුම් ඉලෙක්ට්‍රොනික අංශු බවට පරිවර්තනය වෙමින් සිතා ගැනීමටත් නොහැකි වේගයකින් ඇති වෙමින් නැති වෙමින් සියුම් දූලි වලාවක ආකාරයෙන් දර්ශනය විය. මේ හැම දෙයකම අනිත්‍ය දුකඛ අනත්ත බවම මට හැඟිනි. අවබෝධවිනි. පසුදා පහන්වූ විට භාවනාව අවසන් කරද්දී මගේ සිතද නිවී පහන්ව ගොස් තිබිණ.


ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.