හිටපු
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ උපදෙස් මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට
මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස
මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති
ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. (04) බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා
දෙමින් ඔහු මේ බව කියා සිටියා.
මින් පෙර කිසිදු වර්ෂයක මෙපමණ මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අච්චු ගසා නොමැති බවයි ඔහු සදහන් කලේ.
නන්දලාල් වීරසිංහ ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සිදුවූ දින පෙරවරුවේ රැස්වූ වෙළද පොළ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.
අර්ජුන් මහේන්ද්‍රන් එදින එම කමිටුවට පැමිණ ප්‍රකාශ කර ඇත්තේ පොලි අනුපාත ඉහළ දමන ලෙසයි.එය සිදු කල හැක්කේ මූල්‍ය මණ්ඩල තීරනයකින් පමණක් බව නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කල අවස්ථාවේදී හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එසේ නම් 05 % ක්ව පැවති විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ඉවත් කරන ලෙසයි.
කෙසේ වෙතත් ඊට සාක්ෂිකරු විරුද්ධවී ඇත්තේ ඊට දින 05 කට පෙර පොලි අනුපාතය වෙනස් නොකිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කල බව සදහන් කරමින්.කෙසේ වෙතත් අර්ජුන් මහේන්ද්‍රන් විසින් එම පොලි අනුපාතය ඉවත් කරන ලෙසට දිගින් දිගටම උපදෙස් ලබා දී ඇත්තේ වසර 30 කින් කල් පිරෙන බැදුම්කර එදින නිකුත් කිරීමට නියමිත බවත් ,විදෙස් ආයෝජකයින් ආකාර්ෂණය කිරීමට අවශ්‍ය බවත් සදහන් කරමින්.ඒ අනුව ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සිදුවූ දිනයේ පොලි අනුපාතය ඉහළ යෑමට මුල්වූ 5% ක්ව පැවති විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය ඉවත් කිරීමට කටයුතු කල බව නන්දලාල් වීරසිංහ බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවා.
අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය මණ්ඩලයේ අවසරයකින් තොරව ඍජු ස්ථානගත කිරීම් හරහා බැදුම්කර මිලදී ගැනීම නැවැත්වීමට කටයුතු කල බවද සාක්ෂිකරු විසින් පවසා ඇත.ඒ හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට සිදුවූ බවද මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කළා.

ව්‍යවහාරයේ
පවතින රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව
ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.මේ වන විට ව්‍යවහාරයේ පවතින රුපියල් 5000
නෝට්ටුවල අත්සන් තබා ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රයි.
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සදහන් කලේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිධූරයට පත් කරන අවස්ථාවේදී ඔහු ලංකාවේ පුරවැසිකම ලබා ගෙන සිටී බවයි.
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කරන ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපති ධූරය භාර ගන්නා විට ඔහුගේ පුරවැසිභාවය ගැන කිසිදු ගැටළුවක් නොතිබුණු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
මේ තත්වය යටතේ දැනට නිකුත් කර ඇති රුපියල් 5000 නෝට්ටු අවලංගු කිරීමේ කිසිදු තීරණයක් ගෙන නැති බවද අමාත්‍යවරයා සදහන් කළා.
අර්ජුන් මහේන්ද්‍රන් මෙරට පුරවැසියෙකු නොවන නිසා ඔහුගේ අත්සනින් මුද්‍රණය ඇති රු .5000 නෝට්ටුවල කිසිදු වලංගුතාවයක් නොමැති බවට ඒකාබද්ධ මන්ත්‍රිවරුන් පසුගියදා චෝදනා කළා.ඒ චෝදනා වලට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.