ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 14, 2017

එදා මහින්ද පතුරු යැවූ කෙහෙල් ගෙඩියා මෙදා මහින්ද හමුවේ

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ පිළිබද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ  ඊයේ රාත‍්‍රියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  මුණ ගැසී තිබේ.
රාජපක්‍ෂගේ බාල නැගණියගේ මරණයෙන් පසු පැවති හත් දින බණ සදහා පැමිණි සුජීව සේනසිංහ  හිටපු ජනාධිපතිවරයා සමග ඉතා සුහදශීලිව අදහස් හුවමාරු කර ගත්තේය.මහින්ද හමුවේ  ඡායාරූප


රාජ්‍ය ඇමතිවරයා එම නිවසෙන් පිටත්ව ගියේ බොහෝ වේලාවක් රැදී සිටීමෙන් පසුවයි. මෙවන් තුප්පහි දේශපාලන අපතයන් ගැන දර්ශණ ගේ විවරණ වීඩියෝව පහත

පහත ඇත්තේ උපුටා ගැනීමකී
ජනවාරි 08 ජනාධිපතිවරණ සමයේ සුජීව සේනසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (එවකට) විවිධ අවස්ථාවල මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුල් රෙජීමයේ අය ගැන හාස්‍යෝත්පාදාත්මකව කතා කළ වීඩියෝ පට ෆෙස්බුක් හරහා හුවමාරු විය. මහින්දලාගේ හොරකම, මැරකම සුජීව නිතර නිතර ඉස්මතු කළ හැටි අපට මතකය. නමුත් සුජීව සේනසිංහ යනු කවුද යන වග බලයට පත් වීමෙන් පසුව කෙමෙන් කෙමෙන් හෙළිදරවු වන්නට පටන් ගැනුණි. කොටින්ම කියනවා නම්, සුජීව සේනසිංහ හුදෙක්ම කිසිදු රහක් නොමැති සංදර්ශනකාමී විහිළුකාරයෙකු පමණක් බව දැන් ජනතාව පිළිගෙන හමාරය. වැඩ අච්චාරු කරගත් නළුවෙකි!
මෑතකදී සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය වන්නට පටන් ගැනුණු පුවතකට අනුව ඔහුගේ සහෝදරයා හෝටලයක ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකුට තම සහෝදර නියෝජ්‍ය ඇමැත්තාගේ හයිය ගෙන තර්ජනය කරන සිදුවීමකට ප්‍රචාරය ලැබිණ. මේ වන විට මෙම සිද්ධියට අදාළ තරමක් විස්තරාත්මක සටහනක් කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළ වී තිබේ. මේ පුද්ගලයා සිංහල අයෙකු වුවද ඔහු වවාගෙන සිටි රැවුළේ ස්වභාවය නිසා මුස්ලිම් ජාතිකයෙකු යැයි අනුමාන කරන සුජීවගේ සොයුරා “අඩෝ….අපි සිංහල බෞද්ධයො” යන්න සිහිපත් කරන්නේ ඇයිද යන වග පැහැදිලි කර ගැනීමට අසීරු නැත. ඇයි මේ හදිස්සිය? Namal Senasingheසුජීවගේ සොයුරා වන නාමල් සේනසිංහ නමැත්තා මේ වන විට තම ෆේස්බුක් ගිණුමේ අපූරු ‘නිදහසට කාරණාවක්’ ද පළ කර ඇති අතර නොදැනුවත්ම හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සරමද වක්‍රාකාරයෙන් ගලවා ඇති බව ජනපතිතුමාට හිතවත් අය මතක් කර දුනහොත් අඩුම තරමින් මේ සිද්ධිය ගැන එතුමා ‘ඇහැරෙනු’ ඇත.
“මෛත්‍රීපාල සිරිසේන මගේ ඇඳේ බුදියාගෙනත් තියෙනවා” ඔහු පළ කර ඇති සටහනට ඔහු විසින්ම කොමෙන්ටුවක් තබමින්එසේ කියා ඇත. මහින්දවාදීන් මෛත්‍රීපාල සිරිසේනට අපහාසාත්මක ප්‍රකාශවලින් පහර දීමේ පුදුමයක් නැත. දේශපාලනයේදී කොහොමත් පක්ෂ-විපක්ෂ අතර එවැනි සිදුවීම් වැළැක්විය නොහැක. එහෙත්, තම ආණ්ඩුවේ ඇමතිකම් දරමින් සිටින කට්ටියගේ අයියලා මල්ලිලාත් තමන්ව නම් සඳහන් කරමින්ම පීචං කරමින් සිටීම කුජීතය!
එක අතකින් වාර්ගික හිංසනයත්, අනෙක් අතින් මැරකමත් නිර්වචනීය ලක්ෂණ කරගෙන සිටි රෙජීමයක් ඉතාම සාධාරණ ඡන්දයකින් පරාජය කොට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බලාපොරොත්තු දල්වා ගෙන බලයට ගෙන ආ ආණ්ඩුවක් පවතින මොහොතක මෙවැනි රස්තියාදුකාර හැසිරීම් බලාපොරොත්තු වීම කිසිසේත්ම කළ හැකි නොවේ.
මේ අතරම, මෑතකදී ඇති වූ ගංවතුර ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ මුවාවෙන් අනුන්ගෙන් එකතු කළ සහන ද්‍රව්‍ය මලුවල මත සූජීව සේනසිංහ තම නම ගසා ඉතාම සදාචාර විරෝධී දේශපාලනික ව්‍යාපාරයක නිරත වීම විවේචනය කිරීම මත මේ සිද්ධියට මුහුණු දුන් පුද්ගලයාට ෆෙස්බුක් හරහා සූජීව තර්ජනාත්මක පණිවුඩක් එවා තිබුණු බවද කලම්බු ටෙලිග්‍රාෆ් පුවතේ දැක්වේ. පණිවුඩය මෙසේය: “කැ"යා හු"වනවා”.
අමුතුවෙන් කරන්නට දෙයක් නැත, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බොහෝ බලාපොරොත්තු දල්වාගෙන ‘යහපාලන’ ආණ්ඩුවට ඡන්දය දුන් අපට දැනටමත් කෙරෙමින් පවතින්නේද එහෙමය!
මේ ගැන ජනාධිපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ බරපතල අවධානය යොමු විය යුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.