ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 8, 2017

හවුලේ රට කන දේශද්‍රෝහී දේශපාළුවෝ....!!!

දේශපාලන බලපෑම හේතුවෙන් එෆ්.සී.අයි.ඞී.ය වසා දැමිම සදහා සුදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.අද පැවැති ජවිපෙ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ FCID සේවය කළ නිලධාරීන්ට අවලාද නගන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
“මේ අණ්ඩුවට ලැබුණු ජන වරම වුණේ දුෂිතයින්ට දඬුවම් දීමයි. මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාට දුෂිතයින්ට දඬුවම්දීමට ලැබුණු ජන වරම අනුවයි එෆ්.සී.අයි.ඞී. හැදුවේ. ඒ මගින් සිදු කෙරුණේ දුෂිතයන්ට එරෙහිව පැමිණිලි සකස් කිරීම, ලිය කියවිලි සකස් කිරීම කාර්යක්‍ෂම කිරීමයි. මුල් කාලයේ එෆ්.සී.අයි.ඞී. වේගයෙන් කටයුතු කළා. නමුත් මෑත කාලයේ සිට එම ආයතනයට දේශපාලන බලපෑම් එල්ල වුණා. දුෂිතයන්ට එරෙහිව නඩු පැවරීම ප‍්‍රමාද වුණා. ඇතැම් දුෂිතයන්ට එරෙහිව ලිපි ලේඛන අගමැති කාර්යාලයට ගත්තා. දැන් එම දේශපාලන බලපෑම වැඩි වෙලා එෆ්.සී.අයි.ඞී.ය වහලා දාන්න හදනවා. ඒ විතරක් නෙවෙයි එහි සේවය කළ නිලධාරීන්ට අවලාද නගන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. දැන් මේ ආණ්ඩුව තමන්ට ලැබුණු ජනවරම පැත්තකට දාලා තමන්ගේ අරමුණුවලට කටයුතු කරන්න පටන් අරනෙ තියෙනවා.”

“මේ ආණ්ඩුව බලයට පත්වෙන කොට නාස්තිය අඩු කරනවා කිව්වා. හිටපු ජනාධිපතිවරයාගේ 1500ක් තරම් විශාල වාහන සංචිතය ගැන විවේචන කළා. ඇමති මණ්ඩලයේ බර ගැන කිව්වා. නමුත් දැන් අවස්ථා ගණනාවකදීම වාහන ගේන්න පරිපූරක ඇස්තමේන්තු දාලා තිබෙනවා. එක වෙලාවක මන්තී‍්‍රවරුන්ට වාහන ගේන්න කෝටි 119ක් වෙන් කළා. තවත් අවස්ථාවක ඇමතිවරුන්ට වාහන ගේන්න කෝටි 57ක් වෙන් කළා. දැන් ඇමතිවරු කිහිපදෙනෙක්ට වාහන සඳහා කෝටි 33ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරලා තිබෙනවා. මීට පෙර අගමැතිවරයාට වෙඩි නොවදින වාහන 2ක් ගේනන රු. කෝටි 60ක් වෙන් කර ගතත්තා. ජනාධිපතිවරයාට වාහන ගේන්න කෝටි 60ක් වෙන්කරගත්තා. පහුගිය ආණ්ඩුවට තිබුණු සුුපුරුදු රථ ගායම මේ ආණ්ඩුවටත් හැදිලා. මීතොටමුල්ලේ මියගිය පුද්ගලයෙකුට රු. ලක්‍ෂයක් දෙන්න අදිමදි කරන ආණ්ඩුව රථ ගායට කෝටි ගණන් ඇස්තමේන්තු දානවා.”
“කිසිම මන්තී‍්‍රවරයෙක් තී‍්‍රවීල් රථයක බර කරත්තයක යන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. හැම මන්තී‍්‍රවරයෙකුටම තමන්ට ඕන සැප වාහනයක් ගන්න වාහන බලපත‍්‍රයක් දෙනවා. ඒ වාහනය තිබියෙදී තමයි අමාත්‍යාංශ වියදමින් ලක්‍ෂ 350, 400, 450 වාහන ගේන්න හදන්නේ. අගමැතිවරයා ණය බර ගැන නිතර කතා කරනවා මුදල් ඇමතිතුමා ලක්‍ෂ ගණන් විදයම් කරලා පත්තරවල ඇඞ් දාලා ණය බර ගැන ජනතාව දැනුවත් කරනවා. එහෙම තියෙද්දී ඇමතිවරුන්ට වාහන ගෙන්වන්න කෝටි ගණන් වියදම් කරනවා. මේ ඇමතිවරුන්ගේ වාහන උන්මාදය සුව කරනකම් එම නාස්තිය වළක්වන්න පුළුවන්කමක් නැහැ.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.