මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමි ප්‍රදේශවලට අද (29) අලූයම සිට තද සුළං තත්ත්වයක් පවතිනවා. අධික සුළගත් සමග ප්‍රධාන මාර්ග වලට ගස් වැටීමේ අවධානමක්ද පවතිනවා. අධික සුළං තත්ත්වයත් සමග වරින් වර විදුලියද විසන්ධි වන අතර සුළං තත්ත්වයත් සමග සුලූ වර්ෂා පතනයක් සහ ඝණ මිදුමි තත්ත්වයත් මතුවි තිබෙනවා.
මේ අතර දිස්ත්‍රික්ක 07කට පැනවූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට හා නුවරඑළිය එම දිස්ත්‍රික්ක 07යි.
වැසි ඇති වූ වහාම නායයාම් අවදානම් සහිත ප්‍රදේශවලින් ඉවත් වන ලෙසටයි ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙන්නේ.