1979
සිට 1990 දක්වා කොත්මලේ හරංගල මහා විද්‍යාලයාධිපති ලෙස
අවුරුදු දහ තුනකට වැඩි කාලයක් මම සේවය කළෙමි. ඒ කාලය තුළ
"කොත්මලේ සංස්කෘතිය හා සාහිත්‍යය" නමැති ග්‍රන්ථය 1985 ලියා
පළකළෙමි. ඉන් පසු "කොත්මලේ ගැන සමරු සටහන්" ග්‍රන්ථය පළකළෙමි.
ගැමුණු කුමරු ගැන කොත්මලේ ජනයා අදත් කතා කරනුයේ දැඩි
ආඩම්බරයකිනි. වර්ග සැතපුම් හැට දෙකක් පුරා කොත්මලේ විහිදී ඇත.
ඉන් තුනෙන් එකක ප්‍රමාණයක් විවිධ හේතූන් මත අද කොත්මලේට අහිමි
වී ඇත.
1.
කොත්මලේ ගැමුණු කුමරුට පෙර ඒ පරපුරේ අය ගැන තොරතුරු
ජනප්‍රවාදවල එයි. ගැමුණු කුමරුගේ පියා වූ කාවන්තිස්ස රජු එයට
පෙර භවයක බුදුන්හිටි ලෙන නුදුරු අවරුප්පල ගල්ලෙන අසල ප්‍රධාන
වැද්දකුව ඉපිද හිමි නමකට උවටැන් කොට ඒ පිනෙන් පසුකල රජ පවුලක
ඉපදුණු බව පාලි සහස්සවත්ථු පාලි රසවාහිණී, සද්ධර්මාලංකාරය
කියයි. මෙම බුදුන්හිටි ලෙන එහි විසූ දැවැන්ත නාගරාජයා එහි තිබූ
ඉපැරැණි ඇටඹ ගහ 1980 ජනවාරි 25 වෙඩි දමා පුපුරවා ඉවත් කළේය. ඒ
කොත්මලා බැම්ම බැඳීමටය.
2. ගැමුණු කුමරුගේ මව වූ විහාර දේවියගේ කිට්ටු නෑයෙකු වූ
කැලණි රාජ්‍යයේ සිට උත්තිය කුමරු කඳුරටට පලා අවුත් කටුබුළුගම
ඉදිකොට වාසය කළේය. විහාරදේවිය උත්තිය කුමරු දැකීමට ආ විට
පුසුල්පිටිය වැඳීමට පැමිණි බව ජනකතාවල කියයි. පෑතිස් රජුකල
(ක්‍රි.පූ. 250-210) වැඩම වූ ජය ශ්‍රී මහා බෝධියේ අංකුර
හතළිස් හතරෙන් එකක් පුසුල්පිටියේ පිහිටු වූ බව "සිංහල
බෝධිවංශය" කියයි.
3. මහාවංශය අනුව ගැමුණු කුමරු ඊට පෙරභවයේ "කොට්ඨ" හෙවත්
කොටගෙල වෙහෙර අකාලයේ මියගිය ගිලන් භික්ෂුවක්.
4. ගැමුණු කුමරු උපදින විට ලංකාවේ රජරට පාලකයා වූයේ එළාරයි.
ඔහු ක්‍රි. පූ. 205-161 අතර රජකළ බව ගයිගර් චූලවංශ දෙවැනි
කාණ්ඩයේ කියයි.
5. මහාවංශය එළාර ධාර්මික රජෙකු ලෙස වර්ණනා කරයි.
6. වංශකතා අනුව කාවන්තිස්ස මාගම රජ පරපුරට අයිතිය. ඔහු
අවුරුදු හැටක් රජකළ බව "රාජාවලිය" කියයි. ඉතිහාස ග්‍රන්ථවල
ඔහුගේ රාජ්‍ය කාලය දක්වා නැත. කැලණි රජ පරපුරට අයත්
විහාරදේවිය කුමරිය මුහුද ගොඩ ගලනවිට මුහුදේ පාකර යවන ලදුව
කිරින්දට පාවී කාවන්තිස්සගේ අගබිසව විය. ඇය රජුට වඩා
දෙගුණයක් වයසින් අඩුවිය. සද්ධර්මාලංකාරය කාවන්තිස්ස වස්තුව
අනුව කාවන්තිස්ස ඇය පවා ගන්නා විට ඇගේ වයස දොළහක් විය. ඇය
පාවා ගැනීමෙන් කාවන්තිස්ස කැලණිය හිමිකර ගෙන දේශපාලන
විවාහයක් සිදුකර ඇත.
7. සීහළවත්ථු හෙවත් "ඉතා පැරැණි සිංහල බණ කතා" ග්‍රන්ථයේ 48
කතාව අනුව කාවන්තිස්ස හා විහාරදේවිය රජකුල දෙකක ඉපිද එකට වැඩී
තරුණ කළ විවාහ වූ බව කියයි. යාල කොටා දැමූ හෙළ ලෙන් ලිපි දහ
හතරක "ගවෙර" නමින් හඳුන්වන්නේ විහාර දේවියයි. ධාතුවංශය හා
සියම් රටේ ලියෑවුණු "ජිනකාලමාලී" පාලි ග්‍රන්ථය දේවි බිසවට"
චුල්ල පිණ්ඩපාතික තිස්ස" නමින් පැවිදි සහෝදරයකු සිටි බව
කියයි.
8. ගැමුණු කුමරු ගැන ලාංකික වංශකතාවලට වඩා කාම්බෝජ අකුරින්
ලියෑවුණු කාම්බෝජ මහාවංශයේ වැඩි විස්තර රැසක් එයි. මහාචාර්ය
මළලසේකර මේ ග්‍රන්ථය "එක්ස්ටෙන්ඩඩ් මහාවංශ" නමින්
ඉංග්‍රීසියට පරිවර්තනය කොට ඇත.
9. කාවන්තිස්ස දේවී දෙපළගේ වැඩිමල් පුතා ගැමුණුය. පිය රජුගෙන්
එලාර සමඟ සටනට තුන් වරක් අවසර ඉල්ලා පියරජු අවසර නුදුන් විට
කුමරු පියාට ස්ත්‍රී පළඳනා යවයි. කිපුණු රජු කුමරු අල්ලා සිර
කිරීමට නියම කරයි. එහිදී පිය රජුගේ දඬුවමින් මිදීමට කුමරු
රුහුණෙන් පලායයි. පැරැණිම වංශකතා වූ දීපවංශයේ කුමරු පලායැම ගැන
තොරතුරු නැත. මහාවංශය 24.07 ගාථාව ඔහු කඳුකරයට පලාගිය බව
කියයි. මහාවංශය ඉංග්‍රීසියට නැඟූ ගයිගර් ඒ පාඨය 'Fled went
anger to malaga' යනුවෙන් ඉංග්‍රීසියට නඟයි. අනුරාධපුර අග කළ
ලියෑවුණු මහාවංශ ටීකාව අනුව කුමරු "කොට්ඨ" හෙවත් කොත්මලේට
පලාගිය බව කියයි. මහනුවර කළ ලියෑවුණු "රාජාවලිය" අනුව කුමරු
මුලින් ගිලීමලේට ගොස් ටික දිනක් වාසය කොට පසුව කොත්මලේට එයි.
10. මේ අනුව කොත්මලේට කුමරු පලා ආ බව ජනප්‍රවාද හා පසුකාලීන
වංශකතා කියයි.
11. කුමරු රුහුණින් පලා ඒමට හේතුව පියරජුගේ කිපීම, පිය රජුගේ
දඬුවමින් මිදීමයි. කුමරු පලායන බව මව දැන සිට ඇත. ඒ අනුව
කුමරුට බත්මුලක් ගමනට බැඳ දුන්නේ මවයි.
12. වර්ග සැතපුම් පනස් පහක් වූ කොත්මලේ පිහිටි කොටගේපිටිය
අඩි 3500 උස ඉතා දුෂ්කර හුදකලා ගම්මානයකි. ගමට යැමට අදත් ඇත්තේ
ලිස්සන පඩි පමණි. ගම අක්කර හැටක් පමණ කුඩාය. අද කොත්මලේ
ජලාශය නිසා පුපුරා බිම ඉරිතලා ඇත. එහි පිවිසුම් දොරටුව
කඩදොරයි. අතීතයේ දෙහෙඳු කඩුල්ල අසල විශාල නුග ගසක් තිබී ඇත.
13. පැරැණිම ග්රන්ථයක් වූ "සීහළවත්ථු" (ඉතා පැරැණි සිංහල බණ
කතා) අනුව කුමරු පලා ආවේ තනිව නොමේ. සේවකයකු ද සමඟයි. එහි 47
කතාව අනුව කිසිවකු කුමරු හඳුනා ගත්තේ නැත. කුමරුගේ අනාගතය දුටු
මලියදේව හිමි ඇතුළු හතර නමක් එහි වඩිති. එවිට ස්ත්‍රියක්
ලබු කැටයක කිරිබත් පුරවා ගෙන එයි. ඒ කොංගු ධානයෙන් කළ
කිරිබත්ය. කුමරු බොහෝ වේලා නැඟූ පබ්බත අසළ නාඟුගම නැවතී
සිටියත් කිසිවකු ඔහුට කතාකළේ නැත. කුමරු තම කන් පළඳනාව විකුණා
කොංගූ කිරිබත් ගෙන මලියදේව හිමි ඇතුළු පිරිසට පූජා කරයි. ඒ සමඟ
ලැබුණු දීකිරි කළයක් ද හිමිවරුන්ට පූජා කරයි.
14. මහාවංශයේ පසු තොරතුරු අනුව කුමරු "කොට්ඨ" නම් කඳුරට වාසය
කරන විට "අක්ඛකායික" සාගතය ඇතිවිය. මහාවංශ ටීකාව අනුව කුමරු
කොටගේපිටියේ සැඟවී සිටියදී මේ සාගතය කඳුරටේ පැතිර ඇත.
"අක්ඛකායික" යනු නොමේරූ බුළු කෑ සාගතය ලෙස මහාවංශ ටීකාව
විස්තර කරයි. රජුකලට පසුව රජුගේ මරණ මොහොතේ පවා සාගතය කල රජු
දුන් දානයක් ගැන කුමරු සිහි කර ඇත.
15. එච්. ඒ. පී. අබේවර්ධන ලිවූ "කඩයිම් පොත් විමර්ශනය"
ග්‍රන්ථය අනුව එදා කොත්මලේ රුහුණු රටට අයිති විය.
ඒ අනුව කොටගේපිටිය කුමරු සැඟවී සිටි කොටගේපිටියද රජරටට ඈත
ගම්මානයක් විය.
16. දුටුගැමුණු රජු පිළිබඳ ජනශ්රැති "නමැති සංස්කෘතික
දෙපාර්තමේන්තුව පළ කළ ජනකතා එකතුව අනුව මව දුන් බත්මුල රැගෙන
කුමරු එදා කඳුරටට යන නැවතුම්පළක් වූ "හාල්මැහිකඳුර" විවේකගයි.
මේ පේරාදෙණියේ ගැටඹේ බෝධිය කිට්ටුව පිහිටා ඇත. කුමරු දිය නා
බත් ඇට හාල්මැහිඳුරට දමයි. ඒවා වී ලෙස පැළවෙයි. බත්මුලේ අලකොළ
ලියලා අල කොළ පඳුරු වෙයි. පැලවූ හාල්මැස්සන් පණ ඉපද පීනයි.
ආධාරයට ගෙන ආ සැරයටිය "නම නැති ගහ" ලෙසට දිගු කලක් එහි මුල්
ඇද තිබී දැනට වැනසී ඇත.
17. කාවන්තිස්ස දුර දිග බලා කටයුතු කිරීම කුමරු බියගුළුකමක්
ලෙස දුටු බව "ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසය" කියයි. පියරජුට
අකීකරු වූ බැවින් කුමරු "දුට්ඨ" නමින් ප්‍රසිද්ධ වූ බව
"මහාවංශය" කියයි. එහෙත් මහාචාර්ය පරණවිතාන පරිදි "දෘෂ්ඨ" යනු
නිර්භීත බිය, සැක නැති යන අර්ථ දෙන බව කියයි.
18. පලා ආ කුමරු නැවතුනේ කොටගේපිටියේ ඌරුපැළැස්සේ ගමරාළගේ
ගෙදරය. ඌරන් ගැවසූ බිමක ඉදිකළ නිසා ඒ නම ලැබී ඇත. එකල මුළු
කොත්මලේම තිබුණේ පැල්පත් විස්සක් බව ජනකතාවල එයි. ඔහු එනවිට
ගමරාළ සිටියේ නැත. ගමබිරිය තොරතුරු විමසා ඔහු නවත්වා ගනියි. තම
නම "ගුත්තා" බව ඔහු කියයි. ගමරාළ තොරතුරු විමසා "හිද්දළය"
කියයි. එහි අර්ථය හිත දැඩි අයෙකු බවයි. ගමරාළට "කළු මැණිකා"
නමින් වැඩිමල් දියණියක් ද "රන් මැණිකා" නමින් බාල දියණියක්ද
සිට ඇත. කුමරු කොත්මලේට පලා එනවිට ඔහුගේ වසය දහසයක් (16) බව
සියම් රටේ "ජිනකාලමාලී" ග්රන්aථය කියයි. ඔහු ගමරාළගේ හරක්
බලා ගනියි. කුඹුරු වැඩ කරයි. ඔහු වැපිරූ වීවලින් නිවස ඉතිරී
ගිය බැවින් ඒ නිවස පසුකල "වීසුරු ගෙදර" නමින් ප්‍රකට විය.
කුමරු අවුරුදු දොළහක් වීසුරු ගෙදර" "ගුත්තා" නමින් නතරව
සිටියේය. (ගැමුණු කුමරු වැඩසිටිය දොළොස් අවුරුදු ගණනක්
"කොටගේපිටියේ" යනුවෙන් ජනකතාවල ඒ කියවෙයි.)
19. කොටගේපිටියට ඉහළින් මොනරාගල කන්ද ඇත. අද ඒ "පීකොක් හිල්"
යනුවෙන් නම්වෙයි. කොටගේපිටියට සමාන්තරව අලුතෙන් පිහිටා ඇති
ජනපදයක් "දොරගල" නම්වෙයි. ගම්පොල ඩිපෝවේ සිට ඉතා පටු පාරක
දොරගම දක්වා ලංගම බස් රියක් ගමන් කරයි. කුමරු ගවයන් බැලූ
තැන්, පට්ටියතැන්න, වඳවල, වට්ටම්බර නමින් තවම ඇත. අව්වට -
වැස්සට කුමරු රැඳුණේ ගලපිටගල ගල්ලෙනේය. ජායාගල ඔහුට සෙවණ දුන්
ගල්ලෙනකි. හරක් බලන අතුරතුර නිවසට "මියෙන කොළ" කඩා ගෙනවුත්
ඇත.
20. ගුත්තා වැඩකළ කුඹුර කොටගේපිටියෙන් පහළ මාස්වෙල
මහාවිද්‍යාලය අසල ඇති ගෙදරළියෑද්දයි. "කඳුරට ප්‍රවේණිය"
ග්‍රන්ථය ලියූ එච්. ඒ. පී. අබේවර්ධන පරිදි මේ කුඹුර අමුණු
හතක් හෙවත් අක්කර දහ හතරක් විශාලය. එම කුඹුරු යාය වැඩ
කිරීමට ගුප්තා කැපූ ඇළ සැතපුම් තුනක් දිග "රජ ඇළ" හා මැදමා
ඇළ" ලෙස අදත් ඇත.
21. කුමරු මාවෙල කිරිවානාගොඩ දඹේගෙදර කම්හලෙන් උදැල්ලක් සාදා
ගැනීමට ගියවිට කම්හල්කරු ඔහු නොසලකා ඇත. ගුප්තා තනිවම අපූරු
උදැල්ලක් සාදා ගනියි. පසුකල කුමරු බලයට පත්විට එම කම්හල්කරු
උල තබා මැරවූ ස්ථානය "උලපනේ" නමින් ප්‍රකට විය.
22. කුමරු තනිව හෝ සේවකයකු සමඟ කොත්මලේට පලා ඒම මෙන්ම
"ධාතුවංශය" අනුව පසුකළ "දාවා" නමැති බමුණා සමග ගිරිරට ගිරිඅභය
කුමරු සමඟ යැම තරුණ කුමරුගේ ආරක්ෂාව සඳහා පියරජු යෙදූ
උපක්‍රමයක් බව "දුටුගැමුණු මහ රජතුමා" ග්‍රන්ථයේ එල්ලාවල
මේධානන්ද හිමි කියයි. මේ සිද්ධි වාර්තා දෙකම එකම සිද්ධියේ
දෙයාකාර වාර්තාවක් බව එහිමි කියයි.
23. වරින් වර කුමරුගේ සුවදුක් බැලීමට විහාරදේවිය සුරනිමල
යෝධයා එවයි. යෝධයා සමඟ කුමරු රහස් කතා කල ඔත්තු බැලූ තැන ගල
පිටගලයි.
24. කුමරු කොත්මලේ දී දිය නෑ පිහිළි තුනක් තවම ඇත.
නාගහපිහිල්ල/ රණමුනේ පිහිල්ල/ අඹගහපීල්ල ඒවාය. අද ඒවායේ ජලය
බෙහෙවින් අඩුය. කොටගේපිටිය ගමේද කුමරු පරිහරණය කළ පිහිල්ලක්
මතු වූ බව මෑත කළ "ලංකාදීප" පත්‍රයේ පළවිය.
25. ගුත්තා කළු මැණිකා අප්‍රිය කළේය. රන් මැණිකා ඔහුගේ
පෙම්වතිය විය. කොටගේපිටියේ නැවතී ගැමුණු කුමරු ගැන ජනප්‍රවාද
ගැන පර්යේෂණ කළ මාගරීටා රොබින්සන් සුදු මහත්මිය පිටු තිsහක
විස්තරයක් වීරසූරිය ගෙදර වීරයාද? නැත්නම් වීසිරු ගෙදරද?
යනුවෙන් ලියා ඇත. ඊ. ආර්. ලීච් පළකළ "කේ්රම්බ්රි- පේපර්ස් of ඇන්ත්‍රපොලොජි" ග්‍රන්ථයේ එම ඉංග්‍රීසි ලිපිය පළවී ඇත.
වීසුරුගෙදර අද පැරැණි කිසිවක් ඉතිරි වී නැත.
26. අවුරුදු දොළහක් ගෙවී යයි. ගුප්තා ගෙදරළියද්ද සීසාමින්
සිටින විට රන් මැණිකා දහවල් ඇඹුල ගෙන එයි. කාවන්තිස්ස
මියගොස් කුමරු සොයා මඟුල් ඇතා රැගත් පෙරහැර පුසුල්පිටිය දෙසට
එයි. ගුත්තා තම බඩවැල් මුවින් එනු සිහිනෙන් දකියි. ඇතා ගුත්තා
ළඟ දණ ගසයි. රන් මැණිකා සමඟ කුමරු මාගම බලා පිටත්ව රජවෙයි.
27. රන් මැණිකාගේ නෑයින් ඈ බැලීමට මාගම ගියවිට රජු නෑයින්ද
නින්දට ඇඳක් දුන් බව කියවෙයි. කැකිරාවට නුදුරු කොස්සගම කන්ද
ඇගේ නමට කිට්ටු නමක් එන ලෙන් ලිපියක් ඇත. "ලංකාවේ බ්රාහ්මී
ලෙන් ලිපි" ඉංග්‍රීසි ග්‍රන්ථයේ අංක( 193 ලෙස මහාචාර්ය
පරණවිතාන මෙම ලිපිය දක්වයි. කොස්සගම කන්ද ලිපිය අනුව රමණී -
කතී - මිලක්ඛතිස්ස විහාරය කරවා භික්ෂූන්ට පුදා ඇත. මේ රමණී
කතී 7 රන් මැණිකා නමට කිට්ටු බවක් පෙන්වයි.
28. කොත්මලේ මාවෙල ගමේ ජනප්‍රවාද අනුව ගුත්තා සැඟවී සිටියේ
මාවෙල සිංහල පේඬි ගෙදරයි.
29. එහි වැඩිමල් දියණිය කළුඑතනාය. බාල රූමතිය සිරිමල් එතනාය.
ගුත්තා පාවා ගත්තේ සිරිමල් එතනා බව මාවෙල ගමේ ජනප්‍රවාද කියයි.
ගුත්තා දුටු සිහිනය විය. ගහක මීයක් බැඳ තිබීමයි. පේරාදෙණිය
කථිකාචාර්ය සාලිය කුලරත්න ලිවූ "ජන සන්නිවේදනය හා ජනශ්රැති"
ග්‍රන්ථය අනුව ගුත්තා නවන්ගම ප්‍රධාන ශිල්පියා යමන්නාගේ දූ වූ
සර්ධා සමඟ පෙමින් බැඳී ඇත. මේ අනුව ගුත්තාගේ නම ගම් කිහිපයක
තරුණියන් හා එකට ඈඳී ඇත.
30. පුසුල්පිටිය ගල්තලාවේදී ගුත්තා රන් මැණිකා සමඟ සිටියදී ඔහු
දුටු සිහිනය තේරුම් කළේ "පොන්න නැකැත්තා" බව කියවෙයි. පොන්න
පරපුර ලංකාතිලකය, ගඩලාදෙණිය, පුසුල්පිටිය සෑදීමට දකුණු
ඉන්දියාවේ සිට ගම්පළ කළ කාර්මික පරපුරකි. ඒ නිසා පොන්නා ගැමුණු
අවදියට ඈ¹ ගත නොහැක.
31. ගුත්තා ගැන ජනප්‍රවාද දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු කුමරු
"අප්පුවා" නමින් සැඟවී සිටියදී සිදු වූ ජනකතාවලට බෙහෙවින්
සමානය. ඔහු සැඟවී සිටියේ දඹදෙණිය අසලයි.
32. අනුරාධපුර එප්පාවල කටියාව අවට විසූ "කතී" නම් කුමරියක්
පසුකළ ගැමුණු රජුගේ බිසවක් වූ බව "ගැමුණු රජුගේ දෙවැනි බිසව
කතී" නම් ග්‍රන්ථයේ මැද්දේගම සිරිසුමන හිමි කියයි. පසුකල රජු
නාග කන්‍යාවක් හා පෙමින් බැඳුණු බව ජනකතාවල එයි. "සාලිය"
ගැමුණුගේ පුතාය. ගැමුණු රජුට පුතුන් පහක් සිටි බව "රිදීවිහාර"
මායිම් පොත්වල සඳහන්ය. පියංගල ලෙන් ලිපියේ ගැමුණු රජුගේ අගබිසව
වූ "රජිතා" හා ඇගේ දියණියක් වූ "අභිහිතා" ගැන සඳහන්ය. එල්ලාවල
මේධානන්ද හිමි "නවතම ශිලාලිපි ගවේෂණ" ග්‍රන්ථය අනුව මිහින්තලේ
ලෙන් ලිපි දෙකක ගැමුණු රජුගේ බිසවක් වූ ක්‍රිෂ්ණා "කෘෂ්ණ" ගැන
කියවෙයි.
33. දුටුගැමුණු රජු (ක්‍රි. පූ. 161-137) මැදිවියේ හදිසි
මරණයකට පත්විය. ජනප්‍රවාද අනුව එයට හේතුව නාග ගෝත්‍රික
කන්‍යාවකට බැඳි අනියම් ප්‍රේමයයි. මේ මරණයට පසු විහාරදේවී
"ශවෙර" නමින් පැවිදිව තව කාලයක් ජීවත් වී ඇත.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්. කේ. ජයවර්ධන
සොමිකැළුම්, නාපාන, ගුන්නෑපාන.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, May 27, 2017
ගැමුණු කුමරු ගිය භවයේදී බෞද්ධ භික්ෂුවක්....!!!
Posted by
lankanews
at
May 27, 2017
Labels: dutu gamunu, gamunu, history, lankanews, saliya, sinhala history
ගැමුණු කුමරු ගිය භවයේදී බෞද්ධ භික්ෂුවක්....!!!
2017-05-27T21:58:00+02:00
lankanews
dutu gamunu|gamunu|history|lankanews|saliya|sinhala history|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
