ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 6, 2017

මළ හා කසළ අපද්‍රව්‍ය හා අපජලය පිරිසිදු කිරීමට නවතම ක්‍රමයක් ...!!!

මළ හා කසළ අපද්‍රව්‍ය හා අපජලය පිරියම් කිරීමේ Omini Processor තාක්‌ෂණය...!!!

නමුත් අප රටේ මරික්කාර්,චම්පික ,හිරුනිකා ඇතුළු පාදඩ අපත දේශපාළුවන් සිටින තාක් මෙවැනි ව්‍යාපෘති සැළසුම් කිරීම පවා විහිළුවක් බව ලංකානිව්ස් අප වග කීමෙන් යුතුව කියමු.අපේ රටට කවදා මුන්ගෙන් නිදහස ලැබේවිද...???
ගෝලීය සනීපාරක්‌ෂක ක්‍රමවේදයන් මේ වන විට තීරණාත්මක අදියරකට පැමිණ ඇත. ඒ අද වන විට ගෝලීය ජනගහනයෙන් බිලියන 2.5කට ආසන්න පිරිසකට තවමත් විධිමත් සනීපාරක්‌ෂක පහසුකම් නොමැති තත්ත්වයක්‌ යටතේ ය. එසේ ම තවත් බිලියන 1ක ජනගහනයක්‌ විවෘත මළද්‍රව්‍ය බැහැර කිරීම් සිදු කරති. සංවර්ධනය වන රටවල 80%ක්‌ ම වන ලෙඩරෝග ප්‍රමාණයක්‌ ඇති වන්නේ දුර්වල සනීපාරක්‌ෂක පහසුකම් හා ඉන් දූෂිත ජලය නිසාවෙනි. මෙයින් ඇති වන ප්‍රධාන රෝගයක්‌ වන පාචනය නිසා ලොව පුරා ළමයි මිලියන 1.5ක්‌ වාර්ෂිකව මිය යති. මේ නිසා සංවර්ධනය වන රටවල් වාර්ෂිකව ඩොලර් බිලියන 220කට අධික අලාභයක්‌ සිය ආර්ථිකයෙන් වාර්තා කරන බව ගණන් බලා තිබේ. ඒ අනුව දුර්වල සනීපාරක්‌ෂක පහසුකම් නිසා ඇති වන මේ තත්ත්වය ගෝලීය ව්‍යසනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නො වේ.video
Omini Processor නම් තාක්‌ෂණික ක්‍රමවේදය කරළියට පැමිණෙන්නේ මේ ගෝලීය ව්‍යසනයට වන විසඳුමක්‌ වශයෙනි. මේ වදන ලෝකයට හඳුන්වා දෙනු ලබන්නේ 'බිල් සහ මෙලිස්‌සා ගේට්‌ස්‌' පදනමෙන් නවමු අපද්‍රව්‍ය පිරියම් ක්‍රමවේදයක්‌ නිර්මාණය කරනු පිණිස පවත්වනු ලැබූ ගෝලීය තරගාවලියෙන් අනතුරු ව ය.

Omini Processor යනු රෝගකාරක විෂබීජ ඉවත් කිරීම මගින් රෝග පැතිරීම වළක්‌වාගනු පිණිස, මළ හා කසළ අපද්‍රව්‍ය හා අපජලය පිරියම් කිරීමේ විශේෂිත තාක්‌ෂණික ක්‍රමවේදයන් සමූහයක්‌ යන්න ය. මීට භෞතික, ජෛවීය හෝ රසායනික පිරියම්කරණ ක්‍රමවේද රැසක්‌ අනුගමනය කරනු ලැබේ. ඒ සඳහා දහනය, උපරිම ජලීය ඔක්‌සිකරණය හා තාපවිච්ඡේදන ක්‍රම ආදි ක්‍රමවේද ඇතුළත් වේ.

වසර 2011 දී බිල් හා මෙලිස්‌සා ගේට්‌ස්‌ පදනමෙන් ගෝලීය වශයෙන් තරගාවලියක්‌ සංවිධානය කළේ ජලය හා විදුලිය අපතේ යැමකින් තොර හා පූතික (septic) පද්ධතියකින් තොර වැසිකිළි නිර්මාණයක්‌ ඉදිරිපත් කිරීම පිණිස ය. මෙහි දෙවැනි අභියෝගය වූයේ අඩු වියදම් හා ලාභදායී වැසිකිළි වළ හා පූතික ටැංකි නිපදවීමයි. තෙවැනි අභියෝගය නම් මානව අපද්‍රව්‍යයන් ගෙන් ජීවයට හානිකර වයිරස හා ක්‍ෂුද්‍රජීවීන් ඉවත් කොට, වානිජ වටිනාකමකින් යුතු නිෂ්පාදනයක්‌ සිදු කිරීමේ නවමු අපද්‍රව්‍ය පිරියම්කරණ ක්‍රමවේදයක්‌ සම්පාදනයයි.

Omini Processor වැඩසටහන තෙවැනි ලොව රටවල මළද්‍රව්‍ය හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටලුව සඳහා වන ප්‍රජා මට්‌ටමේ විසඳුමකි. Omini Processorහි පළමු ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්මක කිරීමේ අවස්‌ථාව දිනාගනු ලැබුවේ Janicki Bioenergy සමාගම ය.

සෙනගාල රාජ්‍යයේ, Dakar හි දී පළමු දර්ශීය Omini Processor පද්ධතිය ඉදි කරන ලද්දේ 2015 මුල් භාගයේ දී ය. ඒ අනුව මෙහි පළමු ප්‍රායෝගික මට්‌ටමේ අත්හදාබැලීම කරන්නට Janicki සමාගමේ ඉංජිනේරුවනට හැකි විණි. මෙයට වාෂ්ප බලාගාරයක්‌, භස්‌මකයක්‌ (Incinerator) හා ජල පෙරීම් පද්ධතියක්‌ අඩංගු විණි. ඒ අනුව මෙයට බලශක්‌ති උත්පාදනය, විෂ රහිත අළු ද්‍රව්‍ය හා පිරිසිදු පානීය ජලය නිෂ්පාදනය කිරීමේ හැකියාව පැවතිණි. මේ සඳහා වූ මූලික ආයෝජනය එ. ජ. ඩොලර් මිලියන 1.5කි. අදාළ නිෂ්පාදන ශාලාව

8 m X 23 m ප්‍රමාණයේ විය. ඉලක්‌කගත ප්‍රජාව වූයේ 100,000කි. එහි දී දිනකට ඝන මීටර 12.3ක අපජල ප්‍රමාණයක්‌ පිරියම් කරමින්, දිනකට විදුලිය කිලෝවොට්‌ 150ක්‌ ද, ජලය ලීටර 10,800ක්‌ ද නිෂ්පාදනය කෙරිණි.

පිරියම් කරන ක්‍රමවේදය මූලික අදියර 3කින් සමන්විත ය. පළමු පියවරයේ දී මළ අපද්‍රව්‍ය අඩංගු රොන්බොර (Sludge) යන්ත්‍රයේ වියළන බටයට ඇතුළු වේ. මෙහි දී එහි ඇති 80%ක්‌ ම වන ජලය 1000C උෂ්ණත්වයට රත් වී නැටීමට (boil) පටන්ගනී. ඒ අවස්‌ථාවේ දී සියලු ම රෝගකාරක විෂබීජ විනාශ වීමට භාජන වේ.

ඉන්පසු ඉවත් වන ජලවාෂ්ප, වාෂ්ප එන්ජිමකට යොමු කෙරෙන්නේ විදුලිය ජනනය කරනු පිණිස ය. අවශේෂ ඝන අපද්‍රව්‍ය කොටස මේ වාෂ්ප හුමාලය බවට පත් කිරීම පිණිස යොදාගන්නා උදුනේ ඉන්ධනය ලෙස භාවිත කරනු ලබයි.

මෙහි ලා විදුලිය නිෂ්පාදනය පිණිස යොදාගනු ලැබූ හුමාලය, දෙවැනි අදියරයේ දී යළි ජලය බවට ඝනීභවනය වන අතර, එහි pH අගය ද ක්‍රමවත් කරනු ලබයි. (සාමාන්‍ය පිරිසිදු ජලයේ pH අගයට සමාන වන ලෙස). අනතුරුව ඒ ජලය විවිධ පෙරහන් ගණනාවක්‌ පසු කරන්නේ වැඩිදුරටත් පිරිසිදු ජලය බවට පත් වනු පිණිස ය. S100 නම් මේ පළමු Omini Processor නිදර්ශකයෙන් නිපදවෙන ජලය ඇමෙරිකානු ආහාර හා ඖෂධ පාලනාධිකාරියේ (FDA) හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත සම්මතයන්ට එළඹුණු අතර, මළ රොන් බොරවල ඇති ජලය සාමාන්‍ය ජලය බවට පත් කරන්නට ගත වනුයේ විනාඩි 05ක්‌ වැනි අඩු කාලයකි.

තෙවැනි අදියරය ලෙස දැක්‌විය හැක්‌කේ අඛණ්‌ඩ මළ රොන්බොර (Sludge) සැපයුමක්‌ මගින් Omini Processor යන්ත්‍රය 'ස්‌වයංපෝෂී' තත්ත්වයකට එළඹීමයි. පළමු මළ රොන්බොර කාණ්‌ඩයෙන් නිපැදවෙන විදුලිය, මීළග මළ රොන්බොර කාණ්‌ඩය යන්ත්‍රය තුළින් යෑවීම සඳහා වන බලශක්‌ති ඉල්ලුම සපුරාලීමට යොදාගත හැකි ය. අතිරේක බලශක්‌තිය ජාතික සැපයුමට ලබා දීමට ද පිළිවන.
https://en.wikipedia.org/wiki/Omni_Processor
සාම්ප්‍රදායික සනීපාරක්‌ෂක පද්ධති ඉදි කිරීමට ඩොලර් මිලියන ගණනින් මුදල් වැය වෙද්දී හා ඒවා පවත්වාගැනීමට ඩොලර් මිලියන ගණන් වැය වෙද්දී, (ප්‍රධාන ලෙස ම ඒවායේ ඉහළ විදුලි පරිභෝජනය නිසා) ඒවා ඉදි කිරීම හා පවත්වාගැනීම සනීපාරක්‌ෂක ගැටලුවලින් වැඩිපුර ම බැට කන සංවර්ධනය වෙමින් පවතින රටවලට, බරපතළ ගැටලුවකි. Omini Processor යන්ත්‍රය මේ සඳහා හොඳ විසඳුමක්‌ වනු ඇත්තේ එබැවිනි.

..Omini Processor යන්ත්‍ර සතු ව්‍යවසායකයාට එයට ඇතුළු කරන මළ අපද්‍රව්‍යවලට ද ගෙවීම් ලැබන අතර, ඉන් පිට වන නිෂ්පාදිතයට ද ගෙවීම් ලැබෙනවා" ඒ Jamicki සමාගමේ ප්‍රධාන විධායක Peter Janicki. මේ අතර ගේට්‌ස්‌ පදනමේ සභාපති බිල්ගේට්‌ස්‌ පවසන්නේ සැම දිනක ම මුදල් ජනනය කරන මේ යන්ත්‍රය පෘථිවියේ සැම තැනකට ම ව්‍යාප්ත වනු ඇති බව ය.

නාගරික මළ අපද්‍රව්‍ය හා ඝන අපද්‍රව්‍ය කළමනාකණයෙන් බෙහෙවින් ම බැට කන ශ්‍රී ලංකාවටත් සිය අර්බුදය විසඳගනු පිණිස වඩා තිරසර විසඳුමක්‌ Omini Processor විසින් නිර්මාණය කර දෙනු ඇත. අවශ්‍ය වන්නේ ඒ සඳහා වන පළමු පියවර තැබීම පමණි.

නිරෝෂන් සෙනෙවිරත්න
ඛනිජ විද්‍යා අංශය - විද්‍යා පීඨය
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.