වඩේ කේන්ද්‍රයේ බූරුවෝ ටිකයි, කුරවැසි සංවිධානයේ හරක් ටිකයි, ප්‍රෙස් තියලා
තප්පුලන්නෙ, ජහපාලන ආණ්ඩුව ආපදාවට ලක් වෙන වෙලාවට විතරයි, බොලව්. ජනතාව
ආපදාවට ලක් වෙන කොට, උන් ආ ගිය අතක් නෑ.
ගංවතුර ආපදාවට වෙන් කළ මුදල - කෝටි 4.5යි.
සබීතා ගේ බිල්ඩිමට වෙන් කළ මුදල - කෝටි 314යි.
ගංවතුර ආපදාව වුණේ මිනිස්සුන්ට.
බිල්ඩිං ආපදාව වුණේ ජහපාලන ආණ්ඩුවට.
තේරුණා ද බොලව්....?
ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා, මෙක්සිකෝවට ගිහින්ලු, ගංවතුර ගැන සම්මන්ත්‍රණයකට.
එහෙම නං බය වෙන්න දෙයක් නෑ, බොලව්.
මීතොටමුල්ලෙ 70ක් මැරිලත් පැත්ත පළාතක නොගිය අපදා කළමනාකරණ මධ්‍යස්ථානේ එවුන්, සජීවී ගංවතුර ටෙලිවිෂන් ආතල් දෙනවා.
මිනිස්සු ගෙවල් අතෑරලා පැනලා දුවනවා.
මුන්ට ඇඳුම් මැඳ ගෙන ටයි දා ගන්නත් වෙලාව තිබිලා බොලව්.
කාලකණ්ණි හැත්ත ..!
මාධ්‍යවේදියා - ගංවතුරෙන් මිය ගිය ගණන හරියට පැහැදිලි නෑ.
ඇමතියා - මේ වෙලාවෙ ඉලක්කං ගැන උනන්දු වෙන්න එපා. ඒක නෙවෙයි වැදගත්.
ඔන්න ඔහොමයි බොලව් අර, රෙද්දෙ 'තොරතුරු දැනගැනීමේ පනත' ක්‍රියාත්මක වෙන්නෙ. තොරතුරු ඉල්ලුවාම දුන්නේ නැත්නං නඩු දාන්න පුඵවන්ලු.
දැන් නඩු දාපල්ලා ...!
ගංවතුර ආපදාවට වෙන් කළ මුදල - කෝටි 4.5යි.
සබීතා ගේ බිල්ඩිමට වෙන් කළ මුදල - කෝටි 314යි.
ගංවතුර ආපදාව වුණේ මිනිස්සුන්ට.
බිල්ඩිං ආපදාව වුණේ ජහපාලන ආණ්ඩුවට.
තේරුණා ද බොලව්....?
..........................................................................................................................................
ඉස්සර ගංවතුර කියන්නෙ ආපදාවක් නෙවෙයි. ඒ ගංවතුර ආවෙ ස්වාභාවික පරිසර ක්‍රියාවලියක් හැටියට.
ඒ කාලෙ මිනිස්සු ගංවතුරෙ කෙහෙල් කොටං බැඳ ගෙන ඔරු පැද්දා. මාත් පුංචි කාලෙ
වැඩිහිටියොත් එක්ක ඇති වෙන්න ගංවතුර ඔරුවල ගිහින් තියෙනවා.
'ගංවතුර ගලා උතුරා යයි දෙගොඩතලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා'
කියන ගීත රෝහණ බැද්දගේ - එඩ්වඩ් ජයකොඩි අතින් නිර්මාණය වුණේ මේ විදියෙ අත්දැකීම් එක්ක.
නමුත් අද ගංවතුර කියන්නේ අස්වාභාවික එකක්. පරිසර විනාශය නිසා සිදු වන අතුරු විපාකයක්. විනාශයක්.
එහෙම නං බය වෙන්න දෙයක් නෑ, බොලව්.
හදිසි තත්ත්වයක් කිය කිය ප්‍රෙස් තියනවා. එකෙක් කතා කරනවා. තව හැත්ත බුරුත්තක් පිටිපස්සෙ වාඩිවෙලා බලන් ඉන්නවා. උන්ට කරන්න වැඩක් නෑ කියනවලු ද? බොලව්.
- කුමාර ලියනගේ