ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 27, 2017

පැඩි ෆීල්ඩ් මාෂල් වලත්තයාගේ තවත් හෙළිදරව්වක්...!!!

“සර් පැන්නා නම් අප්සෙට් තමයි. ඒත් මේකාට පනින්න ලැබුණේ නැහැ. අපි මේකව පනින්න ඉස්සෙල්ලා මැරුවානේ සර්.” – අටවසරකට පසු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රහසක් හෙලිකරයි..මැයි 18 කියලා කියන දවස ඉතාමත් තීරණාත්මක දිනයක්. වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මළසිරුර සොයා ගැණුනේ නන්දිකඩාල් කලපුවෙන්. ඒ මොහොතේදී එවකට 53 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් කමල් ගුණරත්න විශේෂ දුරකතන ඇමතුමක් ලබා ගත්තා. ඒ අන් කිසිවෙකුටත් නොව. එවකට යුද හමුදාපතිව සිටි ලුතිතන් ජනරාල් සරත් ෆොන්සේකාටයි. එම ඇමතුම පිළිබදව කමල් ගුණරත්න මහතා තමන් ලියූ රණ මග ඔස්සේ නන්දිකඩාල් කෘතියේ මෙලෙස දක්වා තිබෙ….


තවත් විනාඩි දහයකට පමණ පසුව යුද හමුදාපතිවරයාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට මා හට හැකි වූයෙන් මා මෙතෙක් කල් මගේ ජීවිතයේ දෙන ලද සතුටුදායකම දුරකථන ඇමතුම ඒ අවස්ථාවේ දුන්නෙමි.

“Sir, Happy news (සර්, සතුටුදායක ප්‍රවෘත්තියක්) යනුවෙන් මා ප්‍රකාශ කළ විට “What Kamal?” (මොකක්ද කමල්?)” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
“සර් මහ එකා ඉවරයි” යනුවෙන් මා කී විට ඔහු “මොකක්?” යනුවෙන් නැවතත් ප්‍රශ්න කළේය.
“Sir, we killed prabhakaran” (සර් අපි ප්‍රභාකරන්ව මරා දැම්මා)” යනුවෙන් මා කී විට එම ප්‍රවෘත්තිය අදහාගත නොහැකි වූ ඔහු “What?” (මොකක්ද?) යනුවෙන් ප්‍රශ්න කළේය.
මේ අවස්ථාවේ ඇති වූ දෙබස මෙහිදී එලෙසම ඉදිරිපත් කළහොත් මෙය කියවන අයට එය වඩාත් රසවත් වනු ඇතැයි මා සිතන නිසා එය ඒ ලෙසින්ම ඉදිරිපත් කරමි.
“Sir, we killed prabhakaran”
(සර්, අපි ප්‍රභාකරන්ව මරා දැම්මා)
තත්පර 30ක් පමණ නිශ්ශබ්දව සිටි ඔහු, මා ලලන්ත ගමගේගෙන් ඇසූ පරිදිම,
“Sure”
(සහතිකද?)
“Yes, Sir”
(ඔව් සර්)
නැවතත් තත්පර 30ක් පමණ නිශ්ශබ්තාවකින් පසු ඔහු,
“How do you know it is Prabhakaran”
(කොහොමද ඔබ දන්නෙ ඔහු ප්‍රභාකරන් කියලා?)
“Sir, I have the dead body with me”
(සර්, මාගේ ළඟ ඔහුගේ මළ මිනිය තියෙනවා)
“Okay, you have a dead body, but how do you know it is Prabhakaran’s body”
“හරි, ඔබ ළඟ මිනියක් තියෙනවා. ඒත් කොහොමද දන්නෙ ඒක ප්‍රභාකරන්ගේම මිනිය කියලා?”
“Sir, please believe my word. This is Prabhakaran. Even a grade 4 child will identify this man. This is Prabhakaran. Sir, Please give the good news to secretary defence and president.”
(සර්, කරුණාකරලා මගේ වචනය විශ්වාස කරන්න. මේ තමයි ප්‍රභාකරන්. ඉස්කෝ‍ලේ හතරේ පන්තියේ ඉන්න ළමයෙක් වුණත් හඳුනාගෙන කියයි මේ ප්‍රභාකරන් කියලා. සර්, කරුණාකරලා මෙම සතුටුදායක ප්‍රවෘත්තිය ජනාධිපතිවරයාටත් ආරක්ෂක ‍ලේකම්වරයාටත් දෙන්න.)
“Hmm, don’t tell this to anyone, until I tell you.”
(හ්ම්, මම කියනකන් මේ ගැන කිසිවෙකුටවත් කියන්න එපා)
යුද හමුදාපතිවරයා මෙම ප්‍රවෘත්තිය ඔවුනට දීමට කලින් මා ආරක්ෂක ‍ලේකම්වරයාට එය දන්වනු ඇතැයි ඔහුට සිතුණා විය හැකිය.
එහෙත් මා විනයගරුක යුද හමුදා නිලධාරියකු ලෙස එවැනි දෙයක් කිරීමට මාගේ සිතකවත් තිබුණේ නැත.
ආරක්ෂක ‍ලේකම්වරයා මා තරුණ නිලධාරියකු සමයේ මාගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියාව සිටි බැවින් ඔහු කෙරේ ඉතා ගෞරව සම්පන්න හිතවත්කමක් මා තුළ තිබුණද මෙම අතිශයින්ම ප්‍රීතිජනක මොහොතේ වුවද යුද හමුදාපතිවරයා අභිබවා යමින් මෙම ප්‍රවෘත්තිය ආරක්ෂක ‍ලේකම්වරයාට දීමට මා උත්සාහ කළේ නැත.
තවත් විනාඩි 5-10ක් පමණ යන විට නැවතත් යුද හමුදාපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.
සිංහල භාෂාවෙන් කතා කළ ඔහු සහ මා අතර ඇති වූ දුරකථන සංවාදය මෙහිදීද එලෙසම ඉදිරිපත් කිරීමට මා කල්පනා කළෙමි.
“කමල්, දැන් ඔය යකා කොහේද හිටියේ?”
“සර් කඩොල් කැ‍ලේ.”
“දැන් ඊයේ සවස කඩොල් කැ‍ලේ පරීක්ෂා කරලා ඉවර වෙලා මට කිව්වා නේද ඔක්කෝම ඉවරයි. හැම බිම් අඟලක්ම අල්ලා ගත්තා කියලා.”
“ඔව් සර්”
“ඒකේ හිටපු ඔක්කෝම කොටි ඉවරයි කියලත් කිව්වා නේද?”
“ඔව් සර්”
“එහෙනම් මේකා හිටියේ කොහේද?”
“සර්, කඩොල් කැ‍ලේ, ඊයේ අපිට මේකව මිස් වෙලා.”
“එහෙම මිස් වෙන්නෙ කොහොමද? ඒ කියන්නේ ඔබලා වැඩේ හරියට කරලා නැහැ.”
“සර් කළුවර වැටුණු නිසා මිස් වෙන්න ඇති.”
“ඔබ වැඩේ හරියට කරලා නැහැ. හරියට කළා නම් මිස් වෙන්න විදිහක් නැහැ. ඕකා පැන්නා නම් මොකද වෙන්නෙ?”
“සර් පැන්නා නම් යුද්දෙ ඉවර වෙන්නෙ නැහැ. ඒත් පැන්නෙ නැහැනේ. අපි මේකව මරලා දැම්මානේ සර්”
“මරලා දාපු එක ඇත්ත. ඒත් ඕකා පැන්නා නම්? වැඩේ කරන්න විශ්වාසය ඇතිව භාර දුන්නට වැඩේ හරියට කළේ නැහැ.”
“සර් පැන්නා නම් අප්සෙට් තමයි. ඒත් මේකාට පනින්න ලැබුණේ නැහැ. අපි මේකව පනින්න ඉස්සෙල්ලා මැරුවානේ සර්.”
“මැරුව එක ඇත්ත. ඒත් පැන්නා නම්?”
“පැන්නෙ නැහැනේ සර්. අපි මේකව මැරුවනේ. දැන් මේකා මැරිලා මිනිය මගේ ළඟ තියෙනවනේ.”
ඒ සමගම කෝපය ඉහවහා ගිය ඔහු මා හට තදින් දෝෂාරෝපණය කරන්නට වූ අතර එය මාගේ යුද්ධ හමුදා ජීවිතය තුළදී ඔහු මා හට තදින් බැණ වැදුණු දෙවන අවස්ථාව විය.
මුළු රටම බලා සිටි ප්‍රභාකරන්ගේ මරණය සිදුකිරීමෙන් පසුව යුද හමුදාපතිවරයාගෙන් බැණුම් අසන මා ගැන මටම මහත් අනුකම්පාවක් මෙන්ම කලකිරීමක් ඇති විය.
මා සියල්ල අසාගෙන නිශ්ශබ්දව සිටියෙමි.
ඉන්පසු නැවතත් ප්‍රශ්න කිරීම් ඇරඹූ ඔහු,
“දැන් ඕකා තනියම නොවෙයිනේ ඉන්න ඇත්තේ? තව 7-8 දෙනෙක්වත් ඉන්න ඇතිනේ.?”
“ඊට වඩා හිටියා සර්”
“කීයක්ද 10-15ක්?”
“නැහැ සර් ඔක්කෝම 52ක් හිටියා. මේකත් එක්ක ඩෙඩ් බොඩීස් 52ක් එකතු කළා දැනට.”
“Whattt? Fifty two buggers have escaped yesterday?”
“Yes sir, but we got all of them and all of them are dead now”
“ඔහොමද ඔච්චර ලොකු වගකීමක් දුන්නහම වැඩ කරන්නේ?” යනුවෙන් නැවතත් සිය බැණුම් ආරම්භ කළ ඔහු නැවතත් මා හට බැණ වැදීමට පටන් ගත්තේය.
තවදුරටත් නිදහසට කරුණු දැක්වීමට යාමෙන් ඔහු තව තවත් කෝපවන බව දැන සිටි මා එතෙක් තිබූ ඉහවහා ගිය ප්‍රීතිය වෙනුවට හදවත පුරවාගත් මහා කලකිරීමකින් යුතුව සියල්ල අසා සිටියෙමි.
එහෙත් ඔහු සාමාන්‍යයෙන් කෙනෙකුට තදින් බැණ වැදීමේදී භාවිත කරනා වචන සමූහය මා වෙත එල්ල නොකිරීම ගැන සතුටු වූයෙමි.
(“රණ මග ඔස්සේ නන්දිකඩාල්” කෘතිය, 834-836 පිටු)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.