18 ජනපතිට උතුර තහනම් …ආවොත් දැඩි ක්රියාමාර්ග ගන්නවා …උතුර

හෙට දිනයේ සිට උතුර හා නැගෙනහිර පළාත් තුල ජන සංහාර සතියක් ප්රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්රී එම්.කේ. සිවාජලිංගම් පවසයි.වෙල්ල මුල්ලවෛක්කාල් ඝාතනයන් සිහිපත් කරමින් මෙම සමරුව පවත්වන්නේ උතුරු මහ ඇමති සී.වී. විගනේෂ්වරන් ගේ ප්රධානත්වයෙන් බව (09) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් සිවාජලිංගම් කියා සිටියා. “වෙල්ලිමුල්ලි වෛක්කාල් අවසාන දිනයේ මේ 18 දෙමළ ජනතාවගේ ජන සංහාර දිනය සමරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සමරනකොට අවුරුදු දෙකක් ඉස්සරා ඉදලා අපි ජන සංහාර සතිය කියලා අපි විග්නේෂ්වරන් මහා ඇමතිවරයාගේ නායකත්වයෙන් සමරන්න බලාපොරොත්තු වෙනවා.
මැයි 18 අපි ඒක සමරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙලාවේ ජනාධිපති මෛත්රිපාල සිරිසේන මුලතිව් කච්චේරියකට එනවා කියලා තියනවා.කරුණාකරලා ඒ දිනයේ එන්න එපා.අපේ ඉලිලීම නොසලකා ඔබ එනවා නම් , අපි එදාට කළු කොඩි ඔසවලා ,කච්චේරිය වට කරලා උද්ඝෝෂණ කරලා එතන අපි පහන පත්තු කරලා විරෝධය දක්වනවා.අපේ දේවල් අහන්නේ නැතුව ආවොත් ඔබ යුධ අපරාධ කාරයෙක් කියලා අපි ලෝකයටම කියන්න කටයුතු කරනවා.