
පසුගියදා ප්‍රංශයේ ජනතාවට ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ සජීවී විවාදයක් පැවැත්වූවා.ඒ අනුව ජනතාවට සැබෑ නායකයා වඩාත් හොඳින් තේරුම් ගැනීමට අවස්ථා දෙකක් ලැබෙනවා...!!!
පසුගිය වසර එකහ මාරක කාලය තුල මුස්ලිම් අන්තවාදීන් විසින් ප්‍රංශයේ ප්‍රධාන නගර දෙකක පැරිසියේ සහ නීස් නගරයේදීත් ජනතාවත් අරක්ෂක අංශ නිලධාරීනුත් තම ඉලක්කයට ගෙන ඝාතනය කරන ලදි. අදවනවිට අන්තවාදීන්ගේ අවසාන ඝාතනය වුවේ පොලිස් නිළධාරීයෙකි. එම අවස්ථාවේ පදික වෙදිකාවේ ගමන්ගත් සාමාන්‍ය වැසියකු සහ තවත් පොලිස් නිළධාරියකුටද බරපතල තුවාල සිදුවී අද වනවිටත් ප්‍රතිකාර ලබයි.
මෙම මැතිවරණයේ දෙවන වටයෙන් මක්රොන්
ජයග්‍රහණය කරනබව සාමාන්‍යයෙන් බැලු බැල්මට පෙනේ. ඊට ප්‍රධාන හේතු සාධකය
වන්නේ ප්‍රංශ ජාතිකයින් බහුතරය ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගරුකරන සාමකාමි
යුක්තිගරැක චංචාවට ඉඩක්නොතබන මධ්‍යයස්ථ ව සිතන පතන ජනතාවක් බැවිනි.ඊට අමතරව
අති දක්ශිනාන්ෂික පක්ෂයෙන් ඉදිරිපත්වී ඇති මරීන් ලපෙන්ටද ( Marine Le Pen ) මුදල් වංචාවක්
සම්බන්දයෙන් නීතිපති නඩුවක් ගොනුකර ඇත. ලංකාවේ මේසේ සිදුවන්නේ නැත.දොදනාව
තිබියදීත් ඇය වටා රොක්වී ඇති බොහෝදෙනා ජාතිවාදීන් නිසාවෙන් ඇයකල වංචාවලට
ඔවුන්ගේ ජාතිවාදී මානසිකත්වය සමාවදී ඇත.බොහොදුරට රිබබ්ලිකන් පක්ෂයෙන්
ඉදිරිපත්වු ප්රංශුවා පිලියොන්ට මෙවර ජනාධිපති වීමට තිබූ අවස්ථාවද
නැතිකරමින් ජනතාව ඔහු තෙවන ස්ථානයට ඇද දැමුවේ අවසාන මොහොතේ ඔහු රජයේ මුදල්
අවභාවිතය කල බව කැනා ඔන් චෙනේ නැමති ප්‍රංශ පුවත්පත කල හෙලිදරව්වක්
සම්බන්දවයෙන් නිතිපති ඔහුට විරැද්දව නඩුවක් ගොනුකල බැවිනි. නීතියෙන් ඔහුට
දඩුවම් කිරීමට ප්‍රථම ප්‍රංශ ජනතාව ඔහුට දිය හැකි ඉහලම දඩුවම දී රටේ උසස්ම
තනතුර ලැබීමට තිබුන ඔහුට තිබුන අන්තිම අවස්ථාව නැතිකලේය.එක් අවස්ථාවක ඔහු
රැස්වීමක් ඇමතීමට ශාලාවට ඇතුල්වෙන අවාස්ථාවේ ප්‍රංශ ජාතිකයකු ඔහු
ඉදිරියට විත් ප්‍රසිද්ධියේ පාන්පිටිවලින් නාවමින් උඹ පල් හොරා කියමින් ඝෝෂාකරමින් චොදනාකල අන්දම ප්‍රංශ රුපවාහිනී යෙන්ද සහ මාධ්‍යයෙන්
පෙන්වනලදි.මේ අතර අපේ රටේ හොරාව මල් මාලා දමමින් නැවත දේශපාලනයට ගෙන ඒමට
දගලයි. දක්ශිනාන්ෂික අන්තවාදීන් ගෙන් තමන්ගේ එකාට වන්චාවට සමාව ලැබුනත්
බහුතරයගෙන් කිසීම සමාවක් බලාපොරොත්තු විය නොහැක. එම හේතුව නිසා මාර්කොන් ට ඇති වාසිය ඉතාමත් ශක්තිමත්බව පෙනේ.
පරාජයවු ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙදෙනාම මාකොන් ට තම චන්දය දෙන බවත් තම පාක්ෂිකයින්ට ද මක්‍රොන්ට තම චන්දය
පරාජයවු ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් දෙදෙනාම මාකොන් ට තම චන්දය දෙන බවත් තම පාක්ෂිකයින්ට ද මක්‍රොන්ට තම චන්දය
දෙන ලෙසද ඉල්ලීමක්
කරේය.අනීවාර්යයෙන්ම අන්ත වාදීන් පලවාහැරිය යුතු බව ඔහුන්ගේ මතයයි. ප්‍රංශයේ
අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකාව පරාජය කලයුතු බවද තහවුරැ කලේය.
මෙවර
තොරන්නේ ප්‍රංශයේ1958 ඔන්තෝම්බර් 4 වනදා ස්තාපිතකරන පස්වන ආණ්ඩුක්‍රම වයවස්ථා සංශෝධනයෙන් පසු පවත්වන 25 වන ජනාධිපති මැතිවරණයෙන් පත්වන 25 වන
ජනාධිපතිවරයාත් ලාබාලම ජනාධිපති වරයා වීමේ අවස්ථාව මාකොන්ට මහතාට
ලැබෙන්නේය.
පසුගියදාක ප්‍රංශයේ ප්‍රධාන සහ ජනප්‍රියම ටෙලිවිෂන්
නාලිකාව ඔස්සේ අන්තිම වටයට තේරැන අපේක්ෂිකාව සහ අපේක්ෂකයා සංවාදයකට කැදවා
තිබුන අතර . අන්ත දක්ෂිණාංශික පිල නියෝජනය කරන කාන්තාව ලිපිගොනු රැසක් සමග
සහභාගීවූ අතර මකරොන් කිසිම ලියවිල්ලක් රැගෙන ආවේ නැත. දක්ෂිණාංශික
අපේක්ශිකාව දිගින් දිගටම මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රංශ ජනතාවට වන අලාබ
හානිගැන ගැන මකරොන් මහතාට දෝශාරොපනය කරමින් ඔහු මුසුලිම් අන්තවාදීන්ගේ
ක්‍රියාකාරකම් අනුමතකරන්නෙක් ලෙසත් මුසුලිම් ප්‍රජාව සමග ඇසුරැකරන බවත්
චෝදනා මුඛයෙන් කතා කලේය. ඊට අමතරව මකරොන් ට විදේශිය ගිනුම්වල මුදල්
ඇතිබව කියා මනංකල්පිත වොදනාවක් කලේය. මක්රොන් සිනහමුසු මුහුනින් ඇයට
පිලිතුරැ දුන් අතර තමන් කිසිම අන්තවාදියකු අනුමත නොකරන බවත් අන්තාවාදීන්
හැකි ඉක්මනින් තුරන්කිරීමට ජාත්යාන්ත්රය සමග කටයුතු කරන බවද සැල කරමින්
තමන්ට කිසිම අවස්ථාවක නිතිවිරෝධි ක්‍රියාවකට චෝදනාවක් හෝ උසාවියකින් නඩුවක්
ගොනු කර නැතිබවත් මරීන් ලපෙන් ට පෙන්වා දුන්නේය. ඊට අමතරව තමා බලයට පත්වු
වහම උසාවියකින් වරදකරැවන කිසිවකුට නැවත පාර්ලිමේන්තුවට ඒමටඇති ඉඩකඩ
නැතිකිරීමට නීති සංසෝදනය කරන බවද පවසමින් ඔබතුමියටද එම නීතිය අදාල බවත්
මතක්කර දුන්නේය.අවසාන වශයෙන් තමා සෑම ප්‍රංශ ජාතිකයකුම නියෝජනය කරන අතර
ප්‍රංශය තුල ඉපදී හැදූවැඩුනු සෑම පුරවැසියෙක්ම ප්‍රංශ ජාතිකයන්බවද මතක්
කරදුන්නේය. මෙම මැතිවරනයේ අවසාන වටය මෙම මස 7 ඉරැදින පැවැත්වීමට නියමිතය..
නන්දසිරි තේනුවර ප්‍රංශයේ සිට