දිනකට
කෝපි කෝප්ප හතරක් පානය කිරීම වසර ගණනාවකට පෙර ශරීර සෞඛ්‍යයට
අහිතකර ලෙස පෙනී ගියද එමගින් ශරීර සෞඛ්‍යයට කිසිදු අයහපතක්
සිදුනොවන බව අන්තර්ජාතික ජීව විද්‍යා ආයතනයේ පර්යේෂකයන්
කණ්ඩායමක් විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී
තිබේ.
එම අධ්‍යයනයට අනුව නිරෝගී වැඩිහිටියකුට කැෆේන් මිලිග්‍රෑම් 400
ක් අඩංගු කෝපි ප්‍රමාණයක් (කෝප්ප හතරක් පමණ) පානය කිරීම
යෝග්‍ය වන අතර ගැබිනි කාන්තාවක් නම් එසේ දිනකට පානය කරන කෝපි
ප්‍රමාණය කැෆේන් මිලිග්‍රෑම් 300 ක් අඩංගු කෝපි කෝප්ප තුනකට
සීමා කළයුතුවේ.
කුඩා ළමුන් නම් දිනකට කැෆේන් මිලිග්‍රෑම් 2.5 ක් අඩංගු කෝපි
ප්‍රමාණයක් පානය කළ යුතු බව පර්යේෂකයෝ සිය අධ්‍යයන වාර්තාවෙන්
පෙන්වා දී තිබේ.
කැෆේන් යනු තිත්ත රසැති කොපිවල බහුලව අඩංගු රසායන ද්‍රව්‍යයකි.
වසර 2001 සිට 2015 දක්වා සිදුකරන ලද කැෆේන් ආශ්රිත අධ්‍යයන
වාර්තා 740 ක් විමර්ශනයට ලක්කරමින් මෙම අධ්‍යයනය සිදුකර
තිබේ.
මෙම අධ්‍යයනයේදී හෙළිවී ඇති වැදගත් කරුණක් වනුයේ සෑම වයස්
කාණ්ඩයකටම අයත් වූවත් දෛනිකව කැෆේන් මිලිග්‍රෑම් 165 ක්
පරිභෝජනය කරන අතර එයින් මිලිග්‍රෑම් 105 ක්ම කෝපි හරහා
ලබාගන්නා බවයි.
පසුගිය වසරේදී එක්සත් රාජධානියේ සිදුකරන ලද අධ්‍යයනයකදී
හෙළිදරව් වූයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීමෙන් හා බීමත්කම
හේතුවෙන් හට ගන්නා අක්මාවට හානි සිදුවීමේ තත්ත්වය කෝපි වැඩි
ප්‍රමාණයක් පානය කිරීමෙන් වළක්වා ගත හැකි බවයි.
අලුත්ම අධ්‍යයනයන්ට අනුව දිනකට අමතර කෝපි කෝප්ප දෙකක් පානය
කිරීමෙන් අක්මාව ආශ්‍රිතව හටගන්නා සිරෝසිස් රෝගය ඇතිවීමේ
අවදානම සියයට 44 කින් පමණ අඩුකර ගතහැකි බවයි.
අවුන්ස අටක ජාවා වර්ගයේ කෝපි අඩංගු කෝපි කෝප්පයක කැෆේන්
මිලිග්‍රෑම් 95 ත් 165 ත් අතර ප්‍රමාණයක් අන්තර්ගතව පවතින බව
හෙළිවී තිබේ.
අතීතයේදී වෛද්‍ය පර්යේෂණවලින් අනාවරණය වූයේ කැෆේන් වැඩි වශයෙන්
පරිභෝජනය කිරීම හෘද රෝග හා අධිරුධිර පීඩනයට මඟපාදන බවයි.
දිනකට කැෆේන් අඩංගු පාන වර්ගවලින් කෝප්ප දෙකකට වඩා පානය කරනු
ලබන කාන්තාවන්ගේ දරු ගැබ සති කිහිපයකින් ගබ්සා වන බවද
පර්යේෂකයෝ එකල සඳහන් කර තිබිණි.
එහෙත් මෙම නවතම අධ්‍යයනයට අනුව එම වාර්තා අසත්‍ය කරමින් කැෆේන්
අඩංගු කෝපි ඇතුළු පාන වර්ග වැඩි වශයෙන් පානය කිරීම සෞඛ්‍යයට
අහිතකර නොවන බව අනාවරණය කර තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, May 4, 2017
දිනකට වැඩියෙන් කෝපි පානය කිරීම ශරීරයට හිතකරයි
2017-05-04T00:48:00+02:00
lankanews
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...