ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 2, 2017

මසුරන් කියමන්...!!!

ඈ බොල මරික්කාර් ..
මොකද බං උඹ රෑට රෑට අපේ ගෙදර ටීවී එකෙන් ඇවිත්, 'මීතොටමුල්ලට අරව දෙන්න, මේව දෙන්න ජනාධිපතිතුමාට කියනවා, අගමැතිතුමාට කියනවා' කිය කිිය, එ්ක මට කියන්නෙ.
ගිහින් කෙළින්ම උන්නැහේලාට කියහංකො.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
 මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරුන් ගේ ඉතිහාසයේ රනිල් අධ්‍යාපන ඇමතිකම දරලා තියෙන්නෙ, 80-89 කාලේ.
කොහොමද බොලව්, සාර්ථකත්වය?
අන්තිමට 80,000ක් කොල්ලො, කෙල්ලො වළපල්ලෙ.
මැරිච්ච බහුතරයක් 20 වයස් එවුන්.
ඒ කියන්නෙ රනිල් අධ්‍යාපන ඇමතිකම ගන්න කොට 5 පන්තියේ විතර හිටපු දරුවෝ තමයි, වධකාගාරවල දස වධ විඳලා ඝාතනය වුණේ.
නායකත්වය කියන්නෙ මොකක්ද?
මීතොටමුල්ලෙන් පස්සෙ සිරිසේන ගේ ටෝන් එක වෙනස් වුණා. මගේ ආදරණීය මිනිස්සුනේ, මගේ ආදරණීය දුවේ පුතේ කිය කිය කරපු කතා මාලාව ව්‍යාජ එකක් කියලා අපි කලින් කිව්වා.
මීතොටමුල්ලෙන් පස්සෙ ලංකාවෙ කුණු කඳු 247ක් තිබෙන බව කට්ටිය දැන ගත්තා. පරිසර ඇමතිත් ජනාධිපති.
ඕං කෙරුවාව, බොලව්!
 °°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
පාඨලී ඉව කරන්නෙ එජාපෙ ඊළඟ නායකත්වය.

අන්තිමට සජිත් දන්නෙ නෑ, එයාට වෙන දේ. නායකත්ව බල තරගයෙදි පාඨලී අදින්නෙ, ප්‍රේමදාස කොටින්ට ආයුධයි, සල්ලියි දීපු එක.
වධකාගාරෙ තමන් ගෙ සගයො වධ විඳ විඳ ඝාතනය වෙද්දි ඒකෙන් පැනලා අපු එකාට, වෙන කරන්න බැරි වැඩක් තියෙනවා ද? බොලව්.
අද පාඨලී නගින්නෙ, එදා තමන් ඇතුඵ සගයන් ඝාතනය කරන්න වධකාගාර හදපු, එජාපෙ, වේදිකාවට.
මේ කතාව ලියලා තියා ගනිල්ලා...!
මැයි දිනයේ නියම ජෝක් එක කළේ පාඨලී චම්පක.
එයා 'හෙළ උරුමයේ' පෙළපාළියෙන් පටන් අරන්, එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවෙන් අවසන් කළා.
මෙහෙව් රටක් බොලව් අපි ඉන්නෙ!

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
'සජිත් - ලක්ලුණු' කියලා ටී ෂර්ට් ගහපු එවුන් ඊයේ මැයි රැළියේ ගියා.
මුන් ලුණු පොල් කට්ටටත් කෙළලා, බොලව්.
 රනිල් මැයි දිනේට 'රජයේ සම්පත් භාවිත කරන්න එපා' කියලා, සොබ්බයක් දාලා තිබුණා.
රජයේ දේපළ ගැන එච්චර කැක්කුමක් තියෙනවා නං, සිරිකොතට 'පෞද්ගලික වාහනවලින් එන්න' කියන්නත් එපැයි.
කොහොමහරි රනිල්ට ඇටෑක් කරන්න ද කොහේද සජිත් ගේ ටී ෂර්ට් ස්පොන්සර් කරලා තිබුණේ 'ලක්ලුණු', බොලව්.
FCID එක්කන් යන්නෙ නැතෙයි.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
 (මැයි දින කතාවකින් ...)
ලෝ වාසී නිර්ධන පන්තියේ සහෝදර ජනතාව ගෙන් අවසරයි.
අද තමයි ආදරණීය වැඩ කරන ජනතාව ගේ ඓතිහාසික දවස. අද කම්කරු ජනතාව ගේ සැබෑ ශක්තිය අපි පෙන්නන්න ඕන. මේ රැළියට අද එක්රැස් වෙලා ඉන්න ආදරණීය වැඩ කරන ජනතාව ගේ දහඩිය සුවඳ මට හොඳට දැනෙනවා. මාත් වමේ සහෝදරයෙක්. අපි සූරාකෑමට විරුද්ධයි. කම්කරු පන්තියට අපි හොඳට සැලකුවා. අපි ඉදිරියටත් සලකනවා. අපි පඩි වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කම්කරු ජනතාවට කියන්නෙ වැඩ වර්ජන කරන්න ඕන නෑ. අපිත් එක්ක කතා කරන්න. අපට ඔබතුමන්ලා ගේ ප්‍රශ්න කියන්න.
එදා අමෙරිකාවේ චිකාගෝ නගරයේ ඇති වෙච්ච දුර්දාන්ත පාලනය නිසා කම්කරු ජනතාවට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒවට විරුද්ධ ව ජනතාව නැගිට්ටා. පාරට බැස්සා.
අම්මට උඩු.
පාරට බැස්සා කිව්වාමයි මට මතක් වුණේ. අර බැල්ලිගෙ පුතාලා අන්න අපිට ඇටෑක් කරන්න මිනිස්සු ගෙනල්ලලු. දැන් මගේ එකෙක් ෆෝන් කළා. උන් හිතන් ඇති අපට කෙළීන්න. යකෝඕඕ ව්..අපි බය නෑ. වරෙව්.
ඕකුන් හින්දා රට හදන්න බෑ, තව අවුරුදු ගාණකට මේ රට ගොඩ ගන්න බෑ, තොපි මෙතන රිලව් වගේ බලන් ඉන්නෙ අහවල් බම්බුවක් ගන්න බලා ගෙන ද? පලයව්. ගිහින් උන් ගෙන් ම ඉල්ලා ගනියවි.
ඔය ඇවිත් ඉන්නෙ මොකුන්ද? මුන් මසාජ් ක්ලිිනික්වලට පැනලා ඒවට ඇවිත් හිටපු එවුනුයි, වේස කෙල්ලොයි සල්ලි දීලා අරන් ඇවිත්. අපි රැවටෙයි.
ඔය කම්කරු හැත්ත තමයි රට කෑවේ. ගෙරි බල්ලො. මතක් කරන්ඩ එපා. තුහ් විතරක්. අපි අද ඔය රැස්වීමට ඩ්‍රෝන් කැමරා යවලා සේරම වීඩියෝ කරනවා. එක කම්කරුවෙක් තියන්නෙ නෑ. උන් කම්කරුවොද? ඇහේ ඉඳන් පට්ට ගහන්නෙ, වෙිසි ගෙ පුතාලා.
අම්ම ගෙ රෙද්දෙ මැයි රැළිය.
මේවා මැයි රැළි ද? මොකට ද යකෝ මැයි රැළි. මේවා තහනං කරලා දාන්ඩ ඕන. පලයව් ගෙරි බල්ලො ගෙදර. මුනුත් විශ්වාස නෑ. ඔත්තු බලන්ඩ ඇවිත් ද කියලා.
බලා ගෙන හිටපියව් පඩි වැඩි කර ගන්න. එක රුපියලක් වැඩි කරන්නෙ නෑ.
මුන් රට අල්ලන්න හදන්නෙ කම්කරුවොත් එක්ක. හරියට හිටං ඉන්ඩ පණ නෑ. මුන්ට පරිප්පු ගෝනියක් කර ගහ ගන්න පුඵවන් ද? වීසි වෙනවා. වේසි ගෙ පුතාලා. කසිප්පු ගහනවා.
පුඵවන් නං වරෙල්ලා අපිත් එක්ක හැප්පෙන්න.
අපි බය නෑ යකෝ.

ශ්‍රේෂ්ඨ කම්කරු නායක රනිල් වික්‍රමසිංහ සහෝදරයා ඔබ අමතහිහ් .. හික් ..
මට හිනා යනවා ඕයි!
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
රාජිතලා මුල්පුටුවෙ තියපු හැම ආණ්ඩුවක්ම පැරදුණා. හැබැයි ඒ හැම වෙලාවෙම රාජිත පරදින ආණ්ඩුවෙන් පැන්නා.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
 කම්කරු නායකයෙක් හිටියා බොලව්, එ්.ඊ.ගුණසිංහ කියලා. උන්නැහේ ගේ නමින් පිට්ටනියක් තියෙනවා. ගුණසිංහපුරේ.
අද බල්ලෙක් නෑ.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

දේශපාලුවා - කම් කම් බූරූ
මීඩියා පොරවල් - සිං සිං නෝරූ
දේශපාලුවා - මං කියන දේ අහනවදෝ
මීඩියා පොරවල් - ඕ ..ඕ...ඕ ...ව්ව්ව් ...ව් සෑෑ...ර්ර්...
දේශපාලුවා - එහෙනං දුවලා දුවලා දුවලා ගිහිං මේ නිව්ස් එක දාලා එන්ඩෝ..!
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිණුමේ තියෙන්නෙ කෝටියයි කියලා, ලිපිගොනු බාර දීලා තිබුණා, මැතිවරණ කොමසාරිස් කාර්යාලයට.
මැයි දිනේ රැළිවලට යන්න මිලියන 31ක් සල්ලි බැඳලා බස්වලට.
ලොතරැයියක්වත් ඇදිල ද බොලව්.....?
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
'කොටි මරපු දවසක සම්මානයක් ගන්න එක වැරැදියි' කියලා, සම්මාන ප්‍රතික්ෂේප කරපු අර හඳගම කියන විකල්ප සිනමාකාරයා කෝ? බොලව්.
මහා බැංකුවේ සන්නිවේදන අධ්‍යක්ෂ!
බැඳුංකරේ ගැන චිත්‍රපටියක් ගහනවලු ද? බොලව් සද්ද නැත්තෙ.
හොරද සාක්සියක් තියෙනවා නං, බැඳුංකරේ ගැන මාධ්‍ය හමුවක් තියලා, කෙළලා අරින්ඩ බැරිද කියලා අහපල්ලා, මහ බැංකුවේ හැත්ත බුරුත්තේ මූණු නාලු වෙලා යන්ඩ.
ඇයි ලංකාවෙ සංස්කෘතිය ගැන දෙන්නෙ ලොරි ටෝක්.
කොහොමද බොලව්, මහ බැංකුවේ සංස්කුරුතිය!
හැක් හැක් ...
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
 - කුමාර ලියනගේ


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.