ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 10, 2017

සක්කාය දිට්ඨිය යනු කුමක්ද...?

වෙසක් සතිය වෙනුවෙන්  ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගෙන් සාරගර්භ විශේෂ ලිපි පෙළක්  ලංකානිව්ස් වෙතින්...!!!



ප්‍රථම මාර්ග ඥාණයේ දී දුරු කරන දස සංයෝජන ධර්ම අතරින් එක් සංයෝජනයක් ලෙස සක්කාය දිට්ඨිය හැඳින් විය හැකිය. සක්කාය දිට්ඨිය මූලික වශයෙන්ම පුද්ගල චිත්ත සන්තානය තුළ ක්‍රියාත්මක වෙමින් පුද්ගලයා සසර තුළ අඛණ්ඩවම රඳවා තබා ගනිමින් කුසල් හා අකුසල් ද, පුණ්‍ය හා පාපය ද සකස්වීමට මඟ හෙළිකර දෙනු ලබයි. මෙයින් පුණ්‍යයෙන් භවගාමී මාර්ගය සැප පක්ෂයෙන් දිගු කෙරෙන අතර, පාපයෙන් එය දුක්ඛ පක්ෂයෙන් දිගු කෙරේ. කුසල් මඟින් භවගාමී ශක්තිය ක්ෂය කිරීමට අවස්ථාව සැලසෙන අතර, අකුසලයෙන් එලෙස වීමට ඉඩ ඇති අවස්ථා වැළකී යයි. කෙසේ හෝ පුද්ගලයෙකු තුළ මුල් බැසගෙන පවත්නා වූ සක්කාය දිට්ඨියෙහි ක්‍රියාකාරීත්වය හා ස්වභාවය අනුව කිසියම් පුද්ගලයෙකු අතින් සිත කය හා වචනය තුන් දොරින් සිදු වන ක්‍රියාවක් පුණ්‍යයක්, පාපයක්, කුසලයක් හෝ අකුසලයක් බවට අර්ථකථනය කෙරේ.
කිසියම් පුද්ගලයෙකු විසින් තමාගේ සංජානන, ආවේදන හා චර්යා ක්‍රියාකාරීත්වයෙහිලා සක්කාය දිට්ඨි සහගතව හෝ රහිතව කටයුතු කිරීමේ ස්වභාවය සෝතාපත්ති හා පෘථග්ජන සීමාව පැහැදිලිවම දැක්විය හැකි අවස්ථාවයි. සමාජයෙහි අන්‍යයන් සමඟ සාමාජීය සබඳත‍ා පවත්වමින් කටයුතු කිරීමේ දී ආත්මාර්ථකාමී බව හා සබැඳුනු තමා හුවා දැක්වීම හා අන්‍යයන් පහත්කොට සැලකීම යනාදී සංජානන, ආවේදන හා චර්යා වලින් වැළකීමට සමත් ස්වභාවය පවා ක්ෂය වූ සක්කාය දිට්ඨියෙහි ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. විපස්සනා භාවනාව යනු ‍ලෝකයෙන් බැහැරට පලා යාම නොව, ජීවත්වන මේ මොහොතේදීම ගැටළු අභියෝග මධ්‍යයේම ඒවා පිළිබදව නිසි අවබෝධයෙන් කටයුතු කිරීම වන නිසා හුදකලා විවේක ස්ථානයකට වී කය සෘජුකොට පද්මාසන ගතව දෙනෙත් අඩවන්ව පියවා ධ්‍යානී ඉරියවුවෙන් නොසෙල් වී හිඳීමින් වඩන භාවනාව පමණක් නොව, එදිනෙදා ජීවිතයෙහි දී ඕනෑම පුද්ගලයෙකුහට මුහුණදීමට සිදුවන දෛනික සිදුවීම් ආශ්‍රිතව ද සක්කාය දිට්ඨියෙන් තොරව කටයුතු කිරීමට, ඒ පිළිබඳව කියවීමෙන් ඇසීමෙන් ලබන ලද මනා අවබෝධය තුළින් හැකිවීම ද භාවනාමය කුසල කර්මයක් ලෙස පැහැදිලි කළ හැකිය. ( අංගුත්තර නිකාය 3, පංචක නිපාත, අනුග්ගහ දිට්ඨි සුත්ත, බු.ජ.මු. )

ලෝකයෙහි ගැටළු සහගත බවින් දුරස්ව, විවේක ස්ථානයකට වී බවුන් වැඩීමට වඩා අපහසුම, වඩාත් ප්‍රයෝජවත් හා උපයෝගිතාවයෙන් යුක්ත කාර්යය වන්නේ ද ඒ ඒ ගැටළු හා අභියෝග පැණ නගින අවස්ථාව තුළ දීම ඒවා මැනවින් හඳුනාගෙන සක්කාය දිට්ඨියෙන් තොරව කටයුතු කිරීමට දක්වන සමත්කමයි. එවැනි පුද්ගලයෙකු ඇසුරු කරනු ලබන සෙසු පුද්ගලයන්හට පවා මහත් මානසික ශාන්තියක් විශාල අස්වැසිල්ලක් ඒ පුද්ගලයා නිසා උදා වන බැවිනි. සක්කාය දිට්ඨියට අමතරව, සෝතාපත්ති මාර්ගඵල ඥාණයෙන් ප්‍රහාණය කරනු ලබන සීලබ්බතා පරාමාස හා විකිච්ඡාව යන අනෙකුත් සංයොජන දෙකට ද පාදක වන්නේ සක්කාය දිට්ඨිය නිසාම  සංජානන, ආවේදන හා චර්යා පුද්ගල ක්‍රියාකාරීත්ව පැතිකඩවල  විද්‍යමානිත සෘණාත්මක ලක්ෂණ වේ. මෙයින් සීලබ්බත පරාමාසය හා විචිකිච්ඡාව ඇති වන්නේ සක්කාය දිට්ඨියෙන් නිවැරදි ප්‍රතිපදාව ආවරණයව පවතින බැවින් හා ඒ නොදැනීම නිසා ඇතිවන ගැටළු සහගත සැකයනි.
හුදෙක් පුද්ගලයෙකුගේ සංජානන, ආවේදන හා චර්යා ක්‍රියාකාරීත්වය පමණක් පුණ්‍ය, පාප, කුසල් ‍හෝ අකුසල් නොවේ. කිසියම් පුද්ගලයෙකු විසින් තමාගේ සංජානන පැතිකඩ පුරුදු පුහුණු කර ඇති ස්වභාවය අනුව හා අතීන්ද්‍රීය ප්‍රත්‍යක්ෂය හෙවත් අත‍ාර්කික සංජානනය මඟින් ශාක්ෂාත් කරගෙන ඇති දාර්ශනික ප්‍රස්තුතයන්හි ප්‍රත්‍යක්ෂ ප්‍රමාණය අනුව හා එකී අවබෝධය පාදක කරගන්නා ලද අනුමාන ප්‍රමාණය අනුව ඒ පුද්ගලයා හෙවත් ආර්ය උතුමා අතින් සිදුවන ක්‍රියාවල භවගාමී ශක්තිය අනුක්‍රමයෙන් ක්ෂය වෙමින් හා ලීන වෙමින් යයි. ඇතැම් විටක දී මේ භාවය තුළ දීම හෝ පසු ආත්ම භාව එකේ සිට සතක් දක්වා අනුක්‍රමයෙන් භවගාමී ශක්තිය ක්ෂය හා ලීන විමේ අවස්ථා උදා විය හැකි බව බුදු දහමේ දැක්වේ. සසරෙහි ප්‍රමාද නොවන ආර්ය උතුමා විසින් සොතාපත්ති මාර්ගඵල ඥාණයෙහි සිට තව දුරටත් ස්වකීය විපස්සනා භාවනාව උපයෝගී කරගනිමින් සෙසු මාර්ගඵල ඥා‍ණ තුන අවබෝධයෙහිලා උත්සහවත් වන ආකාරය සහ ඒ සඳහා අවශ්‍යවන අවම කාලසීමාව ආර්ය පුද්ගලයාගේ භවගා‍මී ශක්තිය ක්ෂය හා ලීන වීමේ ප්‍රධානතම සාධකය ‍ලෙස දැක්විය හැකිය. ( පුග්ගල පඤ්ඤත්තිප්පකරණය,බු.ජ.මු.)
පංච ස්කන්ධය
උච්ඡේද දෘෂ්ඨිය/ කාමසුඛල්ලිඛානු යෝගය
ශාස්වතදෘෂ්ඨිය/අත්තකිලමථානු යෝගය
රූප ස්කන්ධය
රූපං අත්තනො සමනුපස්සති
රූපය තමා වශයෙන්
රූපවන්තං වා අත්තානං
තමා රූප සහිත
අත්තනි වා රූපං
රූපය තමා කෙරෙහි පිහිටියේය
රූපස්මිං වා අත්තානං
තමා රූපය කෙරෙහි පිහිටි ලෙස
වේදනා ස්කන්ධය
වෙදනං අත්තනං සමනුපස්සති
වේදනාව තමා වශයෙන්
වෙදනාවන්තං වා අත්තානං
තමා වේදනාව සහිත
අත්තනි වා වෙදනං
තමා කෙරෙහි වේදනාව පිහිටියේය
වෙදනාය වා අත්තානං
වේදනාවෙහි තමා පිහිටියේය
සංඥා ස්කන්ධය
සඤ්ඤං අත්තනො සමනුපස්සති
සංඥාව තමා වශයෙන්
සඤ්ඤාවන්තං වා අත්තානං
තමා සංඥා සහිතය
අත්තන්ති වා සඤ්ඤාං
තමා කෙරෙහි සංඥාව පිහිටියේය
සඤ්ඤාය වා අත්තානං
සංඥාවෙහි තමා පිහිටියේය
සංඛාර ස්කන්ධය
සංඛාරෙ අත්තනො සමනුපස්සති
සංස්කාරයන් තමා වශයෙන්
සංඛාරවන්තං වා අත්තානං
තමා සංස්කාර සහිතය
අත්තනි වා සංඛාරෙ
තමා කෙරෙහි සංස්කාර පිහිටියේය
සංඛාරෙසු වා අත්තානං
සංස්කාරයන්හි තමා පිහිටියේය
විඤ්ඤාණ ස්කන්ධය
විඤ්ඤානං අත්තනො සමනුපස්සති
විඥාන තමා වශයෙන්
විඤ්ඤාණවන්තං වා අත්තනං
තමා විඥාන සහිතය
අත්තනි වා විඤ්ඤාණං
තමා කෙරෙහි විඥාන පිහිටියේය
විඤ්ඤාණස්මිං වා අත්තානං
විඥානයෙහි තමා පිහිටියේය

 

සක්කාය දිට්ඨි යන්නෙහි අර්ථය වනුයේ ආත්මයක් ඇත යන දෘෂ්ඨිය හා තමාගේ යැයි දැඩි සේ ගැනීමයි. ( පාලි-සිංහල අකාරාදිය, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, බෞ.ස.ම.1998,482 පි.) මෙහි කාය ශබ්දයෙන් ශරීරය හා සමූහය යන්න අදහස් වේ. (එම155 පි.) එසේම මෙහි ස යන්නෙන්ස්වකීය හා තමා අයත් බව හඟවයි. (එම480 පි.) මේ වදන ස + කාය = ස +ආ+ 2xක්+ ය = සක්කාය ලෙස සකස්ව ඇත. මෙහි ඇත්තේ පාලි භාෂාවේ ව්‍යඤ්ජන සන්ධියයි. මෙම සන්ධියෙහි නිරුක්තිය ලෙස දැක්වෙන්නේ ස්වරයා කෙරෙන් පර වූ ව්‍යඤ්ජනයකට යෝග්‍ය ස්ථානයේ දී ද්විත්ව වේ යන්නයි. එහිම කකාරය ද්විත්ව කිරීම ක්ක් ලෙස නිදසුනකින් දක්වා ඇත. ( පාලි භාෂාවතරණය 2, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, ල.ය.මු. 1949, 12 පි.) ඒ අනුව මෙහි ස හා සන්ධි කෙරෙන පසු වදන වූ කාය යන්නෙහි මුල් අක්ෂරයෙහි ව්‍යඤ්ජනය වූ ක් යන්න ද්විත්ව වී, ක්ක් ලෙස සකස් වී ස සමඟ එක්ව සක්කාය ලෙස සෑදේ. මෙහි නිවැරදි පාලි ව්‍යාකරණානූකූල ස්වභාවය මෙයයි. විවිධ කේෂ්ත්‍රයන්හි ප්‍රමාණික යැයි පිලිගැනෙන විද්වතුන් විසින් ස්වකීය ශාස්ත්‍රීය ලිපිවල සක්කාය දිට්ඨිය නිරුක්ති කොට දක්වා ඇති ආකාරය ව්‍යාකරණානූකූලව කෙසේ වුවත්, එහි මූලික අර්ථාවබෝධයට හානියක් නොවන හෙයින් හා ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස වාදාභිමුඛ වීම ධර්මයෙහි මූලික හරය යටපත් වී අත්තුක්කංසනය හා පරම්භවනය ඉස්මතුවීමේ ලක්ෂණයක් පමණක් වන හෙයිනුත් එය විශාල ගැටළුවක් කරගත යුතු නොවන බව පෙන්වා දිය හැකිය.

ත්‍රි පිටකයෙහි සක්කාය දිට්ඨිය විසි වැදෑරුම් කොට පැහැදිලි කර දී තිබේ. ( මජ්ඣිම නිකාය 1, මහා යමක වග්ගය, චූළ වෙදල්ල සුත්ත, බු.ජ.මු, 2001,704 පි.) ඒ විසි වැදෑරුම් සක්කාය දිට්ඨිය පංචස්කන්ධයෙහි එක් එක් ස්කන්ධ කොටසක් පාසා වෙන වෙනම තමා වශයෙන් හා තමා කෙරෙහි වශයෙන් දස ආකාරයකට උච්ඡේද දෘෂ්ඨියත්, ඒ අයුරින්ම එක් එක් ස්කන්ධ කොටසක් පාසා වෙන වෙනම තමා සහිත හා තමා කෙරෙහි පිහිටි වශයෙන් දස ආකාරයකට ශාස්වත දෘෂ්ඨියත් හට ගනු ලබන බව පෙන්වා දිය හැකිය. මෙලොව ජීවත්ව සිටින්නා වූ විවිධාකර වූ පුද්ගලයන්හට සක්කාය දිටිඨිය මෙකී විසි වැදෑරුම් ක්‍රමයටම ඇති විය හැකිය. තමාගේ සිත තුළ කෙලෙස්වල දිර්ඝකාලීන සකස්වීමේ පිළිවෙළ නිශ්චිතවම වටහාගැනීමට සම්මා සම්බුදුවරයාණන් වහන්සේ නමක හැර වෙනත් ඕනෑම පුද්ගලයෙකු අසමත්වන හෙයින් සම්පූර්ණ ස්කන්ධ පංචකයෙහිමලා එක් එක් ස්කන්ධ කොටසක් පාසා වෙන වෙනම අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යන ත්‍රි ලක්ෂණයෙන් සැලකීම සක්කාය දිට්ඨියෙන් මිදීම සඳහා ඇති නොවරදින එකම පිළියමයි. 

රූපය, වේදනාව, සංඥාව, සංඛාර හෝ විඤ්ඤාණ ස්කන්ධ කොටස් භෞතික ජීව විද්‍යාත්මක ක්‍රියාවළියක එක් අවස්ථාවක් සේ සලකා එයම තමා වශයෙන් දැකීමේ දී ආත්ම සංඥාව උච්ඡේද ස්වරූපයෙන් පුද්ගල  චිත්ත සන්තානය තුළ පහළ වේ. මෙය වෙනත් ආකාරයකින් විග්‍රහ කරතොත්, කිසියම් ජීවියෙකුගේ එම ජීවී සංඥාව පහළ වන්නේ හුදෙක් කර්මය හා පුනර්භවය පාදක කරගන්න‍ා ලද හේතු හා ප්‍රත්‍යවල සකස්වීම නිසා නොව ද්‍රව්‍යයන්ගේ එකට එක්වීම පමණක් නිසා බව සලකා එයම සත්ව පුද්ගල ව්‍යවහාරයෙන් හා තමා යනුවෙන් සැලකීමයි. වර්තමානයෙහි පවා වෙනත් විවිධ විෂයන්ගෙන් පරතෙරට පත් වූ තාර්කික සංජානනය මෙහෙයවා කටයුතු කරනු ලබන, ඉතාමත් උගත් විද්වත් බොහෝ දෙනා මෙම අදහස තමාගේ දාර්ශනික මතයක් ලෙස දරන බව පෙනෙන අතර එවැනි පුද්ගලික ආකල්ප පවා සමාජයෙහි වේගයෙන් ව්‍ය‍ාප්ත වී ඇත්තේ ද එම අදහස් සක්කාය දිට්ඨියෙහි එක් ස්වරූපයක් බව නොදැන එයට රැවටීම නිසාය. සත්ව හා පුද්ගල ප්‍රඥප්තිය ජීව විද්‍යාත්මක පක්ෂයෙන් පමණක් සැලකීමේ දී මෙවැනි දෘෂ්ඨියකින් මුළාවට පැමිණීමේ අවකාශ අධිකය.

එසේම ඉහත දක්වන ලද එක් එක් ස්කන්ධ කොටසක් පාසා, ඒවා සත්ව හා පුද්ගල ආත්මය රැඳී පැවතීමට සුදුසු ස්ථාන සේ සලකා එහි තමා සහිත බව දෘෂ්ඨි සහගතව සැලකීමේ දී ආත්ම සංඥාව ශාස්වත ස්වරූපයෙන් පුද්ගල චිත්ත සන්තානය තුළ හට ඇති‍ ‍ෙව්. පංච රූපවචර ධ්‍යාන සම්පතීන් හා තුන් අරූපාවචර ධ්‍යාන සම්පත්තීන් උපදවා අටවන ලෞකික සමාපත්ති අවස්ථාව වන නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා විදර්ශනා චිත්තය රහිතව, ශාස්වත දෘෂ්ඨිය සහිතව එළඹීමේ හැකියාව පවතී. ( අභිධර්මචන්ද්‍රිකාව, ශ්‍රී ධර්මවංශ හිමි,කා.මු,1956,42පි.) එසේ වුවත් ඉන් ඉදිරියට චිත්ත සංවර්ධනය කළ නොහැක්කේ දෘෂ්ඨිමය වශයෙන් ස්කන්ධ පංචකය කෙරෙහි බැඳී ඇති හෙයිනි. උපාදාන වශයෙන් හෙවත් දැඩිව ලොල් සිතින් යුක්තව එක් එක් ස්කන්ධ කොටසක් පාසා දැඩිව සිතින් තෘෂ්ණාවෙන් යුක්තව ග්‍රහණය කිරීම හා ස්කන්ධ ආත්ම වශයෙන් සාර වශයෙන් ස්වකීය ස්වභාවයෙන් හා තමා වශයෙන් දැකීම ශාස්වත ලෙසින් සක්කාය දිට්ඨිය පහළ වීමට හේතුවයි.

උච්ඡේද දෘෂ්ඨියෙන් ඇති වන ආත්ම සංඥාව නිසා සක්කාය දිට්ඨිය තිබෙතත්, එය වටහාගැනීමට අපහසු වන්නේ, ශාස්වත දෘෂ්ඨි සහිත පුද්ගලයාට සාපේක්ෂකව, ඒ පුද්ගලයා ආත්ම ස්වරූපයෙන් භවයෙන් භවය කරා ගමන්කරන කිසිදු යමක් නැතැයි උපකල්පනය කරන හෙයිනි. එහෙත් ඔහු තුළ ස්කන්ධ පංචකයෙහි සමවාය කෙරෙහි හා එක් එක් ස්කන්ධ කොටසක් පාසා තමා යන ආත්ම සංඥාව ඇත. ( දීඝ නිකාය 2, පායාසි සුත්ත, බු.ජ.මු.) ඔහු නොපිළිගනු ලබන්නේ එය භවගාමී වන, මේ භවයෙන් නො අවසන්වන පැවැත්මක් සහිතය යන ආකල්පය පමණි. මේ පිළිගැනීම සමඟම සත්ව හා පුද්ගල ප්‍රඥප්තිය කර්මය විසින් සකස්වීමට අවශ්‍ය හේතු හා ප්‍රත්‍ය පිළිගැනීමෙන් බැහැරවීම නිසා ශාස්වත දෘෂ්ඨි සහිත පුද්ගලයාටත් වඩා තදබල මිත්‍යා දෘෂ්ඨියකට පත් වේ. ශාස්වත දෘෂ්ඨි සහිත පුද්ගලයා කර්ම ඵල විපාක පිළිගනිතත්, එය සකස්වන නියම ක්‍රමය හා ඉන් දුරු වන නිසි මඟ නොදනී. කර්ම ඵල, විපාක, ලෞකික ධ්‍යාන හා අභිඥා පිළිබඳ නුවණ සහිත බැවින් ශාස්වත දෘෂ්ඨි සහිත පුද්ගලයාගේ සක්කාය දිට්ඨිය උච්ඡේද දෘෂ්ටි සහිත පුද්ගලයා‍ට වඩා පහසුවෙන් දුරුකර ගැනීමට සංජානන පැතිකඩ තුළ අවකාශ ඇත. ( දීඝ නිකාය 3, පායාසි සුත්ත, බු.ජ.මු.)

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.