ටුට්සි ජාතිකයන් දිවි ගලවාගන්නට හැකි සෑම තැනකටම පලා යන්නට
විය. ටුට්සි ජාතික සරණාගතයන් පනස් දහසකට අධික සංඛ්‍යාවක්
රුවන්ඩාවේ නියාමාටාවේ කතෝලික දේවස්ථානය වෙත පලා ආවේ ද
පිළිසරණක් පතාය. එහෙත් ඒ වන විටත් එහි රැකවල් ලාගෙන උන් හුටු
අන්තවාදීන් මේ අසරණ ටුට්සි ජාතිකයන්ව එකා පිට එකා මරා දමන්නට
වූහ. දේවස්ථානයේ උන් දේවගැතිවරුන් සහ කන්‍යා සොහොයුරියන් පවා
ඝාතකයන්ට එක්ව ටුට්සි සරණාගතයන්ව එළව එළවා මරා දැමූහ. පල්ලිය
තුළ පමණක් සී සී කඩ විසිරී තිබුණු මළමිනී සංඛ්‍යාව පනස්
දහසකට අධිකය. දින සියයක් තුළ රුවන්ඩාව පුරා ටුට්සි ජාතිකයන්
ලක්ෂ අටක් ඝාතනය කොට තිබිණ.
පන්සලක්,
පල්ලියක්, කෝවිලක් යනු මිනිසුන්ට සැනසීම ගෙනෙන තැන්ය.
විපතකදී මිනිසකු පිහිට පතා දිවයන තැන්ය. 1994 අප්‍රේල්
හයවැනිදා අසරණ ටුට්සි ගෝත්‍රික මිනිසුන් දහස් ගණනක්
රුවන්ඩාවේ, නියාමාටා දේවස්ථානය වෙත දිවගියේ ජීවිතය බේරාගන්නට
දෙවියන්වත් පිහිට වේ යෑයි සිතාගෙනය. එහෙත් සිදු වූයේ අනෙකකි.
පූජනීය ස්ථානයක සිදුවිය හැකි බිහිසුණුම අමානුෂිකම අපරාධය එදා
ඒ පල්ලිය තුළදී සිදුවිය. පල්ලියේ උන් හුටු ගෝත්‍රික අන්තවාදීන්
පමණක් නොව පල්ලියේ දේවගැතිවරුන්, කන්‍යා සොහොයුරියන් ද එක්ව
ඒ අසරණ ජනතාව තුවක්කුවලින් වෙඩිතබා කැති මන්නාවලින් කපා කොට
ඝාතනය කොට දැමූහ. එසේ මරා දැමුණු පිරිස පනස් දහස ඉක්මවයි.
අදටත් ඒ මැරුණු මිනිසුන්ගේ ඇඳුම්, හිස්කබල්, ඇටකටු හා
සුන්බුන් නියාමාටා පල්ලිය තුළදී දැකබලා ගන්නට හැකිය.
රුවන්ඩා ජන සංහාරය ලෝක ඉතිහාසය තුළ මිනිස් වර්ගයාට එරෙහිව කළ
අමානුෂිකම අපරාධවලින් එකකි. ජනවාර්ගික ගැටලුව යනු රුවන්ඩාවට
අලුත් අත්දැකීමක් නොවේ. රුවන්ඩාවේ වැසියන්ගෙන් 85% ක් පමණම
හුටු ගෝත්‍රිකයන්ය. එහෙත් දිගු කාලයක් තිස්සේ රටේ බලය හිමිව
තිබුණේ සුළු ජාතිකයන් වූ ටුට්සි ගෝත්‍රිකයන්ටය. 1959 දී හුටු
ගෝත්‍රිකයන් විසින් ටුට්සි පාලනය පරාජයට පත් කළ අතර හුටු
ගෝත්‍රිකයන්ගේ ප්රචණ්ඩ ක්‍රියා නිසා දසදහස් ගණන් ටුට්සි
ගෝත්‍රිකයන්ට අසල්වැසි රටවලට පලා යන්නට සිදුවිය. මෙසේ රටින්
පිටුවහල් කෙරුණු ටුට්සි ගෝත්‍රික කණ්ඩායමක් එකතුව - රුවන්ඩා
දේශප්‍රේමී පෙරමුණ - නමින් කැරලි කණ්ඩායමක් බිහිකළේය. 1990
අවුරුද්දේ රුවන්ඩාවේ අයිතිය යළි ලබාගන්නට සටන් ඇරඹූ රුවන්ඩා
දේශප්‍රේමී පෙරමුණ 1993 දී සාමගිවිසුම් අත්සන් තැබෙන තුරු
අඛන්ඩව වසර තුනක් සටන් කළහ.
එතැනදී එළඹුණු තාවකාලික සාමය 1994 දී අවසන් විය. ඒ 1994
අවුරුද්දේ අප්‍රේල් හය වැනිදා රාත්‍රියේය. එවකට රුවන්ඩාවේ
ජනපති වූ හුටු ජාතික ජුවෙනල් හබියාරිමානා ගමන් කළ ගුවන් යානයට
වෙඩිතබා බිම හෙළනු ලැබීය. ගුවන්යානයේ උන් සියලු දෙනාම මියගියහ.
හුටු අන්තවාදීන් මේ සිදුවීමේ වරද පටවනු ලැබුවේ ටුට්සි ජාතික
රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණටය. ගුවන්යානය විනාශ වූ සැනින්ම වාගේ
ටුට්සි ජනයා සංහාරය ඇරඹිණ. හදිසියේ පටන් ගත්ත ද එය මැනවින්
සංවිධානය කෙරුණු ජනසංහාරයක් විය. එනිසා පසුව රුවන්ඩා
දේශප්‍රේමී පෙරමුණ කීවේ ගුවන්යානයට වෙඩිතැබීමත් ටුට්සි
ජනසංහාරය කිරීමට නිදහසට කාරණයක් සොයාගන්නට හුටු අන්තවාදීන්
විසින් සැලසුම් සහගතව කළ දෙයක් බවය.
රුවන්ඩා
ඉතිහාසයේ ලෙයින් නැහැවුණු දින සියය එළඹුනේ එදායිනි. හුටු ජාතික
රජයේ හමුදාවන් සහ සාමාන්‍ය වැසියන් පවා ටුට්සි ජාතිකයන්ව
ඝාතනය කරන්නට වූහ. හුටු රජයේ විරුද්ධවාදීන්ගේ නම් ලැයිස්තු
සාදා හුටු හමුදාවට ඉදිරිපත් කෙරිණ. හමුදා භටයෝ ඔවුන්ව සොයා
ගොස් පවුල් පිටින් ඝාතනය කළහ. හුටු ජාතික මිනිසුන් තම
අසල්වැසි ටුට්සි ජාතිකයන් පවුල් පිටින් මරා දැමූහ. ටුට්සි
බිරින්ඳන් සිටි හුටු ජාතිකයෝ තම බිරිඳව ද ජාතියේ වෙනස නිසා මරා
දැමූහ. හුටු ජාතිකයෝ ජීවිත ගලවා ගන්නට පලා යන විට හමුදාව ද
පොලිසිය ද පාරවල් අවහිර කොට ඔවුන්ව නවතා පාරවල්වලදීම මරා
දැමූහ. දහස් ගනන් ටුට්සි කාන්තාවන් හුටු ජාතිකයන්ගේ ලිංගික
වහලියන් කරගන්නට පැහැරගෙන යනු ලැබිණ.
හුටු අන්තවාදීන් විසින් මේ ජනසංහාරය උදෙසාම එක් ගුවන්විදුලි
නාළිකාවක් ද පුවත්පත් කිහිපයක් ද වෙන් කරගත්හ. මරාදැමිය යුතු
ටුට්සි ජාතිකයන්ගේ නම් එම ගුවන් විදුලි නාළිsකාව හා පුවත්පත්
ඔස්සේ ප්‍රචාරය කරන ලදී. 'කැරපොත්තන් පලවා හැරීමේ මෙහෙයුම' කට
ඒ මාධ්‍ය වලින් ජනතාවට ආරාධනය කරන ලදී. එනම් ටුට්සි ජාතිකයන්
මරාදැමීමේ ජන සංහාරයට සහභාගි වන ලෙසයි. මරාදැමිය යුතු ටුට්සි
ජාතිකයන්ගේ නම් ලැයිස්තු සහ ආයුධ සාමාන්‍ය හුටු ජාතික වැසියන්
අතට ද පත්කරන ලදී. තත්ත්වය තවත් දරුණු විය.
ටුට්සි ජාතිකයන් දිවි ගලවාගන්නට හැකි සෑම තැනකටම පලා යන්නට
විය. ටුට්සි ජාතික සරණාගතයන් පනස් දහසකට අධික සංඛ්‍යාවක්
රුවන්ඩාවේ නියාමාටාවේ කතෝලික දේවස්ථානය වෙත පලා ආවේ ද
පිළිසරණක් පතාය. එහෙත් ඒ වන විටත් එහි රැකවල් ලාගෙන උන් හුටු
අන්තවාදීන් මේ අසරණ ටුට්සි ජාතිකයන්ව එකා පිට එකා මරා දමන්නට
වූහ. දේවස්ථානයේ උන් දේවගැතිවරුන් සහ කන්‍යා සොහොයුරියන් පවා
ඝාතකයන්ට එක්ව ටුට්සි සරණාගතයන්ව එළව එළවා මරා දැමූහ. පල්ලිය
තුළ පමණක් සී සී කඩ විසිරී තිබුණු මළමිනී සංඛ්‍යාව පනස්
දහසකට අධිකය. දින සියයක් තුළ රුවන්ඩාව පුරා ටුට්සි ජාතිකයන්
ලක්ෂ අටක් ඝාතනය කොට තිබිණ.
ඒ වන විටත් එක්සත් ජාතීන්ගේ හමුදාවන් හා බෙල්ජියම් හමුදාව
රුවන්ඩාව තුළ කඳවුරු ලාගෙන සිටියහ. එහෙත් මේ මහා ජනසංහාරය
නවත්වන්නට ඒ කිසිවකු කිසිවක් කළේ නැත. සෝමාලියාවේදී ඇමෙරිකානු
හමුදා මරා දැමීමෙන් පසුව කිසිදු අප්‍රිකානු අර්බුදයකට මැදිහත්
නොවන්නට එක්සත් ජාතීන් විසින් තීරණය කොට තිබිණ. හුටු රජයේ
මිත්‍ර රටක් වූ ප්‍රංශය ආරක්ෂිත කලාපයක් ඇති කරන්නට හමුදා
බල ඇණියක් එවූ නමුත් ඒ කලාපය තුළවත් ඝාතන නවත්වන්නට කිසිදු
ක්‍රියාමාර්ගයක් නොගත් බවට චෝදනා එල්ල විය.
දින සියයක් පුරා මේ මහා ජනසංහාරය සිදුවිය. එය නවත්වන්නට
කිසිවකු මැදිහත් වූයේ නැත. ඒ වන විට උගන්ඩා හමුදාවේ සහය ඇතිව
මැනවින් සංවිධානය වූ රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ ජූලි හතර
වැනිදා කිගාලි නගරය ආක්‍රමණය කළහ. ජනසංහාරයේ යෙදී උන් මිලියන
ගණනක් වූ හුටු ජාතිකයන් පළිගැනීමේ ප්‍රහාරවලට බියෙන් කොන්ගෝ
දේශ සීමාවට පලා ගියහ.
මනුෂ්‍ය ඉතිහාසයේ බිහිසුණුම ජනසංහාරයක් නිමාවූයේ එලෙසය. ඒ
ජනසංහාරයේ අමිහිරි මතක අදටත් රුවන්ඩාවේ කිගාලි නුවර නියාමාටා
කතෝලික පල්ලිය තුළ සුරක්ෂිතව පවතී. ලී අට්ටාලවල ඇහිරූ පනස්
දහසකට අධික ලොකු කුඩා හිස් කබල් එක පෙළට ඇහිරූ ඇටසැකිලි, එකමත
එක ගොඩගැසූ මියගිය අයගේ ඇඳුම් අදටත් සිහිවටන ලෙස ඒ පල්ලිය තුළ
ඇත.
නිම්මි මුදිතා හේරත්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Sunday, May 7, 2017
සංහාරයේ අමුසොහොන රුවන්ඩාවේ නියාමාටා පල්ලිය
Posted by
lankanews
at
May 07, 2017
Labels: 1994 genocide, lankanews, ruwanda, Tutsi victims
සංහාරයේ අමුසොහොන රුවන්ඩාවේ නියාමාටා පල්ලිය
2017-05-07T05:26:00+02:00
lankanews
1994 genocide|lankanews|ruwanda|Tutsi victims|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...