ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 2, 2017

ඔබත් සයිබර් අපරාධකරුවක්ද...?


මෙකල ජන සමාජය විද්‍යාව හා තාක්ෂණ යන අංශයන්ගෙන් ඉතා දියුණු මට්ටමක පවතියි. එහෙත් ගැටලුව ඇති වනුයේ එසේ ලද දියුණුව හොඳ යහපත් දෙයකට යොදවා ගෙන තිබේද යන කාරණයයි. එසේ වීමට නම් දියුණුවට සමගාමීව රටක ජනතාවගේ ආකල්පද, සිතුම් පැතුම්ද අපේක්ෂණද යහපත් විය යුතුය. තාක්ෂණය පමණක් දියුණු මට්ටමක තිබියදී ආකල්ප, සිතුම් පැතුම් හා අපේක්ෂණ පහළ මට්ටමක පැවතීම වඳුරන් අතපත් දැලි පිහි මට්ටමට සමාජය පත්වීම නොවන්නේද? අද මෙරට ජන සමාජයට සිදුව ඇත්තේ මෙන්න මේ කාරණයයි. විද්‍යා තාක්ෂණ දියුණුවට සමගාමීව දියුණු තාක්ෂණ සන්නිවේදන උපකරණ සමාජයේ දැඩි ලෙස ව්‍යාප්තවී පවතියි. නමුත් එයට සමගාමීව මෙරට ජන ප්‍රජාව තුළ යහපත් ආකල්ප සිතුම් පැතුම් හා අපේක්ෂණ නැත. එබඳු චෛතසික දිළිඳු බවේ ලක්ෂණ අද මෙරට ව්‍යාප්තවී ඇති විවිධ සයිබර් අපරාධ හරහා දැකගැනීමට ලැබේ. විශේෂයෙන්ම සන්නිවේදනය දියුණුව ඇති මෙකල සයිබර් අවකාශයට මුදාහරින සෑම දෙයකම ප්‍රමිතියක් පැවතියි යුතුය.
ලොව දියුණු රටවලදී මෙය නියාමනය කිරීමට හෝ පාලනය කිරීමට වෙනම ආයතන පද්ධතියක් අවශ්‍ය නොවන්නේ ඔවුන් ලැබී විද්‍යා තාක්ෂණ සන්නිවේදන උපකරණ භාවිතයට සමගාමීව ඔවුන්ගේ ආකල්ප සිතුම් පැතුම් හා අපේක්ෂණ ඉතා දියුණු මට්ටමක පවතින බැවිනි. නමුදු මෙරට ජනතාව කෙතරම් චින්තනයෙන් නොදියුණු පහළ මට්ටමප පසුවන්නේද යත් මෙරට ජනතාව තවමත් සිතන්නේ හැකිතාක් කොන්ක්‍රීට් ඉදිකිරීම් අධිවේගී මහාමාර්ග නොමිලේ සයිබර්වල හැසිරීමේ අවස්ථාව ප්‍රදාන කළ මට්ටමටම මෙරට බටහිර රටවල මට්ටමටම දියුණූ කළ හැකි බවකි. මෙරට ප්‍රජාව එසේ නොසිතනු ලැබුවත් සට කපට දේශපාලනකයන් අසල ගැවසෙන ඔවුන්ගේ වන්දිභට්ට උපදේශකවරුන්ගේ ක්‍රියාකාරකම් නිසා මෙරට ජන සමාජය වෙත සන්නිවේදනය වනුයේ නිවැරදි ආකල්ප නොව වැරදි ආකල්ප බවට වටහාගත හැකිය. මහජනතාව තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කිරීමට නම් ජනතාවගේ ආකල්ප තමන්ට රිසි අන්දමට පාලනය කළ යුතුය යන්න මෙරට ජරා ජීර්ණ කසි කබල් තුට්ටු දෙකේ දේශපාලන න්‍යාය පත්‍රයක්ව ඇත.
යම් කෙනෙකු තවත් කෙනෙකුගේ මතු දියුණුව, සමාජ මට්ටම, ගුණවත්කම, උගත්කම වැනි දේවල් නොරිස්සීම නිසා ඒ පුද්ගලයා කෙරෙහි ද්වේෂ සහගතව කටයුතු කිරීමට පෙළඹේ. මේ ද්වේෂය එක් එක් ක්‍රමවේද මඟින් බාහිර සමාජය වෙතට මෝචනය කෙරේ. එළිපිටම ද්වේෂයට පාදක වුනු පුද්ගලයාට අසභ්‍ය හා පරුෂ වචනයෙන් බැණ වැදී නින්දා අපහාස සිදු කිරීම එක් ක්‍රමයකි. මේ සඳහා තරමක වත් බිය නැති ස්වභාවයක් තිබිය යුතුය. එවැනි දෙයක් සිදු කිරීමට තරම් ආත්ම ශක්තියක් නැති සමහර අය සිදු කරන්නේ ඒ පුද්ගලයාට නින්දා අපහාස කිරීමය. මෙය මඩ ගැසීම ලෙස සාමාන්‍ය සමාජයයේ ප්‍රචලිතව තිබේ. මෙහි දී පරිභවයට ලක්වන පුද්ගලයාගේ පුද්ගලික චරිතය, පෞද්ගලික විස්තර, දෙමව්පියන්ගේ දූදරුවන්ගේ විවාහක කාලත්‍රයාගේ, සේවා ස්ථානයේ ඇති අතිශය පෞද්ගලික විස්තර විකෘති කරමින් ඒ ඔස්සේ ඒ පුද්ගලයාට නින්දා අපහාස කිරීමේ අවස්ථා වර්තමාන සමාජය පුරා බහුලව දැකිය හැකිය.  පුරාණ කාලයේදී යම් අයෙකුට නින්දා අපහාස කිරීමට අවශ්‍ය වූ අවස්ථාවලදී එසේ අපහාස කිරීම සිදු කරනු ලැබුවේ ඒ පුද්ගලයාගේ විස්තර පත්‍රිකාවක ලියා ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රදර්ශනයට තැබීම මඟිනි. ගම්වල කැලෑ පත්තර ගැසීම ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබූයේ මෙවැනි දේවල්ය. මුඛ වචනය භාවිතා කරමින් ශ්‍රාවක පිරිස අතර ඉලක්කගත වන පුද්ගලයාට නින්දා අපහාස වන ලෙස තොරතුරු ප්‍රචාරය කර හැරීම කටකතා පැතිරවීම ලෙස සමාජයේ ප්‍රසිද්ධියට පත්ව තිබේ. මෙලෙස සිදු කිරීමේ පරමාර්ථය ඊට ඉලක්කගත වන පුද්ගලයා සෙසු අයගේ අප්‍රසාදයට ලක් කිරීමෙන් සෙසු පිරිසට ඒ පුද්ගලයා පිලිබදව පිළිකුලක් ඇති කරවීමයි. මීට ගොදුරුවන පුද්ගලයාට සෙසු අයගේ පිළිකුලට ලක්වීම නිසා ඇතිවන කායික හා මානසික අපහසුතාවය කටකතා ප්‍රචාරය කර හරිනු ලබන පුද්ගලයා ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණ ඉටු වීමයි. මේ කටකතා පළ කිරීම පිණිස රජයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන බ්ලොග් හා වෙබ් අඩවිද සංවිධානාත්මක රජයේ වැටුප් ලබන කණ්ඩායම්ද රාජ්‍ය අනුග්‍රහය මත සේවයේ යොදවා තිබේ. ඔවුන්ගේ ඒකායන අභිප්‍රාය වනුයේ ඔවුන්ට පැවරී ඇති රාජකාරිය හරියාකාරව අකුරටම ඉටු කිරීම පමණකි. ඔවුන්ගේ එකම න්‍යාය පත්‍රය කන්න දෙනවා නම් බොන්න දෙනවා නම් තව මොන කෙං ගෙඩියට ඕන කියන්නේ යන්නයි. ඒ සඳහා ඕනෑදෙයක් කිරීමට ඔවුන් සූදානම්ය.
එතාක්ෂණය මෙතරම් දියුණු නොවූ කාලයෙහි සමාජයේ දුදනන් හා දුශ්චරිතවත් පුද්ගලයින් අතර බෙහෙවින් ව්‍යාප්තව තිබූ මෙවැනි දුසිරිත් හා අශ්ලීල ක්‍රියා වර්තමානයේ තාක්ෂණයේ පිහිට ලබා යළිත් කළ එළි බැස තිබේ. නූතන සමාජය තුළ පරිගණක තාක්ෂණය එලෙස දියුණුවට පත් ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යයකි. මේ යටතේ අන්තර්ජාලය නම් බහු පරිගණක ජාලගත තාක්ෂණය ඔස්සේ වැඩි දියුණුවට පත් තොරතුරු සන්නිවේදන මාධ්‍යය විශාල ලෙස මිනිසුන් අතර ප්‍රචලිතව තිබේ. ඊට එක් හේතුවක් නම් ඉතා සුළු වේලාවකින් අන්තර්ජාතික වශයෙන් වැදගත්කමක් ගන්නා තොරතුරු වේගවත්ව ජනතාව වෙත සන්නිවේදනය කිරීමේ හැකියාව අන්තර්ජාලය විසින් හිමි කරගෙන තිබීමයි. මේ යටතේ ලෝකය පුරා විවිධ මට්ටමේ විවිධ ක්‍රමවේද යටතේ විවිධ පුද්ගලයින් හට හිමිවන වරප්‍රසාදයක් නම් තමන් සතු පරිගණකය තමන් අභිමත වේලාවකදී ක්ෂණිකව ලෝකයේ සෑම ස්ථානයක් වෙතම තිබෙන ඕනෑම පරිගණකයක් සමග ජාලගතව සම්බන්ධවී ක්ෂණිකව තොරතුරු ලබා ගැනීමේ හැකියාවයි. මෙය ඉතා හොඳ සන්නිවේදන මාධ්‍යයකි. නමුත් වරද ඇත්තේ සන්නිවේදන මාධ්‍යයෙහි නොවේ. මේ ඉතා දියුණු සන්නිවේදන මාධ්‍යය භාවිතා කිරීමට යොමුව සිටින පිරිස ආකල්ප අතින් සිටිනුයේ එතරම් ප්‍රශස්ත මට්ටමක නොවේ. විවිධ දැන උගත්කම්, විවිධ ආකල්ප, විවිධ සදාචාර හා සාරධර්ම මට්ටම්, විවිධ හැදියාවල් ඇතිව සිටින ලෝකෙයහි ඕනෑම පිරිසක් එක්ව කටයුතු කිරීමේ අවස්ථාවක් අන්තර්ජාලය මඟින් සමාජය වෙත පිරිනමා තිබේ. මේ යටතේ ඉතා ඉහළ මට්ටමේ වෘත්තීයවේදීන්, බහුශ්‍රැත පිරිස්, විද්වතුන්, සමාජ නායකයින්, කලාකරුවන්, ශිෂ්‍යශිෂ්‍යාවන්, විවිධ ආයතන මෙන්ම අපරාධකරුවන්, නූගතුන්, දුරාචාරී පුද්ගලයින්, විෂම පුද්ගලයින් වැනි අයද මේ අන්තර්ජාලය හා බැඳී කටයුතු කිරීමට යොමුව ඇත. අද මෙරටතුළ සයිබර් අපරාධ බහුල වී ඇත්තේ එබැවිනි.
අද උද්ගතව ඇති මේ සුවිශාල අර්බුදය මතුව ඇත්තේ ප්‍රශස්ත පුද්ගලයින් අන්තර්ජාලය සමඟ කටයුතු කිරීම පිලිබඳව නොවේ. ප්‍රශස්ත පුද්ගලයින් අන්තර්ජාලය සමඟ කටයුතු කරන නිසාම අන්තර් ජාලයට හිමිවන ගුණාත්මක වටිනාකම ප්‍රමාණය කර දැක්විය නොහැකිය. එලෙස අන්තර්ජාලය භාණ්ඩ හා සේවා අලෙවිය සඳහා හොඳ ප්‍රචාරක මාධ්‍යයක් සේම හොඳ වෙළද පළක් ඇති කර හැකි ස්ථානයක් ලෙස බහුලව ජනාදරයට පාත්‍ර වී තිබේ. මෙවැනි හේතු නිසාම අන්තර්ජාලය අද ප්‍රජාවට නැතිව බැරි ස්ථානයක් බවට පත්ව තිබේ. පරිගණක භාවිතයෙන් විවිධ දුශ්චරිත කාර්යයන්හි නියැලෙන අසත්පුරුෂයන්ට බහුතර ජනතාවක් අන්තර්ජාල භාවිතයෙහි නියැලී සිටීම ස්වකීය අන්තර්ජාල අවභාවිතය (misused) මඟින් චරිත ඝාතන, පුද්ගල අපහාස කිරීම සඳහා මහඟු උපකාරයක් වී ඇත. මන්ද අනුන්ට මඩ ගැසීමෙහි නිරත වන පුද්ගලයන්ට අවශ්‍ය තමන් විසින් යම් යම් පුද්ගලයින් ඉලක්ක කර එල්ල කරන මඩ ප්‍රහාර හැකිතාක් බහුල ලෙස සමාජගත කිරීම වන බැවින් සාමාන්‍ය ජනතාව බහුල ලෙස අන්තර්ජාල පරිහරණය කිරීම ඔවුන්ගේ ඒ කටයුත්ත මැනවින් ක්‍රියාවට නැඟීමට පහසුවක් වී ඇති නිසාය. කෙනෙකු පුද්ගලිකව පැමිණ අපහාස කළහොත් වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ ලිඛිතව හෝ ප්‍රති උත්තර බැඳීමට හැකි කමක් තිබිණ. නැතහොත් පොලිසියට ගොස් පැමිණිලි කර නීති මඟින් අදාළ පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් තිබිණ. නමුත් අන්තර්ජාලයේ දී ඒ හැකියාව එපමණ ප්‍රබල ලෙස නැති බැවින් මෙවැනි දුශ්චරිත ක්‍රියාවළ නිරත පුද්ගලයින්ට එය මහත් ආශිර්වාදයක් වී තිබේ. මෙලෙස අනුන්ට මඩ ගසා හුදෙක් සිය අලෙවි ප්‍රචාරණයෙහි වැඩි ආර්ථික ලාභ අත්පත් කර ගැනීමේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ චේතනාවෙන් ක්‍රියාකරන පුද්ගලයින්ට හා පුද්ගල කණ්ඩායම්වලට එරෙහිව නීතිය ප්‍රබල ලෙස ක්‍රියාත්මක නොවන බැවින් එබඳු පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් නිදහසේ දැනට අන්තර්ජාලය පුරා විවිධ අයුරින් සමාජයේ නමක් ඇති කරගත් ප්‍රබල චරිතවලට පහරදෙනු දැකිය හැකි වේ. පොලිසිය හා නීතිය ක්ෂණිකව ක්‍රියාකරන්නේ වඩා ප්‍රබල ලෙස සමාජ ව්‍යසන ඇති කිරීමට තුඩු දිය හැකි පුද්ගල ක්‍රියාකරකම් මැඩපැවැත්වීම කෙරෙහිය. කෙනෙකුගේ චරිත ඝාතනයට හෝ අපහාස කිරීමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ පුද්ගලයා දරණ සමාජ තත්වයෙහි වටිනාකම අනුව බැවින් නීතිය ඉදිරියේ සැවොම සමානය යන්න අසත්‍යවී ඇත.
මේ හේතුව නිසා සමාජයේ ප්‍රබල සමාජ තත්වයක් නැති නමුත් ගුණාත්මක වශයෙන් උසස් ජීවිත ගත කරන ඇතැම් අයට සිදුවන මෙවැනි අසාධාරණකම්වලදී සාධාරණයක් ඉටු කරගැනීම නීතිය අතින් පවා මඟහැරි ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය. අනෙක් අතට ගුණවත් පුද්ගලයින් තමන්ට එරෙහිව සිදු වන එබඳු මඩ ප්‍රහාරවලදී පවා උපේක්ෂකවීමත්, නීති මඟින් කටයුතු කිරීමට උත්සුකවීමට වඩා ස්වභාව ධර්මයෙහි හා කර්මඵල විපාකයෙහි පිහිට පැතීමට යොමුවීමත් නිසා එබඳු සයිබර් ප්‍රහාරකයින්ට නිසි නීතිමය දඬුවම් පැමිණවීමේ අවස්ථා ගිලිහී යාමට එක් ප්‍රධාන හේතුවක් වී තිබේ. පුරාණයේදී අන්තර්ජාල කටයුතු කළ හැකි වුවේද ඉංග්‍රීසි හෝ වෙනත් ජාත්‍යන්තර භාෂා මාධයකිනි. නමුත් තාක්ෂණය අප රටතුළ බෙහෙවින් දියුණුවට පත්වීම නිසා දැන් සිංහල භාෂාවෙන්ද අන්තර්ජාල පහසුකම් භාවිතා කළ හැකිය. මුල දී අන්තර්ජාලයට සිංහල භාෂාව හඳුන්වා දී ඇත්තේ හොඳ පරමාර්ථ පෙරදැරි කරගෙනය. නමුත් අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයින් තාක්ෂණය තරමට ආකල්ප අතින් යහපත් ප්‍රශස්ත මට්ටමක පසු නොවීම නිසා සිංහල භාෂාව භාවිතා කරමින් සිදුකරන අන්තර්ජාල අවභාවිතා කිරීමේ ප්‍රමාණය අධික වී තිබේ. මේ අධිකවීමේ ප්‍රමාණය එය සිංහල භාෂාව හඳුන්වා දීමට ප්‍රථම අවභාවිතා කිරීමේ ප්‍රමාණයට වඩා වැඩි වී ඇත. අන්තර්ජාලයේ විවිධ නාම යටතේ ක්‍රියාත්මක වන වෙබ් අඩවි හා බ්ලොග් අඩවි හරහා ප්‍රයෝජනවත් දේ සන්නිවේදනය වීමට වඩා එය අවභාවිතා කරන පුද්ගලයින්ගේ වුවමනා ඉටු කරගැනීම පිණිස සිදුවන දුශ්චරිතවත් දේ සන්නිවේදනය වීම අධික වී තිබේ. මේ යටතේ දැරියන්, ස්ත්‍රීන් හා ළමුන් වැනි අය බහුලව අපයෝජනයට, අපචාරයට, දූෂණයට හා බියවැද්දීම් සිදුකිරීමට වැනි අවභාවිතා කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගැනීමේ අන්තරායකර බවක් පෙනී යයි. කුඩා දැරියන්ගේ, ස්ත්‍රීන්ගේ හා ළමුන්ගේ ඡායාරූප ගෙන එය අන්තර්ජාල භාවිතයෙන් ප්‍රචාරය කර හරින බව පවසා ලිංගික කප්පම් ලබා ගැනීමට පෙළඹවීමේ සිට ඊට ගොදුරු වන අහිංසක දරුවන්ගේ හා ස්ත්‍රීන්ගේ සිය දිවි නසා ගැනීම දක්වා අන්තර්ජාල අපරාධකරුවන් විසින් අන්තර්ජාලය භාවිතා කොට අපරාධ කිරීමේ වපසරිය පුලුල් වී තිබේ. කුඩා දරු දැරියන්, ස්ත්‍රීන් හා ළමුන් පමණක් නොව සමාජයෙහි යම්කිසි සමාජ මට්ටමක් ඇති කරගෙන කීර්තිනාමයක් සහිතව කටයුතු කරන ප්‍රසිද්ධ පුද්ගල චරිත පවා කායිකව හා මානසිකව පහරදී පීඩනයක් ඇති කිරීමට මේ අන්තර්ජාල අව-භාවිතාකරුවන් විසින් පෙළඹී ඇතිබව පෙන්වා දිය හැකිය.කුඩා දරුවන්තුළ ඇති කුතුහලය ළමා සිත් දූෂණය කිරීමට මඟක්කොට ඇත.
වේබ් අඩවි හා බ්ලොග් අඩවි වැනි දේවල් ඉතා සුළු උත්සාහයක් ගැනීමෙන් මුළු මහත් ප්‍රජාව වෙත ක්ෂණිකව සන්නිවේදනය කිරීමේ හැකියාව භාවිතයට ගෙන මෙරට පිලිබඳව අන්තර්ජාතිකව වැරදි ප්‍රතිරූපයක් මැවෙන ආකාරයෙන් හිතළු හා ව්‍යාජ සත්‍ය මෙන් හුවා දක්වා සමාජගත කිරීමේ අව භාවිතා ප්‍රවණතාවක් අද මෙරට අන්තර්ජාල ක්ෂේත්‍රය පුරා දැකගත හැකිය. යම්කිසි සමාජ මට්ටමක් ගොඩනඟා ගෙන සිටින රටට, ජාතියට හා ආගමට කිසියම් මෙහෙවරක් සිදු කරමින් සිටින සිවිල් බලය හිමි වැදගත් පුද්ගල චරිත රටේ, ජාතියේ, ලෝකයාගේ අවමානයට පාත්‍රකොට ඔවුන්ට හිමි සිවිල්බලය අහිමි කර අවලංගු කාසි බවට පත්කර දැමීමේ දුෂ්ට අභිප්‍රායයෙන් යුතුව ක්‍රියාත්මක වන අන්තර්ජාල දුශ්භාවිතකරුවන් ද වර්තමාන සමාජයේ බහුලව දකින්නට ඇත. මෙවැනි අන්ර්ජාල දුශ්භාවිතාකරුවන් මෙරට ඔවුන්ගේ වෙබ් අඩවි, බ්ලොග් අඩවි හා විවිධ සමාජ ජාලා අඩවි ප්‍රචාරය කර හරිනු ලැබුවද මොවුන් බොහෝවිට විදේශයන්හි සිට සිය මෙබඳු අවභාවිත කිරීම සිදුකරන බවට ද තොරතුරු ලැබී තිබේ. මොවුන්ගේ මේ ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම පිණිස අවශ්‍ය නම් මෙරට පොලිසිය මෙන්ම අන්තර්ජාතික පොලිසිය ද උපකාරී කරගත හැකිය. කෙසේ හෝ මෙවැනි දේ නොදුටු, නොඇසූ විලස සිටීම මෙවැනි අඳබාල පිරිස්වලට උඩගෙඩි ලබා දීමටක් හා සමානය. එවිට අපට රටක් වශයෙන් ඉතා සීඝ්‍ර ලෙස සංවර්ධනය කරායාමේ ගමනට යම්යම් බාධාවන් මේ තුළින් ඇතිවීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇත. මන්ද රටක් වශයෙන් මෙන්ම ජාතියක් වශයෙන්ද අප ලබා ඇති අන්තර්ජාතික කීර්තිනාමයට මෙයින් මරු පහරක් වඳින බැවිනි. මෙවැනි මඩප්‍රහාර සිදුකිරීම හුදෙක් මෙරට සිටින අය පමණක් නොව විදේශයන්හි සිටින අයද බලන නිසා අපේ රටට මෙයින් සිදුවන කැළල සුළුපටු නැත. එයට ප්‍රධාන වැරදිකරු මෙවැනි අවභාවිතා කරන පුද්ගලයින් පමණක් නොව එවැනි දේ දැක දැකත් නොදුටු නොඇසු ලෙස සිටින නිසි බලධාරීන්ද වේ.
ඔවුන් තමන්ට බලපෑම් කළ හැකි පුද්ගලයෙකුට සිදුවන අපහාසවීමකදී පමණක් නීතිය ක්‍රියාත්මක කරන අතර එතරම් සිවිල් බලයක් හිමිව නැති සාමාන්‍ය ගුණවත් පුද්ගලයෙකුට සිදුවන යම් මෙවැනි අසාධාරණයකදී එතරම් ඒ පිලිබඳ තැකීමක් නොකිරීම සමාජ ඒකාබද්ධතාවය රැකගැනීමේහි ලා ප්‍රබල බාධාවකි. මන්ද දුශ්චරිතවත් පුද්ගලයෙකු හොඳ පුද්ගලයෙකු බවට සමාජගත කරන අතර සැබවින්ම හොඳ පුද්ගලයෙකු නරක පුද්ගලයෙකු යැයි හංවඩු ගසා ලේබල් ගසා සමාජගත කිරීම මඟින් සමාජය අනතුරෙහි වැටෙන නිසාය. යම්කිසි මනුෂ්‍ය ඝාතකයෙකු හෝ කාම අපරාධකරුවෙකු  නිවැරදි හොඳ පුද්ගලයෙකු යැයි අන්තර්ජාල භාවිතය මඟින් හුවා දක්වා සමාජගත කිරීමෙන් එබඳු වූ නරක පුද්ගලයා කෙරෙහි දැක්විය යුතු විමසිලිමත් බව සමාජයෙන් ගිහිලී යා හැකිය. එය පසුව එබඳු නරක අයෙකු අතින් සිදුවිය හැකි එවැනි තවත් අපරාධයකට මඟපාදාදීමක් ලෙසද දැක්විය හැකිය. එසේම හොඳ පුද්ගලයෙකු පිළිබඳව ඊට වඩා වෙනස් ආකාරයකට අන්තර්ජාලය මඟින් සමාජයට විකෘති පණිවිඩයක් ලබාදිය හැකිය. එනම් සත්‍ය වශයෙන්ම ගුණවත්, උගත්, අහිංසක පුද්ගලයෙකු සමාජය ඉදිරියෙහි මනුෂ්‍ය ඝාතකයෙකු, කාම අපරාධකරුවෙකු ලෙස හෝ වෙනත් එවැනි විකෘති මානසිකත්වයක් ඇති අයෙකු ලෙස සමාජගත කිරීමෙන් ඒ පුද්ගලයාගේ කායික මානසික අංශයන්ට පමණක් නොව සමාජයටද ඒ නිසා ඇති වන්නේ බලවත් හානියකි. මන්ද සැබවින්ම සමාජයට නිවැරදි මඟ පෙන්වීමක් ලබාදිය හැකි අයෙකු හෝ සමාජසේවා කටයුතු වල නිරතවිය හැකි අයෙකු පිළිබඳව වැරදි වැටහීමක් ඇති වන පරිදි සමාජගත කිරීමකදී එබඳු වූ තැනැත්තා දෙස සමාජය බලන්නේ වැරදි වැටහීමක් සහිතව බැවින් ඒ පුද්ගලයාගෙන් සමාජයට ලබා ගත හැකිව තිබූ ප්‍රයෝජන සියල්ලක්ම නැතිව යයි. එසේම එබඳු අයෙකු අපරාධකරුවෙකු ලෙස සමාජයෙන් කොන් කර දැමීම නිසා සමාජයට හොඳ යහපත් පුද්ගලයෙකුගෙන් සැලසිය හැකිව තිබූ යහපත් සේවාවද සමාජයට අහිමිව යයි. එවිට සමාජයට අවසානයට ඉතිරිවන්නේ හොඳ පුද්ගලයින් වෙනුවට නරක මිනිසුන්ගේ සේවය ලබා ගැනීමේ අවස්ථාවය. හොඳ පුද්ගලයින්ව සමාජයේ පිළිකුලට ලක් කර ඔවුන්ට සමාජයෙන් කොන්කර තැබීමේ අරමුණ මඟින් සැබෑ අපරාධකරුවන්ගේ අරමුණ වනුයේ ද එයයි. එනම් හොඳ පුද්ගලයා නරක පුද්ගලයෙකු බවට කලුකර තමන්ගේ අපරාධ යට ගසා සුදු හුණු තවරමින් තමන්ට තව දුරටත් අපරාධකිරීමේ අවස්ථාව සලසා ගැනීමයි. මේ තත්වය එක්වරම වටහා ගැනීම තරමක් දුරට අසීරුය. මන්ද අද අපරාධකරුවන් ඉතා සුක්ෂම වී ඇති බැවිනි. විශේෂයෙන්ම සයිබර් අපරාධකරුවන් කොටුකර ගැනීමට නම් නූතනයේ පොලිසියට ඒ පිළිබඳව දැනට ඇති පුහුණුවට වඩා තාක්ෂණ අංශයෙන් යම් විශේෂඥ පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව මේවන විට ඉස්මතුව ඇත.
අද සමාජයේ උගත්කම, විෂය දැනුම, විවිධ දේ පිළිබඳ ඇති තාක්ෂණික ඥානය පවා උපකාරී කරගනුයේ වැරදි දේ සිදු කිරීමට  බව ඇතැම් අවස්ථාවලදී දැකගැනීමට ලැබේ. හොඳ යහපත් යැයි අප සිතා ඉන්නා තැනැත්තා පවා පසු අවස්ථාවලදී මුදල් හා වෙනත් ලාභ සත්කාර හමුවේ මුදලට අලෙවි වන ආකාරය දැක ගත හැකිය. මෙවැනි අවස්ථාවකදී සතුරා කවුද මිතුරා කව්දැයි එක්වර වටහා ගැනීම පවා අසීරු බවක් ගෙන තිබෙතැයි ඔබට වැටහීම පවා සාධාරණය. මේ හේතුව මත වර්තමාන සමාජයේ දී හැමවිට කෙනෙකු තවත් කෙනෙකු දෙස සැක මුසුව බැලීම සාධාරණ බවක්ද පෙනී යයි. මන්ද සෑම විටකදීම කෙනෙකු තවත් කෙනෙකු රැවටීමට උත්සාහ කරන බැවිනි. තාක්ෂණ ඥානය යහපත් අතට භාවිතා කිරීමට කෙනෙකුට ආකල්ප වශයෙන් ඉහළ මානසික මට්ටමක පසුවිය යුතුය. එලෙස නොවූ අවස්ථාවලදී සිදු වන්නේ විශාල විනාශයකි. අද මෙරට සාමාන්‍ය ජන සමාජයට සිදු වී ඇත්තේ ඒ එබඳු වූ විනාශයකි. පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා වෙනත් ලාබාල අය අතරට පහසුවෙන් තාක්ෂණය පැමිණ තිබේ. මොවුන් අතට තාක්ෂණ පැමිණීමට සමගාමීව මොවුන්ගේ බුද්ධිය මෝරා නැත. එබැවින් ලාබාල වයසේ පසුවන නාඹර තරුණ තරුණියන් පහසුවෙන් තාක්ෂණයේ ගොදුරු බවට පත්වන ආකාරය දෛනික පුවත්පත්වල පලවන විවිධ පුවත් අනුව දැකගත හැකිය. කෙනෙකු තවත් කෙනෙකු සතුව ඇති ආත්ම ගෞරවය කෙලෙසීමට තාක්ෂණය භාවිතා කරන්නේ තාක්ෂණය භාවිතා කර සිදුකළ හැකි අනුන්ට ප්‍රයෝජනවත් කරුණු පිලිබඳව හරිහැටි නොදන්නාකම නිසාය. එයට හේතුව තාක්ෂණය කිසිදු ඉවක් බවක් නොමැතිව එය නිවැරදිව භාවිතා කිරීමට තරම් දැන උගත්කම් සහිත පිරිසට මෙන්ම එලෙස භාවිතා කිරීමට තරම් කිසිදු දැන උගත්කමක් නැති පිරිසටද එක සමාන ලෙස මිලදී ගැනීමේ හැකියාව ඇතිව තිබීමයි. මූල්‍ය ශක්තිය තිබේ නම් සුනඛයෙකුට වුවද පරිගණකයක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක් මිලඳී ගෙන අන්‍යයන්ට හානිකාර ලෙස එය භාවිතා කිරීමේ අනතුරුදායක බවක් එහි ගැබ්ව තිබේ. එබැවින් මීට වඩා අන්තර්ජාලය පාලනයක් සහිතව විධිමත්ව ක්‍රියාත්මක කරවීමට අදාළ නීතිරීති ඇති කර එම නීතිරීති උල්ලංඝනය කරන පිරිස්වලට අදාළ උපරිම දඬුවම් ලබාදිය යුතුය. අන්තර්ජාල භාවිතය මඟින් කෙනෙකුගේ පුද්ගලික චරිතයට සිදුකරන හානි නැවැත්වීමට නීතිරීති අනුව ක්‍රියාකර දඬුවම් ලබාදීම අප්‍රමාදීව සිදුකළ යුතුව තිබේ. මන්ද කොපමණ නීතිරීති ඇතිකළත් ඒවා ක්‍රියාත්මක නොකරන්නේ නම් එබඳු නීතිරීති ඇතිකිරීමෙන් චන්ද කාලයට මැතිවරණ ආකර්ශණය මිස කිසිදු යහපතක් ඇති නොවන නිසාය.



ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.