ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 29, 2017

යාපනයේ ස්‌වාධීන රාජ්‍ය මිත්‍යාව


පෘතුගීසීන් යාපනයේ ගතකළ කාලය ඇසුරින්...
පෘතුගීසීන් පැමිණීමට පෙර කෝට්‌ටේ ප්‍රමුඛ
උප රාජ්‍ය 15ක්‌ තිබී ඇත.
1543 දී වෙහෙර විහාර බිඳ පල්ලි ඉදිකර තිබේ.
පෘතුගීසීහු යාපනය සමඟ නිතර ගැටුම් ඇති කර ගත්හ.


යාපනය හා පෘතුගීසීන් පිළිබ`දව කතාකිරීම මේ යුගයේ ඉතා වැදගත් වන්නේ යාපනේ ස්‌වාධීන රාජ්‍යයක්‌ තිබුණේ යෑයි දෙමළ දේශපාලන නායකයින් ප්‍රකාශ කරන නිසාය. යාපනේ පැවති තම ස්‌වාධීන රාජ්‍යය 1620 දී පෘතුගීසීන් යටත් කරගත් අතර, 1658 දී ලන්දේසීන් ද 1795 දී ඉංගී්‍රසීන්ද යටත් කරගත් බවත් 1815 දී උඩරට රාජ්‍යයද යටත් කරගෙන එක රාජ්‍යයක්‌ ලෙස පාලනය කරන ලදුව 1948 දී නිදහස ලබාදීමේ දී එකම රාජ්‍යයක්‌ බවට පත් කිරීම නිසා තම ස්‌වාධීන රාජ්‍යය අහිමි වූ බව ඔවුන් පවසයි. දැන් ඔවුන් සටන් කරන්නේ එම ස්‌වාධීන රාජ්‍යය ලබාගැනීමට බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.
ඉහත ප්‍රකාශයේ සත්‍යය විමසා බැලීම අප සතු වගකීමකි. එය යුගයේ අවශ්‍යතාවකි. ඒ සදහා පෘතුගීසීන් පැමිණෙන විට ලංකාවේ තිබූ දේශපාලන තත්ත්වය කුමක්‌ද යන්න සලකා බැලීම සුදුසු වේ. පෘතුගීසීන් පැමිණීමට අඩසිය වසරකට පෙර එනම් 1450 දී සපුමල් කුමාරයා යාපනය යටත් කරගෙන තිබුණි. එහිදී එවක යාපනේ රජකම් කළ කණගසූරිය මරා, ඔහුගේ දරුවන් කෝට්‌ටේ රජුට ගෙනැවිත් භාරදුන් බව රාජාවලියේ දැක්‌වේ. එහෙත් යාල්පාන වෛපවමාලය නම් ද්‍රවිඩ ඉතිහාස පොතේ සදහන් වන්නේ කණගසූරිය ඉන්දියාවට පලාගොස්‌ සපුමල් කුමාරයා කෝට්‌ටේ රජකමට පැමිණි පසු කණගසූරිය හා දරුවන් ආපසු පැමිණ යාපනේ සිටි විජයබාහු නම් රජු මරා නැවත රජ වූ බවයි. දෙමළ දේශපාලනඥයින් හා ලේඛකයින් දරන්නේත් මේ මතයයි. රාජාවලියේ සදහන් දේ සත්‍ය නම් පරරාජසේකරම් කෝට්‌ටේ සිට යාපනේට ගොස්‌ රජකම භාරගත යුතුය. පරරාජසේකරම් යාපනේට කෝට්‌ටේ සිට ගියාය යන්නට පක්‌ෂව සිතීමට හේතු පහත දක්‌වමි.

පළමුව පරරාජසේකර යන නම කෝට්‌ටේ යුගයේ දී රයිගම් බණ්‌ඩාරටද තිබූ නමකි. දෙවැන්න වෛපවමාලයේ සදහන් පරිදි පරරාජසේකරම්ගේ පළමු බිරිඳගේ දරුවන් දෙදෙනා බණ්‌ඩාර හා සිංහබාහුය. එම නම් දෙක සිංහල නම්ය. බණ්‌ඩාර යන්නට පණ්‌ඩාරම් යෑයි කියන්නේ දෙමළ භාෂාවෙන්, එම වචන ලිවිය යුත්තේ හා කියවිය යුත්තේ එලෙස නිසාය. ඔහුගේ දෙවැනි බිරිදගේ වැඩිමහල් පුතා පරනිරූපසිංහය. ඔහු ගම්පොල රජුගේ ඉතා හිතවතෙකි. ඒ බව වෛපවමාලය සදහන් කරයි. ඊළග වැදගත් කාරණය පරරාජසේකරම්ට සංකිලි තර්ජනය කරන විට ඔහු පලාගියේ වන්නියටය. ඔහු පැමණියේ ඉන්දියාවෙන් නම් ආපසු යා යුතුව තිබුණේ ද ඉන්දියාවටය. එසේ නොවීමෙන් පෙනෙන්නේ ඔහු කෝට්‌ටේ හා සම්බන්ධ අයකු බවයි. 1620 පෘතුගීසීන් යාපනය යටත් කරගත් විට පවුලේ ඥාතීන් පලා ගියේ වන්නිය හරහා මාතලේටයි. ඔවුන්ගෙන් පැවතෙන අය අදත් මාතලේ ජීවත් වෙති.

පෘතුගීසි යුගයේ තොරතුරු කෝට්‌ටේ රාජ්‍යය පිළිබදව සොයා ගැනීමට සිදු වන්නේ පෘතුගීසි හා ලන්දේසි ලේඛකයින්ගේ පොත්වලිනි. එම යුගයේ පැවැති අර්බුද හා යුද ගැටුම් නිසා පොතපත ලිවීමට තරම් සාමකාමී වාතාවරණයක්‌ දෙශීය රචකයින්ට තිබී නැත. එම නිසා සිංහල මූලාශ්‍ර විරලය.

මේ යුගය පිළිබදව ලියා ඇති ප්‍රමුඛ පෘතුගීසි ලේඛකයා වන්නේ ක්‌වේරෝස්‌ය. ක්‌වේරෝස්‌ ලියූ ඉතිහාස පොත S.G. පෙරේරා පියතුමා විසින් 1930 දී ඉංගී්‍රසියට පරිවර්තනය කර ඇත. එහි දැක්‌වෙන අන්දමට පෘතුගීසීන් පැමිණීමට පෙර කෝට්‌ටේ ප්‍රමුඛ උපරාජ්‍ය 15 ක්‌ ලංකාවේ තිබී ඇත. කෝට්‌ටේ දළදා පෙරහැර දිවා රාත්‍රි ලෙස දෙවරක්‌ එක්‌ උපරාජ්‍යයක්‌ විසින් පවත්වා ඇත. මේ අනුව උපරාජ්‍ය පෙරහැර වාර 30 ක්‌ ද මවු රාජ්‍යය එනම් කෝට්‌ටේ රාජ්‍ය මහා පෙරහැර ලෙස දිවා රාත්‍රි දෙකක්‌ ද වූ විට මුළු පෙරහැර වාර 32 කි. දින 16 කි. එම රාජ්‍යයන් ක්‌වේරෝස්‌ නම් කර ඇති අතර යාපනය ද ඉන් එකකි. පසුකාලීනව මේ රාජ්‍ය සංඛ්‍යාව කෝට්‌ටේ, සීතාවක, රයිගම, ගම්පල හා යාපනය ලෙස 5 ක්‌ව තිබී පසුව හතරක්‌ දක්‌වා සංකෝචනය වී ඇත. විජයබා කොල්ලය නිසා මෙම දෙවැනි රාජ්‍ය බෙදීම ඇති විය. මේ යුගයේ සීතාවක, කෝට්‌ටේ, ගම්පොල, රයිගම අතර ගැටුම් ඇති වුවද යාපනය සමග කිසිම ගැටුමක්‌ ඇති වූ බව වාර්තා නොවේ. නමුත් ක්‌වේරෝස්‌ සදහන් කරන අන්දමට සීතාවක හා කෝට්‌ටේ ගැටුම් වලදී යාපනේ සංකිලිගේ හමුදාවන්ද යාපනේ හරහා පැමිණි ඉන්දියාවේ කැලිකට්‌හි සැමොරින්ගේ හමුදාවන් ද සීතාවක සිට ඇත. ක්‌වේරෝස්‌ගේ හා අනෙකුත් පෘතුගීසි ලේඛකයින් වූ කූටෝ ආදීන්ගේ පොත් ඇසුරින් ලියූ ''පෘතුගීසී යුගය'' පොතේ (පෝල් ඊ. පීරිස්‌ ද ඒ බව සදහන් කර ඇත. පෝල් ඊ. පීරිස්‌ දරණියගල මහතා උතුරේ සිටි සිවිල් සේවා නිලධාරියකු වේ.) මේ අනුව අපට පෙනෙන්නේ පෘතුගීසි යුගයේදී යාපනය හා අනෙකුත් රාජ්‍ය අතර සුහද සම්බන්ධයක්‌ තිබූ බවයි.

පෘතුගීසීන් යාපනය සමග ගැටුම් ඇති වූ අවස්‌ථා ඇතිමුත් ඔවුන් යාපනය යටත් කරගන්නේ 1620 දීය. ඒ ඔවුන් ලංකාවට පැමිණ අවුරුදු 115 කට පසුවයි. ගැටුම් ඇති වීම පිළිබදව පළමුවෙන් සදහන් වන්නේ 1543 දීය. ඒ මන්නාරම් කිතුණු දහම ප්‍රචාරය කිරීම උදෙසා ගෙනගිය වැඩපිළිවෙළ නිසාය. පෘතුගීසීන් විසින් මන්නාරමේ වෙහෙර විහාර කඩා බිඳිමින් ඒවා බිමට සමතලා කර එම ගඩොල් වලින් පල්ලි ඉදිකර ඇත. මේ ක්‍රියාවලිය නිසා ඒ ප්‍රදේශයේ වැසියන් වූ පරවරයින් බෞද්ධ භික්‌ෂූන් වහන්සේලාටද, රටේ සම්ප්‍රදායන්ටද එරෙහි පිරිසක්‌ බවට පත්වී ඇත. මේ නිසා මහත් කණස්‌සලට පත් වූ බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා රජුට පැමිණිලි කිරීම සදහා මහා පාගමනකින් නල්ලුර් වලට වැඩම කර ඇති බව ක්‌වේරෝස්‌ සදහන් කරයි.

මේ පූජනීය පාගමන සැතපුම් 136 ක දුරක්‌ ගමන් කළ බව මන්නාරමේ සිට යාපනයට ඇති දුර බලන විට පෙනේ. මන්නාරමේ සිට කිලාලි කලපුව ආසන්නයෙන් අලිමංකඩටද එතැන් සිට චාවකච්ෙච්රි හරහා යාපනේ නල්ලුර් වලද වන විට දිනකට සැතපුම් 15 ක්‌ ගමන් කළත් සතියකට වැඩිකලක්‌ ගතවේ. අලි, කොටි, වගවලසුන් සහිත ප්‍රදේශයක්‌ හරහා යන මේ ගමන ගිහියන්ගේ ආරක්‌ෂාව නොමැතිව කළ නොහැක. දානමාන හා අවශ්‍ය ඇප උපස්‌ථානද නොඅඩුව තිබෙන්නට ඇත. අවම තරමේ භික්‌ෂුන් වහන්සේලා 100 වැඩි ගණනක්‌ මීට සහභාගි වන්නට ඇත. මග තොටේ නවාතැන්, පානීය හා ස්‌නානයට ජලය, රාත්‍රි නවාතැන් ආදී සියල්ල සැපයෙන්නට ඇත. විශේෂයෙන් සංකිලි හමුවීමට මෙලෙස ගමන් කරන්නට ඇත්තේ සංකිලි මන්නාරමේ වැසියෙක්‌ නිසා වන්නට ඇත. ඔහුට සංකිලි කියන්නේ සංඛ යනු මුතු වන අතර මුතු වලට සම්බන්ධ නිසා යෑයිද සමහරු කියනු ලබයි. කෙසේ වුවද රජු ඉතා ගෞරවයෙන් භික්‌ෂූන් වහන්සේ පිළිගෙන උන්වහන්සේලා වැද නමස්‌කාර කර දුක්‌ගැනවිලිවලට ඇහුම්කන් දී ඇත. මෙම පූජනීය පාගමන නිසා එදා යාපනේ රාජ්‍යය සසල කරවන්නට ඇත. (අද මෙන් ගුණමකු විග්නේශ්වරන්ලා යාපනේ එදා ඉන්නට නැත) භික්‌ෂුන් වහන්සේලා රාජසභාවට පැහැදිලි කර ඇත්තේ කුඩා ළමුන් පවා බුදු පිළිම වලට කෙළ ගැසීම, දුවමින් ඒවාට පයින් ගැසීම, හැප්පීම, පාගාදැමීම, කඩාබිද දැමීම, ආදිය ලංකා පොළොවට නුහුරු ඇදහිය නොහැකි දේ සිදු වන බවයි. වෙනත් ආගමක්‌ අදහන මොවුන් ජීවත් වන්නේ වෙනත් රාජ්‍යයක මිනිසුන් මෙනි. ඔබගේ යටත් වැසියන් නොවන ලෙසටයි. යටත් වැසියන් නොමැති වූ විට ඔබට රාජ්‍යයද අහිමි වනු ඇත. ඔබගේ රාජ්‍යයට හමා එන මෙම අදුරු වලාව මගින් ඔබව රාජ්‍යයක්‌ නොමැති රජකු බවට පත් කරනු ඇත. ඒනිසා රාජ්‍ය ආරක්‌ෂාව ස`දහා වහාම නිසි පියවර ගන්නා ලෙස භික්‌ෂූන් වහන්සේලා රජුගෙන් ඉල්ලා ඇත. (අද ද යාපනේ සිදු වන්නේ එවැනි තත්ත්වයකි)

රාජසභාව විසින් ගන්නා ලද තීන්දු අනුව හමුදාව සමග රජු මන්නාරමට ගොස්‌ ඇත. එහිදී රජු ජනයාගෙන් ඉල්ලා ඇත්තේ රටේ සම්ප්‍රදායට එරෙහිව යමින් වෙනත් ආගමකට බැඳීම වැරදි නිසා රටේ ඇති වී ඇති ජනතා කැළඹීම සමථයකට පත් කිරීමට හැකි වන පරිදි නව ආගම අතහැර දමන ලෙසටයි. තම ඉල්ලීමට ඔවුන් ඇහුම්කන් නොදී රජුගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කර ඇත. එය රාජෙද්‍රaහී වීමක්‌ ලෙස සලකා ඊට හිමි දඩුවම මරණය වේ. ඒ නිසා ඔවුන් 600 වැඩි පිරිසක්‌ ඝාතනය කර ඇත. මේ සිද්ධියට යාපනේ රජුගෙන් පලිගන්නා ලෙස පූජක ක්‌ෂාවියර්තුමා පෘතුග්‍රිසි ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියද, අනෙකුත් ප්‍රදේශවල තිබූ යුද කලබල නිසා එය කල්දමන්නට ඔහුට සිදු විය. මේ අවස්‌ථාව උපයෝගි කරගෙන සංකිලි ඉවත් කර වග්රු මුතුරි බණ්‌ඩාර පත් කරන ලෙස පෘතුගීසීන්ගෙන් ඉල්ලීමට යාපනේ කණ්‌ඩායමක්‌ ඉදිරිපත් වී ඇත. එය සාර්ථක නොවූ අතර සංකිලිගෙන් බේරීමට එම කුමාරයා ගෝවට පලාගොස්‌ ඇත. මේ 1543 හා 1544 දී සිදු වූ දෙයක්‌ය.

නැවත පෘතුගීසීන් යාපනය හා ගැටෙන්නේ 1547දීය. දකුණු ඉන්දියාවේ හින්දු කෝවිල් කොල්ලකෑමට ගිය පෘතුගීසි හමුදාව චණ්‌ඩ මාරුතයකට අසුව ගසාගෙන ගොස්‌ අතරමංව පෘතුගීසි ප්‍රධානියාගේ නැව මණ්‌ඩතිව් දූපතට පැමිණ ඇත. මේ පුවත ලද පසු ආහාර පාන සහිත කණ්‌ඩායමක්‌ මණ්‌ඩතිවුවලට යවා පෘතුගීසි ප්‍රධානියා පැමිණි බව තහවුරු කරගෙන රජු ගොස්‌ ඔහු බැහැදැක ඇත. මේ අවස්‌ථාවේ දී මන්නාරම් කතෝලික භක්‌තිකයන් සම්බන්ධයෙන් මෙතරම් තද ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලද්දේ මන්දැයි ඇසූ විට ඔහු දෙන ලද පිළිතුර ක්‌වේරෝස්‌ගේ ටෙම්පෝරල් ඇන්ඩ් ස්‌පිරිචුවල් කන්කෙස්‌ට්‌ of  සිලෝන් The temporal and Spritual Conquest fo ceylon නමැති පොතේ S. G. පෙරේරා පියතුමාගේ පරිවර්තනයේ 252 පිටුවේ මෙසේ දැක්‌වේ.

''යටත් වැසියන් විසින් මා ක්‍රියාත්මක කරන නීතියට එරෙහිව, කටයුතු කිරීමක්‌ සිදු වී ඇත. මා අනුගමනය කරන දේ මගේ පියවරුන් විසින් මට ඉගැන්වූ දේ වන අතර වෙනත් දෙයක්‌ උතුම් කොට සැලකීම මා උගත් සිද්ධාන්තයට පටහැනි වේ. එය රටේ සම්ප්‍රදාය වැරදි ලෙස සැලකීමකි. එයින් මා උරුමයෙන් ලද රාජ්‍ය, මගේ අවසරයකින් තොරව මට අහිමි කිරීමට තැත් කිරීමකි. ඔවුන් කර ඇති අපරාධයට ඉඩ දුනහොත් බුදුන් විසින් මට මාගේ රාජ්‍යය අහිමි කරනු ඇත.''

රජුගේ බහට ඇහුම්කන් දුන් (D. Sousa) ඩී. සුසා රජුගේ අදහස්‌ පිළිගෙන ඇත. අවසානයේ රජු සමග ගිවිසුමක්‌ අත්සන් කළ අතර වසරකට දළ ඇතුන් දෙදෙනෙකුද පගෝදි 5000 ක්‌ ද දීමට ද ඉන් වාරික දෙකක්‌ මුල දී ගෙවීමටද රජු එකග කරවාගෙන ඇත.

පෘතුගීසීන් යාපනය සමග නැවත ගැටෙන්නේ වීදිය බණ්‌ඩාර යාපනේ දී මිය යැමෙන් පසුවයි. වීදිය බණ්‌ඩාර කෝට්‌ටේ සෙන්පතියා වේ. 1 වැනි රාජසිංහ සීතාවක මයාදුන්නේගේ සෙන්පතියාය. (යුද්ධයට උපන් කුමරා යෑයි ඔහුට පටබැදි නමක්‌ ද විය.) සංකිලි ඔහුගේ සොහොයුරාගේ රාජ්‍යය බලෙන් පවරාගත් අභිෂේක නොවූ රජකු ලෙස ක්‍රියා කළ සෙන්පතියෙකි. රාජසිංහ බෞද්ධ විරෝධියකු ලෙස ක්‍රියාකළත් සංකිලි එසේ කර නැත. මේ තිදෙනාම තද බල ලෙස ක්‍රිස්‌තියානි විරෝධීන්ය. මේ රණකාමීන් තිදෙනා සමගිව ක්‍රියාකළා නම් පෘතුගීසීන් මේ පොළොවෙන් අතුගා දමන්නට තිබුණි. මේ සෙන්පතියන් තිදෙනාම රජුන් ඉක්‌මවා ක්‍රියාකළ රණකාමීන්ය.

විදිය බණ්‌ඩාර මියයැමේ පුවත මෙසේය.

රාජසිංහ කෝට්‌ටේ සිටි විදියබණ්‌ඩාරට පහර දුන්විට ඔහු පැලෑදට ගොස්‌ බලකොටුවක්‌ තනාගත්තේය. රාජසිංහ පැලෑ`දට පහර දුන්විට, ඔහු දෙවුන්දරට පලා ගියහ. දෙවුන්දරට පහරදුන් විට ගම්පොලට පැනගත්හ. ගම්පොලට පහරදුන් විට කුරූණෑගල මුතුකොණ්‌ඩ පොලට පලා ගියහ. මුතු කොණ්‌ඩපොලදී ගැටුමක්‌ ඇති වී එදිමානසූරිය නම් ප්‍රාදේශීය පාලකයා ද වීදිය බණ්‌ඩාර විසින් මරා දමා ඇත. රාජසිංහ මුතු කොණ්‌ඩපොලට පහර දුන්විට පුත්තලමට පැමිණ බත්තලකින් යාපනයට පලාගොස්‌ ඇත. එහිදී සංකිලි වීදිය බණ්‌ඩාර ඉහළින් පිළිගෙන නවාතැන් දුනි. මේ පිළිගැනීමෙන් පසු ඔවුන් පෘතුගීසීන්ට එරෙහිව සටන් කිරීමට සේනා සුදානම් කර නල්ලුර් දේවාලයේ පූජාවක්‌ පවත්වන අතර හදිසියේ වෙඩිබෙහෙත් ගිනි ගැනීමක්‌ නිසා වීදිය බණ්‌ඩාර කලබලයට පත්ව යාපනේ හමුදාව සමග සටනට වැදී ඇත. මහත් එඩිතරව සටන් කරමින් යාපනේ හමුදාවේ සෙබළුන් 60 දෙනෙකු බිම හෙළා දැමීමට ඔහුගේ අසිපත සමත් විය. මුහුණට මුහුණ සටන් කර වීදිය බණ්‌ඩාර පැරදිය නොහැකි නිසා සියඹලා ගසකට නැඟී හෙල්ලකින් ඔහු හිසට ඇන මරාදමා ඇත. සංකිලි විසින් විදිය බණ්‌ඩාර මරාදැමුවා යන්න දැනට පිළිගත් මතය වූවත් මෙම මරණය 1 වැනි රාජසිංහගේ උපායක ප්‍රතිඵලයක්‌ ද විය හැක. සංකිලි හා සීතාවක අතර පැවති යුද බිමේ සම්බන්ධකම් පිළිබදව බලන විටද ඔහු හඹාගිය ගමනින්ද එවැන්නක්‌ සිදුවීමට බොහෝදුරට ඉඩකඩ ඇති බව පෙනෙයි. එය සාධාරණ සිතුවිල්ලකි.

කෝට්‌ටේ රාජ්‍යයට හිමි වස්‌තු සම්භාරය රැගෙන වීදිය බණ්‌ඩාර යාපනයට ගිය නිසා එය ධර්මපාල කුමාරයාට උරුම වන හෙයින් සංකිලි වෙතින් ආපසු ගැන්මට පෘතුගීසීන්ට අවශ්‍ය විය. තමන්ට එම වස්‌තුව භාර දෙන ලෙස ඉල්ලා 1560 දී බ්‍රගන්සා නැමති පෘතුගීසි සෙන්පතියා හමුදාවක්‌ සමග යාපනය ආක්‍රමණය කරන ලදී.

මෙම සටනේ සිටි සංකිලිගේ සේනාව සිංහල හමුදාවකි. ඒ අතර තන්ජෝරයෙන් ගෙන්වා ගත් දෙමළ හමුදාවක්‌ ද විය.


පියසිරි අමරකෝන්



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.