සුවිශේෂ කළවැද්දා බලකාය හදන්න ජනපති තීරණය කරයි..!!!
- සුවිශේෂී බළකායෙන් වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදු කිරීමක් නෑ
- කිසිවෙකුට හෝ තනතුරක් ලබාදීමට නොවේ, අත්‍යවශ්‍ය සේවා සඳහා කමිටුවක්
- ශ්රීලනිපය – එජාපය නොව ආණ්ඩුව රැකිය යුතුයි
- එක්ව ගන්නා තීරණ පිළිබඳ තැන් තැන්වල ගොස් බැණ වදින්න එපා...
පසුගිය කැබිනට් මණ්ඩලයේදී සුවිශේෂී බළකායක් පිහිටුවීම පිළිබඳ වූ සාකච්ඡාව ඇතැම් ඇමතිවරුන් විසින් විචේචනය කර තිබුණු අතර, එම ඇමතිවරුන්ට ජනාධිපතිවරයා මෙහිදී සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.තමන් එක්ව ගන්නා තීරණ පිළිබඳ තැන් තැන්වල ගොස් බැණ වැදීම වැරදි යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරුන්ට කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශකර තිබේ.
ජන ජීවිත අඩාළ කිරීමට කිසිවෙකුට ඉඩ නොහැකි බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා සුවිශේෂී බළකායක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලද්දේ කිසිවෙකුට හෝ තනතුරක් ලබාදීමට නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිළිබඳ කමිටුවක් ඉතා ඉක්මනින් පත්කරන බවත්, එමගින් ජනජීවිතය අඩාළ නොවන අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කර ඇති අතර, එය තවත් කෙනෙකුට තනතුරක් දීමට වන සූදානමක් ලෙස වරදවා තේරුම් නොගන්නා ලෙසද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා ඇත.
වර්ජන සහ උද්ගෝෂණවලදී ජන ජීවිතය අඩාළ වීම වැළැක්වීමට අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගේ ප්‍රධානත්වයෙන් සුවිශේෂී බළකායක් පිහිටුවීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවැති මාධ්‍ය හමුතුළ අමාත්‍යවරුන් වන ජෝන් සෙනවිරත්න, එස්.බී.දිසානායක විවේචනය කර තිබිණි.මෙම සුවිශේෂී බළකාය පිහිටුවන්නේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා කිසිදු බාධාවකින් තොරව ලබාදීමට මිස කිසිදු අයුරකින් වෘත්තීය සමිති අයිතිවාසිකම් කප්පාදුකිරීමකට නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අමත්යවරුන්ට පැහැදිලිකර දී තිබේ.