ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 10, 2017

බුද්ධ කාලීන බෞද්ධ භික්ෂුණී පැවිද්දේ ආරම්භය හා විකාශය

වෙසක් සතිය වෙනුවෙන්  ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ ගෙන් සාරගර්භ විශේෂ ලිපි පෙළක්  ලංකානිව්ස් වෙතින්...!!!


 ප්‍රව්‍රජ්‍යාව හෙවත් පැවිද්ද පැවතියේ ශ්‍රමණ නමින් හැඳින්වෙන සම්ප්‍රදාය තුළය. පුරාණ භාරතයෙහි ප්‍රධාන චින්තන සම්ප්‍රදායයන් දෙකක් පැවතිණි. එනම් බ්‍රහ්මහණ හා ශ්‍රමණ යන චින්තන සම්ප්‍රදාය දෙකයි. මෙයින් බ්‍රාහ්මණ සම්ප්‍රදාය අධිකාරමය චින්තනය ස්වකීය කේන්ද්‍රික ඉගැන්වීම් පද්ධතිය ලෙස යොදා ගත් අතර ශ්‍රමණ සම්ප්‍රදාය ස්වකීය කෙන්ද්‍රික ඉගැන්වීම් පද්ධතිය ලෙස යො‍දා ගත්තේ අධිකාරමය චින්තනයෙහි සමාජගත හා පුද්ගලගත පීඩනයට එරෙහිව යාමයි. ඒ මඟින් සාමූහිකත්වය හා මානුෂික බව පිළිබඳ මෛත්‍රිය සමාජය පුරා ව්‍යාප්ත කළහ.
            ශ්‍රමණ සම්ප්‍රදාය 1. තාපස 2. පරිබ්බාජක 3. ආජීවක 4. තිත්ථිය හා 5. නිගණ්ඨ යනුවෙන් කොටස් පහකට බෙදා දැක්විය හැකිය. ෂට් ශාස්තෘවරු නාමයෙන් හැඳින්වෙන පූරණ කස්සප, මක්ඛලී ගෝසාල, අජිත කේස කම්බල, පකුධ කච්චායන, සංජය බෙල්ලට්ඨිපුත්ත, ජෛන මහාවීර යන ශාස්තෘවරුන්ගේ ධර්‍මය ද අන්තර්ගත වූයේ ශ්‍රමණ සම්ප්‍රදායටමය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ද ශ්‍රමණ සම්ප්‍රදායටම අන්තර්ගත විය.
            මේ අනුව ශ්‍රමණ සම්ප්‍රදාය ද ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණයක් කළ හැකිය. ඒ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය හා අබෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය යනුවෙනි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වන අතර බුදු සමය හැර ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ඉහත විස්තර කරන ලද සියළුම ඉගැන්වීම් අබෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වේ.VIDEO

            තාපස සම්ප්‍රදාය සකස් වී ඇත්තේ 1. සපුත්ත භරියා 2. උඤ්ඡාචාරිකා 3. සම්පත්ත කාලිකා 4. අනග්ගසක්කිකා 5. අස්මට්ඨිකා 6. දන්තලුය්‍යකා 7. පවත්තඵලිකා හා 8. වණ්ට මුත්තිකා යන කොටස් අටකිනි. තවුස් සම්ප්‍රදාය පිළිබද දිර්ඝ විස්තරයක් සුත්ත නිපාතයෙහි ගිරි සූත්‍ර අට්ඨකථාවෙහි දැක්වේ. එමෙන්ම මජ්ඣිම නිකායෙහි මහා සීහනාද සූත්‍රයේ ද තවුසන්ගේ ආචාර විධි 59 ක් අන්තර්ගත වේ.
            අබෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායට අයත් ප්‍රව්‍රජ්‍යා විධි අත්තකිලමථානුයෝගයට අයත්ය. මෙයින් අබෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායත් ප්‍රව්‍රජ්‍යා විධියක් වන හිසකෙස් දැලි රැවුලු උදුරා දැමීම ආදී අත්තකිලමථානුයෝගී විධික්‍රම භාවිතය සම්‍යක් මාර්ගයෙන් බැහැර වූවක් බව බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදයෙහි ආකල්පයයි. ආජීවකයින් කෙනෙකු පැවිදි කිරිමේ දී ගෙල පමණ ගැඹුරු වළක බස්සවා අරහිස් දෙක මත ලෑලි තබා ඒ ලෑලි කැබලි මත දෙපා තබාගෙන හිඳ තල් ඇට කැබැල්ලකින් කෙස් උගුලා දැමූ බව ඔවුන්ගේ ආගමික ලිපිලේඛනවල සඳහන්ය.
            නමුත් ජටිලයෝ හිසකේ, ජටාමඬුලු ඇතිව ප්‍රව්‍රජ්‍යාව ලැබූ බව පෙනේ. අබෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය ප්‍රව්‍රජ්‍යාව ලැබීමේ දී කිසියම් නිශ්චිත ව්‍රතයකට හෝ සීලයකට හෝ පත් වූ බවට තොරතුරු අඩුය. නමුත් තවුසන් පෙහෙවස් ඉටා සතර බ්‍රහ්ම විහරණ භ‍ාවනා වැඩූ බව සඳහන් වේ. එසේම වස්ත්‍ර පාවිච්චි කළ හා නොකළ කොටස් ද මොවුන් අතර විය. පාංශුකූල වස්ත්‍ර, විවිධ සම් වර්‍ග, කේසකම්බල, කුස තණ, හණ වස්ත්‍ර, අශ්ව වල්ග හා බකමුහුණු පියාපත් ආදියෙන් කළ වස්ත්‍ර පාවිච්චි කළ බවට ශාක්ෂි ලැබේ. ජෛන පැවිද්දන් අතර ශ්වේතාම්බර හා දිගම්බර යනුවෙන් වස්ත්‍ර භාවිතා කළ හා නොකළ දෙවර්ගයක් විසූ බව පෙනේ.
            බෞද්ධ ප්‍රව්‍රජ්‍යා සංකල්පය ඉදිරිපත් වී තිබෙන්නේ පුද්ගල ජීවිතය හා බෙහෙවින් ප්‍ර‍ෙයෝගික වන ආකාරයටය. මේ යටතේ අධික කාමභෝගී බවත්, අත්තකිලමථානු බවත්,  අතහින බෞද්ධ ප්‍රව්‍රජ්‍යාව අර්ථවත් වන්නේ මජ්ඣිම පටිපදා ලෙසය. සිරුර තාපනය අතහරින බෞද්ධ පැවිදි ජීවිතය අතිශයින් සරළය. ඒ සරළ බව තුළ ලෞකිකත්වය හා බැඳුනු ඇතිකමේ හා නැතිකමේ දුක යන දෙකම නැත.
            බෞද්ධ පැවිද්දෙහි පරමාර්ථය අල්පේච්ඡතාවයයි. බෞද්ධ ප්‍රව්‍රජ්‍යාව හා බැඳුනු සිවු නිස්සය මෙම අල්පෙච්ඡතාවය මතු කර පෙන්වයි. එනම් පූති මුත්ත භ්‍යෙසජ්ජයත්, රුක්ෂ මූල සේනාසනයත්, පාංශුකූල චීවරයත් හා පිණිඩියාලෝප භෝජනයත් වශයෙනි. බෞද්ධ පැවිද්දෙහි නිර්දේශය වන මෙම සිව් නිස්සය මඟින් බෞද්ධ පැවිද්ද වූ කලී කිසියම් ශිල ව්‍රතයක් නොබැඳුනු අර්ථවත් ප්‍රයෝගික ක්‍රියාකාරීත්වයක් තුළ දිවෙන්නක් බව ඉස්මතු කර පෙන්වයි.
            බෞද්ධ ප්‍රව්‍රජ්‍යාව අබෞද්ධ එහෙත් ශ්‍රමණ සම්ප්‍රදායටම අයත් ප්‍රව්‍රජ්‍යාව අතර සමානකම් මෙන්ම අසමානකම් ද දැකිය හැකිය. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් තාපස වැනි සෙසු කොට්ඨාශයන්හි අන්තර්ගතය ලෙස ගැනෙන සතර බ්‍රහ්ම විහරණ වැඩීම හා බොහෝ කොට පාංශුකූල වස්ත්‍ර භාවිතය ද ඇතැම්විට හිස මුඩු කිරීම ද දැකිය හැකිය. මේවා බෞද්ධ ප්‍රව්‍රජ්‍යාව තුළ ද දැකිය හැකිය. නමුත් බාහිර ප්‍රජාව තුළ ඉහත සඳහන් කරුණුවල පරිපූර්ණත්වය දැකගත නොහැකිය. ඒවායෙහි පරිපූර්ණත්වය දැකගත හැකි වනුයේ බෞද්ධ ප්‍රව්‍රජ්‍යාව තුළයි.
            බෞද්ධ පැවිද්දෙහි පරමාර්ථය අල්පේච්ඡතාවයයි. බෞද්ධ ප්‍රව්‍රජ්‍යාව හා බැදුනු සිව් නිස්සය මෙම අල්පේච්ඡතාවය මතු කර පෙන්වයි. එනම් පූති මුත්ත භේසජ්ජයත්, රූක්ෂ මූල සේනාසනයත්, පාංශුකූල චීවරයත් හා පිණ්ඩියාලෝප භෝජනයත් වශයෙනි. බෞද්ධ පැවිද්දෙහි සිව් නිස්සය වන මෙම සිව් නිස්සය මඟින් ‍බෞද්ධ පැවිද්ද වූ කලී කිසියම් බාහිර ශිල ව්‍රතයක් හා නොබැඳුනු අර්ථවත් ප්‍රයෝගික ක්‍රියාකාරීත්වයක් තුළ දිවෙන්නක් බව ඉස්මතු කර පෙන්වයි.
            බෞද්ධ ප්‍රවෘජ්ජාව හා අබෞද්ධ එහෙත් ශ්‍රමණ සම්ප්‍රදයටම අයත් ප්‍රවෘජ්ජාව අතර සමානකම් මෙන්ම අසමානකම් ද දැකිය හැකියි. ශ්‍රමණ සම්පුදායට අයත් තපස වැනි සෙසු කොට්ඨාශයන්හි අන්තර්ගතය ලෙස ගැනෙන සතර බ්‍රහ්ම විහරණ වැඩීම හා බොහො කොට පාංශු කූල වස්ත්‍ර භාවිතය ද ඇතැම් විට හිස මුඩු කිරීම ද දැකිය හැකිය. මේවා බෞද්ධ ප්‍රවෘජ්ජාව තුළ ද දැකිය හැකිය. නමුත් බාහිර පුවෘජ්ජාව තුළ ඉහත සඳහන් කරුණුවල පරිපූර්ණත්වය දැකගත නොහැකිය. ඒවායෙහි පරිපූර්ණත්වය දැකගත හැකි වනුයේ බෞද්ධ ප්‍රවෘජ්ජාව තුළයි.
            බෞද්ධ ප්‍රවෘජ්ජාව තුළ සෙසු අබෞද්ධ ප්‍රවෘජ්ජාවන්ටත් වඩා සුවිශේෂී වැදගත්කමක් වෙනස් ලක්ෂණයක් වනුයේ බෞද්ධ ප්‍රවෘජ්ජාව සියළු දේම පරිපූර්ණ අයුරින් ඉදිරිපත් කිරීමයි. ආහාර වාසස්ථාන ඇඳුම වත් පිළිවෙත් හා ආධ්‍යාත්මික නිෂ්ඨාව යන කුමන කරුණ ගෙන විග්‍රහ කරනු ලැබූවත් ඒ හැම කරුණක්ම සෙසු අබෞද්ධ ප්‍රවෘජ්ජාවන් අබිබවා ගියා වූ පරිපූර්ණත්වයක් බෞද්ධ පුවෘජ්ජාව තුළ දක්නට ලැබේ.
            මහා වග්ග පාලියේ ඛන්ධක කොටස් තුළ දක්නට ලැබෙන්නේ සෑම කරුණකින්ම බෞද්ධ ප්‍රවෘජ්ජාව පරිපූර්ණත්වයට පත් වූ ආකාරයයි. එමෙන්ම බෞද්ධ පුවෘජ්ජාව තුළ දැකගැනීමට ලැබෙන තවත් සුවිශේෂී කාරණයක් වන්නේ බෞද්ධ ප්‍රවෘජ්ජාව මුල දී තාපස පරමාර්ථ මූලික කරගෙන බිහිවූවත්, කල් යාමේ දී එයට බලපාන ලද සාමාජික අනෙකුත් අවශ්‍යතා කරණකොට ගෙන බෞද්ධ ප්‍රවෘජ්ජාව අනුක්‍රමයෙන් විකාශයට පත් වූ බවයි. මෙම ලක්ෂණය ද බෞද්ධ ප්‍රවෘජ්ජාව තුළ දැකගත ගැනීමට ලැබෙන සුවිශේෂි කාරණයකි.
            බුදුරදුන් විසින් මුල් යුගයේ සංඝ සංස්ථාවට ඇතුළත් කර ගන්නා ලද්දේ ඉතා හොඳින් සමාජයේ සියළුම අත්දැකීම් විඳ එමෙන්ම ඒවායෙහි නිරර්ථක බව තමන්ම තේරුම්‍ ගෙන ඉතා තරුණ වයසේම ගිහි ගෙය පිළිබඳ කලකිරී එයින් නික්මුණු සත්‍ය සොයා යන්නා වූ පිරිසකි. ලෞකිකත්වය අත්දැක එම නිසාම ඒ පිළිබඳව කළකිරී ගිහිගෙය අත්හැරී පිරිසක් වූ නිසාම ඒ පිරිස අමුතවෙන් හික්මවීම සඳහා බුදුරදුන්ට එතරම් වෙහෙසක් ගන්නට වුවමනාවක් නොතිබිණි.
            මේ පිරිසට කුසලය හා අකුසලය පිළිබඳවත් ශ්‍රමණ ප්‍රතිපත්ති පිළිබඳවත් ඉතා කෙටි මතක් කර දීමක් පමණක් සිදු කරනු ලැබුවේ මේ නිසාය. මෙය ආණා පාතිමොක්ඛය නම් විය. මුල් යුගයේ විනය ශික්ෂා පද පැණවීමේ අවශ්‍යතාවයක් මේ නිසා මතු නොවීය.
            බුදුන් වහන්සේ බුද්ධගයාවට පැමිණීමෙන් අනතුරුව තමන් වහන්සේ අවබෝධ කර ගත් ධර්‍මය විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට දේශනා කරමින් ගම් නියම්ගම් සිසාරා චාරිකා කළ අතර ඒ හැම විටක දීම උන්වහන්සේ දහම් පණිවුඩය ශ්‍රවණය කොට එයට අනුගතව තම මුළු ජීවිතකාලයම උන් වහන්සේ යටතේ උන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස විසීමට කැමැත්ත පළ කළා වූ බොහෝ දෙනා මුණ ගැසිණි.
            මේ කරුණ හේතුකොට ගෙන පළමුවෙන්ම භික්ෂු සංස්ථාව ආරම්භ විය. මුල් යුගයේ මෙම භික්ෂු සංස්ථාවට කෙනෙකු අයත්කර ගැනීම සඳහාත් ශ්‍රමණ සාරුප්‍යය; එම හැඩය ලබාදීම සඳහාත් බුදුරදුන්ට අවශ්‍ය වූයේ ඒහි භික්ඛු යන ආමන්ත්‍රණය පමණි. මෙම ඒහි භික්ඛු ශබ්දයම ඔවුන්ගේ මහණ උපසම්පදාව විය.
            එත්ථ භික්ඛවොති භගවා අවොච ස්වාක්ඛාතො භගවතා ධම්මො. චර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායාති යාව තෙසං ආයස්මන්තානං උපස්මපදා අහොසි  - මහාවග්ගපාලි
( මහණෙනි, එව ධර්මය මැනවින් ප්‍රකාශිතය. මැනවින් දුක් කෙළවර කිරීම පිණිස බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. )
            මෙලෙස මුල් යුගයෙහි ඒහි භික්ඛු බවෙන් ප්‍රවෘජ්ජාව ලැබූ භික්ෂුන් වහන්සේලා ප්‍රමාණය එක් දහස් තුන්සිය හතළිස් දෙකක් බව සමන්ත පාසාදිකාවේ සඳහන්ව තිබේ.
තීනි සතං සපපඤ්ඤො        -  චත්තාළීසං ප්‍රතාපරෙ
එකො ච ථෙරො සපඤ්ඤො  -  සබ්බෙ තෙ එහි පස්සිකා          - සමන්ත පාසාදිකා
( මෙම එක් දහස් තුන්සිය හතළිස් දෙකක් වූ පිරිස නම් පංච වග්ගිය භික්ෂූන් ද, යසකුල පුත්‍රයා හා ඔහුගේ යහළුවන් පණස් හතර දෙනා ද භද්ද වග්ගිය කුමාරවරු තිස් දෙනා ද පුරාණ ජටිලයන් දහස ද අග්‍ර දහස ද අග්‍ර ශ්‍රාවක දෙදෙනා ඇතුළු දෙසිය පණසක් පරිබ්‍රාජකයෝ ද අංගුලිමාල තෙරුන් වහන්සේ ද වෙයි. )
            විනය පිටකයේ නිර්දේශ කෙටුම්පත තවත් විසි දහස් තුන්සිය දෙනෙක් පිළිබඳව සමන්ත පාසාදිකාවේ සඳහන් වේ.
සත්තවීස සහස්සානි              -     තීණියෙව සතානි ච
තෙහි සබ්බෙ සංඛානා             -      සබ්බෙ තෙ ඒහි පස්සිකා                 - සමන්ත පාසාදිකා
( මෙම පිරිස නම් තුන් සියයක් පිරිවර සහිත සේල බමුණා ද දහසක් පිරිවර සමඟ මහා කප්පින රජු ද දස දහසක් කපිල වස්තු වැසියන් ද දහසය දහසක් පාරාසරික බමුණන් ද යන කොටසයි. )
            බුදුරදුන් විසින්ම අනුදත් මෙම ඒහි භික්ෂු ප්‍රවෘජ්ජාව සංඝ සමාජයෙහි පිරිස ගණන ප්‍රමාණයෙන් විශාල වෙත්ම තරමක් අසීරු කාර්යයක් විය. ඒහි භික්ෂු ප්‍රවෘජ්ජාවෙහි විශේෂ ලක්ෂණය වූයේ එහි භික්ෂු ප්‍රවෘජ්ජාව සමඟම පැවිද්ද ද උපසම්පදාව ද එකවර ලැබීමයි. මෙහි ප්‍රවෘජ්ඩාව යනු සංඝ සමාජයට අන්තර්ග්‍රහණය කරගැනීම වන අතර උපසම්පදාව යනු ඒ අනුතර්ග්‍රහණය කරගත් සාමාජිකයා අධිශීල ශික්ෂාවෙහි පිහිටුවීමයි. ඒහි භික්ෂු උපසම්පදාවේ දී මේ දෙකම එකවර සිදු විය.
            පසුකාලීනව ඒ ඒ ගම් නියම්ගම්වල ප්‍රවෘජ්ජාව ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන සියළුම දෙනා බුදුරදුන් වෙත කැඳවාගෙන යාම දුෂ්කර කටයුත්තක් වූයෙන් ඒ ඒ දිශාවල දීම එකී පුද්ගලයන්හට ප්‍රවෘජ්ජාව ලබාදීමේ අවස්ථාව භික්ෂූන්හටම බුදුරදුන් විසින් ප්‍රදානය කරන ලදී. මේ යටතේ බුදුරදුන් ලබාදුන් ඒහි භික්ෂු ප්‍රවෘජ්ජාව භික්ෂූන් වහන්සේලාට භාවිතා කළ හැකි ක්‍රමවේදයක් නොවූයෙන් භික්ෂුන් වහන්සේලාට උචිත ක්‍රමවේදයක් බුදුරදුන්ගෙන් අයැද සිටි කළ සරණාගමන උපසම්පදාව උන්වහන්සේ ඒ සඳහා නිර්දේශ කළ සේක.
            මෙම සරණාගමන ප්‍රවෘජ්ජාව ලැබීම යනු බුද්ධං සරණං ගච්ඡාමි ආදී වශයෙන් තුන් වරක් වචනයෙන් තෙරුවන් සරණ ගන්වා සංඝ සමාජයට අන්තර්ග්‍රහණය කර ගැනීමත්, අධිශීල ශික්ෂාවෙහි පිහිටුවීමත්, එක්වර ලබාදීමේ ක්‍රමයක් විය. මෙම සරණාගමන ප්‍රවෘජ්ජාව බුදුරදුන් අනුගමනය කළේ මේ අයුරිනි.
අනුජානාමි භික්ඛවෙ ඉමෙහි තීහි සරණාගමනේහි පබ්බජ්ජං උපසම්පදං                  -  මහාවග්ග පාලි
            රාධ බමුණා ප්‍රවෘජ්ජාවට පත්කරවීම සඳහා ඤත්ති ඤතුත්ථ කම්ම ප්‍රවාජ්ජාව අනුදක්නාතුරුම මෙම සරණාගමන ප්‍රවෘජ්ජාව පැවතිණි. මුල දී බෞද්ධ සංඝ සමාජයට අන්තර්ග්‍රහණය කරගන්නා ලද පුද්ගලයා අධිශීල ශික්ෂාවෙහි පිහිටුවීමට  පෙර හැඳින්වූයේ සාමණේර යන නමිනි. මෙකී ප්‍රවෘජ්ජාව සාමණේර ප්‍රවෘජ්ජාව ලෙස හැඳින්විනි. බුදුරදුන් මෙකී සාමණේර ප්‍රවෘජ්ජාව අනුදැන වදාරන ලද්දේ පහත දැක්වෙන අයුරිනි.
“අනුජානාමි භික්ඛවෙ තීහි සරණාගමනෙහි සාමණෙර පබ්බජ්ජා”                              -  මහාවග්ග පාලි
( මහණෙනි, තිසරණගමනයෙන් සාමණෙර ප්‍රවෘජ්ජාව අනුදනිමි)
            මෙයට පෙර එහි භික්ඛු සරණාගමන හා ඤත්ති චතුත්ථි කම්ම ප්‍රවෘජ්ජාව යටතේ මූලිකවම ශ්‍රමණ භූමියට පිවිසීම වූ සාමණෙර තත්වයත් අධිශීල ශික්ෂාවෙහි පිහිටුවාලීම හෙවත් උපසම්පදා තත්වයත් යන තත්වයන් දෙකම එකවිටම ඉටුවන අයුරින් සැකසූ ප්‍රවෘජ්වා කර්‍මයක් පැවතිනි. නමුත් රාහුල කුමරු පැවිදි කරවන අවස්ථාවේ තිබුනේ ඤත්ති චතුත්ථි කම්ම ප්‍රවෘජ්ජාව බැවින් සැරියුත් හිමියන් බුදුරදුන්ගෙන් රාහුල කුමරු පැවිදි කරන්නේ කෙසේද යනුවෙන් විමසති.
“කථාහං භන්තෙ රාහුල කුමාරා පබ්බජ්ජාපෙමි”
            මෙහි දී බුදුරදුන් තෙවරක් තිසරණ ගැන්වීම මඟින් සාමණෙර ප්‍රවෘජ්ජාව අනුදැන වදාරා ඇත. එමෙන්ම රාහුල කුමරුගේ මෙම ප්‍රවෘජ්ජාව ලෝකෝත්තර ප්‍රතිලාභය සඳහා ප්‍රවෘජ්ජා කිරීම නමින් අට්ඨකථාව හඳුන්වා ඇත.
“යස්මා ච අයං දාසජ්ජා යාචකි තස්මා නං ලොකුත්තරදායජ්ජපටිලාභය පබ්බජෙහිතී අත්ථො”    - සමන්ත පාසාදිකා
             තව දුරටත් මේ පිළිබඳව විස්තර දක්වන සමන්ත පාසාදිකා විනය අට්ඨකථාව සැරියුත් හිමියන් මෙම ප්‍රශ්නය එනම් රාහුල හිමියන් පැවිදි කරන ආකාරය බුදුරදුන්ගෙන් විමසා සිටියේ රාධ බමුණා පැවිදි කිරීමත් සමඟ ආරම්භ වූ ඤත්ති චතුත්ථි කම්ම ප්‍රවෘජ්ජාව නිසා කලින් පැවති සරණාගමන ප්‍රවෘජ්ජාව ප්‍රතික්ෂේප නොවූ බව පෙන්වීමට හා විනයානූකූලව එහි කැප භාවය ප්‍රකාශ කරවීමට බුදුරදුන් ලවා සාමණෙර ප්‍රවෘජ්ජාව දක්වා තිබේ. - සමන්ත පාසාදිකා
            සරණාගමන ප්‍රවෘජ්වා පැණවීමෙන් පසු සුද්ධෝදන රජුගේ ඉල්ලීම මත මව්පිය අනුදැනුම රහිතව කුලපුත්‍රයෙකු ප්‍රවෘජ්ජා නොකළ යුතු බව දැක්වෙන විනය ප්‍රඥප්තියක් පැණවීම ද බුදුරදුන් කළ බව මහා වග්ග පාලියේ සඳහන් වේ.
“ න භික්කවෙ අනනුඤ්ඤතො මාතා විතූහි පුත්තො පබ්බාජෙහිතබ්බො සො පබ්බාජෙය්‍ය ආපත්ති දුක්කටස්ස”  - මහාවග්ග පාලි
            රාධ බමුණා පැවිදි කිරීම සදහා ඤත්ති චතුත්ථි කම්ම වාචා ප්‍රවෘජ්ජාව අනුදැන වදාරන ලදී. එමෙන්ම මේ අවස්ථාව සාමණෙර තත්වයත් උපසම්පදාවත් අතර වෙනස වෙනත් කරුණක් වෙතට යොමු වු අවස්ථාවක් ලෙස දැකවීමට හැකිය. පෙර අන්‍ය තීර්ථයෙකුව සිටී තැනැත්තෙක් පැවිදිව උපාධ්‍යායන් වහන්සේ  සහධම්මිකව කරුණු කියන කල්හි පෙරළා වාදාරෝපණය කර පෙර සිටී අන්‍ය තිර්ථකායතනයටම ගියේය. හෙතම පසුව නැවතත් බුදු සසුනේ ප්‍රවෘජ්ජාව ඉල්වීය. සංඝයා වෙතින් මෙය දැනගත් බුදුරජාණන් වහන්සේ අන්‍ය තිර්ථක සසුනක අයකු ගත කළ යුතු බවට කොන්දේසි පැනවූ සේක.
“යො භික්ඛවෙ අඤ්ඤෙ’පි අඤ්ඤ තිත්ථිය පුබ්බො ඉමස්මිං ධම්ම විනයෙ ආකංඛති පබ්බජ්ජා ආකංඛති උපසම්පදාං තස්ස චත්තාරො මානස පරිවාසො දාතබ්බො”                                -  මහාවග්ග පාලි
             ඒ පරිවාස කාලය කෙස් රවුළු බහා කසාවත් හැඳ තිසරණ ගමනයෙන් යුක්තව වාසය කළ යුතුය. මේ අවස්ථාව සාමණේර තත්වයට සමාන වූත්, මෙය ඉන් වෙනස් වන්නේ පෙර අන්‍ය තීර්ථකව සිටි පුද්ගලයා සංඝයා වෙතින් පරිවාසය අයැද සිටීමත් සංඝයා ඤත්ති චතුත්ථි කම්ම වචනයෙන් එකී පරිවාසය අනුමත කිරීමත්ය.
            රාධ බමුණා විෂයෙහි පළමුවෙන්ම මෙම ඤත්ති චතුත්ථි කම්ම ප්‍රවාජ්ජාව ක්‍රියාත්මක කරන ලදී. මෙහි ඤත්ති කම්ම යනු යම් විනය කර්‍මයක් පිළිබදව සංඝයාට කරන දැනුම්දීම, සංඝයා ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ඤත්තිය තැබීම වන අතර ඒ දැන්වීම එක් වරක් පමණක් ප්‍රකාශ කිරීම මෙයින් අදහස් කෙරේ. “ඤත්ති චතුත්ථි කම්ම” යනු ඤත්තිය හෙවත් දැන්වීම එක්වරක් ප්‍රකාශ කර, කළ යුතු විනය කර්‍මයට අදාළ කර්‍ම වාක්‍යය තුන් වරක් ප්‍රකාශ කිරීමයි. හෙවත් එක් ඥප්තියකින් හා අනුශ්‍රවණ තුනකින් යුක්ත විනය කර්‍මයයි.
            මෙහි දී ඤත්තිය තබන්නේ මෙසේය. “ස්වාමීනි, සංඝ තෙමේ මා කියන්නක් අසාවා, අසවල් නම් ඇති මේ තෙමේ අසවල් නම් ඇති ආයුෂ්මත්හට උපසම්පදාපෙක්ෂක වේ. අන්තරායික ධර්‍මයන්ගෙන් පිරිසිදුය. මොහුගේ පාසිවුරු සම්පූර්ණය. මේ නම් ඇත්තේ මේ නම් ඇත්තහු උපාධ්‍යාය කොට සංඝයාගේ උපසම්පදාව ඉල්ලයි. සංඝයාට කල් පැමිණියේ නම් සංඝ තෙමේ මේ නම් ඇති උපාධ්‍යායත්වයෙන් යුක්ත වූ මේ නම් ඇත්තහු උපසම්පදා කරන්නේය. මෙලෙස එක් වරක් දැන්වීමෙන් ඤත්තිය ( දැන්වීම) සම්පූර්ණ වේ. ඉක්බිතිව කර්‍ම වාක්‍යය තුන් වරක් මේ අයුරින් පවසනු ලැබීමට අනතුරුව ඊට පහත සඳහන් වැකිය ද එක් කොට “ ...............මේ නම් ඇත්තහුගේ උපසම්පදාව යම් ආයුෂ්මතුන්හට රුචි වේ නම් හෙතම නිශ්ශබ්ද වේවා. යමෙකුහට රුචි නොවේ නම් හෙතම කියාවා” යනුවෙන් ප්‍රවෘජ්ජා කර්‍ම වාක්‍යය තෙවරක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කර්‍මාචාර්යයන් වහන්සේ නිගමන වාක්‍යයක් ප්‍රකාශ කරයි. එනම් “සංඝ තෙමේ මේ නම් ඇති උපාධ්‍යයන්ගෙන් යුක්ත වූ මේ නම් ඇත්තේ උපසම්පදා කරන ලද්දේය. සංඝයාහට එය රුචි වේ නම් එහෙයින් තුෂ්ණීම්භූත වේ. මේ කරුණ මෙසේ දරමි.” යනුවෙන් නිගමනය වාක්‍ය පවසා ඤත්ති චතුත්ථි කර්‍ම ප්‍රවෘජ්ජාව ලබාදීමේ විනය කර්‍මය අවසන් කරයි.          -  මහාවග්ග පාලි
             බුදුරදුන් මහාකාශ්‍යප හිමියන්හට ලබාදුන් උපසම්පදාව ඕවාද පටිග්ගහන ප්‍රවෘජ්ජාවයි. මෙය මහා කාශ්‍යප හිමියන්ට බුදුරදුන් විසින් කරනු ලැබූ අවවාදයන් පිළිගෙන ඒ අනුව ක්‍රියාකිරීමට පොරොන්දුවීම් වශයෙන් පැණවුනු ප්‍රවෘජ්ජාවයි. මෙහි දී පිප්ඵලී නැමැති බ්‍රාහ්මණය මානවකයා ( පසුව මහාකාශ්‍යප හිමි ) ඕවාද පටිග්ගහන ප්‍රවෘජ්ජාව යටතේ සංඝ සමාජයට අන්තර්ග්‍රහණය කරගැනීම සහ අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙහි පිහිටුවීම එක්වරක දී සිදුවිය.
            සෝපාක හිමියන්ට ලබාදෙනු ලැබුවේ පඤ්චාව්‍යාකරණ උපසම්පදාවයි. මෙහි දී මුලදීම සෝපාක සාමණේර ප්‍රවාජ්ජාවෙන් පැවිදි කරගත් අතර පැවිදි වූ පසුව සත් හැවිරිදි වියෙහි දීම අර්හත්භාවයට පත් විය. අර්හත්වයට පත් වූ සෝපාක හිමියන් සතු වූ ධර්‍මඥානය උන් වහන්සේ වෙත එල්ල වු බුදුරදුන්ගේ ප්‍රශ්නයන්ට සාර්ථක පිළිතුරුදීම මඟින් සනාථ වූ බැවින් ඊට ත්‍යාගයක් ලෙස බුදුරදුන් විසින් මෙකී පඤ්චාව්‍යාකරණ උපසම්පදාව අනුදක්නා ලදී.
            බුද්ධඝෝෂ හිමියන් විසින් ස්වකීය විනයට්ඨකථාව වන සමන්තපාසාදිකාවේ දී සෝපාක හිමියන් විසින් විසඳනු ලැබුයේ දශ අශුභ මිශ්‍රිත ප්‍රශ්න බව සඳහන්ව ඇත. දස අසුභ නිස්සිතෙ පඤ්හං පුච්ඡි ( සමන්පාසාදිකා ) නමුත් ථෙරගාථා අට්ඨකථාවල සෝපාක හිමියන් විසින් විසඳන ලද්දේ කුමාර ප්‍රහ්න බව දැක්වේ. පඤ්හෙති කුමාර පඤ්හෙ ( ථෙරගාථා අට්ඨකථා, හේවාවිතාරණ මුද්‍රණ ) එමෙන්ම චතුභණවාරට්ඨකථාවෙහි දීද කුමාර ප්‍රශ්නය විසඳනු ලැබුයේ සෝපාක හිමියන් බව දක්වා තිබේ. ( චතුභණවාරට්ඨකථා, හේවාවිතාරණ මුද්‍රණ )
            මහ‍ා ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රමුඛ මඟින් මුල් වරට භික්ෂුණී සංස්ථාව පිහිටුවන ලදී. මේ දක්වා ප්‍රවෘජ්ජාව තුලට අයත් වූයේ පුරුෂ පක්සයෙන් සුසැදි භික්ෂු සංස්ථාවයි. මෙම භික්ෂු සංස්ථාවෙහි විසූ ආදි කාලීන සාමාජිකයන් වූ භික්ෂූන් වහන්සේලාගේ පෞද්ගලික හා සමාජමය ප්‍රතිමාන පද්ධතිය සුරක්ෂිතව ආරක්ෂා කර ගනිමින් අභිනවයෙන් එයට බද්ධව පිහිටුවන ලැබූ භික්ෂුණී සංස්ථාවෙහි සාමාජිකාවන් වූ භික්ෂුණීන්ගේ ආරක්ෂාව හා මාර්ගෝපදේශය භික්ෂූන් වහන්සේලා වෙතින් ලබා ගැනිමේ ක්‍රමවත් වැඩ පිළිවෙළක් ලෙස අෂ්ට ගරු ධර්‍ම ප්‍රතිග්‍රහණ උපසම්පාදව බුදුරදුන් විසින් අනුදැන වදාරන ලදී. ස්වභාවිකවමත් ජීව විද්‍යාත්මකවත් ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන්ගේ විරුද්ධ ලිංගික ආකර්ෂණය සහිත මනුෂ්‍ය කොට්ඨාශ දෙකක් බැවිනුත් ඒ හේතුකොට ගෙන දෙපක්ෂයටම ඇති විය හැක්කා වූ පෞද්ගලික හා සාමාජික ගැටළු අර්බුද වලින් කල් තබාම ඔවුන්ව ආරක්ෂා කරදීම පිණිස අරමුණුකොට මෙම ගරුධර්‍ම ප්‍රතිග්‍රහණ ප්‍රවෘජ්ජාව හඳුන්වා දී තිබේ.
            ඉන් අනතුරුව භික්ෂුණී සංස්ථාව ඇරඹෙන අතර භික්ෂුණීන් වහන්සේලා ප්‍රමාණයෙන් වැඩිවත්ම, භික්ෂූණීන් පැවිදි කරන්නේ කෙසේදැයි යන ප්‍රශනය මතුවිය. අෂ්ඨ ගරු ධර්ම පිළිගැනීම නිසා වන ගරු ධර්ම ප්‍රතිග්‍රහණ ප්‍රවෘජ්ජාව බුදුරදුන් විසින්ම මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ප්‍රමුඛ කාන්තා පිරිසට ලබා දෙන ලද ප්‍රවෘජ්ජාවයි. එය සෙසු අයට ලබා දිය නොහැකි බැවින් පසුව භික්ෂුණී සංස්ථාවට එක්වන කාන්තාවන් කෙසේ පැවිදි කළ යුතුද යනුවෙන් බුදුරදුන්ගෙන් විමසන ලදුව බුදුරදුන් ඒ සඳහා අට්ඨවාචක ප්‍රවෘජ්ජාව අනුදැන වදාරන ලදී. මෙම අට්ඨවාචක ප්‍රවෘජ්ජාව යනුවෙන් දැක්වෙන්නේ මීට ඉහත දී භික්ෂූන් වහන්සේල‍ා උදෙසා ක්‍රියාත්මකව පැවතුණූ ඤත්ති චතුත්ථි කම්ම ප්‍රවෘජ්ජාව හා සමානවූවකි. මෙහි දී භික්ෂූන් වහන්සේල‍ා ප්‍රවෘජ්ජා කිරීම සඳහා අවශ්‍ය වන්නේ භික්ෂූන් වහන්සේලා මධ්‍යයේම ඤත්ති චතුත්ථි කම්ම විනය කර්මය පමණක් වන නමුත් කාන්තාවන් ප්‍රවෘජ්ජා කිරීම සඳහා භික්ෂූණී පිරිස මධ්‍යයෙහි ඤත්ති චතුත්ථි කම්ම විනය කර්මයත්, නැවත භික්ෂූන් වහන්සේලා මධ්‍යයෙහි ඤත්ති චතුත්ථි කම්ම විනය කර්මයත්, යන දෙකම කළ යුතුය. එවිට දෙවරක් උභය පිරිස මධ්‍යයෙහි ඤත්ති චතුත්ථි කම්ම විනය කර්මය සිදු කෙරෙන බැවින් මෙකී ප්‍රවෘජ්ජාව අට්ඨ වාචික ප්‍රවෘජ්ජාව නමින් හැඳින්වේ.
            අඩ්ඪකාසී ගණිකාව තෙරුවන් කෙරෙහි පැහැදී භික්ෂූණි සංඝයා වෙත පැවිදිවනු කැමතිවූවාය. මේ කරුණ බුදුරදුන් වෙත සැලකරන ලදුව බුදුන් වහන්සේ විසින් එකී අඩ්ඪකාසිය උදෙසා දූත ප්‍රවෘජ්ජාව අනුදැන වදාරන ලදී. එනම් එම දූතයා මාර්ගයෙන්ම ඇයට අවශ්‍ය පැවිද්ද ලබා ගැනීම සඳහා බුදුරදුන් අනුමැතිය දෙනු ලැබිණි. අඩ්ඪකාසියගේ ප්‍රවෘජ්ජාව දූත ප්‍රවෘජ්ජාවයි. අෂ්ඨ ගරුධර්ම ප්‍රවෘජ්ජාව මෙන්ම මෙම ප්‍රවෘජ්ජාවෙහි දීද ශ්‍රමණ භූමියට ප්‍රවිශ්ෂවීම හා අධිශිල සංඛ්‍යාත ශිල ශික්ෂාවෙහි පිහිටුවීම එකවරම සිදුවිය. සාමාන්‍යයෙන් ප්‍රවෘජ්ජා භූමියට පත්වන කාන්තාව නොකඩවා දෑ අවුරුද්දක් පුරා ප්‍රණඝාත, අදින්නාදානා, අබ්‍රහ්මචරියා, මුසාවාද, සුරාමේරය හා විකාල භෝජන යන ශික්ෂා පද සය විශේෂයෙන්ම කඩ නොකොට අධිශීල සංඛ්‍යාත ශීල ශික්ෂාව එනම් උපසම්පදාව පිණිස පුහුණුවන්නික ලෙස එනම් ශික්ඛ මානාවක ලෙස පිළිපැදිය යුතුය. එකී කාලසීමාව නිසි අයුරු සම්පූර්ණ කිරීමෙන් පසුව පමණක් ඇය අධිශීල සංඛ්‍යාත ශිල ශික්ෂාවෙහි පිහිටුවීම සඳහා යෝග්‍ය වන්නේ නම් පමණක් සික්ඛමානාවක ලෙසින් ගතකළ එම දෑ අවුරුදු කාල සීමාව අවසානයෙහි දී ඇය මුලින්ම ඤත්ති චතුත්ථි කම්ම විනය මඟින් භික්ෂූණී සංඝයායෙග් අවසරය ලබා ඉක්බිතිව භික්ෂූ සංඝයා මධ්‍යයෙහි දීද නැවත වරක් ඤත්ති චතුත්ථි කම්ම විනය කර්මය මඟින් භික්ෂූ සංඝයාගේ අවසරය ද ලබා දෙපක්ෂයේම ඒකමතීත්වය මත පමණක් අට්ඨවාචක ප්‍රවෘජ්ජාව අනුව භික්ෂුණියක් ලෙස පැවිදි කරනු ලබයි.
            භික්ෂුණියක ලෙස නවක ශික්ෂ මානාවක පැවිදි කරගනු ලබන්නේ මේ ක්‍රමයටයි. ගරු ධර්ම ප්‍රතිග්‍රහණ උපසම්පදාව හා දූත උපසම්පදාව යටතේ ඇයට පැවිදි විය නොහැක්කේ එම ප්‍රවෘජ්ජාවිධි ක්‍රියාත්මක කරනු ලැබීම පිණිස බුදුවරයෙකු අවශ්‍ය වන නිසාය. බුදුරදුන් පිරිනිවන් පා ඇති හෙයින් වර්තමානයෙහි අට්ඨවාචක ප්‍රවාජ්ජාව මත පමණක් කාන්තාවක සුසන්ගත කිරීමට ඉඩ ප්‍රස්තාවනාව ලැබී ඇතත්, ථේරවාද සම්ප්‍රදාය සතු භික්ෂූණීන් වහන්සේලා දැනට ලෝකයෙහි කිසිදු රටක වැඩ නොසිටින බැවින් වර්තමානයෙහි කාන්තාවකට අධිශීල සංඛ්‍යාත උපසම්පදාව කෙසේ වෙතත්, ශික්ෂ මානාවක ලෙසවත් ප්‍රවෘජ්ජාභූමියට පිවිසෙන්නට ඉඩකඩ නොමැති බැව් ධර්ම විනයානූකූලව මේ පිළිබඳව විමර්ශනය කරන විට පෙනී යන කරුණකි. ( ඤාණරතන අනුනාහිමි, වැලිගම, මහරහත් සංඝමිත්තා චරිතය සහ තදනුබද්ධ භික්ෂූණී ශාසනය, රත්මලාන, 1998, 64-65 පිටු. ) භික්ෂූන් වහන්සේලාට ද ඤත්ති චතුත්ථි කම්ම ප්‍රවෘජ්ජාව හැරෙන්නට වෙනත් ප්‍රවෘජ්ජා විධි බුද්ධ කාලීන භාරතයෙහි පැවතියත්, වර්තමානයෙහි ක්‍රියාත්මක වන්නේ මෙහි සඳහන් කරන ලද ඤත්ති චතුත්ථි කම්ම උපසම්පදාව පමණි. එය ධර්ම විනයානූකූලව නිවැරදිව අඛණ්ඩව පවත්වාගෙන එනු ලබයි. ඊට සමාන්තරව භික්ෂුණීයක් ලෙස සික්ඛමානාවක උපසම්පදා කළ හැකි පසුබිමක් වර්තමානයෙහි තිබේ නම් එය කළ හැකි වන්නේ ධර්ම විනයානූකූලව නිවැරදි වූ අට්ඨවාචක උපසම්පදාව මඟින්ම පමණකි.
නමුත් විදේශයන්හි දක්නට ලැබෙන කහ රෙදි පොරවා ගනු ලැබූ චීන, කොරියන් හා ටිබෙට් කාන්තා පිරිස් අයත් වන්නේ මහායානික කොටසටයි. විදේශ රටවල ඒ ඒ මහායානික ශාඛාවන්හි විවාහ ජීවිත ගතකරමින්ම පැවිද්දන් යැයි ප්‍රතිඥා දෙන ඇත්තන් සිටීම සාමාන්‍ය සම්ප්‍රදායකි. එවැනි ආභාෂයක් පිරිසිදු ‍ෙථ්රවාදය පවතින අප රටට ගෙන ඒම කිසිසේත් නොගැලපෙන දෙයක් ලෙස ධර්ම විනයානූකූලව බැලූකළ ප්‍රත්‍යක්ෂ වේ. වර්තමානයෙහි පිරිසිදු ථේරවාදී බුදුදහම පවතින්නේ ශ්‍රී ලංකාවෙහි පමණි. භික්ෂූන් වහන්සේලා විසින් මහත් ආයාසයෙන් සුරක්ෂිත කරගනු ලැබූ ඒ පිරිසිදු ථේරවාදී බුදු දහම වනසාලීමේ අටියෙන්, එකී ථෙරවාදී බුදුදහම දිවි හිමියෙන් මේ දක්වා සුරක්ෂිත කරගනිමින් පැමිණි, භික්ෂූ වහන්සේලාගේ භික්ෂු ප්‍රතිරූපය සමාජයෙහි නිග්‍රහවට ලක්වන අන්දමේ අති සූක්ෂතම කූට ව්‍යාපාර දියත් කිරීමත්, මළ සිරුරකට පණ පිහිටුවාලිය නොහැකිවාක් වැනි වූ, නැවත බුදුවරයන් වහන්සේ නමක විසින්ම පමණක් ඇති කළ හැකි භික්ෂූණී සංස්ථාවක් පිළිබඳ විවිධ ප්‍රචාරණාත්මක යාන්ත්‍රණයන් ශ්‍රී ලාංකික බෞද්ධ සමාජය තුළ දියත්කරලීමත් බෙහෙවින් දක්නට ලැබෙන බව වර්තමාන බෞද්ධ සංස්කෘතික පසුබිම කෙරෙහි විචාර පූර්වක බැලූ කළ පහසුවෙන් වටහාගත හැකිවනු ඇත.

                                 ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.