මුදල් ඇමති තනතුර රැකගන්න නායක හිමිවරුන්ට ‘දිව්‍ය රථ’ පිරිකර පුදති..!!!
මුදල් අමැති ධුරය අහිමි කිරීමේ දැඩි අවධානමට මුහුන දී සිටින ඇමති රවි කරුණානායක මෙරට මහනායක හිමිවරුන් ඇතුළු ප්‍රධානතම ආගමික නායකයන් කිහිප දෙනෙකුටම අති නවීන සුඛෝපභෝගී මෝටර් රථ තෑගි කර තිබේ.
සුඛෝපභෝගී වාහන හයක් මෙසේ තෑගි කර ඇති අතර ඉන් කිහිපයක් ලබා දීම සදහා ආණ්ඩුවේ තවත් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මුදල් ඇමතිවරයා සමග මහනුවර සංචාරයකද නිරත වී ඇත.
මෙම කාර් තෑගි ලබා දීමේ අරමුණ වී ඇත්තේ තම ඇමති ධුරය රැුක ගැනීම වෙනුවෙන් ආගමික නායකයින්ගේ සහාය ලබා ගැනීම බවද වාර්තා වෙයි.
තෑගි කිරීම සදහා සුබෝපභෝගී වොල්වෝ රථ කිහිපයක් සදහා බරපැන දරා ඇත්තේ ගෙන්වා ඇතැයි පැවසෙන්නේ මහ බැංකු බැදුම්කර මගඩියේ ප්‍රධාන හොර දෙටුවා යයි චෝදනා එල්ල වී සිටි සමාගමක ප්‍රධානියෙකු විසිනි.