හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද කොලඹ ගාළු
මුවදොරදී පැවැත්වෙන මැයි රැළිය සදහා අති දැවැන්ත වේදිකාවක් ඉදිකර තිබේ.
දේශපාලන රැස්වීමක් හෝ මැයි දින කම්කරු රැලියක් පැවත්වීමට කොහොත්ම නුසුදුසු ගැටබේ මහා විද්‍යාලයට අයත් මහනුවරට ඇතුළුවන ප්‍රධාන මාර්ග සියල්ලම වැටි ඇති ප්‍රවාහන මර්මස්ථානයක් වන ගැටබේ ඉතා කුඩා පිට්ටනිය දේශපාලන පක්ෂයක මැයි රැලියක් පැවත්වීමට තෝරා ගැනීම සම්බන්ධව මහනුවර ජනතාව විරෝදය පල කරති.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගය. මහනුවර හැටන් ප්‍රධාන මාර්ගය, මහනුවර නුවරඑළිය ප්‍රධාන මාර්ගය, මහනුවර දෙල්තොට හරහා වලපනේ ප්‍රධාන මාර්ගය, සම්පූර්ණයෙන්ම මෙම මැයි රැලිය නිසා එයට ආරක්ෂාව දීමට අද පෙරවරුවේ සිට වසා දමා ඇත.
මේ නිසා ගම්පොල, නාවලපිටිය, ගලහ, දෙල්තොට, පැණිදෙනිය ගෙලිඔය. පේරාදෙණිය උඩුනුවර. යටිනුවර කඩුගන්නාව, ඇතුළු ප්‍රදේශ ගනනාවකම ජනතාව පිඩාකාරි තත්ත්වයකට පත්වී ඇත.
අවම වශයෙන් හදිසි අවශ්‍යතාවයකට ලෙඩෙක් පේරාදෙණිය ශික්ෂණ රෝහලට හෝ මහනුවර මහා රෝහල් කරා ගෙන යෑමට බධා වන ලෙස පේරාදෙණිය මහනුවර ප්‍රධාන මාර්ගයත්, විලියම් ගොපල්ලව මාවතත්, පේරාදෙණිය ගන්නොරුව හරහා කටුගස්තොට මාර්ගයත් ස්ථාන කිහිපයක්ම සමාන්‍ය ජනතාවගේ එදිනෙදා ගමනාගමන අඩාල වන සේ සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.
මේ නිසා මේ වනවිට සමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සඳහා මහනුවරට ඇතුලුවීමට ගිය වාහන විශාල සංඛ්‍යාවක් හරවා යවා ඇති අතර ඉතා විශාල ජනතාව ජීවත්වන මහනුවර සහ අවට ප්‍රදේශවල ජනතාව මෙම මැයි රැලිය සංවිධානය කල පිරිසටත් ඒ සඳහා අවසර ලබා දුන් ශ්‍රී ලංකා පොලිසියත් දැඩිව දෝෂාරෝපණය කරති.
එමෙන්ම මේ නිසා මහනුවර සහ ඒ අවට ජනතාවගේ එදිනෙදා ජන ජීවිතය අඩලා වී ඇති බැව් අප වෙත වාර්තා කොට ඇත.