ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 26, 2017

මහ වැස්‌සෙන් මරණ 91 ක්‌...!!!

පස්‌ කඳු කඩා වැටීම්, ගංවතුර හා නායයැම්...!!!
 110 ක්‌ අතුරුදන්
කළුතර මාවතවත්ත කන්ද නායයැමෙන්
ජීවිත 11 ක්‌ පණපිටින් වැළලෙයි...


 දිවයිනේ බස්‌නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වලට පෙරේදා (25 වැනිදා) රාත්‍රියේ සිට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නායයැම් සහ ජල ගැලීම්වලට ලක්‌ව පුද්ගලයන් 91 දෙනකු මරණයට පත්ව 110 දෙනකු අතුරුදන්ව ඇති බවට වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඊයේ (26 වැනිදා) පැවසීය.
මෙම ආපදාවනට ගොදුරු වූ පවුල් 5926 ක පුද්ගලයන් 23788 දෙනකු අවතැන්ව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි  සඳහන් කළේය.
පූර්ණ ලෙස හානියට ලක්‌වූ නිවාස සංඛ්‍යාව 10 ක්‌ද, අර්ධ ලෙස හානියට ලක්‌ වූ නිවාස සංඛ්‍යාව 25 ක්‌ ද ලෙසින් වාර්තා වී ඇත.
කළුතර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගලයන් 12 ක්‌ හා මාතර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගලයෝ 30 ක්‌ අතුරුදන් වී සිටිති.

එම පළාත්වලට පැවැති අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග රැසක්‌ යටවී තිබේ. ගස්‌ කඩාවැටීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර ඇතැම් ප්‍රදේශවලට පෙරේදා (25 වැනිදා) රාත්‍රියේ සිටම විදුලිය ඇනහිට තිබිණි.

මේ හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතයට ද බාධා එල්ල වී තිබූ අතර ඔවුන්ට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු සහන කණ්‌ඩායම් යෙදවීමට රජය පියවර ගෙන තිබේ.
මතුගම - බදුරලිය ප්‍රධාන මාර්ගයේ මාවතවත්ත මංසන්ධිය අසල පිහිටි මාවතවත්ත කන්ද ඊයේ අලුයම 2.30 පමණ නාය යැම හේතුවෙන් කන්ද ආසන්නයේ පිහිටි නිවාස තුනක්‌ සම්පූර්ණයෙන්ම විනාශ වී පවුල් තුනකට අයත් 11 දෙනකු මරණයට පත්වී තිබේ.

මරණයට පත්වී ඇති 11 දෙනා අතර ගැහැනු පිරිමි වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන්ද ගර්භණී මවක ද සිටින බව මාවතවත්ත ප්‍රදේශවාසීහු  පැවසූහ.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ පාලින්දනුවර ප්‍රදේශය තුළ මෑත ඉතිහාසයේ සිදුවූ විශාලම ෙ€දවාචකය ලෙස මාවතවත්ත කන්ද නාය යැම බව ප්‍රදේශවාසීහු පවසති.
නාය යැමෙන් විනාශ වී ගොස්‌ ඇති නිවාස තුන අතරට යකුපිටිය ශ්‍රී බෞද්ධාරාම විහාරාධිපති මාවතවත්තේ ධම්ම දස්‌සි හිමියන්ගේ පවුලේ සාමාජිකයන් ජීවත්වන නිවසද අයත් වේ. නාය යැමෙන් එහි සිටි පිරිස ද මරණයට පත්වී ඇත.
ධම්මදස්‌සි හිමියන්ගේ උපසම්පදා උත්සවය ඊයේ (26 දා) මහනුවර මල්වතු විහාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා මාවතවත්ත ප්‍රදේශයේ විශාල පිරිසක්‌ මහනුවර බලා පිටත්ව ගොස්‌ තිබිණි. එම නිසා ජීවිත රැසක්‌ බේරුණු බව ප්‍රදේශවාසීහු පැවසූහ.

පස්‌ කන්දට යටවී මරණයට පත්වී සිටි සියලු දෙනාගේ සිරුරු ඊයේ (26 දා) සවස්‌ වන විට සහන කටයුතුවල නිරත වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.


ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් වසම තුළ නායයැම් හා නිවාස කඩාවැටීම් නිසා මරණ 21 ක්‌ වාර්තා වී ඇති අතර අතුරුදන් වීම් පහක්‌ වාර්තා වේ.

බෝපැත්ත මරණ 03 කි. බ/කලටුවාවේ මරණ 05 කි. උතුරු කරදන මරණ 01 කි. තොරණගොඩ මරණ 05 කි. බුලුගහපිටියේ මරණ 02 කි. මානිංගොඩ මරණ 03 කි. නැ/කරදන මරණ 01 කි. නැගෙනහිර කලටුවාවේ මරණ 01 කි. කිරිපෝරුවේ මරණ 02 කි.

කළුගඟේ ජල මට්‌ටම ශීඝ්‍රයෙන් ඉහළ යැමත් සමඟම කළුගං මෝයකට පුළුල් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ දහවල් පියවර ගෙන තිබිණි.

කළු ගඟේ ජල මට්‌ටම අඩි 3 1/2 දක්‌වා ඉහළ යැමත් සමඟම කළුගං මෝයකට පුළුල් කිරීමට පියවර ගත් බව කළුතර වාරිමාර්ග ඉංජිනේරු එන්. සී. සමරක්‌කොඩි මහතා පැවසීය.

මුනිහිංකන්ද කුකුළේ ගඟට කඩාවැටේ

කුකුළේගඟ ජල විදුලි බලාගාරයට පහළ කඳු කීපයක්‌ම කඩාවැටී ඇත. කුකුළේගඟ බලාගාරය අසල පවතින අයගම කොළබෑමේ මුනිහිංකන්ද ඊයේ රාත්‍රියේ කුකුලේගඟට කඩාවැටීමෙන් ගංගාව මුළුමනින්ම හරස්‌ වී තිබේ. මෙම නායයැම නිසා පවුල් 08 ක්‌ අතුරුදන්ව ඇති අතර මියගිය එක්‌ අයකුගේ දේහයක්‌ හමුවී ඇත.

* ඇල්පිටියේ නිවාස 201 ක්‌ ගංවතුරට යට වේ...

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 16 ක නිවාස 201 කට අයත් දහසකට අධික පිරිසක්‌ ගංවතුරට කොටුවී සිටිති.
බටුවන්හේන, ඇල්පිටිය උතුර, ඇල්පිටිය දකුණ, ඇල්පිටිය මධ්‍යම, ගොලුවාමුල්ල උතුර, ගොලුවාමුල්ල බටහිර, ඕපාත, තැලැන්දගොඩ, දික්‌හේන, ඕමත්ත, කැල්ලපත, කහදුව දකුණ, කහදුව, අම්බන යන ග්‍රාමසේවා වසම් මුළුමනින්ම ගංවතුරින් යටවී ඇත.

ඕපාත මහදුව පවුල් 726 දෙනකු පමණ ගංවතුරට ලක්‌ව ඇතැයි ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. සිසිර කුමාර මහතා පැවසීය.
ඇල්පිටියේ මාර්ග යටවෙයි බස්‌ ගමන් නවතී
ඇල්පිටිය ලංගම ඩිපෝවෙන් ධාවනය වන මාර්ග අංක 399 ඇල්පිටිය පැලවත්ත, මාර්ග අංක 760 ඇල්පිටිය මාපලගම, මාර්ග අංක 406 ඇල්පිටිය පොරවගම හරහා මාපලගම, මාර්ග අංක 401 ඇල්පිටිය අළුත්ගම මාර්ගවල බස්‌ ධාවනය මුළුමනින්ම අත්හිටුවා ඇත.
ඇල්පිටිය පැලවත්ත සහ ඇල්පිටිය පිටිගල මාර්ගයේ ඉඳිලේගොඩ ප්‍රදේශයේ මහා මාර්ගය අඩි 5 ක්‌ පමණ උඩට ඇල්පිටිය කහදුව හරහා මාපලගම මාර්ගයේ නියාගම ප්‍රදේශයේ අඩි හයක්‌ පමණ උසටද ඇල්පිටිය අළුත්ගම මාර්ගයේ තරප්පුව ප්‍රදේශය අඩි හයක්‌ පමණ උසටද ගංවතුරින් යටවී ඇති අතර මෙම මාර්ගවල බස්‌ ධාවනය අත්හිටුවා තිබිණි.
ගිංගඟ පිටාර ගලා නෙළුව, තවලම, උඩුගම යටවෙයි ...
ගිංගඟ පිටාර ගැලීම නිසා නෙළුව, තවලම, උඩුගම නගර සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබේ. ලංකාගමට මීලි මිටර් 300 ක වර්ෂාපතනයක්‌ ලැබී ඇති බැව් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

ගංවතුර තත්ත්වය නිසා කොටු වී සිටින ජනතාව බේරාගැනීම සඳහා ගුවන් හමුදා මගින් හෙලිකොප්ටර් යානාද යොදවා ඇත. නෙළුව ප්‍රදේශයේ ගංවතුරට කොටු වී සිටි කාන්තාවන් දෙදෙනකු මුදා ගැනීමට ගිය අවස්‌ථාවේ ගුවන් හමුදා භටයකු බරපතළ තුවාල ලබා ඇත. කොටු වී සිටි එක්‌ කාන්තාවක්‌ මියගොස්‌ තවත් කාන්තාවක්‌ බරපතළ තුවාල ලබා. තිබේ. මොවුන් ගුවන් මගින් ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. බේරාගැනීමට ගිය ගුවන් හමුදා භටයාද බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මොවුන් හෙලිකොප්ටර් යානා මගින් කොග්ගලට ගෙනවිත් ගිලන් රථ මගින් ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝහලට රැගෙන ගොස්‌ තිබේ. හිනිදුම හබරකඩ ප්‍රදේශයේ ගැබිනි මවක්‌ එම ප්‍රදේශයේ විහාරස්‌ථානයක සිටින බව ඊයේ ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවති ආපදා කළමනාකරණ කමිටු

රැස්‌වීමේදී අනාවරණය විය. මේ ගැන තවලම ප්‍රාදේශීය ලේකම් ධම්මික වීරකෝන්ගෙන් අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එම ගැබිනි මව සංවර්ධන නිලධාරිනියක්‌ බවත් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීම සඳහා අදාළ අංශ දැනුවත් කොට ඇති බවය. තවලම ප්‍රදේශයේ පවුල් 6000ක්‌ පමණ විපතට පත්ව ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර ගිංගඟේ ජල මට්‌ටම ද වැඩි වී ඇති අතර බද්දේගම ජලමාපකයේ ඊයේ උදෑසන 9.00 වනවිට මිලිමීටර් 4.92ක්‌ දක්‌වා ජල මට්‌ටම වැඩි වී ඇති බැව් ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු අමරසිරි ලියනගේ මහතා සඳහන් කළේය. එසේ ජල මට්‌ටම වැඩිවීම ගංවතුර තත්ත්වයක්‌ බවත් මේ වනවිට ගිංගඟ පහළ නිම්නයට අයත් පහත් බිම් ජලයෙන් යට වී ඇති බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය. මේවන විට ගිංගඟේ ජලය බැසයාම සඳහා ගිංතොට මෝයකට පුළුල්කොට ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


මාතර දහසක්‌ අවතැන්

මාතර ප්‍රදේශයේ මාකඳුර මුලටියන දෙයියන්දර, රුක්‌දෙනිපොත, කඹුරුපිටිය යන ප්‍රදේශ රැසක්‌ ගංවතුරට යටව තිබිණි නිවාස 300 ක්‌ පමණ ජලයෙන් යටවී ඇත. ඉන් පුද්ගලයන් 1000 කට අධික පිරිසක්‌ අවතැන්ව සිටිති.

මංගල උත්සවත් වැස්‌සෙන් සේදෙයි

රත්නපුර, පතුල්පාන ප්‍රදේශයේදී බදුල්ල - කොළඹ මාර්ගයට පස්‌ කන්දක්‌ කඩා වැටී මාර්ගය අවහිර වීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා ඇතිවිය. රත්නපුර මහ රෝහලට රෝගීන් ගෙනගිය ගිලන් රථ මෙන්ම මංගල ගමන් සඳහා ගිය මනාල ජෝඩු පහක්‌ පමණ කොටුවී සිටීමෙන් මංගල උත්සවවලට ද බාධා ඇතිවිය.

දරුවෝ දෙදෙනෙක්‌ පස්‌ කන්දකට බිලි

දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වෙලංගල්ල ප්‍රදේශයේ නිවසක්‌ මතට පස්‌ කන්දක්‌ කඩා වැටීමෙන් එම නිවසේ සිටි දරුවන් දෙදෙනකු මියගොස්‌ ඇත. මෙසේ මියගොස්‌ තිබෙන්නේ වෙලංගල්ල කනිෂ්ඨ විද්‍යාලයේ 09 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ හසිනි සෙව්මිණි දයාරත්න හා එම විද්‍යාලයේම 05 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ සඳුන් තාරක දයානන්ද යන අයයි. අනතුර සිදුවන අවස්‌ථාවේ එම නිවෙස්‌ හිමියන් වෙනත් ස්‌ථානයක සිට ඇති අතර දරුවන් දෙදෙනා නිදා සිටි කාමරයට පස්‌ කන්ද කඩා වැටී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.