නාගරික
සංවර්ධන අධිකාරිය යටතේ පාලනය වන වෝටර්ස් ඒජ් ආයතනයේ රුපියල් කෝටියකට ආසන්න
මුදලක් යොදවමින් වෙසක් ප්‍රදර්ශන කුටි ඉදිකිරිමට කටයුතු කරමින් සිටින බව
දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ
අනාවරණය කරනවා.
නාගරික සංවර්ධන අධිකාරිය භාර මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවකගේ වුවමනාව මත වෝටර්ස් ඒජ් ආයතනය රුපියල් ලක්ෂ 80ක් වැය කොට වෙසක් ප්‍රදර්ශන කුටියක් ඉදි කරන බවයි වසන්ත සමරසිංහ පෙන්වා දෙන්නේ.
වෝටර්ස් ඒජ් ආයතනයේ සේවකයන් මීට මාස කිහිපයකට ඉහතදී ඔවුන්ගේ වාර්ෂික වැටුප් වර්ධන දීමනාවට සියයට 4ක් ඉල්ලා සිටි අවස්ථාවේ මුදල් නොමැති බව පැවැසූ පාලක මණ්ඩලය දින 3,4කට ලක්ෂ 80ක් වියදම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද වසන්ත සමරසිංහ සදහන් කරනවා.
වෝටර්ස් ඒජ් ආයතනයේ සභාපතිවරයා පත් කර ඇත්තේ අමාත්‍ය චම්පික රණවක වන අතර එම සභාපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයේද සිටින බවත් පෙන්වා දෙන වසන්ත සමරසිංහ ප්‍රශ්ණ කර සිටින්නේ ඇමැතිවරුන්ගේ හා සභාපතිවරුන්ගේ හිතවත්කම් මත මෙලෙස සේවකයන්ට අයත් මුදල් කාබාසිනියා කිරීමට ඉඩ දිය යුතුද යන්නයි.
වෝටර්ස් ඒජ් ආයතනයේ සේවකයන්ගේ දැඩි විරෝධය හමුවේ එම වෙසක් ප්‍රදර්ශන කුටිය බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට යාබද නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩමක ඉදිරි දින කිහිපයේදී ඉදිකිරීමට නියමිතව ඇති බවද ඔහු සදහන් කළා.