මැති
ඇමතිලාට අති නවීන වාහන ගෙන්වා ගැනීම සදහා කෝටි 300 කට ආසන්න පරිපූරක
ඇස්තමේන්තු ඉදිරිපත් කරන ආණ්ඩුවක් ගංවතුරෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත
ජනතාවගෙන් එක් පුද්ගලයෙකුට පමණක් වෙන් කර ඇත්තේ රුපියල් දෙසිය ගාණක මුදලක්
බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.නාත්තණ්ඩිය පැවති ජන හමුවකට
එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ ,
“මේ ගංවතුර ඇවිල්ලා රටම වැළපෙනවා.හැබැයි කෝටි ගණනක පරිපූරක ඇස්තමේන්තුවක් දානවා ඇමතිලාට වාහන ගන්නයි ,නිල නිවාස හදන්නයි.ගත්ත කාර්යාල වලට බඩු භාණ්ඩ ගේන්නයි.මේ වෙනකොට කෝටි 300 කට ආසන්න මුදලක් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිලා වෙනුවෙන් යාන වාහන ගන්න නිල නිවාස නඩත්තු කරන්න යොදවලා තියෙනවා. අර ගංවතුරට යට වෙච්ච එක මනුස්සයෙකුට වියදම් කරන්න ග්රාමසේවකයෙකුට දෙන්නේ දෙසිය ගාණයි වේල් තුනටම.මේ වැඩකට නැති සංවර්ධනය කියන නාම පදය දා ගත්ත ඇමතිලා ඉන්නවා හැට හුටාමාරක්.මේ විපත්ති දායක තත්වයට මේ රට ඇදලා දාපු 08 වෙනිදා බල පෙරළියට කත් ඇදපු මේ තක්කඩි දේශපාලන කල්ලි වග කියන්න ඕන අද මේ රට ඇදගෙන යන මේ විපත්ති දායක මාවතට. ”