ඩිෆෙන්ඩරය කාගේද...?
ඩිෆෙන්ඩරයකින් කොළඹට ගෙනයන්න හදලා...!!!
පාකිස්තානයේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 200 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් හලාවත, මුතුපන්තිය මුහුදු තීරයේදී පුත්තලම දිස්ත්‍රික් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් විසින් (11 දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
එම හෙරොයින් තොගය ... සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක පටවා ගෙන කොළඹට රැගෙන යැමට සූදානමින් තිබී ඇති අතර එහිදී ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කිසිදු සම්බන්ධයක් නොමැතිව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය ලෙස මෙය ඉතිහාසගතවන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධනගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම හෙරොයින් වැටලීම ක්‍රියාත්මක කර තිබේ.
පුත්තලම දිස්ත්‍රික් පොලිස් බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ජයලත් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් විසින් මාස තුනකට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනයකින් පසුව මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික ජාවාරම්කරුවා දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වේ. මෙම හෙරොයින් තොගය ගමන් මලු 198 ක අසුරා තිබූ බව පොලිසිය පවසයි.
මෙම හෙරොයින් තොගය අධික මිලෙන් යුත් බ්‍රවුන් ශුගර් වර්ගයේ ඒවා බව පරීක්ෂණවලින් හෙළිවී ඇත. මෙම හෙරොයින් තොගයේ හිමිකරු පිළිබඳ පොලිසියට වැදගත් තොරතුරු රාශියක් ලැබී ඇත.
අපරාධ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති වන කමල් සිල්වා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් හලාවත ප්‍රදේශයට ගොස් අදාළ හෙරොයින් තොගය පරීක්ෂා කර ඉදිරි පරීක්ෂණ සඳහා පොලිසියට උපදෙස් දී ඇත.
හලාවත පොලිස් බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධව මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරයි.
|
![]() |
||
|