ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 31, 2017

“කාළකන්ණි යක්කු …මුන් හොදයි තම්බන්න …ඡන්ද කාලෙට නම් එනවා …”

”ආණ්ඩුවෙන් දෙන්නම් කියූ සහනත් නෑ …ආණ්ඩුවේ ඇමතියෙක් මෙතෙක් පස් පාගා නෑ...!!!

විපතට පත් ජනතාව වෙනුවෙන් ආණ්ඩුව සිදු කරන්නේ කුමක්ද යන්න විපතට පත් ජනතාව ප්‍රශ්න කරනවා .මහා ගංවතුරෙන් තමන්ගේ නිවාස සම්පූර්ණයෙන්ම යටවී ඇදිවත පමණක් ඉතිරිවී ඇති මොහොතක එකදු ආණ්ඩුවේ දේශපාලඥයෙකු ජනතාව උන්නාද මළාද කියා බලන්නවත් නොපැමිණි බව කළුතර ප්‍රදේශයේ ජීවත් වෙන පුද්ගලයෙකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
ඡන්දේ ගන්න එන එක දේශපාලඥයෙක්වත් ජනතාව පිළිබද සොයා බැලීමට මෙම ස්ථානයට නොපැමිණි බවටයි එම ජනතාව චෝදනා කරනු ලබන්නේ.ආධාර බෙදනවා යැයි බොරු කියමින් රජය මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින බවයි ඔවුන් පැවසුවේ.
“මේ මන්ත්‍රී කෙනෙක් ඉන්නවා ඌ හොදයි තම්බන්න.කාළකණ්නි යක්කු .” ප්‍රදේශවාසින් දැඩි ආවේගශිලිව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.video

සිංහල සම්ප්‍රදායේ මංගල ගමන...!!!

සිංහල විවාහයේ පළමු ගමන...
අපේ පැරණි සිරිත් විරිත් ක්‍රමයෙන් වියැකී යයි. ඒ නිසාම අද මංගල උත්සවය ටික දිනකින් අවමංගල්‍යයක් වේ. නියමිත චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරිහුන විට තුන්රුවනේ ආශිර්වාදයක් කෙලෙස ලබන්නද? දෙවියන් කෙසේනම් ආශිර්වාද කරන්නද? අපේ පැරණි චාරිත්‍ර වාරත්‍ර පිලිබද අවබෝධයක් ලබාදීම වෙනුවෙන් මේ ලිපිය පල කෙරේ.
හෙළදිව විවාහ චාරිත්‍ර බොහෝ විට ගම්බද හඳුන්වනු ලබනුයේ "කසාදය" වශයෙනි. "
ගෘහ ප්‍රවේශය ආරම්භ කිරීමට පෙර මනාලියගේ පියා විසින් මනාලියට අවවාද හා උපදෙස්‌ ලබාදීමේ පුරාතන චාරිත්‍රය අද සිංහල විවාහයේද "මංගල සභාව" දක්‌වා විකාශනය වී ඇති බව පෙනේ. ධනංජය සිටුවරයා විශාඛාවට හා අනේපිඬු සිටුවරයා චුල්ල සුභද්‍රවටද මෙණ්‌ඩක සිටුවරයා දියණියටද අවවාද ලබාදුන් අවස්‌ථාවේ හින්දු සමාජයේ මෙන්ම මෙරට ජනයා අතරද චිර ප්‍රකට මෙකී උපදේශයෝ මෙසේය.

“අගමැති කියනවානම් මේක පිලිගන්න බෑ කියල වහල දාන එකයි තියෙන්නෙ ” – අනුර ප්‍රියදර්ශන යාපා

රට යටවූ දිනවල රට සවාරි සැප ගත් තක්කඩි අපතයා කට අරියි...!!!
 අගමැතිවරයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි නොපිළිගන්නවානම් සහ ජෝන් අමරතුංග ඇමැතිවරයා කාලගුණ අනාවැකි විහිළුවට ලක් කරනවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතු යැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා  පැවසීය.
“එහෙම විශ්වාස කරන්න බැරිනම් මේක වසා දාන්න වෙනවා. අපට ප්‍රශ්න තිබෙනවා. තාක්ෂණය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. අනිකුත් ප්‍රශ්න තිබෙනවා. යම් ආකාරයක නිවැරදි කාලගුණ ආනාවැකි පළකර තිබෙනවා. අගමැතිතුමා හෝ කවුරුහරි කියනවානම් පිළිගන්න බැහැ කියලා මේක වසාදාන එකයි තියෙන්නෙ”

කඳබඩ මහත මුතුහෙට්ටිගම අපතයාගේ ඵතනෝල් බාර් ඵක...!!! මතට තිත

උඩුගම බාර් හන්දිය පසුගිය දිනවල තිබුණෙ වතුරෙන් යටවෙලා. එහෙම වුණා කියල ඒ හන්දියෙ තිබුණු බාර් එකනම් ගජරාමෙට බිස්නස් කරල. මුතුහෙට්ටිගම අපතයාගේ සහෝදරයකුට අයිති බව කියන මේ බාර් එකෙන් බීල හරි හැටි ඇවිදගන්නවත් බැරි තරමට වෙරි වුණ අයගෙ ඡායාරූප කිහිපයක් කසුන් පුස්සවෙලගෙ ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන්ව තිබුණ.PHOTOS

මහ පඹයා අපතයන්ගේ ඔළු මාරු කොට බූරු කුට්ටම යළි අනයි...!!!

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නව නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු සහ අදාළ අමාත්‍යංශ පහතින්
ඉරාන් වික්‍රමරත්න – මුදල් රාජ්‍ය ඇමති
පාලිත රංගේබණ්ඩාර – වාරි මාර්ග රාජ්‍ය ඇමති
වසන්ත සේනානායක – විදේශ කටයුතු රාජ්‍ය ඇමති
ලක්ෂ්මන් යාපා අබේවර්ධන – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
හර්ෂ ද සිල්වා – ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමති
කරූ පරණවිතාන – නිපුනතා සංවර්ධන සහ වෘතීය පුහුණු නියෝජ්‍ය ඇමති
රන්ජන් රාමනායක – සමාජ සවිබල ගැන්වීම් සහ කන්ද උඩරට සංවර්ධන නියෝජ්‍ය ඇමති
ලසන්ත අලගියවන්න -මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති  වැඩි විස්තර සහ ඡායාරූප PHOTOS

ඇයි මූව වතුරට තල්ලු නොකලෙ..!!!

චතුර සේනාරත්න ගංවතුර බලන්න ගිහින්...!!!අර ආයුධ පෙන්නන්න පාතලයො ඵක්ක ගිහින් වෙඩිතියල දාන අයුරින් ගංවතුර විපත් අස්සෙ සුදුරෙදි ඇඳගෙන මිනිස්සුන්ව රවට්ටන්න යන මේ වගේ  අපතයො අහවර කළාට පව් නැහැ...ඔය ඇඳන් ඉන්න ලයිෆ් ජැකට් ඵක ගලවලා වතුරට තල්ලු කලානං රටට කළ  ජාතික මෙහවරක් !!!ෆේස්බුක් උපුටා ගැනීමක්....

 

සමුළුව හමාර වුනේ 26 වැනිදා ඒත් අපතයා ආවෙ අද....!!!

ලංකාවේ මහා ආපදා කාලය පුරාම ආපදා ඇමති අතුරුදහන්.. රට ඉදන් අද එයි..!!!
 197 දෙනෙකු මිය ගොස් සියයක් පමණ අතුරුචහන්ව තවත් මය ලක්‍ෂයක් පමණ අතුරුදහන් වූ දැවැන්ත ව්‍යවසනයක් ලංකවට බලපා තිබියදී එම කාලය පුරාම විදෙස්ගතව සිටි ආපදා කලමණකාරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා  අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතය.
ඇමතිවරයා මෙම කාලය තුලදී මෙක්සිකෝවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයක් සදහා ගොස් තිබින.
මෙම සම්න්ත‍්‍රණය අමතමින් ඇමතිවරයා හදිසි ආපදාවකදී ජීවිත, දේපළ, යටිතල පහසුකම් හා ආර්ථිකයට වන හානිය අවම කිරීම ගැන විශේෂ දේශණයක්ද පවත්වා ඇත.

උත්තරීතර මනුෂ්‍ය දහම් පදික වේදිකාවේ සිල්ලරට අලෙවි කිරීම...!!!

දැන් හැමතැනකම රහතන්වහන්සේලාය. සම්මා සම්බුදුවරුය. මින් පෙර කිසි කලෙක නොවූ විරූ පරිදි රහතන්වහන්සේලා සහ සම්මා සම්බුදුවරුන්ගේ රැල්ලක් සමාජයෙහි ඇතිවී තිබේ. මුලු සමාජයම උමතු වීලාදැයි සැක සිතෙන මට්ටමකට මේ තත්වය ඉතා කණගාටුදායක පරිදි උග්‍රව වර්ධනය වී තිබේ. මේ අප පසු කරනුයේ කලියුගයයි. කලියුගයෙහි මිනිස් ගුණධර්ම, උත්තරීතර මනුෂ්‍ය ධර්ම වියැකී යන කාල පරිච්ඡේදයක අපි පසුවෙන්නෙමු. මේ කලියුගය වුවද මෙකල බුදුරදුන් ධරමාන කාලයේදීවත් නොතිබූ අන්දමට මේ අයුරින් රහතුන්වහන්සේලා ලෙස බෞද්ධ භික්ෂූහු පෙනී සිටීම පිළිබඳව අප තුළ සාධාරණ සැකයක් ඇති වේ. කෙතරම් මේ ආධ්‍යාත්මික ගුණධර්ම උත්තරීතර මනුෂ්‍ය ධර්ම ඇඟවීමේ ප්‍රවණතාව පහළ මට්ටමකට බැස තිබේද යත් අද වන විට භික්ෂුවක හැඳින්වීම පිණිස භාවිතයේ යෙදෙන සාමාන්‍ය පර්යාය නාමයක් තරමටම මේ රහතන්වහන්සේ යන්න සාමාන්‍යකරණය වී තිබේ. එහෙම නම් හරි ෂෝක් කියා කෙනෙකුට කිව හැකිය. නමුත් එසේ කිව හැක්කේ ධර්මය පිළිබඳව මඳ අවබෝධයක් හෝ නැත්තෙකුට පමණකි. මෙය ධර්මය පිළිබඳව මඳ අවබෝධයක් හෝ ඇත්තෙකුහට කිසිසේත්ම සතුටු විය හැකි වාතාවරණයක් නොවේ. මන්ද යත් ප්‍රමාණාත්මක හා ගුණාත්මක යැයි යමක දෙපැත්තක් ඇති බැවිනි. ඕනෑම දෙයක ප්‍රමාණාත්මක බව වැඩිවූ පමණින් එය ගුණාත්මක අගයක් ලෙස සැලකිය නොහැකිය.

සුනිල් මිහිඳුකුල අභාවප්‍රාප්ත විය.

සිංහල සිනමා විචාරකයෙකු ලෙස ප්‍රකට
නමක් දිනාසිටි සිළුමිණ සමකර්‍තෘ මෙන්ම සරසවිය කර්තෘ සුනිල් මිහිඳුකුල මහතා අද (30) අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 58 වැනි වියේ පසුවිය.
මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු 1979 දී ‘ලංකාදීප‘ පුවත්පතට සම්බන්ධවී සිය පුවත්පත් ජීවිතය අරඹා තිබේ.
‘සත්දින‘ ,‘පියකරු‘ ‘දෙසතිය‘, නවලිය, රසඳුන , දිනමිණ, ඇතුළු පුවත්පත් රැසකට සම්බන්ධ වූ මිහිඳුකුල මහතා මියයනවිට සරසවිය සිනමා පුවත්පතේ කර්තෘවරයාද විය.

Tuesday, May 30, 2017

රටේ කුරවැසියන් ගැන ඵතෙර පුරවැසියෙකුගේ අදහසක්....!!!

වසර හතළිහකට අධික කාලයක් ප්‍රංශයේ ජීවත්වන මේ ශ්‍රී ලාංකිකයා අද අපරට හොර තක්කඩි දේශපාළුවන්ගේ පාරාදීසයක්වී ඇති බව පසක් කොට සිටී.මේ ලංකානිව්ස් ඔස්සේ අවදිවන්නේ ඒ ඔහුගේ සිතේ  කැකෑරෙමින් ඇති නිවහල් අදහසයි.අප ඵය ඵලෙසින්ම පළකරමු.
යහපාලනයේ අමිහිරි  පොරොන්දුව
මහින්ද ජනවාරි 8දා ජනාධිපති මැතිවරනයෙන් පැරදී අකමැත්තෙන් ගෙදර යනවිට මහජන මුදලින් නඩත්තු වීමට  ගෙයක්දී රැපියල්  මිලියන 60ක්ද එය  අලුත් වැඩියාව කරගැනීම සදහා දුන් බව අපි දනිමු. ඊට අමතරව හෙලිකොප්ටර් දෙකක් දුන්න බවත්  ආරක්ෂාව සදහා ඔහුට හිතවත් හමුදා නිලධාරීන් 221 දුන්න අතර තව මොනවද එයාට නොදුන්නෙ කියා වර්තමාන ජනාධිපති ප්‍රශ්ණ කරන අන්දමත් අපි අසා ඇත්තෙමු.
               පලමුවෙන්ම යහපාලනය යන තේමාවෙන් ජනතාව රවටන තුන්හවුල් පාලනයේ අධිකරණය  ශිරන්ති අත්අඩන්ගුවට නොගන්නේ මන්ද යන ප්‍රශ්නය කුතුහලයට තුඩුදෙන ප්‍රශ්නයක් වී ඇත. ඇය රනිල් වික්‍රමසිංහගේ ඥාති සොහොයුරිය නිසාබව එ ජා පයට හිතවත් පිරිසත්  මහින්දගේ  හිතවතුන්ද   නොදනී.එහෙත් ජනතාව මේ බව පැහැදිලිවම අවබෝධයෙන් සිටී .

මේ දේශපාළු වල් පරයන් රටේ ජනතාවට සලකනුයේ මෙසේය....!!!

ආපදාවෙන් මියගිය අයෙකුට වන්දිය ලක්‍ෂයයි.. මියගිය සියළු දෙනාට ලක්‍ෂ 194යි.. ඇමතියෙකුගේ එක් වාහනයක් පමණක් ලක්‍ෂ 400යි..


 මෙරටට බලපා ඇති ආපදා තත්වය නිසා මරණයට පත් වූ එක් පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක වන්දියක් ලබා දීමට රජය තීරණය කර ඇත. සම්පූර්ණ නිවාස හානියක් සදහා ලබා දෙන වන්දිය උපරිමය රුපියල් ලක්‍ෂ 25කි.
ඇමති මහින්ද අමරවීර  පසුගියදා කියා සිටියේ රුපියල් මිලියනයක වන්දියක් ආපදාවේදී වූ ජීවිත හානියක් සදහා ලබා දෙන බවයි. නමුත් කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කියා සිටින්නේ එවන් යෝජනාවක් ජනාධිපතිවරයා විසින් කරනු ලැබුවද එය මෙතෙක් ක‍්‍රියාත්මක නොවන බවයි.

හිතන්න දෙයක් තියෙනව නම් හිතන්න...!!!

ලංකාවේ ගංවතුර හා ඕස්ට්‍රේලියාවේ ගංවතුර 
වෙනස ගැන අපූරු FB සටහනක්


ශ්‍රී ලංකාවට මේ දිනවල බලපා ඇති මෝරා කුණාටුව ආශ්‍රිත ගංවතුර තත්වය මාධ්‍යවල වාර්තා කර තිබෙන අයුරු හා ලංකාවටත් වඩා විශාල පෙදෙසක ඕස්ට්‍රේලියාවේ පසුගියදා ‘සයික්ලෝන් ඩෙබී‘ ආශ්‍රිතව ඇතිවූ ගංවතුර තත්වය පිලිබඳ සංසන්දනාත්මක සටහනක් ෆේස් බුක්හි පළකර තිබුණි. එය පහත පළවේ.

දෙමළෙන් බුදුබණ දෙසීමට නුවරඑළියට ආ 'සිංහල සාමි'


මලලසේකර ආචාර්යතුමාගේ මෙහෙයවීමෙන්
දෙමළෙන් බුදුබණ දෙසීමට
නුවරඑළියට ආ 'සිංහල සාමි'
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් සමග කරන ලද කෙටි සම්මුඛ සාකච්ඡාවක්‌ ප්‍රකට ලේඛකයකු විසින් පොතකට කැටිකර තිබිණ. එහිදී මහ නාහිමියෝ තමන් වහන්සේ කොළඹ ආරම්භ කර තිබූ විශ්වවිද්‍යාලයේදී අධ්‍යාපනය ලැබූ බවත් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්‌ මැතිතුමා අතින් "විද්‍යා විශාරද" උපාධි සහතිකය ලැබූ බවත් සඳහන් කළ බව ලියා ඇත. එය කියෑවූ මගේ මිතුරකු මා සමග කියා සිටියේ එම ප්‍රකාශය තරමකට හෝ සැකයට තුඩු දෙන එකක්‌ බවය. මෙහි කිසියම් වැරදීමක්‌ සිදුවන්නට ඇති බවය.

එහෙත් එම ප්‍රකාශය නිවැරදිය කී මම යහළුවා හමුවේ එයට තුඩුදුන් කරුණු විස්‌තර කළෙමි.

Monday, May 29, 2017

'මෝරා' ලංකාව අතහැර බංග්ලාදේශයට යයි

මධ්‍යම බෙංගාල බොක්‌ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පවතින සුළි කුණාටුව 'මෝරා' අද (30 වැනිදා) සිට දිවයිනෙන් ඈතට බංග්ලාදේශය දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෝරා සුළි කුණාටුව දිවයිනෙන් ඈතට ගමන් කළ ද එහි බලපෑම හේතුවෙන් අහස වලාකුළුවලින් බරව පවතින බවද, වැසි සහ සුළං තත්ත්වයක්‌ අපේක්‍ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයයේ නියුක්‌ත කාලගුණ විද්‍යාඥ නිමල් බණ්‌ඩාර  පැවසීය.
බස්‌නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද, විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මිමි 100 ක තද වැසි බලාපොරොත්තු විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

නවක්‌කුලිය ගමේ නම ශාන්තිපුරම් කරන්න පිරිසක්‌ දත කති

යාපනයේ නාවක්‌කුලිය නමැති සිංහල ගම්මානයේ නම ශාන්තිපුරම් ලෙස වෙනස්‌ කිරීමට දේශපාලනඥයකු ප්‍රමුඛ පිරිසක්‌ ක්‍රියා කරන බව එම ගම්මානයේ පදිංචිකරුවෝ කියා සිටිති.
මෙම ගම්මානය සහ ඊට යාබදව පිහිටා ඇති බෞද්ධ විහාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා තිබූ හමුදා කඳවුරද ඉවත් කරන ලෙස මෙම පිරිස රජයෙන් ඉල්ලා ඇත.
සංහිඳියා ක්‍රියාදාමයට පහසුවනු පිණිස මෙම ගම්මානයේ නම ශාන්තිපුරම් ලෙස වෙනස්‌ කළ යුතු බව ඔවුන් දන්වා ඇත.

යාපනයේ ස්‌වාධීන රාජ්‍ය මිත්‍යාව


පෘතුගීසීන් යාපනයේ ගතකළ කාලය ඇසුරින්...
පෘතුගීසීන් පැමිණීමට පෙර කෝට්‌ටේ ප්‍රමුඛ
උප රාජ්‍ය 15ක්‌ තිබී ඇත.
1543 දී වෙහෙර විහාර බිඳ පල්ලි ඉදිකර තිබේ.
පෘතුගීසීහු යාපනය සමඟ නිතර ගැටුම් ඇති කර ගත්හ.


යාපනය හා පෘතුගීසීන් පිළිබ`දව කතාකිරීම මේ යුගයේ ඉතා වැදගත් වන්නේ යාපනේ ස්‌වාධීන රාජ්‍යයක්‌ තිබුණේ යෑයි දෙමළ දේශපාලන නායකයින් ප්‍රකාශ කරන නිසාය. යාපනේ පැවති තම ස්‌වාධීන රාජ්‍යය 1620 දී පෘතුගීසීන් යටත් කරගත් අතර, 1658 දී ලන්දේසීන් ද 1795 දී ඉංගී්‍රසීන්ද යටත් කරගත් බවත් 1815 දී උඩරට රාජ්‍යයද යටත් කරගෙන එක රාජ්‍යයක්‌ ලෙස පාලනය කරන ලදුව 1948 දී නිදහස ලබාදීමේ දී එකම රාජ්‍යයක්‌ බවට පත් කිරීම නිසා තම ස්‌වාධීන රාජ්‍යය අහිමි වූ බව ඔවුන් පවසයි. දැන් ඔවුන් සටන් කරන්නේ එම ස්‌වාධීන රාජ්‍යය ලබාගැනීමට බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි.

මධ්‍යම කදුකරයට මහා සුළං … වැසි නොනවතී …නාය යෑමේ අවධානම එලෙසමයි !!!


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමි ප‍්‍රදේශවලට අද (29) අලූයම සිට තද සුළං තත්ත්වයක් පවතිනවා. අධික සුළගත් සමග ප‍්‍රධාන මාර්ග වලට ගස් වැටීමේ අවධානමක්ද පවතිනවා. අධික සුළං තත්ත්වයත් සමග වරින් වර විදුලියද විසන්ධි වන අතර සුළං තත්ත්වයත් සමග සුලූ වර්ෂා පතනයක් සහ ඝණ මිදුමි තත්ත්වයත් මතුවි තිබෙනවා.
මේ අතර දිස්ත‍්‍රික්ක 07කට පැනවූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මැති ඇමති නඩත්තුවට කෝටි 300 ක් …!!!

 ගංවතුරෙන් විපතට පත් එක් අයෙකු නඩත්තුවට ග්‍රාමසේවකට රු .200 යි …එයත් වේල් තුනටමයි …!!!
මැති ඇමතිලාට අති නවීන වාහන ගෙන්වා ගැනීම සදහා කෝටි 300 කට ආසන්න පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරන ආණ්ඩුවක් ගංවතුරෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් එක් පුද්ගලයෙකුට පමණක් වෙන් කර ඇත්තේ රුපියල් දෙසිය ගාණක මුදලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.නාත්තණ්ඩිය පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

29 උදේ පොලිස් වාර්තා අනුව තවම යටවී තිබෙන ප්‍රධාන මාර්ග...!!!

පැවති අධික වර්ෂාවත් සමග ඇතිවූ ජලගැලීම් හේතුවෙන් මාර්ග රැසක් ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ. 29 උදෑසන පොලිස් වාර්තාව අනුව ඒවා මෙසේය. රත්නපුර දිස්ත්‍රීක්කයේ රත්නපුර - කලවාන, රත්නපුර - පානදුර, රත්නපුර - පලාවෙල මාර්ග ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි. එමෙන්ම කුරුවිට - ගොකරැල්ල , කලවාන - රත්නපුර, කලවාන - පොතුපිටිය, කලවාන - මතුගම, ඇහැළියගොඩ - එල්ලාවල, පොතුපිටිය - රක්වාන , කොළොන්න - දෙනියාය, නිවිතිගල - කලවාන, කිරිඇල්ල - පානදුර යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බැවින් රථවාහන ගමනා ගමනය ඇණ හිට තිබේ. කළුතර දිස්ත්‍රීක්කයේ කළුතර - කෙත්හේන, බදුරලිය - අත්වැල්තොට, බුලත්සිංහල - බදුරලිය, කළවැල්ලාව - තෙබුවන, මතුගම - කළුතර, වැලිපැන්න - අලුත්ගම, අලුත්ගම - මතුගම, කළුතර - හොරණ, තෙබුවන - නෑබඩ යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි. ගාල්ල දිස්ත්‍රීක්කයේ නෙළුව - දෙල්ලව, නෙළුව - උඩුගම, නෙළුව - පැලවත්ත, උඩුගම - බද්දේගම, වඳුරඹ - මාපලගම, වඳුරඹ - යක්කලමුල්ල, වඳුරඹ - බද්දේගම, පෝද්දල - බද්දේගම, වක්වැල්ල - ගිංතොට, හිනිදුම - නෙළුව, හිනිදුම - උඩුගම, හිනිදුම - අකුරැස්ස යන මාර්ග ජලයෙන් යටවී තිබේ.

වාහන මිලදී ගැනීම ගංවතුර නිසා පොඩ්ඩකට කල් දැම්මා ...!!!

කෝටි ගණනක් වැය කර ඇමතිවරුන්ට වාහන ගෙන ඒමට තිබුණ වැඩපිළිවෙල තාවකාලිකව කල් දැමූ බව
 ධීවර අමාත්‍ය මහින්ද අමරවීර හම්බන්තොටදී මාධ්‍ය අමතමින් පවසා තිබේ.
ජනතාවට සහන ලබාදී අවසන් වන තෙක් රජයට  නව වාහන මිලදී ගැනීමක් සිදු නොවන නමුත් ඉන් පසුව එය සිදුකරන බව ඔහු පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්...!!!

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දිවයින  හරහා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) උදෑසන නිවේදනය කළේය.

වෛද්‍ය ප‍්‍රතිකාර සදහා රනිල් ඇමරිකාවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇමෙරිකාව බලා පිටත්ව ඇතැයි වාර්තා වේ.  අග්‍රාමත්‍යවරයා ඇමෙරිකාව බලා පිටිත්ව ඇත්තේ සිය පෞද්ගලික සංචාරයක් සඳහා බවත්, එහිදී වික්‍රමසිංහ  වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටීමට නියමිත බවත් අගමැති කාර්යාල සමීප ආරංචි මාර්ග පවසයි.

ආධාර රැගෙන ගිය හෙළිකොප්ටරයක් ගාල්ලේදී කඩා වැටෙයි...!!!

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර රැගෙන ගිය ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගාල්ල බද්දේගම ඉනිමන්කඩ ප‍්‍රදේශයේ දී කඩා වැටී තිබෙනවා.PHOTO

ඔබේ මතකයට...!!!

රටම අගාධ අපදාවකට ලක්වී ඇති මේ මොහොතේ  අපේම ඇතැම් මෝඩ මිනිසුන්ගේ ඡන්දයෙන් පාර්ළිමේන්තුවට පැනගත් උපේක්‍ෂලා,හිරුනිකාලා වගේ ඵවුන් මේ දවස්වල ගෙවල් වල ජොලියෙ ඇති නේද...? නැවත උන් වගේ ඵවුනට අසු නොවන්න බලන්න උන් ගැන අප ඵදා පළකල ලිපි....!!!

සංවේදී ෆේස්බුක් සටහන(PHOTO)

“අනේ අයියේ මේක කාපං කිව්වම එකත් අපිට දික්කරනවා.. සලකනව මදි බං උඹලට” මිහිපිට දෙවිවරු වෙනුවෙන් තැබූ සංවේදී ෆේස්බුක් සටහන(PHOTO)
 අපේ රටේ මිනිස්සු ළඟ ලොකුවට සල්ලි බාගේ නැතත් හිත පිරෙන්නම මනුස්සකකම තියෙනවා.අපේම මිනිසුන්ට විපතක් වුන වෙලාවක තමන් ගැන නොසිතා අනිත් අයව ඒ කරදරයෙන් මුදා ගන්න අපේ රටේ අය පෙළ ගැසෙන්නේ ඒ නිසයි.ඒ අතරින් රණවිරුවන් ප්‍රධාන තැනක් ගන්නවා.හිසට සෙවණක්-කුසට අහරක් නැතිව දිවා රෑ නොබලා රණවිරුවන් සිදු කරන මෙහෙය ගැන FACEBOOK එකේ තරුණයෙකු සංවේදි සටහනක් තබා තිබුනේ මෙහෙමයි.

Sunday, May 28, 2017

ආපදා පාලනයට නීති තිබියදී ඒ නීති ක්‍රියාත්මක නො කරන්නේ කලු සුද්දන් ලංකාවේ බලවත් නිසාද?

2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ නොකර රජයේ නිලධාරීන් රජයේ දේපළ මිනිසුන් වෙනුවෙන් යෙදවිය නොහැකියි. මේක තේරුම් ගන්නේ නැති මැටි මෝල්ලු අපේ රටේ ඉන්නේ.


මේ වගේ සෙල්ලමක් අතුරුදහන් කාර්යාල පිහිටුවීමේ පනත සම්මත කර ගන්නකොටත් වුණා. ඒ වෙලේ සොරොව් විවෘත කර කොළඹ යට කළා. කොස්ගම අවි ගබඩාව පිපිරෙව්ව... අතුරුදහන් කාර්යාල පිහිටුවීමේ පනත් කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ජනතාවට අවස්ථාවක් තිබුණේ නෑ. ඒ අවස්ථාවේත් ආපදාවෙන් /ව්‍යසනයෙන් ජනතාව පීඩාවට පත් වෙන්න ඉඩ ඇරියා.

අවතැන්වූ අසරණයන්ටත් අත උස්සන්න ගිය යූ.ඵන්.පී බල්ලෙක්...!!!

ආපදා තත්වය හේතුවෙන් අවතැන් වූ පිරිස් රදවා සිටින මල්වාන ලෙනගම්පල පන්සලට ඊයේ පස්වරුවේ පැමිණ ඇති එජාප දේශපාලන ප‍්‍රබලයෙකු එහි සිටි අවතැන් පිරිසකට පහර දීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙයි.
රජයෙන් ආධාර ලැබීම මෙතරම් ප‍්‍රමාද මන්දැයි ප‍්‍රදේශවාසීන් විමසද්දී මෙම දේශපාලකයාට දැඩි විරෝධතාවක් එල්ල වූ අතර ඉන් කෝප වූ ඔහු පරුෂවචනයෙන් බැනවදිමින් අවතැන් වූවන්ට පහර දීමටද උත්සාහ කර ඇත.

රට රැක දුන් විරුවන් සැමරුමටවත් ඉඩ නොදෙන යහපාලන අපතයෝ..!!!

දිවිපිදු විරුවන් 29932 ක් …ආබාධිතවූ විරුවන් 14000 ක් …පහන් 29932 ක් දල්වා මහා බෝධි පූජාමය පිංකමක් …යහපාලන ආණ්ඩුවෙන් බාධා ?
ලබන 30 දා නාරාහේන්පිට පිහිටි අභයාරාම විහාරස්ථානයේදී යුද්ධයේදී මිය රණවිරුවන් සිහි කිරීමේ සැමරුම් උත්සවයක් පැවැත්වෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
30 වසරක යුද්ධය නිමා කිරීම සදහා දිවි දුන් රණවිරුවන් සහ ඒ වෙනුවෙන් ආබාධිතවූ රණවිරුවන් කිසිලෙසකින් අමතක කල නොහැකි බවද උන්වහන්සේ පැවසුවා.අද බොහෝ දෙනෙකුට එය අමතකවී ඇති බවත් එය සිහිපත් කිරීම බොහෝ අයට ඇස් වලට කටු වලින් අනින්නා සේ සමාන බවද උන්වහන්සේ සදහන් කළා.

මහ පිංපියො ඵකෙක් නැහැ...!!!පොඩි පිංපියො බෝට්ටු සවාරි ආතල්...!!!රටට ගිය කළක්...!!!

මහා ආපදා මැද ආණ්ඩුවේ ඇමතිලා බෝට්ටු සවාරියේ …ජනාධිපති සහ අගමැතිත් මෙතෙක් හතර මායිමක පස් පාගා නෑ …

ගංවතුර නිසා පීඩාවට පත්වී සිටින ජනතාව වෙනුවෙන් ආණ්ඩුව ලබා දෙන සහන ප්‍රමාණවත් නොවන බව විපතට පත් ජනතාව පවසනවා.එම ජනතාව චෝදනා කරනු ලබන්නේ හමුදාව සහ පොලිසිය එක්ව පීඩාවට පත් ජනතාව ඉන් මුදවා ගැනීමට මහා කැපකිරීමකින් කටයුතු කලද ආණ්ඩුවෙන් එවන් මැදිහත් වීමක් සිදු නොවන බවයි.
විපතට පත් ජනතාව මුදා ගන්නවා යැයි කියමින් දේශපාලඥයන් මාධ්‍යට පෙනෙන්නට බෝට්ටු වලින් සවාරි යන බවටද එම ජනතාව චෝදනා කරනවා.ඡන්ද කාලයට පෙනෙන්න සිටී එකදු දේශපාලඥයෙක් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසා දීමට ඉදිරිපත් නොවුණ බවයි එම ජනතාව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.VIDEO

මරණ 146 තෙක් ඉහල නගී.. දැනට නිල වාර්තාව මෙන්න..

දිස්ත‍්‍රික්ක 15ක් පුරා ඇතිව තිබෙන ආපදා තත්වය හේතු කරගෙන 146 දෙනෙකු මිය ගොස් ඇති බව ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට එම මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජාතික ව්‍යසනයේදී රට පැන සිටි රනිලාගේ පොන්සි ටෝක්...!!!

‘රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ. කොටසකට යන්නේ. ඔ්නම තැනට වතුර ඇවිල්ල නෑ. නුවුමනා තැනට ඇවිල්ල තියෙන්නෙ. විශේෂයෙන්ම ජලාශවල වතුර මට්ටම වෙනකොට මට එව්ව ඉස්සර දවස් කිහිපයෙ ලැබන වැස්ස ප‍්‍රමාණය. කුකුලෙ මිලිමීටර පන්සිය ගානක්. දැන් ඔ්ක අපට මිලි මීටර් 150 වෙනකොට කිවුවනම් අඩු කරගෙන සමහර ඒව නවත්ගන්න තිබුන’ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ  පැවසීය. 


රත්නපුරේ වැස්සට සමනල වැව පිරිල නෑ.. කුකුලේට මිලිමීටර් 150 වෙනකොට අපට කිවුවනම් අඩු කරගෙන නවත්වන්න තිබුණා..- අගමැති [Video]

බලා හිටපියව් අපතයො දෙයි මේං කියලා....!!!

ගං වතුරෙන් ආපදාවට ලක් වූවන් වෙනුවෙන් සියළු මන්ත‍්‍රීන්ගේ මසක වැටුප දෙන්නයි ඉල්ලීමක්...!!!ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සදහා සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මසක වැටුප පරිත්‍යාග කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි. මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ගාල්ලේ මේ වන විට තත්වය ගුවනින්...!!!

මේ අතර රට පුරා ලක්‍ෂ තුනකට අධික පිරිසකට විදුලි බල සැපයීම විසන්ධි කර දැමූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
පවතින ආපදා තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙසේ විදුලිය විසන්ධි කර ඇතැයිද මණ්ඩලය කියා සිටී.ගාල්ල දිස්ත්රික්කයට අයත් නෙළුව, තවලම, ඕපාත, නියාගම, තල්ගස්වල, මාපළගම, බද්දේගම, කහදූව ගංවතුරට යටව ඇති අයුරු.PHOTOS

සුමනරතන හිමියන්ට පහර දුන් පොලිස් සුණඛයෝ..!!!

බීමතින් සිටි පොලිස් නිලධාරීන් විසින් තමනට විහාරස්තානයෙදී පහර දුන් බවත් පසුව පොළීසියෙන්ද එළියට ඇද දැමූ බවත් අම්පිටියේ සුමනරතන මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ පවසති.

සංහිඳියාව වෙනුවෙන් බිලිදෙන බෞද්ධයා ...!!!

ජාතිවාදයට, ආගම්වාදයට ඉඩ දෙන්න එපා යෑයි ජාතික තරුණ දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ  කළ ප්‍රකාශය බොහෝ මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍යයන්හි ප්‍රචාරය කර තිබිණි. ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීම ශිෂ්ට ලෝකයේ යහපැවැත්මට සුදුසු නොවේ. වසර තිහක්‌ තිස්‌සේ ජාතිවාදී යුද්ධයකින් බැටකෑ අපි ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධ ජාතියක්‌ වෙමු. ආගම්වාදයේ එක්‌ උමතු ස්‌වභාවය ම්ලේච්ඡ ස්‌වභාවය හොඳින් දැකගන්නට හැකිවූ එක්‌ අවස්‌ථාවක්‌ වන්නේ මැන්චෙස්‌ටර් ප්‍රහාරයයි. මෙම ප්‍රහාරය එල්ල කළ අයිසීස්‌ මුස්‌ලිම් අන්තවාදී සංවිධානය ප්‍රකාශ කළේ කවරක්‌ද? "ඔව් අපි නුඹලාගේ දරුවන් ඝාතනය කළා" යනුවෙන් නොවේද? ලංකාවේ ආගමික යුද්ධයක්‌ නැත. එය පැතිරවීමට උත්සාහ කරන්නේ බෞද්ධයන් නොවේ. යහපාලන ආණ්‌ඩුව ජාත්‍යන්තර වෙසක්‌ දිනය සමරා සති කිහිපයක්‌ යන විට ආගමික ගැටුම් ඇති කිරීමට උත්සාහ ගන්න එපා යෑයි තර්ජනය කරන්නේ කාටද? බෞද්ධ සංවිධානවලට නොවේද? බොදුබල සේනාව තහනම් කර හෝ ඥනසාර හිමියන් සිරගත කර මෙරට ආගමික සහජීවනය ඇති කළ හැකිද? යහපාලන ආණ්‌ඩුව මුස්‌ලිම් අන්තවාදය සතුටු කිරීම වෙනුවෙන් බෞද්ධ ජාතික ව්‍යාපාරය තලා දැමීමට සූදානම් වන බව පෙනී යයි. එය ආණ්‌ඩුවටම පාරා වළල්ලක්‌ වන බව නම් පැහැදිලිsව සටහන් කළ හැකිය.

Saturday, May 27, 2017

පැඩි ෆීල්ඩ් මාෂල් වලත්තයාගේ තවත් හෙළිදරව්වක්...!!!

“සර් පැන්නා නම් අප්සෙට් තමයි. ඒත් මේකාට පනින්න ලැබුණේ නැහැ. අපි මේකව පනින්න ඉස්සෙල්ලා මැරුවානේ සර්.” – අටවසරකට පසු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රහසක් හෙලිකරයි..මැයි 18 කියලා කියන දවස ඉතාමත් තීරණාත්මක දිනයක්. වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ මළසිරුර සොයා ගැණුනේ නන්දිකඩාල් කලපුවෙන්. ඒ මොහොතේදී එවකට 53 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් කමල් ගුණරත්න විශේෂ දුරකතන ඇමතුමක් ලබා ගත්තා. ඒ අන් කිසිවෙකුටත් නොව. එවකට යුද හමුදාපතිව සිටි ලුතිතන් ජනරාල් සරත් ෆොන්සේකාටයි. එම ඇමතුම පිළිබදව කමල් ගුණරත්න මහතා තමන් ලියූ රණ මග ඔස්සේ නන්දිකඩාල් කෘතියේ මෙලෙස දක්වා තිබෙ….

දූලිඇල්ලේ කොටුවූ කාන්තාවකගේ ජීවිතය වෙනුවෙන් ‘තම දිවි කැපකළ’ ගුවනින් වැටුණු සෙබළා අවසන් ගමන් යයි (PHOTO)

නෙළුව කොස්මුල්ල දූලිඇල්ල තේකර්මාන්ත ශාලාවට අයත් වතු නේවාසිකාගාරයේ කොටුවී සිටි කාන්තාවන් පිරිසක් බේරා ගැනීමට යද්දී කේබලය කැඩීමෙන් ඇද වැටුණු ගුවන් හමුදා සහන සේවා කණ්ඩායමේ ගුවන් භටයාගේ  අවසන් කටයුතු අද සිදුකෙරුණා
දූලිඇල්ල තේකර්මාන්ත ශාලාවේ  කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකුගෙන් අයකු බේරාගෙන හෙලිකොප්ටරයට දමා අනෙක් කාන්තාව බේරාගැනීමට කේබල් ආධාරයෙන් පහළ බසිද්දී මෙම ගුවන් භටයා අඩි 30ක් පමණ ඉහළ සිට ඇද වැටී තිබේ.ගුවනින් වැටුණු සෙබළා අවසන් ගමන් යයි (PHOTO)

ගැමුණු කුමරු ගිය භවයේදී බෞද්ධ භික්‍ෂුවක්‌....!!!

1979 සිට 1990 දක්‌වා කොත්මලේ හරංගල මහා විද්‍යාලයාධිපති ලෙස අවුරුදු දහ තුනකට වැඩි කාලයක්‌ මම සේවය කළෙමි. ඒ කාලය තුළ "කොත්මලේ සංස්‌කෘතිය හා සාහිත්‍යය" නමැති ග්‍රන්ථය 1985 ලියා පළකළෙමි. ඉන් පසු "කොත්මලේ ගැන සමරු සටහන්" ග්‍රන්ථය පළකළෙමි.

ගැමුණු කුමරු ගැන කොත්මලේ ජනයා අදත් කතා කරනුයේ දැඩි ආඩම්බරයකිනි. වර්ග සැතපුම් හැට දෙකක්‌ පුරා කොත්මලේ විහිදී ඇත. ඉන් තුනෙන් එකක ප්‍රමාණයක්‌ විවිධ හේතූන් මත අද කොත්මලේට අහිමි වී ඇත.

පිපුණු කුසුම පරවූවා


ගුණසිංහයන්ගේ බිරිය ඒ මරණය දැන්වුයේ එසේය


කැනඩාවේ වික්‌ටෝරියා දිවයිනේදි මහැදුරු
සිරි ගුණසිංහ සමග ගතකළ කාලයක මතක

ඒ සුන්දර උදෑසන මට කිසි දිනක අමතක නොවනු ඇත. සුවිසල් පැසිෆික්‌ සාගරයේ දිය රැළි මතින් සුදෝ සුදු පෙන කැටි විසුරුවාලමින් ගමනේ යෙදුණු සුවිසල් මගී නෞකාවක පියස්‌සේ වූ එළිමහන් වේදිකාවක මම ඒ මොහොතේ රැඳී සිටියෙමි.
හිමිදිරි වලාකුළු මතින් හිරු රැස්‌ පෙරී ආවේ සයුරු රළ මත රන්වන් රටා මවමිනි.

රාජ්‍ය පාලනය පිලිබඳ බෞද්ධ ඉගැන්වීම්...!!!

මානව සමාජය අද බෙහෙවින් විකාරරූපී හා විකෘති හැඩතල ගෙන තිබේ.මේ ප්‍රකාශය සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම වලංගු වේ.සමාජයේ මේ විකෘතිභාවය නිසා වඩාත් අසහනයට පත්ව තිබෙනුයේ සිය වෘත්තීය,අධ්‍යාපන,සේවා සුදුසුකම් මත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ශ්‍රම දායකත්වය සැපයීමට සිටින විවිධ සමාජ ස්ථරවලට අයත් ශ්‍රමිකයන්ය.දේශපාලන,සමාජ,ආර්ථික බලය හා පවුල්පසුබිම ආදී අයථා බලපෑම් හමුවේ සුදුස්සා කපා පළවා හැර ඒ වෙනුවට නුසුදුස්සා ඒ තැන්වලට රිංගාගැනීම නුතන සමාජයේ දක්නට ලැබෙන විශාල සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබේ. සමාජ දේහයේ ඉතා පුළුල් පරාසයක විද්‍යමාන වන මෙම විකෘතිභාවය අද වනවිට මුළු මහත් සමාජය පුරාම පිළිකාවක් පරිද්දෙන් ව්‍යාප්ත වී තිබේ.මෙයට පිළියම්කිරීම අසීරුවී ඇත්තේ එය සම්පූර්ණ සමාජයම වෙලාගෙන ක්‍රියාත්මක වන බැවිනි.යම්කිසි සමාජයක නරක හොඳ යටපත් කරගෙන ඉස්මතුවි ඇත්නම් හොඳට වඩා ඇත්තේ නරක නම් ඒ සමාජය යළිත් හොඳබවට පරිවර්තනයකිරීමට වඩා පහසුවෙන් ඉතිරිවී ඇති හොඳ ඉවත් කර දමා ඒ වෙනුවට සම්පූර්ණ නරක සමාජයක් බවට පත්කළ හැකිය.අද වන විට සමස්ත සමාජයෙන් 95% කටත් වඩා නරක ඇත.හොඳ ඇත්තේ 5% කටත් වඩාස්වල්පයකි.එබැවින් මේ පවතින සමාජයේ හොඳ අය දුකෙනුත් නරක අය වඩාත් සතුටිනුත් සිටිනු දැකිය හැකිය.මේ තත්වය එදා බුදුන් ජීවමාන කාලයේ දී කොසොල් රජු දුටු අනාගතයේ සිහින සැබෑවන කාලපරිච්ඡේදය ලෙස පෙන්වා දිය හැකිය.

කල දුටු කල වල ඉහ ගැන්ම.....!!!

රටම ගංවතුරේ ගිලේ.. මැති ඇමතින්ට වාහන ගෙවල් ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට..
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුනට වාහන හා නිල නිවාස ලබා ගැනීමට මුදල් නෙක් කිරීම සදහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.

හෙණ ගස.....!!! සුදු රෙදි හොරු

ඇමතිවරුන්ට වාහන ගන්න ඊයේ කෝටි 25යි.. ආපදාවෙන් පීඩාවට පත් ලක්‍ෂ පහක් ජනතා සහනවලට කෝටි හතරහමාරයි…


 ඇමතිවරුන් කිහින දෙනෙකුට වාහන මිලදී ගැනීමට හ නිවාස අලුත්වැඩියා කර ගැනීමට ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට රුපියල් කෝටි 25ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇත.
මේ අතර අද දිණමින පුවත්පත වාර්ත කරන්නේ ආපදා පීඩාව පත් වූවන් සදහා හදිසි ආධාර වෙනුවෙන් ජනාධිපතිගේ උපදෙස් පරිදි අගමැතිගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 45ක (කෝටි 4.5) මුදලක් වෙන් කර ඇති බවයි.

අවධානය සඳහා....!!!

ඉදිරි පැය 24 තුළ ද දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ අනාවැකිවලින් පැවසෙන බැවින්, මේ උපදෙස "අවදානම් කලාපවල" වෙසෙන්නන් හට වැදගත් වේවි.
Flash Floods හෙවත්
හදිසි ගංවතුර පැමිණෙන්නේ කල්තබා දැනුම් දී නොවන හෙයින්, අනතුරු ඇඟවීම ලැබීම සහ ක්‍රියාත්මක වීම අතර ඉඩ ප්‍රස්තාව ඉතා සුළුයි (වාසනාව හොඳ නම් උපරිම වශයෙන් පැයක කාලයක් ලැබේවි). විශේෂයෙන්ම රාත්‍රී කාලයේ, විදුලිය බලය නොමැති අවස්ථාවක, ප්‍රධාන මාර්ග ජලයෙන් යට වී / කඩාවැටුණු ගස්වලට අවහිර වී / නායගොස් ඇති විටක, අවදානම් කලාපයෙන් ඉවත්වීම ඉතා දුෂ්කර වීම අනිවාර්යයි.

Friday, May 26, 2017

පැපොල් කොළ සත්කාරය අත්දුටුවයි, සත්තයි...!!!

ඩෙංගු රෝගීන් ඉන්නවා නං කඵබෝවිල ඉස්පිරිතාලෙ පැත්ත පළාතෙ යන්න එපා. වෙන රෝහලකට ඇතුළත් කරන්න. කවුරු මොනවා කිව්වත් පැපොල් කොළ සත්කාරය අත්දුටුවයි, සත්තයි. ඒක හදලා දෙන්න.
කොළ ටිකක්, වතුර නොදා කොටන්න. මේස හැඳි දෙක බැඟින් දෙතුන් පාරක් දෙන්න.

මෙන්න ඇත්ත...!!! තේරුම් ගනිල්ලා....!!!

වඩේ කේන්ද්‍රයේ බූරුවෝ ටිකයි, කුරවැසි සංවිධානයේ හරක් ටිකයි, ප්‍රෙස් තියලා තප්පුලන්නෙ, ජහපාලන ආණ්ඩුව ආපදාවට ලක් වෙන වෙලාවට විතරයි, බොලව්. ජනතාව ආපදාවට ලක් වෙන කොට, උන් ආ ගිය අතක් නෑ.
 ගංවතුර ආපදාවට වෙන් කළ මුදල - කෝටි 4.5යි.
සබීතා ගේ බිල්ඩිමට වෙන් කළ මුදල - කෝටි 314යි.

ගංවතුර ආපදාව වුණේ මිනිස්සුන්ට.
බිල්ඩිං ආපදාව වුණේ ජහපාලන ආණ්ඩුවට.

තේරුණා ද බොලව්....?
ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා, මෙක්සිකෝවට ගිහින්ලු, ගංවතුර ගැන සම්මන්ත්‍රණයකට.
එහෙම නං බය වෙන්න දෙයක් නෑ, බොලව්.
 මීතොටමුල්ලෙ 70ක් මැරිලත් පැත්ත පළාතක නොගිය අපදා කළමනාකරණ මධ්‍යස්ථානේ එවුන්, සජීවී ගංවතුර ටෙලිවිෂන් ආතල් දෙනවා.
මිනිස්සු ගෙවල් අතෑරලා පැනලා දුවනවා.
මුන්ට ඇඳුම් මැඳ ගෙන ටයි දා ගන්නත් වෙලාව තිබිලා බොලව්.
කාලකණ්ණි හැත්ත ..!

මහ අපතයෝ රට සවාරියේ ...!!! මුළු රටම විපත්තියේ...!!!

දිවයිනේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කොට ඇති අතර දිස්ත්‍රික් ගණනාවක්ම ගංවතුර හා නාය යෑම් වලට ලක්වී ඇත. කැලණි ගග පිටාර ගැලිමේ තර්ජනයට මුහුණ දෙමින් ඒ අවට ජනතාව ඉවත් කරමින් සිටී. සියයකට ආසන්න මරණ සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වි ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  රටින් බැහැරව ඔ්ස්ටේ‍්‍රලියාවේ නිල සංචාරයක යෙදී සිටින අතර ආපදා කලමනාකරණ ඇමතිවරයාද ලංකාවේ නැත.

අව්ව ඈවරයි ,නියං දෑවරයි , වැස්ස තුන් ඈවරයි....!!!

ලබන සතිය තෙක්‌ දිගටම මහවැසි තද සුළං සමඟ මුහුද රළු වෙයි
තද සුළං සමඟ මුහුද රළු වෙයි; දිස්‌ත්‍රික්‌ක 06 ක නාය අවදානමක්‌
ඊයේ මි. මී. 553 ක වැඩිම වර්ෂාපතනය කුකුළේගඟට ...!!!


නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය දිවයින හරහා සහ දිවයින වටා ක්‍රමයෙන් ස්‌ථාපිත වීම හේතුවෙන් ඉදිරි සතිය තෙක්‌ මෙම වැසි තත්ත්වය අපේක්‌ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (26 දා) උදේ 8.30 න් අවසන් වූ පැය 24 තුළදී වීරකැටිය ප්‍රදේශයට මිලිමීටර් 495.5 ක වර්ෂාපතනයක්‌ ලැබී ඇති අතර බටුවන්ගල මි.මී. 395.6, පාදුක්‌ක 387.2, රත්නපුර මි.මී. 348.5, අවිස්‌සාවේල්ල මි.මී. 314, පෝද්දිවෙල මි.මී. 278, බෙන්තොටවත්ත මි.මී. 258, කිරම මි.මී. 255.2 ක වර්ෂාපතනයක්‌ ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආලේ බැන්ද චැනල් අංක ONE...!!!

වර්ණ රූපවාහිනිය ශ්‍රී ලංකාවේ අපිට හඳුන්වා දුන් මුල් කාලයේ ජීවත්වැ සිටි ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු වූ ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ශ්‍රීමතාණන් විසින් එය හඳුන්වන ලද්දේ යකාගේ පෙට්‌ටිය කියාය. වැඩි කල් නොගොස්‌ම ගෙයි මැද සාලයේ සිට පවුල නමැති සමාජ ඒකකය වෙත මේ යකාගේ පෙට්‌ටිය සිදුකළා වූ බලපෑම සුළුපටු නොවේ.
සියලුම සන්නිවේදන මාධ්‍යයන් අභිබවා සිය අණසක පැතිරවීමටත්, රිසි පරිදි ප්‍රේක්‍ෂකයන්ගේ ඔලු එහා මෙහා කිරීමටත් හැකිවන සේ, විවිධාකාර උපාය මාර්ග භාවිත කරමින් කැමැත්ත ඇතිව හෝ නැතිව ප්‍රේක්‍ෂකයා තම ග්‍රහණයට හසුකර ගැනීමට අද දවසේ රූපවාහිනියේ භාවිතාවට හැකි වී තිබේ.
විද්යුත් සන්නිවේදනයේදී ගුවන් කාලය හෝ විකාශන කාලයට ඇත්තේ ඉහළ වටිනාකමෙකි. සුවිශේෂී වැදගත්කමෙකි. මේ අතර දවසේ විසිහතර පැයෙන් වඩාත්ම ආකර්ෂණීය සහ වටිනාම විකාශන කාලය වන්නේ ප.ව. හත සහ ප.ව. නමය අතර කාලය බවට විවාදයක්‌ නැත. එයින් ද ප.ව. හතේ සිට ප.ව. අට දක්‌වා හෝරාව රත්තරං හෝරාවකි. ඒ එසේ වන්නේ බොහෝවිට පවුලේ සියලු දෙනාම තම තමන්ගේ කැදැලිවලට කූඩු වන වේලාව මේ නිසාය. දූ දරුවන් සිය දෙමාපියන් හා එකට එකතුවී රූප පෙට්‌ටිය නරඹන හොඳම වෙලාව ඒ නිසාය.

මහ වැස්‌සෙන් මරණ 91 ක්‌...!!!

පස්‌ කඳු කඩා වැටීම්, ගංවතුර හා නායයැම්...!!!
 110 ක්‌ අතුරුදන්
කළුතර මාවතවත්ත කන්ද නායයැමෙන්
ජීවිත 11 ක්‌ පණපිටින් වැළලෙයි...


 දිවයිනේ බස්‌නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වලට පෙරේදා (25 වැනිදා) රාත්‍රියේ සිට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නායයැම් සහ ජල ගැලීම්වලට ලක්‌ව පුද්ගලයන් 91 දෙනකු මරණයට පත්ව 110 දෙනකු අතුරුදන්ව ඇති බවට වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය ඊයේ (26 වැනිදා) පැවසීය.
මෙම ආපදාවනට ගොදුරු වූ පවුල් 5926 ක පුද්ගලයන් 23788 දෙනකු අවතැන්ව සිටින බවට තොරතුරු ලැබී ඇතැයි  සඳහන් කළේය.
පූර්ණ ලෙස හානියට ලක්‌වූ නිවාස සංඛ්‍යාව 10 ක්‌ද, අර්ධ ලෙස හානියට ලක්‌ වූ නිවාස සංඛ්‍යාව 25 ක්‌ ද ලෙසින් වාර්තා වී ඇත.
කළුතර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගලයන් 12 ක්‌ හා මාතර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගලයෝ 30 ක්‌ අතුරුදන් වී සිටිති.

සරල ජනපති යන්නෙ අධි මිළැති බිස්නස් ක්ලාස් ඵකේ...!!!

ජනතාව අන්දන තුට්ටු දෙකේ වැඩ....!!!මීට කළින් වතාවකද මහ පඹයා සපත්තු වෙළඳ සැලක සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ ගත කොට ජනතාව ඇන්දවීමට තැත් කරන ලදී....!!! 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන   ඕස්ටේ‍්‍රලියානු සංචාරය සදහා ගමන් කරද්දී මැලේෂියාවේ සිට ඔස්ටේ‍්‍රලියාව දක්වා ගමන් කල යානයේදී ගන්නා ලද පින්තූරයක් නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වාගේ ෆේස්බුක් ගිණුමකට එක් කර ඇත.

Wednesday, May 24, 2017

ලංකානිව්ස්

නොවැළැක්කීමට නොහැකි හේතුවක් මත අප අඩවිය පසුගිය දින කිහිපය තුළදී යවත් කාළීන නොවු අතර ඉතා ඉක්මනින් නැවත අප ඔබ අතරට....!!!

Sunday, May 14, 2017

එදා මහින්ද පතුරු යැවූ කෙහෙල් ගෙඩියා මෙදා මහින්ද හමුවේ

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ පිළිබද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ  ඊයේ රාත‍්‍රියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  මුණ ගැසී තිබේ.
රාජපක්‍ෂගේ බාල නැගණියගේ මරණයෙන් පසු පැවති හත් දින බණ සදහා පැමිණි සුජීව සේනසිංහ  හිටපු ජනාධිපතිවරයා සමග ඉතා සුහදශීලිව අදහස් හුවමාරු කර ගත්තේය.මහින්ද හමුවේ  ඡායාරූප

ඩීල් ඵක උගේය ...නමුත් සල්ලි අපේය...!!!

කෘෂිකර්මෙන් මසකට කෝටි දෙකහමාරක් ගෙවමින් වසා දමා ඇති සබීතාගේ බිල්ඩිමේ කූඩු පත්තු කරන්න ලක්‍ෂ 28ක් ගෙවයි..


වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ රජය විසින් මසකට කෝටි 2.45 පමණ කුලියක් ගෙවමින් භාවිතයට නොගෙන සිටින ප‍්‍රවීණ සිනමා නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ල මෙම වෙසක් සතියේ විදුලි ආලෝකය සදහා පමණක් රුපියල් විසිඅට ලක්ෂයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් වැය කර ඇතැයි රාවය පුවත්පත වාර්තා කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.