පර්පෙචුවල්
ට්‍රෙෂරීස් සමාගම විසින් මිලදී ගෙන තිබූ භාණ්ඩාගාර
බැඳුම්කරවලට ගෙවිය යුතු මුදල් පියවීම සඳහා එම සමාගම 2016.04.01
දින යොදාගෙන ඇත්තේ මහ බැංකුවේම මුදල් බව මහ බැංකුවේ තොරතුරු
තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ වසන්ත අල්විස්
ඊයේ (04 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින්
පිළිගත්තේය.
මේ අනුව එදින සේවක අර්ථසාධක අරමුදලෙන් සහ මහ
බැංකුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට රු. බිලියන 36.485 ක
අරමුදල් ගලා ඒමක් සිදුව ඇති බව ද අල්විස් කොමිසමට කියා
සිටියේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අදාළ ගනුදෙනු ඇතුළත් ලේඛනයක්
කොමිසමට ඉදිරිපත් කරමින් සාක්ෂි දුන් වසන්ත අල්විස්
ප්‍රකාශ කළේ එම ලේඛනය තමා විසින් සකස් කළ බවත් එහි සඳහන්
තොරතුරු සත්‍ය බව තමා පිළිගන්නා බවත්ය.
රු. බිලියන 36.485 ක මුළු මුදල තුළ රු. බිලියන 6 ක (රු. කෝටි
600 ක) අර්ථසාධක අරමුදලේ මුදල් ද (රෙපෝ ක්‍රමයට ලබාගත්)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් තම බැඳුම්කර ගනුදෙනු
පියවීමට යොදාගෙන ඇතැයි ද අල්විස් කියා සිටියේය.
2016.04.01 දින මහ බැංකුවෙන් ලබාගෙන ඇති (රෙපෝ ක්‍රමයට)
අරමුදල් ප්‍රමාණය රු. බිලියන 10.5 (රු. කෝටි 10500 ක්) බවත්
ඉතුරු ප්‍රමාණය මහ බැංකුවෙන් එක් දින ද්‍රවශීලතා පහසුකම් යටතේ
ලබාගෙන ඇති බවත් සාක්ෂිකරු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්
මිලින්ද ගුණතිලක විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු
දෙමින් කියා සිටියේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කලින් (2016.03.29 සහ 31 යන
දිනවල) මිලදී ගෙන තිබූ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා මුදල් පියවීමට
නියමිතව තිබුණේ 2016.04.01 දින බවද ඔවුන් මහ බැංකුවේ එක්දින
ද්‍රවශීලතා පහසුකම යටතේ ලබාගෙන තිබූ මුදල් නිසි පරිදි පියවීම
පැහැර හැර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්ෂිකරු
විසින් කොමිසමට ඉදිරිපත් කළ ලේඛනයට අනුව කොමිසමට කියා සිටියේය.
මෙහිදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි
ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු එම ලේඛනය ඇසුරින්
ප්‍රකාශ කළ ඇතැම් කරුණුවලට විරෝධය පළ කර සිටි අතර එහිදී
කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි කියා සිටියේ සාක්ෂිකරු මූලික වශයෙන්ම කළේ ඔහු සකස් කළ
ලේඛනයක් කොමිසමට ඉදිරිපත් කිරීම පමණක් බවයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක - ඔබ නේද මේ
ලේඛනය සකස් කළේ.
සාක්ෂිකරු - ඔව් මම සකස් කළේ.
ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්රසිරි (සභාපති)- ඔබ
මේ ලේඛනයේ තියෙන විස්තරවලට එකඟ වෙනවාද?
සාක්ෂිකරු - ඔව්.
Tuesday, April 4, 2017
පර්පෙචුවල් ට්‍රෙෂරීස් බැඳුම්කරවලට ගෙව්වේ මහ බැංකුවේම මුදල්...!!!
Posted by
LANKANEWS ORAGANIZATION
at
April 04, 2017
Labels: arjun alosius, arjun mahendran, bandumkara, Blue Mountain Properties, central bank, lankanews, Perpetual Treasuries, ranil wickramasinghe, yahapalanaya
පර්පෙචුවල් ට්‍රෙෂරීස් බැඳුම්කරවලට ගෙව්වේ මහ බැංකුවේම මුදල්...!!!
2017-04-04T22:45:00+02:00
LANKANEWS ORAGANIZATION
arjun alosius|arjun mahendran|bandumkara|Blue Mountain Properties|central bank|lankanews|Perpetual Treasuries|ranil wickramasinghe|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
