ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 29, 2017

දේශපාලු අපතයන්ගේ කොමිස් ගැහිල්ල මැදින් රටට සේවය කළ ඒ දක්‍ෂයාගේ සේවය එපාද....?

විකුම්ගේ කසළ මැෂිම කුණුගොඩටද...!!!

 කොහොමහරි ටෙන්ඩරය මට ලැබුණා. ඉන් පස්‌සේ මේක දිගුකාලිනව පවත්වා ගෙන යන්න නගර සභාවේ මන්ත්‍රීවරු රුපියල් ලක්‌ෂය පනස්‌දාහ විසිපන්දාහ වගේ මුදල් ඉල්ලන්න පටන් ගත්තා. දවසක්‌ නගර සභාවේ ඇතුළේ බැන ගත්තා පොලිසිය ඇවිත් තමයි රණ්‌ඩුව නැවැත්තුවේ.
 මෙලොව ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක්‌ තිබේ. විසඳුම් නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමෙන් ප්‍රශ්න ඔඩු දුවන බවට සාක්‌ෂි ද ඕනැ තරම් තිබේ. ඊට හොඳම උදාහරණය ඉකුත්දා මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් ජීවිත හානි දේපළ හානි ඇතිවෙමින් සමාජ ප්‍රශ්නයක්‌ ඇති වීමය.
එවැන්නක්‌ සිදු වීම වළක්‌වා ගැනීමට ඉඩක්‌ තිබිණි යෑයි සිතෙන්නේය. මන්ද මෙවැනිම කුණු ප්‍රශ්නයක්‌ කන්ද උඩරට ගම්පොල අම්බුළුවාවේ දී උද්ගත වූ අවස්‌ථාවේදී ඊට විසඳුම් සෙවූ තරුණ ශක්‌තියක්‌ රට තුළ ජීවත්ව සිටි බැවිනි. ඔහුගේ අවාසනාව ද රටේ අවාසනාව ද කුණු කන්ද නාය ගොස්‌ මියගියවුන්ගේ අවාසනාව ද නොදනිමි.. ඔහු සොයාගත් යන්ත්‍රය ක්‍රියාත්මක කරමින් කුණු ප්‍රශ්නය විසඳීමට තරම් මේ රටේ බලවත්තු ඉඩක්‌ ලබා නොදුන්නේ යෑයි හෙතෙම කියා සිටින්නේය.

විකුම් සම්පත් දිඹුල්ගස්‌තැන්න වයස අවුරුදු තිස්‌හතක්‌ වන විවාහක තරුණයෙකි. බිරිඳ දරුවන් දෙදෙනා සමඟ ඔහු පේරාදෙණිය දොළුව හරහා ගම්පොල පාරේ, ගොඩවෙල පදිංචිව සිටින්නේය. කුඩා කල සිට විවිධ වූත් නව්‍ය වූත් අදහස්‌ ගොන්නක්‌ සමඟ ජීවත් වූ විකුම් වරින් වර අමුතු පහේ විකුම් පා තිබේ. ගම්පොල වික්‍රමබාහු විද්‍යාලයෙන් ඉගෙනුම ලබමින් උසස්‌ පෙළ සමත් විකුම් පාසලේ සෙසු සියලු බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගිව අත්දැකීම්වලින් පරිපූර්ණ වූ සිසුවෙක්‌ව සිට ඇත්තේය. සහෝදරියන් තිදෙනකු සමඟ ගෙවූ ළමා කාලය තුරුණු විය සිය අත්දැකීම් මුවහත් කරගන්නට රුකුලක්‌ව ඇත්තේය. ඒ හා ජව සම්පන්න නවමු නිමැවුම් සඳහා වරින් වර අත්හදා බැලීම් සිදු කිරීමට කැප වූ සම්පත් කෙටියෙන් කියතොත්, අලුත් යමක්‌ තනන්නට රුදාවක්‌ ඇත්තෙකි. රට ගැන ද මිනිසුන් ගැන ද රටේ සම්පත් ගැන ද කැක්‌කුමක්‌ ඇත්තෙකි. අපේ දේවල් ඇයි අපි විහින් නැති කරගන්නේ..... ඇයි රටේ සම්පත්වලින් මිනිසුන්ට යහතින් ජීවත් වෙන්නට ඉඩක්‌ හදන්නේ නැත්තේ....? ඔහුගේ මුවෙහි නිතර රැව්දෙන වචනය ඒ....

ඔහුගේ කතාව අපි ඔහුගෙන්ම අසමු.........

මම 2004 ඉඳන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ ප්‍රමාණ උපකරණ නඩත්තු අංශයේ වැඩ කළා. සිරිමාවෝ බණ්‌ඩාරනායකගේ කාලේ සංස්‌ථාවට ගෙනාපු ක්‍රම තමයි අදටත් ක්‍රියාත්මක වෙන්නේ. මම 2008 දී සංස්‌ථාවෙන් අයින් වුණා. ඒත් මගේ වැඩකටයුතු දවසින් දවස අලුත් කර කර එක එක ව්‍යාපාර වැඩවලට හවුල් වෙවී කටයුතු කළා. ඒ අතරේ මම රන්බණ්‌ඩා සෙනෙවිරත්න මහත්තයාගේ ලංකාවට අලුත් දේශපාලනයක්‌ කියන කෘතිය කියෙව්වා. ඒක මගේ ජීවිතය ට අලුත් පිටුවක්‌ පෙරළුවා වගේ.

ඉස්‌කෝලේ ගිහින් ඉවර වෙලා මම රට තොට ගැන එක එක කරුණු හොයන කාලේ මං හිතුවා ඇයි අපේ රටට ඇණ පිටරටින් ගෙනෙන්නේ කියලා. මම ඒ දවස්‌වල ඇණ හදන මැෂින් එකක්‌ හදලා ඇණ කැපුවා. නමුත් අපිට ඇණවල මිල ගණන් එක විදිහට පවත්වාගෙන යන්න අමාරුයි. ඔය විදියට මම විවිධ නිපැයුම් ගණනාවක්‌ කළා. ඒවා ඇගැයීමටත් ලක්‌ වුණා. ඒත් ඒ කිසිම නිර්මාණයක්‌ නිෂ්පාදනයක්‌ විදියට දිගින් දිගටම වැඩිදියුණු කරන්න මූල්‍ය හැකියවක්‌ තිබුණේ නෑ.

ඔය කාලේ මම හිතුවා කුණු අඹරලා පිටි කරලා මොනවා හරි කරන්න පුළුවන් වෙන්න ඕනි කියලා. ඒ වෙනුවෙන් මොකක්‌ හෝ යන්ත්‍රයක්‌ හදන්න බලන්න ඕනි කියලා හිතලා තමයි මේ වැඩේට අත ගැහුවේ. ඒ 2010 දී කුණු අඹරන්න ක්‍රම ගොඩාක්‌ බැලුවා ආකෘති අටක්‌ විතර හැදුවා. එකින් එක වෙන වෙනම කුණු වෙන්කරන්න ක්‍රම හෙව්වා. අඩි හතරයි හතරේ බක්‌කියක්‌ එක්‌ක යන්ත්‍රයක්‌ හැදුවා. ඊළඟට මේ වැඩේ සාර්ථක වුණා වගේ දැනුණ නිසා ආයෙත් හොඳ මට්‌ටමට කුණු අඹරන යන්ත්‍රයක්‌ රුපියල් ලක්‌ෂ දොළහක්‌ විතර වියදම් කරලා ප්‍රතිනිර්මාණය කරලා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය, ඉඩමක්‌, පළාත් පාලන ආයතන අවසරය, බැංකු ගිණුම් සහතික සියල්ල එක්‌ක ගම්පොල කුණු ඉවත් කිරීමේ ටෙන්ඩරයට අයෑදුම් කළා. උඩපලාත උප සභාපතිවරයා රාජා සූරියබණ්‌ඩා මහත්තයා මන්තිලක බණ්‌ඩාර මහත්තයා මට උදව් කළා. පළාත් පාලන කොමසාරිස්‌වරයා, කාදර් මහත්තයා පරිසර අධිකාරියේ කිරිඇල්ල මහත්තයා, මුන්සීර් මහත්තයා බොහොම සතුටු වුණා. කොහොමහරි ටෙන්ඩරය මට ලැබුණා. ඉන් පස්‌සේ මේක දිගුකාලිනව පවත්වා ගෙන යන්න නගර සභාවේ මන්ත්‍රීවරු රුපියල් ලක්‌ෂය පනස්‌දාහ විසිපන්දාහ වගේ මුදල් ඉල්ලන්න පටන් ගත්තා. දවසක්‌ නගර සභාවේ ඇතුළේ බැන ගත්තා පොලිසිය ඇවිත් තමයි රණ්‌ඩුව නැවැත්තුවේ.

පස්‌සෙ කාලෙක මගේ යන්ත්‍රය තව ටිකක්‌ වැඩිදියුණු කළා. බක්‌කියේ පළල වැඩි කළා. දිග අඩි දහයයි. පළල අඩි හතයි. ගැඹුර අඩි හතරයි. වරකට ට්‍රැක්‌ටර් ලෝඩ් පහක්‌ දාන්න පුළුවන්. කුණු ටික දැම්මාම ඇඹරෙන කොට ද්‍රවමය ද්‍රව්‍ය ඇඹරිලා කන්වයර් බෙල්ට්‌ එකේ ගිහින් එළියට එනවා. කුණුවල දියර වෙනම තැටියකට එකතු වෙනවා. ඒ තැටි සුදු යකඩවලින් හදලා තියෙන්නේ කුණුවල ලවණ වැඩි නිසා. ඒ දියර ක්‍රමිකව ෆිල්ටර් වෙලා බැරල් එකක එකතු වෙනවා. වගාවකට කියාපු පොහොර එතන එකතුවෙන්නේ. ඇඹරෙන කුණු වලින් හැදෙන පල්ප් එකක්‌ වැනි ද්‍රව්‍ය වලින් නැඟෙන ගඳ පාලනය කරන්නත්, ඉක්‌මනින් දිරාපත් වෙන්නත් ක්‌ෂුද්‍ර ජීවින් වර්ධනය වන්නත් අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍යවක්‌ යන්ත්‍රය තුළදීම ඉසින්න පුළුවන් ක්‍රමයක්‌ මම හදලා තියෙනවා. ඒ නිසා කුණු වල ගඳ ගැන ලොකු ගැටලුවක්‌ ඇති වන්නේ නැහැ.

මේ යන්ත්‍රය හදලා පැත්තක තියලා දැන් මාස හතකට වැඩියි. මම මේවා හදන්නේ ආර්ථික වාසි බලාගෙන නෙවෙයි. මම ලාභ උපයන්න කිසිම දෙයක්‌ හදලා නැහැ. මගේ අතින් මිනිසුන්ට වැඩක්‌ කරන්න උවමනායි කියන හැඟීම මගේ මේ ලේ නහර අස්‌සේ දුවනවා. මම වැඩ කරන්නේ ඒ ගැම්මෙන්.

මම ලද දෙයින් සතුටු වෙන මිනිහෙක්‌. මගේ අලුත් නිර්මාණ හදන්න මම මේ ගේ පවා උකසට තියලා සල්ලි අරන් තියෙනවා. උවමනා දේ කළා හරිගියොත් හරි ගියා. වැරදුණොත් ඒ වැරදුන තැනින් මොනවා හරි තව ඉගෙන ගන්න බලනවා. අපි කෙටි කාලයක්‌ ජීවත් වෙන මිනිස්‌සු පිරිසක්‌ නේ.

දොළුවේ විකුම් තැනූ වික්‍රමාන්විත කුණු අඹරන යන්ත්‍රයේ කාර්මික ක්‍රියාවලිය සහ එයින් සිදු කෙරෙන විශ්මිත සේවාව ජපන් රජය දුටුවා නම් අද විකුම් ජපානයේය. එසේ නම් තවත් නොබෝ දිනකින් ජපානයට මුදල් ගෙවා විකුම් ගේ තාක්‌ෂණික දැනුමෙන් තැනූ කුණු ඇඹරුම් යන්ත්‍රය ලංකාවට ජපානයෙන් ගෙන්වා ගැනීමට තිබිණි.

එහෙත් රජයේ ඉල්ලීම පරිදි විකුම් නැවතත් මෙම යන්ත්‍රයේ ආකෘතියක්‌ සකසමින් සිටී. එම ආකෘතිය විකෘතියක්‌ නොවී ප්‍රකෘතියක්‌ම වේවා......

 සමන්තී වීරසේකර
 මේ තරුණ නිර්මාණ කරුවා ගැන අප පෙර කළ හෙළිදරව්ව....!!!

 http://www.lankanews.org/2017/04/blog-post_23.html#more

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.