ජල ඒකකයක් දෙන්නේ රුපියල් 12යි.. කඬේ ජල බෝතලයක් රුපියල් 60යි.. මේක විහිළුවක්.. වහා ජල ගාස්තු වැඩි කල යුතුයි..
ජල සම්පාදන මණ්ඩලය විසින් දැනට ජලය ලීටර දහසක ඒකකයක් ජනතාවට ලබා දෙනු ලබන්නේ රුපියල් 12ක් වැනි සොච්චම් මුදලකට බවත් මෙය විහිළුවක් බවත් ඉතා ඉක්මනින් ජල ගාස්තු වැඩි කල යුතු බවත් විෂයභාර ඇමති රවුෆ් හකීම් පවසයි.
ඇමතිවරයා මේ අදහස් පල කලේ කුරුණෑගල පොතුහැර පැවති උත්සවයක් අමතමිනි.