යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව මුළා
කරන බෙදුම්වාදයට රට තල්ලු කරන ව්‍යවස්ථාවක් බව , අධි නීතීඥ ගාමිනී මාරපන
පවසයි.පසුගියදා අධිනීතීඥ මනෝහර ද සිල්වා විසින් රචිත ‘බෙදුම්වාදීන්ගේ උපාය
මාර්ග සහ ව්‍යවස්ථා සංශෝධන ” ග්‍රන්ථය ජනගත කිරීම වෙනුවෙන් පදනම් ආයතනයේදී
පැවති උලෙලේදී ඔහු මේ බව ප්‍රකාශ කළා .
පක්ෂයකින් තේරිපත්වූ මන්ත්‍රීවරයෙකුගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පක්ෂ නායකයාට ලැබෙන අයිතිය අහෝසි නොකර කොතරම් පවාදීමක් සිදු වුවත් හෘද සාක්ෂියට එකඟව ඡන්දය දීමට මන්ත්‍රීවරුන්ට ඉඩක් නැති බව අධි නීතීඥ ගාමිනී මාරපන පෙන්වා දෙයි.
එදා ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තේද එවැනි ලැජ්ජා සහගත බලහත්කාරකමින් බව ඔහු පෙන්වා දෙයි. මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයද එලෙස සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් බව පෙන්වා දෙන මාරපන ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර පක්ෂ නායකයාට මන්ත්‍රීධූරය තීරණය කිරීමේ අයිතිය ලැබී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 -13-ආ වගන්තිය අහෝසි කළ යුතු යැයි අවධාරණය කරයි.වීඩියෝ සහිතයි
අභ්‍යන්තරයෙන් අඩංගුවෙන් රට බෙදෙන ෆෙඩරල් රාජ්‍යක් සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන සකස් කරමින් මිනිසුන් රවටන්නට පිටතින් ඒකීය බෝඩ් ලෑල්ල දමා මේ කරන ව්‍යාජයට හසු නොවන ලෙස ඉල්ලා සිටින මාරපන ආණ්ඩුව මේ කූට උපායමාර්ගවලින් රවටන්නට හදන්නේ කවුදැයි ප්‍රශ්න කරයි.
යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දීමට මන්ත්‍රීධූරය අහිමි කරාවියැයි පක්ෂ නායකත්වයට බියෙන් මුලු නොගැන්වී පෙරට එන ලෙස මාරපන මෙහිදී පැමිණ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනය කර සිටී.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණි මාරපන ,“මනෝහර ද සිල්වා මේ ග්‍රන්ථය හරහා කිසිවෙකුට අඟිල්ලක් දික් නොකර අප රට අද පත්ව තිබෙන අගාධය පිලිබඳ අදහස් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.ඔහුගේ රජකාරි කටයුතු අස්සේ මෙවනි ග්‍රන්තයක් ප්‍රකාශ කිරීම පිළිබඳ එතුමාට අපි ප්‍රශංසා කළ යුතුයි.මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට ඒකීයභාවය අහිමි කරන ආකාරය පිළිබඳ ඉතා සියුම්ව විග්රහ කරල තියෙනවා.මෙ ග්‍රන්ථයේ 97 පැකේජය ගැන , 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආදිය ගැන අඩංගු කරුණු වලින් බලය හිමි කොටස් මේ ප්රශ්නවලදී හසිරෙන ආකාරයද මැනවින් සඳහන් කර ඇත.මා මෙතෙක් මෙලෙස අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සියුම්ව ලියපු ග්රන්ථයක් කියවලා නෑ.එදා 13 වන ව්‍යවස්ථා උගුලේ අප වැටෙන විට මෙවැනි ග්රන්ථයක් නිර්මාණය වූවානම් අපේ රටේ ඉරණම මීට වඩා වෙනස් වෙන්නට තිබුණා.එබැවින් මේ ග්‍රන්තය අපේ රටේ දේශපාලනඥයන් මෙන්ම නීතීඥයන්ද අනිවාර්යෙන් කියවිය යුතුයි කිය මා ප්‍රකාශ කරනවා.මේ අනතුරෙන් ගැලවිය හැකි මග එමගින් පාදාගත හැකියි.